දෙමටගොඩ චමින්දට පිරිත් කියා නූල් බඳිති
මේ ප්රවෘත්ති තුනේ සම්බන්ධයක් පේන්න තියනවද?
මේ ප්රවෘත්ති තුනේ සම්බන්ධයක් පේන්න තියනවද?
03/03/2016
බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ(3) උදෑසන 10ට පමණ කොළඹ ජාතික රෝහලට වැඩම කර පාතාල සාමාජිකයකු මෙන්ම භාරත ඝාතන සිද්ධියේ විත්තිකරුවකු වන ‘දෙමටගොඩ චමින්දට’ පිරිත් නූල් ගැට ගසා සෙත් පතා තිබේ. බන්ධනාගාර බස් රියට වෙඩි තැබීම නිසා තුවාල ලබා පෙරේදා (2) ජාතික රෝහලට ඇතුළත් කර සිටින දෙමටගොඩ චමින්ද බැලීමට උන්වහන්සේ සමඟ තවත් භික්ෂුන් වහන්සේලා එකොළොස් නමක් පමණ, රෝහලට වැඩම කර ඇත.
March 2, 2016
භාරත ඝාතනයේ සැකකාර දෙමටගොඩ චමින්ද මරන්න පත්තු කළේ කාගෙ උණ්ඩද?
සැකකරුවන් රැගෙනයමින් සිටි බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ.
අලුත්කඩේ උසාවි සංකීර්ණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට සැකකරුවන් රැගෙන යමින් සිටියදී දෙමටගොඩ ප්‍රදේශයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.
මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දෙමටගොඩ චමින්ද රෝහල් ගතකර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කියා සිටියි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ සැකකරුවන් වන ඔවුන් අද දිනයේ අධිකරණයට කැටුව ආ තිදෙනා අලුත්කඩේ අංක එක මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගය සඳහා ඉදිරිපත් කිරීමට රැගෙන ගිය බව සඳහන්ය.
2016 සැප්තැම්බර් මස 09 වැනි සිකුරාදා
පෝරකේට නියම වූ දුමින්ද මාංචු පිටින් වැලිකඩට: භාරත නඩුවේ පහක් ගස්
මරණිය දණ්ඩයණයට නියම වූ හිටපු පාර්පලිමේන්තු මන්ත්‍රී සහ කොළොන්නාව ශ්‍රිලනිප සංවිධායක වූ දුමින්ද සිල්වා ඇතුළු සිව් දෙනෙක් අළුත්කඩේ උසාවියේ සිට බන්ධනාගාර රියෙන් වැලිකඩ බන්ධනාගාරයට දැඩි ආරක්ෂාව මැද්දේ ගෙන යනු ලැබූහ.
පස් දෙනෙකුට මරණ දඩුවම නියම වුවත් එක් විත්තිකරුවෙක් අධිකරණය මඟ හැර සිටියේය.
ප්‍රියන්ත ජානක බණ්ඩාර අධිකරණයට පැමිණ සිටියේ නැත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේය. මෙම නඩුව වසර දෙක හමාරක් තිස්සේ විභාග විය.




