දෙමටගොඩ චමින්දට පිරිත් කියා නූල් බඳිති

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දෙමටගොඩ චමින්දට පිරිත් කියා නූල් බඳිති

    මේ ප්‍රවෘත්ති තුනේ සම්බන්ධයක් පේන්න තියනවද?

    03/03/2016

    බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ(3) උදෑසන 10ට පමණ කොළඹ ජාතික රෝහලට වැඩම කර පාතාල සාමාජිකයකු මෙන්ම භාරත ඝාතන සිද්ධියේ විත්තිකරුවකු වන ‘දෙමටගොඩ චමින්දට’ පිරිත් නූල් ගැට ගසා සෙත් පතා තිබේ. බන්ධනාගාර බස් රියට වෙඩි තැබීම නිසා තුවාල ලබා පෙරේදා (2) ජාතික රෝහලට ඇතුළත් කර සිටින දෙමටගොඩ චමින්ද බැලීමට උන්වහන්සේ සමඟ තවත් භික්ෂුන් වහන්සේලා එකොළොස් නමක් පමණ, රෝහලට වැඩම කර ඇත.

    March 2, 2016

    භාරත ඝාතනයේ සැකකාර දෙමටගොඩ චමින්ද මරන්න පත්තු කළේ කාගෙ උණ්ඩද?

    සැකකරුවන් රැගෙනයමින් සිටි බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ.

    අලුත්කඩේ උසාවි සංකීර්ණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට සැකකරුවන් රැගෙන යමින් සිටියදී දෙමටගොඩ ප්‍රදේශයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ති‍බේ.

    මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දෙමටගොඩ චමින්ද රෝහල් ගතකර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කියා සිටියි.

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ සැකකරුවන් වන ඔවුන් අද දිනයේ අධිකරණයට කැටුව ආ තිදෙනා අලුත්කඩේ අංක එක මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගය සඳහා ඉදිරිපත් කිරීමට රැගෙන ගිය බව සඳහන්ය.

    2016 සැප්තැම්බර් මස 09 වැනි සිකුරාදා

    පෝරකේට නියම වූ දුමින්ද මාංචු පිටින් වැලිකඩට: භාරත නඩුවේ පහක් ගස්

    මරණිය දණ්ඩයණයට නියම වූ හිටපු පාර්පලිමේන්තු මන්ත්‍රී සහ කොළොන්නාව ශ්‍රිලනිප සංවිධායක වූ දුමින්ද සිල්වා ඇතුළු සිව් දෙනෙක් අළුත්කඩේ උසාවියේ සිට බන්ධනාගාර රියෙන් වැලිකඩ බන්ධනාගාරයට දැඩි ආරක්ෂාව මැද්දේ ගෙන යනු ලැබූහ.

    පස් දෙනෙකුට මරණ දඩුවම නියම වුවත් එක් විත්තිකරුවෙක් අධිකරණය මඟ හැර සිටියේය.

    ප්‍රියන්ත ජානක බණ්ඩාර අධිකරණයට පැමිණ සිටියේ නැත.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේය. මෙම නඩුව වසර දෙක හමාරක් තිස්සේ විභාග විය.
     
    • Like
    Reactions: Wal MAMA

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනිත් නිවුස් දෙක නම් දන්නෙ නැ ඥානසාර හාමුදුරුවො පිරිත් නුලක් බැන්ද කියන එකෙ නම් වරදක් නැ.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අනිත් නිවුස් දෙක නම් දන්නෙ නැ ඥානසාර හාමුදුරුවො පිරිත් නුලක් බැන්ද කියන එකෙ නම් වරදක් නැ.

    උනාන්සේ පිරිත් නූල් බැඳි වෙනත් පාතාල නායකයන් සිටීද?
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    උනාන්සේ පිරිත් නූල් බැඳි වෙනත් පාතාල නායකයන් සිටීද?

