ෆේස්බුක් මමත් පාවිච්චි කරනවා 2007 ඉදන්..
ඒකාලෙ පීසී එකෙන් තමයි ගියේ..
බොහොම සුලු ප්රමානයයි පාවිච්චි කරේ, මට අවුරුදු 3 වගේ යනකම් යාලුවො 200වත් හිටියෙ නැහැ..
ස්මාට් ෆෝන් ආවට පස්සෙ මේක හැම එකාම පාවිච්චි කරන්න ගත්තා..
ෆේස්බුක් සාක්ෂරතාවය බින්දුව උන් ඉන්නේ කියලා ශෙයා කරන දේවල් වලින් පේනවා..
සමහර ඒව නිකම් මාතෘකාව බලලා ශෙයා කරන්නේ, අඩුමගානෙ කමෙන්ට් ටිකවත් කියවලා නැහැ..
රීච්, වීව්ස් වැඩිකරගන්න අම්මා උනත් විකුනන පේජ් කාරයො ඉන්නේ..
මිනිස්සුන්ගේ සංවේදී තැන් ප්රයෝජනයට අරන් රීච් වැඩිකරගන්න උන් ඉන්නවා, පර්ස් එකක් හම්බවුනා වැටිලා තිබිලා, ලමයෙක් අතුරුදහන් වෙලා, පාස්පොට් ලයිසන් ලැප්ටොප් නැති වුනා, දෙවියෙක්ගේ රූපයක් දාලා තප්පර දහයක් ඇතුලත ශෙයා කරන්න වගේ බාල මාකටින් දෙන්නේ..
අපේ ෆේස්බුක් පාවිච්චි කරන අය මීට වඩා ගොඩක් බුද්ධිමත් වෙන්න ඕන..
එහෙම නැතුව හරි පාලකයො පත් කරගන්න හිතනව නම් ඒක තමයි ලොකුම මුලාව..
ෆේස්බුක් හරි හෝ වැරදි අතට පාවිච්චි කිරීම අපේ අතේ තියෙන්නේ, කාටවත් බැනලා වැඩක් නැහැ..