දුම් සහතිකය Emission Test Report

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
දුම් සහතිකය Emission Test Report

මේක මට වුන සිරා සිද්දියක්..

මීට මාස 9 කට විතර කලින් මම අනුරාධපුරේ ඉඳන් කොළඹ එන අතරෙදි කුරුණෑගල දි මං ආපු වාහනේ පොලිසියෙන් නැවත්තුව.
(එතකොට වෙලාව රෑ 8.00 ට විතර ඇති)

නවත්තපු රාළහාමි ළඟට ඇවිත් “කෝ රියදුරු බලපත්‍රය දෙන්න“ කිවුවම ඒක දුන්න.
ඊට පස්සෙ වාහනේ ආදායම් බලපත්‍රය ඇහුවම ඒකයි ඉන්ෂුවරන්ස් එකයි දෙකම දුන්න.

(දෙකම කල් ඉකුත් වෙලා නෑ, තව මාස 7 ක් ම වලංගුයි)
පොර ඒ දෙකම බලලා, වාහනේ වටේත් වටයක් ඇවිදල, මගෙන් ඇහුව “කෝ දුම් සහතිකේ“ කියල.
මට මතකයි ඒක වාහනේ තිබුන කියල. ඒත් වෙලාවට තිබුනෙ නෑ :(
මම කිව්ව “ඒක දැන් ළඟ නෑ“ කියල.

එතකොට රාළහාමි කිව්ව “ඒක ළඟ තියා ගන්න ඕනෙ. නැත්නම් ඉතින් නඩු දාන්න වෙනව, මොකද මේකට දඩත් නෑ“ කියල.
මං කිවුව “ඉතිං රාළහාමි දුම් සහතිකේ අරගත්ත නිසානෙ ආදායම් බලපත්‍රය ගන්න පුළුවන් වුනේ“ කියල.
මේක කියනව “එහෙම කියල බෑ. ඒක ළඟ තියාගන්න කියල නීතියක් තියෙනව“ කියල.

දුම් සහතිකයෙ පිටිපස්සෙ මෙය සෑම විටම වාහනයේ රැගෙන යා යුතු වේ කියල ගහල තියෙනව.

සීන් එක ඒක නෙමේ..
ඊළඟට මේ රාළහාමි මට කිව්ව “මට මේකට කරන්න දෙයක් නෑ, අර අතන ඉන්න මහත්තයට කියල බලන්න“ කියල එතන වට රවුම ළඟ පොඩි ගහක් යටට වෙලා කලුවරේ ඉන්න තවත් රාළහාමි කෙනෙක් ව පෙන්නුව.

මම එයා ළඟට ගිහින් වෙලා තියෙන දේ කිව්වම එයා කියනව “මේකනේ.. මේක නීතියක්නේ.. මේකට නං උසාවි දාන්න වෙනව, කරන්න දෙයක් නෑ“ කියල මට එයාගෙ මෝටර් බයික් එකේ දුම් සහතිකේ එයාගෙ ජර්ස් එකෙන් එළියට අරං පෙන්නුව.
දැන් මොනව කරන්නද.. මං කිව්ව “මගෙත් බයික් එකේ දුම් සහතිකේ නං දැනුත් ළඟ තියෙනව, මේ වාහනේ එක පොඩ්ඩක් misplace වෙලා, මේකට මොකවත්ම කරන්න දෙයක් නැද්ද“ කියල.

ඒ පාර මෙයා කල්පනා කරනව.:eek:
මං ආයෙත් කිව්ව “මං අහවල් ආයතනයෙ වැඩ කරන්නෙ, (ඒක කිව්වෙ බැරිම තැන) අනික මං කොළඹ ගිහින් ආපහු කුරුණෑගලට එන්නත් ඕනෙ,නිවාඩු දාගෙන..“ කියල.
එතකොට මෙයා කියනව “එක විදියක් තියෙනව, ඔයා මට උසාවි දඩේ ගෙවල යන්න..:) මං ඒක උසාවියට ගෙවල ඔයාට ලයිසන් එක කොළඹට එවන්නම්“ කියල.

ඔන්න බළලා මල්ලෙන් එළියට පොඩ්ඩක් ඔලුව දැම්ම..;)

උඹලට කියන්න මං මළ ගෙදරක ගිහින් බණ, දානෙ වැඩ ඔක්කොම ඉවර කරල එන ගමන්.. අතේ ලොකු ගානකුත් නෑ.. :(
අනික උසාවි දඩේ රාළහාමිට දෙන්න ගෙවන්න :lol: බලපල්ලකො මේ වගේ හිත් උණු වෙන රාළහාමිල උඹල දැකල තියෙනවද? කොච්චර හිතනවද රියදුරන්ගෙ පහසුව ගැන:lol:

මං කිව්ව “මගෙ අතේ මේ වෙලාවෙ කීයක් වත් ඇත්තෙත් නෑ... මාර වැඩේ..“ කියනකොටම පොර කිනව “අහවල් තැන බැංකු ATM එකක් තියෙනව“ කියල.:).

මට ඒ වෙලාවෙ අර ස්ථානෝචිත අහවල් එක ඔලුවට ආව.. ඒ පාර මං කිව්ව “එහෙම නෙමේ.. මං පොඩි යෝජනාවක් කරන්නද..“ කියල.
කියන්නකො.. රාළහාමි කිව්ව.

