දෙදාස් ගණන්වල මුල අවුරුද්දක දවසක් ... !
ඉස්කෝලේ ඇරිලා ආව ගමන් බෝල අතක් ගහන්න ගියා.. කළුවර වෙලා ආව ගමන් අම්මගේ සුපුරුදු වචන ටික අතරේ හවසට කන්න හදලා තිබුනු ත්‍රිපෝෂ ගුලියත් කාලා කාමරේට රිංගුවේ අලුතෙන් ගෙනාව කොම්පියුටරේ ඔන් කරගන්න..
ලඟ ගෙදර යාළුවත් මේ දවස්ටිකේ පුරුදු විදියටම, අලුත් කාර් ගේම් එක NFS 2 එක ගහන්න බැනුම් අහගෙන එන එක ෂුවර්..
ඒකනම් මාර ගති..
ඩොන්ගල් එක Slow උනාට 300Kbps වගේ යනවා.. MP3 ටිකකුත් Music.lk එකෙන් ගත්ත නිසා අලුත් ටික සද්දෙට දැම්මා.. රනිඳුගේ අලුත් එකත් මරු හැබැයි.. Jet Audio එක හොඳයි වගේ Win amp එකට වඩා..
සීඩී කඩෙන් බෙහොම අමාරුවෙන් කුලියට ගත්තු ෆිල්ම් ටික යාන්තම් දීගත්ත නිසා අලුත් ටිකක් ගන්නත් පුළුවන් උනා..
හින්දි රීමික්ස් වගයක් ඇවිත් සීඩී එකක් රයිට් කරගෙනම ආවා..අලුතෙන් ආව පර්දේසියා කියලා හින්දි සින්දුවක් එහෙමත් තියෙනවා.. ගෙදර අය බනීද දැක්කොත් .. මිනිමයිස් කරලා දාලා තියනවා..
ඉංග්‍රීසි සින්දු ටිකකුත් දාගත්තා.. එකෝන් ගේ පට්ට සින්දු ටිකක් තියෙනවා.. අහල පුරුදු Backstreet ,Spice girls , barbie girl, Eminem, Jeniffer, westlife , Boyzone ලගේ එහෙම සින්දු ටිකකුත් දාගත්තා.. රිකී මාටින් ගේ ඒවත් දාගත්තා , එන්රික් කියලා අලුතෙන් දැනගත්ත ඩයල් එකෙත් මරු සිංදු ටික..
පර්පල් රේන්ජ් සජීවී ප්‍රසංග අලුත් කැසට් එක හරියට අහන්නවත් උනේ නෑ කොම්පියුටර් එක නිසා..
Elakiri එකට අලුතෙන් වීඩියෝ දාලද දන්නෙත් නෑ.. ගේම් එකනිසා බලන්න උනෙත් නෑ.. ක්‍රිකට් ගේම් එකකුත් යාළුවෙක් ලඟ තියෙනවා කිව්වා.. දාගන්න ඕනේ..
ලයිබ්රි එක පැත්තේ ගියපු කාලයක් මතකත් නෑ.. බැස්කර්විල් දඩ බල්ලා පොතට දඩත් ගෙවන්න උනා..
සීඩී රයිටරේ තියෙන එකක්ම ගන්න බැරි උන එක තමයි අවුල් කියලා හිතෙන්නෙම.. අපරාදේ සින්දු සීඩී වලට ගෙවන ගණන්.. අලුත් සින්දු නිසා රුපියල් 100ක්ම ගත්තනේ..
සබ් එකක් තියෙනවලු මයික්‍රො ලැබ්.. ඒක ගන්න කීයක් හරි එකතු කරගන්නත් ඕනේ..
කවදාහරි රයිටරයක් දාගන්නත් ඕනේ..
ඉගෙනගන්න ගොඩයි දේවල්.. Audio සීඩී එකේ සින්දු ටික Rip කරලා දාගත්ත එකත් අලුතෙන් දැනගත්තේ.. රයිටරේ තිබුනනම් නීරෝ එකෙන් අවුලක් නැතිව රයිට් කරගන්න තිබුනා Mp3 ටික..
අන්න අරූ ඇවිල්ලා.. ගේම් එක ගහන්න..