භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළුසිවු දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කර මරණ දඬුවම නියම කරමින් විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල බහුතර තීන්දුවකින් තමන්ට නියම කළ මරණ දඬුවම ඉවත් කර තමන් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනය සම්බන්ධයෙන් තීන්දුව මීට සූලු මොහොතකට පෙර අද (11දා) ප්‍රකාශයට පත්කෙරුණා.
කෙසේ වෙතත් එම අභියාචනය විභාග කළ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ, නලීන් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන විනිසුරු මඬුල්ල එම අභියාචනය ප්‍රතික්ෂේප කළ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නියම කොට තිබූ මරණ දඬුවම තහවුරු කිරීමට (11) තීරණය කළා.
තමන්ට එරෙහිචෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොතිබියදී,තමන් වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු නිසි ලෙසනොසලකමින් මහාධිකරණ විනිසුරු මඬුල්ල බහුතර තීන්දුවකින් තමන් වරදකරු කර ඇතැයි සඳහන් කරන දුමින්ද සිල්වා මහතා,ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර තීන්දුව ඉවත දමා සියලු චෝදනාවලින් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි එම අභියාචනයෙන් ඉල්ලීමක් කර තිබුණා.