මං කිව්ව.... (ශේප් එකේ) “මේකයි.. ඔයාල කරන්නෙ රාජකාරියනෙ.. මොනව කරන්නද.. ඒ වුනාට මමත් ඉතිං මාස් පඩි කාරය... මං තව ගොඩක් දුර යන්නත් ඕනෙ.. අනික.. බැරි වෙලාවත් උසාවියෙ වැඩේ අප්සෙට් වෙලා මටම එන්න උනොත්... කොළඹ ඉඳන් ආයෙ නිවාඩු දාගෙන කුරුණෑගල එන්නත් එපෑ.. එ්ක නිසා.. මට යන්න ඇරල.. මේ ළඟ පාත කෙනෙක්ව අල්ල ගන්න..“ කියල.
ඊට පස්සේ මෙයා කියනව “තමුසෙ නං මාර පොරක් ඕයි.. යනව යනව..“කියල.

මං ඉතින් මිටින් අතඇරපු කුරුල්ල වගේ Zing ගාල වාහනේට ආව.

එදා මට වෙච්ච දේ හෙට ඔයාලට වෙන්න පුලුවන්..
ඒක නිසා වාහනේට අදාල ලියවිලි අතරට දුම් සහතිකේ එකතු කරගන්න අමතක කරන්න එපා..

මගේ කතාව අවසානයි.. කියවපු හැමෝටම ජය වේවා! :)
 
  • Like
Reactions: a2mdb and robaiya

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    මචං දුම් සහතිකේ පොලීසියට අහන්න බැහැ නේද? ඒක පිටිපස්සේ තියෙන්නේ හදිස්සි පරීක්ෂාවකදී අදාල දුම් පරීක්ෂක නිලධාරියට ලබාදිය යුතුය කියල නේද? :frown: මොනවා වුනත් උඹ අරූට රිදෙන්න වැඩේ කරලා ඇවිල්ලා. එළ එළ :lol:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    පොලිසියේ එඋන් නම් මහා අමු බල්ලෝ බන් උන්ට ඕනි විදිහට තමඊ නීතිය ..අපි කොච්චර හරි උනත් පිලි ගන්නේ න අපිට නඩු කියන්න කාලය මුදල් නැනේ මචන් නැත්තන් ඔය දඩ ගහන එඋන්ගෙන් 90% නිදහස්
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    ඇත්තටම ගොඩක් අය කීයක් හරි දීල ගැලවිලා යන්න උත්සහ කරන්නෙ පොලිසි ගානෙ, උසාවි ගානෙ රස්තියාදු වෙන්න වෙලාව නැති නිසා තමයි.
    ඒක දන්න පොලිස් කුක්කො නැති වැරැද්දක් මවල හරි කියනව.
    මොකද උන් එක්ක ගහගන්නද?
    ඊට පස්සෙ රාජකාරියට බාධා කලා කියල තවත් කේස් එකක්නෙ.
    ලංකාවෙ නීතිය නම් ඉතා .................. යි.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අඩෝ මල සුත්තක් නේ මට වෙන්නේ. මගේ වාහනේ Aqua 2014 re-condition එකක්. මම දුම් සහතිකේ ගන්න කම්මැලි කමට අදායම් බලපත්‍රය ගන්න තැන ගැනිට රුපියල් 500 දීල රෙවනිව් ලයිසන් එකක් ගත්ත.

    දැන් යකෝ මන් මොකද කරන්නේ.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේ වගේම මාවත් ඇල්ලුව මම බයිසිකලේ යද්දි. මට අමතක උනා දුම් සහතිකේ
    දාගන්ඩ
    ඔක්කොම පෙන්නල අන්තිමට පොලිස්කාරය ඉල්ලුව දුම් සහතිකේ. මල කෙලියයි දැං බඩු නෑ. මමත් කිව්ව ආදායම් බලපත්‍රෙ දෙන්නෙ දුම් සහතිකේ දුන්නමනෙ කියල. මේකට මල පැනල බයික් එකේ වාඩිවෙලා හිටිය පොරට කතාකෙරුව. මිනිහ සාජන් කෙනෙක්ද කොහෙද. පොරට විස්තරේ කිව්වම මිනිහ අර අනික් පොලිස්කාරයට කිව්ව "අම්මෙක් නැතුව ළමයෙක් හම්ඛෙනවද බං අනික ඔ්ක අපිට අයිති රාජකාරියක් නෙමේනෙ" කියල. අරූ මූන පු# කරන් ලයිෂන් එක ආපහු දුන්න.
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    amma renakota waticcha ekek innawa me thred eke ban. kelin warenko horen kapanne

    reputation_neg.gif
    දුම් සහතිකය Emission... 06-10-2015 10:20 AM ok ponnayo
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    අඩෝ මල සුත්තක් නේ මට වෙන්නේ. මගේ වාහනේ Aqua 2014 re-condition එකක්. මම දුම් සහතිකේ ගන්න කම්මැලි කමට අදායම් බලපත්‍රය ගන්න තැන ගැනිට රුපියල් 500 දීල රෙවනිව් ලයිසන් එකක් ගත්ත.

    දැන් යකෝ මන් මොකද කරන්නේ.

    sure da Aqua ekak ubata thiyenne kiyala? hybrid walata emission certificate one na ne. :)

    In issuing the revenue licence for electrical vehicles and hybrid vehicles, they have been exempted from the requirement of obtaining the vehicle emission certificate. - RMV
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    අඩෝ මල සුත්තක් නේ මට වෙන්නේ. මගේ වාහනේ Aqua 2014 re-condition එකක්. මම දුම් සහතිකේ ගන්න කම්මැලි කමට අදායම් බලපත්‍රය ගන්න තැන ගැනිට රුපියල් 500 දීල රෙවනිව් ලයිසන් එකක් ගත්ත.

    දැන් යකෝ මන් මොකද කරන්නේ.

    අපි දන්නෑ. දැන් ඔයාවත් පොලිස් මහත්තුරු අල්ලං ගිහින් උසාවි දායි.:lol:
     
    Last edited: