දුක හිතෙන දර්ශනයක්

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    දුක හිතෙන දර්ශනයක්

    74906660_2570938086322239_7772688176262414336_n.jpg

    ලංකාවට යද්දී එද්දී හැමදාම පෙනෙන දුක හිතෙන දර්ශනයක් මේ. පහුගිය අවුරුදු 5 තුල යහපාලන ආණ්ඩුව ලංකාවට කරපු විනාශය තේරුම් ගන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි මේ පින්තුරේ.

    ඔය තියෙන්නේ සිංගප්පුරුවට උඩින් පියාසර කරද්දී පෙනෙන සිංගප්පුරු වරායට යන එන දහස් ගණනක් නැව් වලින් කිහිපයක්. ලෝකයේ කාර්යබහුලම නාවික ගමන්මගක පිහිටා ඇති සිංගප්පුරු වරාය, එහි පිහිටීම නියම ලෙස හඳුනාගෙන දියුණු කිරීම නිසා, අද ලෝකයේ කාර්යබහුලම වරායන් ලයිස්තුවේ පළමු වරායන් 3 ඇතුලත තියෙන්නේ.

    ලංකාවත් පිහිටලා තියෙන්නේ ඔය කියපු ලෝකයේ කාර්යබහුලම නාවික ගමන්මාර්ගයකම තමයි. ලංකාවේ පිහිටීමත් හොඳින් තේරුම් අරන් තව දශක ගණනාවක් ඉස්සරහට දැකලා හදපු වාරයක් අපිටත් තිබ්බා. ඒ හම්බන්තොට වරාය. ඩොලර් මිලියන 1500ක පමණ ආයෝජනයක් වූ මෙම ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 500ක් 2016 වෙද්දිත් ගෙවල තිබ්බේ. තව ගෙවන්න තිබ්බේ පොලියත් එක්ක ඩොලර් මිලියන 1200 ක් වගේ. ඒ සඳහා අවුරුදු 20ක් පමණ තිබ්බා. ගෙවලා තිබ්බ ප්‍රමාණයත්, අපේක්ෂිත අනාගත ආදායමත් සලකලා බලද්දී ඒ මුදල ඉතාමත් පහසුවෙන්ම ගෙවන්න හැකියාව තිබුණා.

    හම්බන්තොට වරාය හදද්දී අපේ දේශපාලකයෝ සමච්චල් කලා. අද මහා පඬිවරු වගේ පෙනී ඉන්න අය එදා කිව්වා හම්බන්තොට වාරයේ ගලක් තියෙනවා, ඕවා හදන්නේ බේබිලාට නාන්න swimming pool එකක් විදියට, එක නැවක්වත් එන්නේ නෑ වගේ සමච්චල් කතා. ලෝක දේශපලනය, ලෝක ආර්ථිකය සහ අනාගතය ගැන දැක්මක් නැති ඒ නායකයෝ රැල 2015දී බලයට ඇවිල්ලා හම්බන්තොට වරාය අක්කර 15,000ක් එක්කම චීන සමාගමකට විකුණුවා. ශ්‍රී ලංකා රජයට සුදු අලියෙක් වගේ පෙනුන හම්බන්තොට වරාය, ඒ චීන සමාගම එක පයින් ගත්තේ ඒකෙ වටිනාකම දැක්ක නිසා.

    හම්බන්තොට වාරයේ ඇති සුවිශේෂී පිහිටීම, ජාතික ආරක්ෂාවට එයින් ලැබෙන පිටිවහල, දීර්ඝකාලීනව ලංකාවට ලැබෙන්න ආර්ථික ප්‍රතිලාභ කිසිවක් නොසලකා ඉතාම අඩු මුදලකට හම්බන්තොට වරාය විකුණලා දැම්මා. හරියට හොයල බැලුවනම් සම්පුර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වෙද්දී ඊළඟ අවුරුදු 20 ඇතුලත ලෝකයේ ප්‍රධාන වරයන් 5 අතරට එන්න තිබ්බ වාරයක් හම්බන්තොට. නමුත් අපිට ඒ අවස්ථාව අහිමි වුණා.

    අද හැමෝම එකතුවෙලා සිංගප්පුරුව හැදුවේ අරමයි මෙහෙමයි, අපිත් එහෙම කරන්න ඕනේ කියන්න කලින්, අපිටත් සිංගප්පුරුවක් වෙන්න තිබ්බ අවස්ථාව බන්දේසියක දීලා පූජා කරපු එක ගැන දුක් වෙන්න ඕනේ. ඒ වගේ පාලකයෝ පත් කර ගත්තට ලැජ්ජාවටත් දුකටත් පත් වෙන්න ඕනේ.

    අපි ජාතියක් විදියට කොච්චර පස්සට ගිහින්ද, අපිව එතනට තල්ලු කලේ කවුද කියල හොඳට ඔලුවෙන් හිතලා තීන්දු තීරණ ගන්න. විශේෂයෙන් නොවැම්බර් 16 වෙනිදට.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,056
    1
    28,520
    113
    ඔව්වා දාලා වැඩක් නෑ බං මේකෙ උන්ට. සජිත්ගෙ පස්සෙන් යන මෝඩ ගොබිලෝ යි, තමන් හැම දේම දන්නවා කියලා හිතාගෙන අනුර කුමාර තමයි පරමාදර්ශී නායකයා කියලා හිතාගෙන අනිත් එවුන්ට වහල්ලු කියලා කියන JVP පණ්ඩිතයොයි තව ටිකකින් රෙද්ද උස්සගෙන මෙතැනට එයි. උන්ට ඇත්ත දිරවන්නෙ නැහැ.
     
    • Like
    Reactions: kavindu84

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    duka hithenawa saho.

    බලයට පත්වෙලා විපක්ෂයෙන් පලිගන්න රටේ ආර්ථික මද්‍යස්ථාන විකුණන එක රට ලංකාවද මන්ද ?
     
    • Like
    Reactions: kavindu84

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    ඔව්වා දාලා වැඩක් නෑ බං මේකෙ උන්ට. සජිත්ගෙ පස්සෙන් යන මෝඩ ගොබිලෝ යි, තමන් හැම දේම දන්නවා කියලා හිතාගෙන අනුර කුමාර තමයි පරමාදර්ශී නායකයා කියලා හිතාගෙන අනිත් එවුන්ට වහල්ලු කියලා කියන JVP පණ්ඩිතයොයි තව ටිකකින් රෙද්ද උස්සගෙන මෙතැනට එයි. උන්ට ඇත්ත දිරවන්නෙ නැහැ.

    :yes::yes:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    හම්බන්තොට වරාය ආශ්‍රිතව කලු ගලක් තියෙනවා මුහුද යට.මේක සම්පූර්නයෙන්ම කඩලා කඩලා අයින් කරනකම් නැව් ඇතුලට ගන්න බෑ.ගන්න පුලුවන් පොඩි නැව්,ඒවත් අවදානම් සහිතව ගන්නේ.ඒකට දක්ෂ කපිතාන්ලා ඉන්න ඕන.හුගක් නැව් වල එහෙම අය නෑ.ආධුනික අය ඉන්නේ.මේ අවධානම ගැන රක්ෂන සමාගම් වලට තත්ව වාර්ථා දෙන අය පෙන්නලා තියෙන නිසා මේ වරායට ඉන්ෂූරන්ස් දෙන්නේ නෑ.නැව් වල ඉන්ෂූරන්ස් ගනන් යනවා.ඒක නිසා ජාත්‍යන්තර නැව් එන්නේ නෑ. තව එකක් හුගක් නැව් වලට හම්බන්තොටට එන්න අවශ්‍යතාවයක් නෑ. නිකන් වරායක් දැක්ක පලියට නැවක් ඒකට යන්නේ නෑ.තෙල් හරි ,සර්විස් එකක් හරි ඕන උනාම.ඒකට ඒ අයට කොලඹට එන්න පුලුවන්.මොකද කොලඹට එන්න කැමති.නැව හදනකම් කොලඹ ආතල් එකක් අරගෙන යන්න පුලුවන් හොටෙල්ස් වලට ගිහින්, සූ එකට ගිහින් සත්තු බලලා.හම්බන්තොට නරි බලන්න තමයි වෙන්නේ.හරියට කන්නවත් තැනක් තියෙනවද?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේක නම් වැරදි කතාවක් බ්‍රෝ.. මේක ගන්න පුළුවන් චංගි එකත් එක්ක උබ දැම්මා නම් දුක හිතෙන කතාවක් කියලා. ලංකාවට සින්ගපුරුව ෂොට් එක දුන්නේ වරායෙන් නෙමෙයි එයාර්පෝට් එකෙන්. චැන්ගි අද තියන තත්වෙටම කටුනායක එක ගන්න තිබ්බා හරියට කලානම්. සින්ගපුරුවේ වරාය තියන ලොකේෂන් එකයි ලංකාවේ වරායවල් තියන ලොකේෂන් එකයි බලපුවහම වැඩි වාසි කොහොමත් තියෙන්නේ සින්ගපුරුවට. ඒ නිසා වරාය ගැන කතා කරලා තේරුමක් නැහැ. නමුත් ගුවන් ගමන් නම් ලංකාව නහුතෙට ඇරගෙන තියෙන්නේ.. ලංකාව ෆිලින් ස්ටේෂන් එකක් හැටියට යුස් කරන්න පුළුවන් පොත එකක් ගුවන් යානා වලට. නැව් වගේ නෙමෙයි, ගුවන් යානා ලොකු තෙල් ප්‍රමාණයක් ස්ටොක් කරගෙන පියාසර කරන එකට වඩා කැමති අඩුවෙන් තෙල් ගහලා බර අඩුවෙන් යන්න. අද ඩුබායි ඉදන් ඕස්ට්‍රේලියා, නිව්සිලන්ඩ් වගේ යන ෆ්ලයිට් ටික ලෙහෙසියෙන්ම ලංකාවට ගන්න තිබුනා හරියට මැච් එක ප්ලේ කරා නම් ඕපන් ස්කයි පොලිසි එක එහෙම ඉම්ප්ලිමන්ට් කරලා. ලංකාව ඒ අතින් අන්තිම මෝඩයි. ඩබල් සන්රයිස් ෆ්ලයිට් එකක් ඔපරේට් කරපු රටක් ඒ කාලේ.. එහෙම රටකට වෙච්ච දෙයක්..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සින්ගපුරුවේ බුමි ප්‍රමාණයට සාපේක්ෂව එයාපෝට් එක බලපන්. ටර්මිනල් 4ක්. 5 වෙනි එක මග එනවා.. ලෝකේ පිට පිටම අවුරුදු ගණනාවක් හොදම එයාර්පෝට් එක. අනික මේ මාස 3-4කට පාරක් මම සින්ගපුරු යන එකෙක් හැටියට දන්නේ.. යන යන පාර අලුත් දෙයක් සින්ගපුරුවේ එයාපෝට් එකේ ඉදන්ම දකින්න තියෙන්නේ.. ජුවේල් කියලා මුන් බිලියන එකකටත් වැඩිය වියදම් කරලා ලෝකේ ලොකුම ඉන්ඩෝ වෝටර්ෆෝල් එක ගැහුවා.. නිකන් මිනිස්සු ඇවිල්ලා එක බලනවා. ටිකට් ගන්න ඕනා නැහැ. ලංකාවේ කාශ්‍යප හදපු සිගිරිය බලන්නත් ටිකට් ගන්න ඕනා. ලංකාව කරන්නේ එන එකා මරාගෙන කන එක. සින්ගපුරුව කරන්නේ එයාපෝට් එකේ ඉදන් මිනිස්සුන්ට රටට එන්න හිතෙන දේවල් පෙන්නලා අපිට වියදම් කරන්න පොලබවලා උන් සල්ලි හොයන එක. ටුවරිසම් වෙන්න ඕනා අන්න එකයි.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේක නම් වැරදි කතාවක් බ්‍රෝ.. මේක ගන්න පුළුවන් චංගි එකත් එක්ක උබ දැම්මා නම් දුක හිතෙන කතාවක් කියලා. ලංකාවට සින්ගපුරුව ෂොට් එක දුන්නේ වරායෙන් නෙමෙයි එයාර්පෝට් එකෙන්. චැන්ගි අද තියන තත්වෙටම කටුනායක එක ගන්න තිබ්බා හරියට කලානම්. සින්ගපුරුවේ වරාය තියන ලොකේෂන් එකයි ලංකාවේ වරායවල් තියන ලොකේෂන් එකයි බලපුවහම වැඩි වාසි කොහොමත් තියෙන්නේ සින්ගපුරුවට. ඒ නිසා වරාය ගැන කතා කරලා තේරුමක් නැහැ. නමුත් ගුවන් ගමන් නම් ලංකාව නහුතෙට ඇරගෙන තියෙන්නේ.. ලංකාව ෆිලින් ස්ටේෂන් එකක් හැටියට යුස් කරන්න පුළුවන් පොත එකක් ගුවන් යානා වලට. නැව් වගේ නෙමෙයි, ගුවන් යානා ලොකු තෙල් ප්‍රමාණයක් ස්ටොක් කරගෙන පියාසර කරන එකට වඩා කැමති අඩුවෙන් තෙල් ගහලා බර අඩුවෙන් යන්න. අද ඩුබායි ඉදන් ඕස්ට්‍රේලියා, නිව්සිලන්ඩ් වගේ යන ෆ්ලයිට් ටික ලෙහෙසියෙන්ම ලංකාවට ගන්න තිබුනා හරියට මැච් එක ප්ලේ කරා නම් ඕපන් ස්කයි පොලිසි එක එහෙම ඉම්ප්ලිමන්ට් කරලා. ලංකාව ඒ අතින් අන්තිම මෝඩයි. ඩබල් සන්රයිස් ෆ්ලයිට් එකක් ඔපරේට් කරපු රටක් ඒ කාලේ.. එහෙම රටකට වෙච්ච දෙයක්..

