දුම් සහතිකය Emission Test Report
මේක මට වුන සිරා සිද්දියක්..
මීට මාස 9 කට විතර කලින් මම අනුරාධපුරේ ඉඳන් කොළඹ එන අතරෙදි කුරුණෑගල දි මං ආපු වාහනේ පොලිසියෙන් නැවත්තුව.
(එතකොට වෙලාව රෑ 8.00 ට විතර ඇති)
නවත්තපු රාළහාමි ළඟට ඇවිත් “කෝ රියදුරු බලපත්රය දෙන්න“ කිවුවම ඒක දුන්න.
ඊට පස්සෙ වාහනේ ආදායම් බලපත්රය ඇහුවම ඒකයි ඉන්ෂුවරන්ස් එකයි දෙකම දුන්න.
(දෙකම කල් ඉකුත් වෙලා නෑ, තව මාස 7 ක් ම වලංගුයි)
පොර ඒ දෙකම බලලා, වාහනේ වටේත් වටයක් ඇවිදල, මගෙන් ඇහුව “කෝ දුම් සහතිකේ“ කියල.
මට මතකයි ඒක වාහනේ තිබුන කියල. ඒත් වෙලාවට තිබුනෙ නෑ
මම කිව්ව “ඒක දැන් ළඟ නෑ“ කියල.
එතකොට රාළහාමි කිව්ව “ඒක ළඟ තියා ගන්න ඕනෙ. නැත්නම් ඉතින් නඩු දාන්න වෙනව, මොකද මේකට දඩත් නෑ“ කියල.
මං කිවුව “ඉතිං රාළහාමි දුම් සහතිකේ අරගත්ත නිසානෙ ආදායම් බලපත්රය ගන්න පුළුවන් වුනේ“ කියල.
මේක කියනව “එහෙම කියල බෑ. ඒක ළඟ තියාගන්න කියල නීතියක් තියෙනව“ කියල.
දුම් සහතිකයෙ පිටිපස්සෙ මෙය සෑම විටම වාහනයේ රැගෙන යා යුතු වේ කියල ගහල තියෙනව.
සීන් එක ඒක නෙමේ..
ඊළඟට මේ රාළහාමි මට කිව්ව “මට මේකට කරන්න දෙයක් නෑ, අර අතන ඉන්න මහත්තයට කියල බලන්න“ කියල එතන වට රවුම ළඟ පොඩි ගහක් යටට වෙලා කලුවරේ ඉන්න තවත් රාළහාමි කෙනෙක් ව පෙන්නුව.
මම එයා ළඟට ගිහින් වෙලා තියෙන දේ කිව්වම එයා කියනව “මේකනේ.. මේක නීතියක්නේ.. මේකට නං උසාවි දාන්න වෙනව, කරන්න දෙයක් නෑ“ කියල මට එයාගෙ මෝටර් බයික් එකේ දුම් සහතිකේ එයාගෙ ජර්ස් එකෙන් එළියට අරං පෙන්නුව.
දැන් මොනව කරන්නද.. මං කිව්ව “මගෙත් බයික් එකේ දුම් සහතිකේ නං දැනුත් ළඟ තියෙනව, මේ වාහනේ එක පොඩ්ඩක් misplace වෙලා, මේකට මොකවත්ම කරන්න දෙයක් නැද්ද“ කියල.
ඒ පාර මෙයා කල්පනා කරනව.
මං ආයෙත් කිව්ව “මං අහවල් ආයතනයෙ වැඩ කරන්නෙ, (ඒක කිව්වෙ බැරිම තැන) අනික මං කොළඹ ගිහින් ආපහු කුරුණෑගලට එන්නත් ඕනෙ,නිවාඩු දාගෙන..“ කියල.
එතකොට මෙයා කියනව “එක විදියක් තියෙනව, ඔයා මට උසාවි දඩේ ගෙවල යන්න..
මං ඒක උසාවියට ගෙවල ඔයාට ලයිසන් එක කොළඹට එවන්නම්“ කියල.
ඔන්න බළලා මල්ලෙන් එළියට පොඩ්ඩක් ඔලුව දැම්ම..
උඹලට කියන්න මං මළ ගෙදරක ගිහින් බණ, දානෙ වැඩ ඔක්කොම ඉවර කරල එන ගමන්.. අතේ ලොකු ගානකුත් නෑ..
