දුක හිතෙන දර්ශනයක්
ලංකාවට යද්දී එද්දී හැමදාම පෙනෙන දුක හිතෙන දර්ශනයක් මේ. පහුගිය අවුරුදු 5 තුල යහපාලන ආණ්ඩුව ලංකාවට කරපු විනාශය තේරුම් ගන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි මේ පින්තුරේ.
ඔය තියෙන්නේ සිංගප්පුරුවට උඩින් පියාසර කරද්දී පෙනෙන සිංගප්පුරු වරායට යන එන දහස් ගණනක් නැව් වලින් කිහිපයක්. ලෝකයේ කාර්යබහුලම නාවික ගමන්මගක පිහිටා ඇති සිංගප්පුරු වරාය, එහි පිහිටීම නියම ලෙස හඳුනාගෙන දියුණු කිරීම නිසා, අද ලෝකයේ කාර්යබහුලම වරායන් ලයිස්තුවේ පළමු වරායන් 3 ඇතුලත තියෙන්නේ.
ලංකාවත් පිහිටලා තියෙන්නේ ඔය කියපු ලෝකයේ කාර්යබහුලම නාවික ගමන්මාර්ගයකම තමයි. ලංකාවේ පිහිටීමත් හොඳින් තේරුම් අරන් තව දශක ගණනාවක් ඉස්සරහට දැකලා හදපු වාරයක් අපිටත් තිබ්බා. ඒ හම්බන්තොට වරාය. ඩොලර් මිලියන 1500ක පමණ ආයෝජනයක් වූ මෙම ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 500ක් 2016 වෙද්දිත් ගෙවල තිබ්බේ. තව ගෙවන්න තිබ්බේ පොලියත් එක්ක ඩොලර් මිලියන 1200 ක් වගේ. ඒ සඳහා අවුරුදු 20ක් පමණ තිබ්බා. ගෙවලා තිබ්බ ප්‍රමාණයත්, අපේක්ෂිත අනාගත ආදායමත් සලකලා බලද්දී ඒ මුදල ඉතාමත් පහසුවෙන්ම ගෙවන්න හැකියාව තිබුණා.
හම්බන්තොට වරාය හදද්දී අපේ දේශපාලකයෝ සමච්චල් කලා. අද මහා පඬිවරු වගේ පෙනී ඉන්න අය එදා කිව්වා හම්බන්තොට වාරයේ ගලක් තියෙනවා, ඕවා හදන්නේ බේබිලාට නාන්න swimming pool එකක් විදියට, එක නැවක්වත් එන්නේ නෑ වගේ සමච්චල් කතා. ලෝක දේශපලනය, ලෝක ආර්ථිකය සහ අනාගතය ගැන දැක්මක් නැති ඒ නායකයෝ රැල 2015දී බලයට ඇවිල්ලා හම්බන්තොට වරාය අක්කර 15,000ක් එක්කම චීන සමාගමකට විකුණුවා. ශ්‍රී ලංකා රජයට සුදු අලියෙක් වගේ පෙනුන හම්බන්තොට වරාය, ඒ චීන සමාගම එක පයින් ගත්තේ ඒකෙ වටිනාකම දැක්ක නිසා.
හම්බන්තොට වාරයේ ඇති සුවිශේෂී පිහිටීම, ජාතික ආරක්ෂාවට එයින් ලැබෙන පිටිවහල, දීර්ඝකාලීනව ලංකාවට ලැබෙන්න ආර්ථික ප්‍රතිලාභ කිසිවක් නොසලකා ඉතාම අඩු මුදලකට හම්බන්තොට වරාය විකුණලා දැම්මා. හරියට හොයල බැලුවනම් සම්පුර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වෙද්දී ඊළඟ අවුරුදු 20 ඇතුලත ලෝකයේ ප්‍රධාන වරයන් 5 අතරට එන්න තිබ්බ වාරයක් හම්බන්තොට. නමුත් අපිට ඒ අවස්ථාව අහිමි වුණා.
අද හැමෝම එකතුවෙලා සිංගප්පුරුව හැදුවේ අරමයි මෙහෙමයි, අපිත් එහෙම කරන්න ඕනේ කියන්න කලින්, අපිටත් සිංගප්පුරුවක් වෙන්න තිබ්බ අවස්ථාව බන්දේසියක දීලා පූජා කරපු එක ගැන දුක් වෙන්න ඕනේ. ඒ වගේ පාලකයෝ පත් කර ගත්තට ලැජ්ජාවටත් දුකටත් පත් වෙන්න ඕනේ.
අපි ජාතියක් විදියට කොච්චර පස්සට ගිහින්ද, අපිව එතනට තල්ලු කලේ කවුද කියල හොඳට ඔලුවෙන් හිතලා තීන්දු තීරණ ගන්න. විශේෂයෙන් නොවැම්බර් 16 වෙනිදට.