දුමින්ද_නිදහස්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නීතිය නමන්නෙ පොලිස්පති නෙමේ...

    නීතිය නමන්නෙ සල්ලිකාරයො, දල කාරයො, දේශපාලන හයිය තියෙන එවුන්.. :yes:

    අධිකරණයට අපහාස කරන්ඩ එපා. නඩු දානව :D

    me inne.. anna umba na kiyala mahadena muktha adaa welapenawa.. :P
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Tags
    ජෙප්පො උසි උසි, ජෙප්පො කොන් විය, rocco-xගේ අම්මා වේසි

    avatar562642_10.gif
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අනේ වාසනාවන්
    මේ සිරිලක නැවතත් කුඩු ,හෙරොයින් වලින් පිරී වත්වා :yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උබලට මෙහෙම හිතන්න බැරිද?

    දැන් යන විදිහට මු හිටියේ නෑ කියලා රටේ උබලා කියන කුඩු අඩු උනාද?
    පාතාල ජරමර අඩු උනාද?
    ඉතින් දැන් ඉන්න උන් ආණ්ඩුවට කොන්ට්‍රෝල් කරගන්න බැරි වෙලා තියෙන්නේ.
    මොකද ඔය බිස්නස් එක කරන හැම එකාටම කවුරු හරි ලොකු පුලුවකින් සපෝර්ට් එක දෙනවා.
    මම කතා කරන්නේ හෙන්චයියෝ ගැන නෙමෙයි.ලොකු උන් ගැන.
    ඉතින් උන්ට හිතුනාම උන්ව කාටවත් අල්න්න බෑ කියලා.
    උන් ඩිල් එක පිටින් ගිහින් ආණ්ඩුවටම පහර ගහනවා.
    අන්න ඒ වගේ වෙලාවක් දුමින්ද එන්න ඇති ආණ්ඩුවත් එක්ක ඩිල් එකකට.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422

    විකාර කියවන්ඩ එපා. අපකෂ්පාතී ස්වාධීන අධිකරණයක් තියෙන රටක එහෙම වෙන්නෙ නෑ :rofl:
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් හේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන්ට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස අද නියෝග කළේය.

    මහාධිකරණයෙන් නියම කළ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වා මහතා ඇතුළු සිව්දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අභියාචන පෙත්සම් සම්බන්ධ තීන්දුව අද (21) පස්වරු 2.30ට ප‍්‍රකාශයට පත් කෙරිණි.

    අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ ,නලින් පෙරේරා , ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

    අධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ විත්තිකාර පාර්ශ්වය සහ පැමිණිලි පාර්ශ්වය දින හයක් පුරා පැවැත්වූ දීර්ඝ දේශනවලින් පසුවය.

    හිටපු ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති උපදේශක ලෙස කටයුතු කරමින් සිටි හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට වැරදිකරුවන් වී මරණ දණ්ඩනය නියම වී සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර් දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල් , චමින්ද රවි ජයනාත් සහ සරත් බණ්ඩාර යන විත්තිකරුවෝය.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්රීකවරයෙකු මෙන්ම හිටපු ජනපතිවරයාගේ වෘත්තීය සමිති කටයුතු උපදේශකවරයෙකු ද වූ භාරත ලක්ෂ්මන් ප්රේනමචන්ද්රි මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ 2011 ඔක්තෝබර 08 වැනි දා මුල්ලේරියාව ප්‍රදේශයේදීය. පළාත් පාලන මැතිවරණයක් පැවැති එදින සිදුවූ වෙඩි හුවමාරුවෙන් දුමින්ද සිල්වා මහතාටද වෙඩි වැදුණු බව කියැවිණි.

    එම සිදුවීමෙන් පසු දුමින්ද සිල්වා මහතා ප්‍රතිකාර ලබා ගැනීමට 2011 නොවැම්බර් පළමු වැනි දා සිංගප්පූරුව වෙත රැගෙන යනු ලැබූ අතර ඔහු ලංකාවට යළි පැමිණියේ 2013 මාර්තු 05 වැනි දා අලුයම එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊකේ 349 දරණ ගුවන් යානයෙනි.

    සිංගප්පූරුවේ සිට ලංකාවට රැගෙන ආ දුමින්ද සිල්වා මහතා ඉන් පසු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදී. එදිනම එම පෞද්ගලික රෝහලට ගිය රහස් පොලිසිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගත්තේය.

    ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු කොළොන්නාවේ දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා 2013 මාර්ත පස් වැනි දා පෙරවරු 10.05 ට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසියේ එවකට සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතාට දන්වන ලදී. චෝදනා පත්‍රය කියවා ඔහු අත්අඩංගුවට ගෙන නවලෝක රෝහලේ ඔහු සිටින කාමරයට පොලිස් මුර යෙදූ බව ද සහකාර පොලිස් අධිකාරීවරයා උසාවියට සැළ කර සිටියේය. ඔහුගේ හිසට බරපතල සැත්කමක් කර ඇති හෙයින් රෝහලෙන් එළියට ගියහොත් විෂබීජ ඇතුළු වී ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බව වෛද්‍යවරුන් පැවසීයැයි අබේසේකර මහතා උසාවිය හමුවේ කියා සිටියේය.

    ඒ අනුව කොළඹ නවලෝක රෝහලට ගිය එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මාර්තු 14 වැනිදා තෙක් රිමාන්ඩ් කළේය.

    දුමින්ද සිල්වා මහතාට ඇප ලැබීමෙන් පසු ඇප අත්සන් කළේ 2013 අප්‍රේල් මස 26 වැනි දාය. අප්‍රේල් 27 වැනි දා ඔහු නවලෝක රෝහලෙන් පිටව ගියේය.

    අනතුරුව ඔහු ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවැරිණි. දීර්ඝ නඩු විභාගයකින් පසු ත්‍රිපුද්ගල මහාධිකරණයේ විසිනුසරුවරුන් දෙදෙනකු 2016 සැප්තැම්බර් මාසයේ දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියම කළ අතර එක් විනිසුරුවරයකු සියලු සැකකරුවන් නිදොස්කොට නිදහස් කරන ලෙස නියෝග කළේය. ඒ අනුව විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් දුමින්ද සිල්වා මහතා ඇතුළු හතර දෙනකුට මරණ දඬුවම නියම විය.

    දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් නඩුවට පෙනී සිටියේ ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාය. ඒ මහතා මීට මාස කිහිපයකට පෙර අභාවප්‍රාප්ත විය.

    Lankadeepa
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහවුරු කරයි

    - http://nethnews.lk/article/59240

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නියම කොට තිබූ මරණ දඬුවම තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීරණය කළා.

    ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩිතබා මරාදැමීම පිළිබඳව වැරදිකරුවකු ලෙස තීරණය කර කොළඹ මහාධිකරණය 2016 සැප්තැම්බර් 08දා නියම කළ මරණීය දණ්ඩණයට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑල සලකා බැලීමෙන් අනතුරුවය.

    2016 සැප්තැම්බර් 08දා නඩු තීන්දුව දුන් අවස්ථාවේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න තීන්දුව දෙමින් කියා සිටියේ මෙම විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බැවින් විත්තිකරුවන් 11 දෙනා නිදොස් කොට නිදහස් කරන බවය.

    විනිසුරු මඬුල්ලේ පද්මිණි.එන්.රණවක සහ එම්.කේ.ඩි. මොරායස් යන බහුතර විනිසුරුවරු මෙම දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු චෝදනා වලට වරදකරු කරන බවයි කියා සිටියේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළුසිවු දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කර මරණ දඬුවම නියම කරමින් විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල බහුතර තීන්දුවකින් තමන්ට නියම කළ මරණ දඬුවම ඉවත් කර තමන් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනය සම්බන්ධයෙන් තීන්දුව මීට සූලු මොහොතකට පෙර අද (11දා) ප්‍රකාශයට පත්කෙරුණා.

    කෙසේ වෙතත් එම අභියාචනය විභාග කළ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ, නලීන් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන විනිසුරු මඬුල්ල එම අභියාචනය ප්‍රතික්ෂේප කළ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නියම කොට තිබූ මරණ දඬුවම තහවුරු කිරීමට (11) තීරණය කළා.

    තමන්ට එරෙහිචෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොතිබියදී,තමන් වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු නිසි ලෙසනොසලකමින් මහාධිකරණ විනිසුරු මඬුල්ල බහුතර තීන්දුවකින් තමන් වරදකරු කර ඇතැයි සඳහන් කරන දුමින්ද සිල්වා මහතා,ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර තීන්දුව ඉවත දමා සියලු චෝදනාවලින් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි එම අභියාචනයෙන් ඉල්ලීමක් කර තිබුණා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259

    රන්ජා අායෙත් කිච උනා..:rofl: