දෙදාස් ගණන්වල මුල අවුරුද්දක දවසක් ... !

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    දෙදාස් ගණන්වල මුල අවුරුද්දක දවසක් ... !

    ඉස්කෝලේ ඇරිලා ආව ගමන් බෝල අතක් ගහන්න ගියා.. කළුවර වෙලා ආව ගමන් අම්මගේ සුපුරුදු වචන ටික අතරේ හවසට කන්න හදලා තිබුනු ත්‍රිපෝෂ ගුලියත් කාලා කාමරේට රිංගුවේ අලුතෙන් ගෙනාව කොම්පියුටරේ ඔන් කරගන්න..
    ලඟ ගෙදර යාළුවත් මේ දවස්ටිකේ පුරුදු විදියටම, අලුත් කාර් ගේම් එක NFS 2 එක ගහන්න බැනුම් අහගෙන එන එක ෂුවර්..
    ඒකනම් මාර ගති..

    ඩොන්ගල් එක Slow උනාට 300Kbps වගේ යනවා.. MP3 ටිකකුත් Music.lk එකෙන් ගත්ත නිසා අලුත් ටික සද්දෙට දැම්මා.. රනිඳුගේ අලුත් එකත් මරු හැබැයි.. Jet Audio එක හොඳයි වගේ Win amp එකට වඩා..

    සීඩී කඩෙන් බෙහොම අමාරුවෙන් කුලියට ගත්තු ෆිල්ම් ටික යාන්තම් දීගත්ත නිසා අලුත් ටිකක් ගන්නත් පුළුවන් උනා..
    හින්දි රීමික්ස් වගයක් ඇවිත් සීඩී එකක් රයිට් කරගෙනම ආවා..අලුතෙන් ආව පර්දේසියා කියලා හින්දි සින්දුවක් එහෙමත් තියෙනවා.. ගෙදර අය බනීද දැක්කොත් .. මිනිමයිස් කරලා දාලා ති⁣යනවා..

    ඉංග්‍රීසි සින්දු ටිකකුත් දාගත්තා.. එකෝන් ගේ පට්ට සින්දු ටිකක් තියෙනවා.. අහල පුරුදු Backstreet ,Spice girls , barbie girl, Eminem, Jeniffer, westlife , Boyzone ලගේ එහෙම සින්දු ටිකකුත් දාගත්තා.. රිකී මාටින් ගේ ඒවත් දාගත්තා , එන්රික් කියලා අලුතෙන් දැනගත්ත ඩයල් එකෙත් මරු සිංදු ටික..

    පර්පල් රේන්ජ් සජීවී ප්‍රසංග අලුත් කැසට් එක හරියට අහන්නවත් උනේ නෑ කොම්පියුටර් එක නිසා..
    Elakiri එකට අලුතෙන් වීඩියෝ දාලද දන්නෙත් නෑ.. ගේම් එකනිසා බලන්න උනෙත් නෑ.. ක්‍රිකට් ගේම් එකකුත් යාළුවෙක් ලඟ තියෙනවා කිව්වා.. දාගන්න ඕනේ..

    ලයිබ්රි එක පැත්තේ ගියපු කාලයක් මතකත් නෑ.. බැස්කර්විල් දඩ බල්ලා පොතට දඩත් ගෙවන්න උනා..

    සීඩී රයිටරේ තියෙන එකක්ම ගන්න බැරි උන එක තමයි අවුල් කියලා හිතෙන්නෙම.. අපරාදේ සින්දු සීඩී වලට ගෙවන ගණන්.. අලුත් සින්දු නිසා රුපියල් 100ක්ම ගත්තනේ..

    සබ් එකක් තියෙනවලු මයික්‍රො ලැබ්.. ඒක ගන්න කීයක් හරි එකතු කරගන්නත් ඕනේ..
    කවදාහරි රයිටරයක් දාගන්නත් ඕනේ..
    ⁣ඉගෙනගන්න ගොඩයි දේවල්.. Audio සීඩී එකේ සින්දු ටික Rip කරලා දාගත්ත එකත් අලුතෙන් දැනගත්තේ.. රයිටරේ තිබුනනම් නීරෝ එකෙන් අවුලක් නැතිව රයිට් කරගන්න තිබුනා Mp3 ටික..

    අන්න අරූ ඇවිල්ලා.. ගේම් එක ගහන්න..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    P3 කොම් එකට නොකිය 6600 ෆෝන් එක කනෙක්ට් කරල ඉන්ටනෙට් ගිය අපි......,

    ෆෝන් එකට ඩේට කේබලේ ගහල, වැඩි ආරක්ශාවට රබර් පටියකුත් දාන්න ඕනෙ. ඊට පස්සෙ සිග්නල් හොඳට අහුවෙන්න උස තැනකින් පරිස්සමට හෙලවෙන්නෙ නැති වෙන්න තියන්න ඕනෙ...
    ඉස්සර ටීගෝ සිම් එකේ තමයි ඉන්ටනෙට් ප්‍රයිස් අඩුම තිබුණෙ...
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,634
    21,228
    113
    Timeline line is terribly inconsistent
    🤦🏾‍♂️🤦🏾‍♂️🤦🏾‍♂️🤦🏾‍♂️

    ලියන්නන් වාලේ හෑලි ලියන උන්...


    මේ ඉන්දියන් එකාගේ ඔර්ජිනල් එක හිතට වැදුනා මේ බොරු හෑල්ලට වඩා

    Screenshot-20220529-120528.png



     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මම 2002 දී රුපියල් 2 ගත්තා අපේ පැත්තේ පොඩි උන්ගෙන් විනාඩි 10 කට ගේමක් ගහන්න. නිලක් පෙන්නන්න රුපියල් 5 හරි ගෝල්ඩ්ලිෆ් එකක් හරි ගත්ත..

    කොල්ලෝ පෝලිමේ ඉන්නේ හවසට.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,444
    113
    Colombo, Sri Lanka
    P3 කොම් එකට නොකිය 6600 ෆෝන් එක කනෙක්ට් කරල ඉන්ටනෙට් ගිය අපි......,

    ෆෝන් එකට ඩේට කේබලේ ගහල, වැඩි ආරක්ශාවට රබර් පටියකුත් දාන්න ඕනෙ. ඊට පස්සෙ සිග්නල් හොඳට අහුවෙන්න උස තැනකින් පරිස්සමට හෙලවෙන්නෙ නැති වෙන්න තියන්න ඕනෙ...
    ඉස්සර ටීගෝ සිම් එකේ තමයි ඉන්ටනෙට් ප්‍රයිස් අඩුම තිබුණෙ...
    @PHBhagya මිස්, නාකි ගොබිලෙක්නේ......🤭🤭
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    "ඩොන්ගල් එක Slow උනාට 300Kbps වගේ යනවා.." 2000-2003 නම් මේ කෑල්ල දිකක් ගැලපෙනවා මදි නේද ??
    ow.
    ඉස්සර SLT එකෙන් Dialup modem වලින් ඉන්ටර්නෙට් ගියෙ අපි
    ඩොන්ගල් තිබ්බෙ නෑ මගෙ හිතේ ඒ කාලෙ
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ow.
    ඉස්සර SLT එකෙන් Dialup modem වලින් ඉන්ටර්නෙට් ගියෙ අපි
    ඩොන්ගල් තිබ්බෙ නෑ මගෙ හිතේ ඒ කාලෙ
    ඔව් ඩයල් අප් කනෙක්ෂන් එක, චක බක ජර බරාස් ගාල සද්ද දාගෙන කනෙක්ට් වෙන්නේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ow.
    ඉස්සර SLT එකෙන් Dialup modem වලින් ඉන්ටර්නෙට් ගියෙ අපි
    ඩොන්ගල් තිබ්බෙ නෑ මගෙ හිතේ ඒ කාලෙ
    ඔව් 56kb ස්පීඩ් එක.. කුණුහර්ප කෝටියයි ගෙදරින් ටෙලිපෝන් කෝල් වැඩ කරන්නේ නැති උනාම dialup internet connect කරම..