අනික උසාවි දඩේ රාළහාමිට දෙන්න ගෙවන්න
බලපල්ලකො මේ වගේ හිත් උණු වෙන රාළහාමිල උඹල දැකල තියෙනවද? කොච්චර හිතනවද රියදුරන්ගෙ පහසුව ගැන
මං කිව්ව “මගෙ අතේ මේ වෙලාවෙ කීයක් වත් ඇත්තෙත් නෑ... මාර වැඩේ..“ කියනකොටම පොර කිනව “අහවල් තැන බැංකු ATM එකක් තියෙනව“ කියල.
.
මට ඒ වෙලාවෙ අර ස්ථානෝචිත අහවල් එක ඔලුවට ආව.. ඒ පාර මං කිව්ව “එහෙම නෙමේ.. මං පොඩි යෝජනාවක් කරන්නද..“ කියල.
කියන්නකො.. රාළහාමි කිව්ව.
මං කිව්ව.... (ශේප් එකේ) “මේකයි.. ඔයාල කරන්නෙ රාජකාරියනෙ.. මොනව කරන්නද.. ඒ වුනාට මමත් ඉතිං මාස් පඩි කාරය... මං තව ගොඩක් දුර යන්නත් ඕනෙ.. අනික.. බැරි වෙලාවත් උසාවියෙ වැඩේ අප්සෙට් වෙලා මටම එන්න උනොත්... කොළඹ ඉඳන් ආයෙ නිවාඩු දාගෙන කුරුණෑගල එන්නත් එපෑ.. එ්ක නිසා.. මට යන්න ඇරල.. මේ ළඟ පාත කෙනෙක්ව අල්ල ගන්න..“ කියල.
ඊට පස්සේ මෙයා කියනව “තමුසෙ නං මාර පොරක් ඕයි.. යනව යනව..“කියල.
මං ඉතින් මිටින් අතඇරපු කුරුල්ල වගේ Zing ගාල වාහනේට ආව.
එදා මට වෙච්ච දේ හෙට ඔයාලට වෙන්න පුලුවන්..
ඒක නිසා වාහනේට අදාල ලියවිලි අතරට දුම් සහතිකේ එකතු කරගන්න අමතක කරන්න එපා..
මගේ කතාව අවසානයි.. කියවපු හැමෝටම ජය වේවා!
මේක මට වුන සිරා සිද්දියක්..
මීට මාස 9 කට විතර කලින් මම අනුරාධපුරේ ඉඳන් කොළඹ එන අතරෙදි කුරුණෑගල දි මං ආපු වාහනේ පොලිසියෙන් නැවත්තුව.
(එතකොට වෙලාව රෑ 8.00 ට විතර ඇති)
නවත්තපු රාළහාමි ළඟට ඇවිත් “කෝ රියදුරු බලපත්රය දෙන්න“ කිවුවම ඒක දුන්න.
ඊට පස්සෙ වාහනේ ආදායම් බලපත්රය ඇහුවම ඒකයි ඉන්ෂුවරන්ස් එකයි දෙකම දුන්න.
(දෙකම කල් ඉකුත් වෙලා නෑ, තව මාස 7 ක් ම වලංගුයි)
පොර ඒ දෙකම බලලා, වාහනේ වටේත් වටයක් ඇවිදල, මගෙන් ඇහුව “කෝ දුම් සහතිකේ“ කියල.
මට මතකයි ඒක වාහනේ තිබුන කියල. ඒත් වෙලාවට තිබුනෙ නෑ

මම කිව්ව “ඒක දැන් ළඟ නෑ“ කියල.
එතකොට රාළහාමි කිව්ව “ඒක ළඟ තියා ගන්න ඕනෙ. නැත්නම් ඉතින් නඩු දාන්න වෙනව, මොකද මේකට දඩත් නෑ“ කියල.
මං කිවුව “ඉතිං රාළහාමි දුම් සහතිකේ අරගත්ත නිසානෙ ආදායම් බලපත්රය ගන්න පුළුවන් වුනේ“ කියල.
මේක කියනව “එහෙම කියල බෑ. ඒක ළඟ තියාගන්න කියල නීතියක් තියෙනව“ කියල.
දුම් සහතිකයෙ පිටිපස්සෙ මෙය සෑම විටම වාහනයේ රැගෙන යා යුතු වේ කියල ගහල තියෙනව.
සීන් එක ඒක නෙමේ..
ඊළඟට මේ රාළහාමි මට කිව්ව “මට මේකට කරන්න දෙයක් නෑ, අර අතන ඉන්න මහත්තයට කියල බලන්න“ කියල එතන වට රවුම ළඟ පොඩි ගහක් යටට වෙලා කලුවරේ ඉන්න තවත් රාළහාමි කෙනෙක් ව පෙන්නුව.
මම එයා ළඟට ගිහින් වෙලා තියෙන දේ කිව්වම එයා කියනව “මේකනේ.. මේක නීතියක්නේ.. මේකට නං උසාවි දාන්න වෙනව, කරන්න දෙයක් නෑ“ කියල මට එයාගෙ මෝටර් බයික් එකේ දුම් සහතිකේ එයාගෙ ජර්ස් එකෙන් එළියට අරං පෙන්නුව.
දැන් මොනව කරන්නද.. මං කිව්ව “මගෙත් බයික් එකේ දුම් සහතිකේ නං දැනුත් ළඟ තියෙනව, මේ වාහනේ එක පොඩ්ඩක් misplace වෙලා, මේකට මොකවත්ම කරන්න දෙයක් නැද්ද“ කියල.
ඒ පාර මෙයා කල්පනා කරනව.

මං ආයෙත් කිව්ව “මං අහවල් ආයතනයෙ වැඩ කරන්නෙ, (ඒක කිව්වෙ බැරිම තැන) අනික මං කොළඹ ගිහින් ආපහු කුරුණෑගලට එන්නත් ඕනෙ,නිවාඩු දාගෙන..“ කියල.
එතකොට මෙයා කියනව “එක විදියක් තියෙනව, ඔයා මට උසාවි දඩේ ගෙවල යන්න..
මං ඒක උසාවියට ගෙවල ඔයාට ලයිසන් එක කොළඹට එවන්නම්“ කියල.ඔන්න බළලා මල්ලෙන් එළියට පොඩ්ඩක් ඔලුව දැම්ම..

උඹලට කියන්න මං මළ ගෙදරක ගිහින් බණ, දානෙ වැඩ ඔක්කොම ඉවර කරල එන ගමන්.. අතේ ලොකු ගානකුත් නෑ..
අනික උසාවි දඩේ රාළහාමිට දෙන්න ගෙවන්න
බලපල්ලකො මේ වගේ හිත් උණු වෙන රාළහාමිල උඹල දැකල තියෙනවද? කොච්චර හිතනවද රියදුරන්ගෙ පහසුව ගැන
මං කිව්ව “මගෙ අතේ මේ වෙලාවෙ කීයක් වත් ඇත්තෙත් නෑ... මාර වැඩේ..“ කියනකොටම පොර කිනව “අහවල් තැන බැංකු ATM එකක් තියෙනව“ කියල.
.මට ඒ වෙලාවෙ අර ස්ථානෝචිත අහවල් එක ඔලුවට ආව.. ඒ පාර මං කිව්ව “එහෙම නෙමේ.. මං පොඩි යෝජනාවක් කරන්නද..“ කියල.
කියන්නකො.. රාළහාමි කිව්ව.
මං කිව්ව.... (ශේප් එකේ) “මේකයි.. ඔයාල කරන්නෙ රාජකාරියනෙ.. මොනව කරන්නද.. ඒ වුනාට මමත් ඉතිං මාස් පඩි කාරය... මං තව ගොඩක් දුර යන්නත් ඕනෙ.. අනික.. බැරි වෙලාවත් උසාවියෙ වැඩේ අප්සෙට් වෙලා මටම එන්න උනොත්... කොළඹ ඉඳන් ආයෙ නිවාඩු දාගෙන කුරුණෑගල එන්නත් එපෑ.. එ්ක නිසා.. මට යන්න ඇරල.. මේ ළඟ පාත කෙනෙක්ව අල්ල ගන්න..“ කියල.
ඊට පස්සේ මෙයා කියනව “තමුසෙ නං මාර පොරක් ඕයි.. යනව යනව..“කියල.
මං ඉතින් මිටින් අතඇරපු කුරුල්ල වගේ Zing ගාල වාහනේට ආව.
එදා මට වෙච්ච දේ හෙට ඔයාලට වෙන්න පුලුවන්..
ඒක නිසා වාහනේට අදාල ලියවිලි අතරට දුම් සහතිකේ එකතු කරගන්න අමතක කරන්න එපා..
මගේ කතාව අවසානයි.. කියවපු හැමෝටම ජය වේවා!

මොනවා වුනත් උඹ අරූට රිදෙන්න වැඩේ කරලා ඇවිල්ලා. එළ එළ