    බුදුන් කල අංගුලිමාලලා විය.
    දෙමටගොඩ චමින්දට වඩා අංගුලිමාල මිනීමරා ඇතැයි කියවේ...
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඊයෙ නිව්ස් බැලුවහම මට මේ ප්‍රශ්නෙ ආවෙ..
    දුමියට විරුද්ධ තීන්දුව දීල තියෙන්නෙ විනිසුරුවන් 3න් දෙනෙක්ගෙන් යුත් මණ්ඩලයකින්

    මේකෙ එක්කෙනෙක් කියල තියෙනව සියළු සැක කරුවන් නිදොස් කොට නිදහස් කරනව කියල

    අනිත් දෙන්න කියල තියනව 5ස් දෙනෙක්ට මරණ දඬුවම දෙනව කියල

    මට තියෙන ප්‍රශ්ණෙ එකම නඩුවෙ, එකම සාක්ශි වලට විනිසුරුවො දෙන්නෙක් "නිදොස් කොට නිදහස් කිරීම" සහ "මරණ දඬුවම" දෙන්නෙ කොහොමද කියල:eek:

    "මරණ දඬුවම" සහ "නිදොස් කොට නිදහස් කිරීම" කියන්නෙ නීතියේ extreme අන්ත දෙකක්. හරියට
    ඝෘණ අනන්තය සහ ධණ අනන්තය වගේ.

    ඔන්න එක්කෙනෙක් අවුරුදු 5කට හිරේට යවන්න ඕනි කියද්දි අනිත් කෙනා නෑ නෑ අවුරුදු 7කට යවන්න ඕනි කියනව වගේ නෙමෙයි. එකෙක් කියනව මරණ දඬුවම කියල. අනික කියනව නිදොස් කොට නිදහස් කියල

    නීතිය නඩු කාරයාට සාපේක්ශද?
    එහෙම උනත් මෙච්චර වෙනසක් වෙන්නෙ කොහොමද?

    නීති ක්ශේත්‍රයේ කෙනෙක් මේක පැහැදිළි කරල දෙන්න. +rep දෙනු ලැබේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උනාන්සේ පිරිත් නූල් බැඳි වෙනත් පාතාල නායකයන් සිටීද?
    පිරිත් නුල බැන්දෙ හාමුදුරුවො හිරේ ඉද්දි උන්වහන්සේට සලකපු නිසා, හමුදුරුවො කියන විදිහට චමින්ද හිරේදි දාන් උන්න සෙරෙප්පු දෙක ගලොල උන් වහන්සේට පුජා කරල තියෙන්නෙ, චමින්ද මිනි මරුවෙක් වෙන්ඩ පුලුවන් ඒත් හාමුදුරු නමකට ඒක අදාල නැ අගුලිමාලල රහත් උනා බුදු සසුනෙන්,ඒක දිහා වැරදි කොනෙන් බලන්ඩ එපා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඊයෙ නිව්ස් බැලුවහම මට මේ ප්‍රශ්නෙ ආවෙ..
    දුමියට විරුද්ධ තීන්දුව දීල තියෙන්නෙ විනිසුරුවන් 3න් දෙනෙක්ගෙන් යුත් මණ්ඩලයකින්

    මේකෙ එක්කෙනෙක් කියල තියෙනව සියළු සැක කරුවන් නිදොස් කොට නිදහස් කරනව කියල

    අනිත් දෙන්න කියල තියනව 5ස් දෙනෙක්ට මරණ දඬුවම දෙනව කියල

    මට තියෙන ප්‍රශ්ණෙ එකම නඩුවෙ, එකම සාක්ශි වලට විනිසුරුවො දෙන්නෙක් "නිදොස් කොට නිදහස් කිරීම" සහ "මරණ දඬුවම" දෙන්නෙ කොහොමද කියල:eek:

    "මරණ දඬුවම" සහ "නිදොස් කොට නිදහස් කිරීම" කියන්නෙ නීතියේ extreme අන්ත දෙකක්. හරියට
    ඝෘණ අනන්තය සහ ධණ අනන්තය වගේ.

    ඔන්න එක්කෙනෙක් අවුරුදු 5කට හිරේට යවන්න ඕනි කියද්දි අනිත් කෙනා නෑ නෑ අවුරුදු 7කට යවන්න ඕනි කියනව වගේ නෙමෙයි. එකෙක් කියනව මරණ දඬුවම කියල. අනික කියනව නිදොස් කොට නිදහස් කියල

    නීතිය නඩු කාරයාට සාපේක්ශද?
    එහෙම උනත් මෙච්චර වෙනසක් වෙන්නෙ කොහොමද?

    නීති ක්ශේත්‍රයේ කෙනෙක් මේක පැහැදිළි කරල දෙන්න. +rep දෙනු ලැබේ

    I have the exact same question. :yes:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    බුදුන් කල අංගුලිමාලලා විය.
    දෙමටගොඩ චමින්දට වඩා අංගුලිමාල මිනීමරා ඇතැයි කියවේ...

    මම කතා කලේ ඥානසාර හාමුදුරුවො ගැන. අපේ මිනිස්සු ඕනෙ තරම අසනීප වෙලා ඉන්නව ඉස්පිරිතාල වල. ඒත් උන් වහන්සේ වැඩම කරල පිරිත් නූල් බඳිනවද?
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පිරිත් නුල බැන්දෙ හාමුදුරුවො හිරේ ඉද්දි උන්වහන්සේට සලකපු නිසා, හමුදුරුවො කියන විදිහට චමින්ද හිරේදි දාන් උන්න සෙරෙප්පු දෙක ගලොල උන් වහන්සේට පුජා කරල තියෙන්නෙ, චමින්ද මිනි මරුවෙක් වෙන්ඩ පුලුවන් ඒත් හාමුදුරු නමකට ඒක අදාල නැ අගුලිමාලල රහත් උනා බුදු සසුනෙන්,ඒක දිහා වැරදි කොනෙන් බලන්ඩ එපා.

    එතකොට හාමුදුරුනමක් උදව් කල යුත්තේ තමන්ට උදව් කල කෙනෙකුට පමණද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම කතා කලේ ඥානසාර හාමුදුරුවො ගැන. අපේ මිනිස්සු ඕනෙ තරම අසනීප වෙලා ඉන්නව ඉස්පිරිතාල වල. ඒත් උන් වහන්සේ වැඩම කරල පිරිත් නූල් බඳිනවද?
    ඌව බලනම ගිහින් නැ බන්, උන් වහන්සෙ ස්පිරිතාලෙට වෙන ලෙඩෙක් බලන්ඩ ගිය වෙලාවෙ තමයි චමින්දට වෙඩි වැදිල අරන් ඇවිත් තියෙන්නෙ, උබලත් පුදුම මිනිස්සු බන් පුදුම උස්සහයකින් පව් රස් කරගන්නව.:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එතකොට හාමුදුරුනමක් උදව් කල යුත්තේ තමන්ට උදව් කල කෙනෙකුට පමණද?
    කලගුන සැලකීම කියන දේ බුදු හාමුදුරුවොත් කරානෙ, කලගුන සලකල හො නොසලකා පිරිත් නුලක් අතේ ගැට ගහන එකට ඔච්චර කියවන්ඩ දෙයක් නැ, පව් කාරයට ගල් ගහන්ඩ කියල බුදු දහමෙ දේශනා කරන් නැ.:no:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඊයෙ නිව්ස් බැලුවහම මට මේ ප්‍රශ්නෙ ආවෙ..
    දුමියට විරුද්ධ තීන්දුව දීල තියෙන්නෙ විනිසුරුවන් 3න් දෙනෙක්ගෙන් යුත් මණ්ඩලයකින්

    මේකෙ එක්කෙනෙක් කියල තියෙනව සියළු සැක කරුවන් නිදොස් කොට නිදහස් කරනව කියල

    අනිත් දෙන්න කියල තියනව 5ස් දෙනෙක්ට මරණ දඬුවම දෙනව කියල

    මට තියෙන ප්‍රශ්ණෙ එකම නඩුවෙ, එකම සාක්ශි වලට විනිසුරුවො දෙන්නෙක් "නිදොස් කොට නිදහස් කිරීම" සහ "මරණ දඬුවම" දෙන්නෙ කොහොමද කියල:eek:

    "මරණ දඬුවම" සහ "නිදොස් කොට නිදහස් කිරීම" කියන්නෙ නීතියේ extreme අන්ත දෙකක්. හරියට
    ඝෘණ අනන්තය සහ ධණ අනන්තය වගේ.

    ඔන්න එක්කෙනෙක් අවුරුදු 5කට හිරේට යවන්න ඕනි කියද්දි අනිත් කෙනා නෑ නෑ අවුරුදු 7කට යවන්න ඕනි කියනව වගේ නෙමෙයි. එකෙක් කියනව මරණ දඬුවම කියල. අනික කියනව නිදොස් කොට නිදහස් කියල

    නීතිය නඩු කාරයාට සාපේක්ශද?
    එහෙම උනත් මෙච්චර වෙනසක් වෙන්නෙ කොහොමද?

    නීති ක්ශේත්‍රයේ කෙනෙක් මේක පැහැදිළි කරල දෙන්න. +rep දෙනු ලැබේ

    මම නිතිය ගැන නම් දන්නේ නෑ මට හිතෙන විදියටත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් දාන්නේ එහෙම දාන්නේ නිවැරදි කරුවෙක්ට වැරදි තින්දුවක් ලැබෙන්න තියෙන අවස්ථාව අඩු කරන්න. මීනිමැරුම් නඩුවක් හින්දා අන්ත දෙකයි නේ තියෙන්නේ වැරදි කරු හෝ නිවැරදි කරු.ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ලබාදෙන්නේ වැරදි කරු හො නිවැරදි කරුද කියලා විතරයි දඩුවම ප්‍රධාන විනුසුරුට අයත් වැඩක්.
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඌව බලනම ගිහින් නැ බන්, උන් වහන්සෙ ස්පිරිතාලෙට වෙන ලෙඩෙක් බලන්ඩ ගිය වෙලාවෙ තමයි චමින්දට වෙඩි වැදිල අරන් ඇවිත් තියෙන්නෙ, උබලත් පුදුම මිනිස්සු බන් පුදුම උස්සහයකින් පව් රස් කරගන්නව.:confused:

    ඒක තමයි. හැබැයි මට හාමුදුරුවො ගැන ඊට වඩා දුකයි.

    උන් වහන්සේත් නොසෑහෙන්න පව් රැස් කර ගන්නව
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පිරිත් නුල බැන්දෙ හාමුදුරුවො හිරේ ඉද්දි උන්වහන්සේට සලකපු නිසා, හමුදුරුවො කියන විදිහට චමින්ද හිරේදි දාන් උන්න සෙරෙප්පු දෙක ගලොල උන් වහන්සේට පුජා කරල තියෙන්නෙ, චමින්ද මිනි මරුවෙක් වෙන්ඩ පුලුවන් ඒත් හාමුදුරු නමකට ඒක අදාල නැ අගුලිමාලල රහත් උනා බුදු සසුනෙන්,ඒක දිහා වැරදි කොනෙන් බලන්ඩ එපා.

    හ්ම්... හාමුදුරු කෙනෙක් කරන්නෙ හොඳ නරක වටහල දෙන එක ඒක බුදු දහමට අනුව විඩ්‍රහ කරල ඒක තෙරුම් කරල දෙන එක. ඒක පිලිගැනීම හෝ නොගැනීම අදාල පුද්ගලයගෙ වැඩක්. ඔහු එක පිලිගැනීම නොගැනීම මත අනුශාසක හිමියන්ගෙ සීලය ගැන තක්සේරු කිරීම අයුතුයි.
    බුදු දහම යනු ආගමක් නොව දර්ශනයකි. යායුතුමග කියාදුන් පසු එක අනුව යෑම හෝ නොයෑම තමන් සතුය.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    ඊයෙ නිව්ස් බැලුවහම මට මේ ප්‍රශ්නෙ ආවෙ..
    දුමියට විරුද්ධ තීන්දුව දීල තියෙන්නෙ විනිසුරුවන් 3න් දෙනෙක්ගෙන් යුත් මණ්ඩලයකින්