    චන්දි එයාපෝට් එකේ මම සිංගප්පුරුවට ගියා.මම දවස් 3න් ආවා.එනකොට කස්ටම් ඔ‍ෆිසර් මාව විනාඩි 20ක් විතර තියාගෙන මගෙත් එක්ක කතා කර කර හිටියා.මෙච්චර ඉක්මනට යන්නේ ඇයි කියලා ඇහුවා.කෙල්ලෙක් හිටියේ චීන.සෑහෙන වෙලාවක් මගේ පාස්පෝට් විස්තර එහෙම කම්පියුටර් එකේ එන්ටර් කරා.එනකොට ලාච්චුවක් ඇරලා ටො‍ෆිස් වාගයක් තිබ්බා.මට ගන්න කීවා.මම එකක් ගත්තා.පස්සෙ හිනා වෙලා තව ගන්න කියල ඔක්කොම ටික දුන්නා.ඒ අතින් මාර කස්ටම් සර්විස් එකක්.එයාපෝට් එකෙත් මම ශෝට් ඊට්ස් කන්න බිල දානකොට කාඩ් එක වැඩ කරන්නේ නෑ කියලා සල්ලි වලින් ගෙවන්න කීවා.මට ඩොලර් 5ක් විතර මදි උනා.පස්සේ කමක් නෑ කියලා තියෙන ගාන අරගෙන දුන්නා.මම සල්ලි සාක්කුවේ දාගෙන යන්නේ නෑ.කාඩ් එක ගෙනියන්නේ.එයාපෝට් එක කස්ටම් ෆ්‍රෙන්ඩ්ලි.ලන්කාවත් ඒ වගේ කරන්න ඕන.