    මේකෙ එක්කෙනෙක් කියල තියෙනව සියළු සැක කරුවන් නිදොස් කොට නිදහස් කරනව කියල

    අනිත් දෙන්න කියල තියනව 5ස් දෙනෙක්ට මරණ දඬුවම දෙනව කියල

    මට තියෙන ප්‍රශ්ණෙ එකම නඩුවෙ, එකම සාක්ශි වලට විනිසුරුවො දෙන්නෙක් "නිදොස් කොට නිදහස් කිරීම" සහ "මරණ දඬුවම" දෙන්නෙ කොහොමද කියල:eek:

    "මරණ දඬුවම" සහ "නිදොස් කොට නිදහස් කිරීම" කියන්නෙ නීතියේ extreme අන්ත දෙකක්. හරියට
    ඝෘණ අනන්තය සහ ධණ අනන්තය වගේ.

    ඔන්න එක්කෙනෙක් අවුරුදු 5කට හිරේට යවන්න ඕනි කියද්දි අනිත් කෙනා නෑ නෑ අවුරුදු 7කට යවන්න ඕනි කියනව වගේ නෙමෙයි. එකෙක් කියනව මරණ දඬුවම කියල. අනික කියනව නිදොස් කොට නිදහස් කියල

    නීතිය නඩු කාරයාට සාපේක්ශද?
    එහෙම උනත් මෙච්චර වෙනසක් වෙන්නෙ කොහොමද?

    නීති ක්ශේත්‍රයේ කෙනෙක් මේක පැහැදිළි කරල දෙන්න. +rep දෙනු ලැබේ

    සිරාවට බන් :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක තමයි. හැබැයි මට හාමුදුරුවො ගැන ඊට වඩා දුකයි.

    උන් වහන්සේත් නොසෑහෙන්න පව් රැස් කර ගන්නව
    පිරිත් නුලක් බැන්දම පව් රෑස් වෙනව කියල ඇහුවමයි, මිතයා දුශ්ටිකයෙක් වෙන්ඩ එපා බන්.:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හ්ම්... හාමුදුරු කෙනෙක් කරන්නෙ හොඳ නරක වටහල දෙන එක ඒක බුදු දහමට අනුව විඩ්‍රහ කරල ඒක තෙරුම් කරල දෙන එක. ඒක පිලිගැනීම හෝ නොගැනීම අදාල පුද්ගලයගෙ වැඩක්. ඔහු එක පිලිගැනීම නොගැනීම මත අනුශාසක හිමියන්ගෙ සීලය ගැන තක්සේරු කිරීම අයුතුයි.
    බුදු දහම යනු ආගමක් නොව දර්ශනයකි. යායුතුමග කියාදුන් පසු එක අනුව යෑම හෝ නොයෑම තමන් සතුය.
    අනිව,චමින්දල මිනි මරුවො උනේ ආගමක් දහමක් නොදන්න එකෙන් පින් පව් නොදන්න කමෙන් එහෙම මිනිසුන්ට තමා පින් පව කියල දෙන්ඩ ඔනෙ.:yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනිව,චමින්දල මිනි මරුවො උනේ ආගමක් දහමක් නොදන්න එකෙන් පින් පව් නොදන්න කමෙන් එහෙම මිනිසුන්ට තමා පින් පව කියල දෙන්ඩ ඔනෙ.:yes::yes:
    අනිවා. ඔයිට වෑඩිය වෑරදි කරපු දේශපාලකයොන්ට ඔය කට්ටිය වෑදගෙන යන්නේ. හාමුදුරුවන්ට ලොකු පොඩි සල්ලිකාර මේ කිසිම දෙයක අදාල වෙන්නේ නෑ. ඔනේම වෑරදි කාරයෙක්ගේ පාන්ශුකුලේට හාමුදුරුවො වඩිනව. උන්වහන්සේ තුවාල වෙච්ච මිනිහෙක්ගේ අතේ පිරිත් නූලක් බදිනව සෙත් පතල. හාමුදුරුවො කියන්නේ එහෙම අය. ඒක ගෑන අපිට තර්ක කරන්න බෑ. තමන් කරපු පවු තමන්ම විදවයි. ඒවා අල්ලස් දීලා ජරාව දීල නවත්තන්න බෑ. ඒ හින්දා අපිට තියෙන්නේ බලන් ඉන්න.
     
    • Like
    Reactions: erozan