දෙයියොන්ගෙත් වැඩ්ඩෙක්

දෙයියොන්ගෙත් වැඩ්ඩෙක්

වැඩ්ඩෙක් නෙවෙයි වැඩ්ඩියෙක් :)

ඕනෑම දරුණු රෝගියකු සුවපත් කරන
මෙත් සිසිල බෙදන වාහල්කඩ ඉසිවර අරණ

තරංග රත්නවීර
ප්‍රසන්න සිල්වා

ප්‍රතිකාර කරන්නේ සත් පත්තිනි මෑණියන්ගේ වරමකින්...
පින්බිමෙහි තුන්වේලටම කෑම බීම වරදින්නේ නැත
සුවපත් වන අය ජීවිත කාලයටම මස්‌ මාංශ කෑම අතහරිති
නිතරම රෝගීහු හාරසියයක්‌, පන්සියයක්‌ රැඳී සිටිති
බටහිර වෛද්‍යවරුත් ප්‍රතිකාර ලබා ගන්න පැමිණ සිටිති
ජාති බේද ආගම් බේද නැත සියලු ජාතීහු ප්‍රතිකාර ලබති

na1-2.jpg
අපි තුෂ්ණිම්භූතව බලා හිඳිමු. ඇස ගැටෙන සෑම තැනම කූඩාරම්ය. ඉටි රෙදි, ටෙන්ට්‌ රෙදිවලින් ආවරණය වූ කූඩාරම්ය. ඒ ආසන්නයේ සේම පූජා භූමිය පුරා දහස්‌ සංඛ්‍යාත මිනිස්‌සු ඔබ මොබ ඇවිදින්නාහ. ඔවුන් අතර කෙනෙකුගේ වාරුවෙන්, අත්වාරු, රෝද පුටුවලින්, සැරයටියෙන් ඇවිද යන අය ද බොහෝය. එම පූජා භූමියේ කූඩාරම්වල සිටින සියලුම දෙනා මොනයම් හෝ රෝගයකින් පීඩා විඳින රෝගීන්ය. ඒ සෑම දෙනාම මේ පින්බිමේ කූඩාරමක නතර වී සිටින්නේ තම රෝගය සුවපත් කරගැනීම පිණිසය.

හරි හැටි පාරක්‌ තොටක්‌ නැති දූවිලි වලාවෙන් වැසුණු මඟ ගෙවාගෙන හොරොව්පොතන, වාහල්කඩ මංගලාරාම විහාරයට මෙරට සතර දෙසින් මිනිසුන් ඇදී එන්නේ ලෙඩ, දුක්‌ පීඩාවලට සුවසෙත බලාපොරොත්තුවෙන් මංගලාරාම විහාරාධිපති හිමිපාණන්ගෙන් ප්‍රතිකාර ලබාගැනීමටය. ලෙඩ දුක්‌ සුවපත්වීමේ ප්‍රාර්ථනාවෙන් මේ පින්බිමේ නවාතැන් ගෙන ප්‍රතිකාර ලබාගත් කිසිදු කෙනෙකු නැවත ලෙඩෙක්‌ ලෙස පිටමං වී නැත. සියලුම දෙනා නිරෝගීමත්ව සිත සතොසින් නික්‌ම ගිය බව විහාරාධිපතින් වහන්සේ අප සමඟ පැවසූහ. එහෙත් නම, ඡායාරූප පළ කරනවාට විහාරාධිපතින් වහන්සේ අකැමැති වූහ. එහෙයින් උන්වහන්සේ කියන කතාව පමණක්‌ සටහන් කර තැබීමට අපි වගබලා ගත්තෙමු.

na1-1.jpg
''මෙතැන වෙදකම් කරන්නේ සත්පත්තිනි මෑණියන්ගේ දේව වරමකින්. මුලින්ම බුලත් කොළ නවයක්‌ තියලා ශරීරයේ තියෙන රෝග, ගේ දොර ප්‍රශ්න ගැන මෑණියන්ගෙන් අහන්න ඕනා. ඊට පස්‌සේ ශරීරයේ තියෙන රෝගය සුවපත් කරන්න පුළුවන්ද? නැද්ද? කියලා තීරණය කරන්නේ පත්තිනි මෑණියන්. රෝගීන්ට දෙන බෙහෙත් නියම කරන්නෙත් පත්තිනි මෑණියන්. හොඳ කරන්න පුළුවන් කියන හැම රෝගියෙක්‌ම සුවපත් කරලා තියෙනවා. ආගම් බේද, ජාති බේද මෙතැන නෑ. අසරණ වෙලා මෙතැනට එන ඕනෑම කෙනෙකුට පිහිට වෙනවා. ජීවිත කාලයටම බුද්ධ රූපයකට වැන්දේ නැති අන්‍ය ආගමිකයන් මේ පූජා භූමියේදී වැඳුම් පිදුම් කරනවා. බෝධි පූජාවලට සම්මාදම් වෙනවා. වෛද්‍යවරු, දේශපාලනඥයෝ, නීතිඥයෝ හැම තරාතිරමකම අය මෙතැනට ඇවිත් වෙදකම් කරගෙන ගිහින් තියෙනවා. දැනටත් ප්‍රසිද්ධ දේශපාලනඥයෙක්‌ පිළිකාවකට ප්‍රතිකාර ගන්න ඇවිත් මේ ස්‌ථානයේ නතර වෙලා ඉන්නවා. කැලණිය හෙලේනා විජයවර්ධන විද්‍යාලයේ විදුහල්පතිනිය ප්‍රතිකාර ගන්න නතර වෙලා ඉන්නවා. ප්‍රාදේශීය ලේකම්තුමියක්‌ නතර වෙලා ප්‍රතිකාර ගන්නවා. වෛද්‍යවරු තුන්දෙනෙක්‌ ප්‍රතිකාර ගන්නවා. මෙතැනට ආවට පස්‌සේ උස්‌, මිටි තරාතිරම් නෑ. හැමෝම මෙතැන පිළිවෙත්වලට ගරු කරගෙන නතර වෙලා බෙහෙත් කර ගන්න ඕනා. එහෙම බැරි අයට මෙතැනින් වෙදකම් ගන්න බෑ. රෝගය නිට්‌ටාවටම සුවපත් වෙනකම් පන්සලේ නතර වෙලා ඉන්න ඕනා. හැමදාම හවසට බෝධි පූජාවට සම්මාදම් වෙන්න ඕනා. මෙතැන නතර වෙන්න ආපු දවසේ ඉඳලා පිලී ජාති කන්න බෑ. තමන්ගේ අභිමතය පරිදි උයා පිහාගෙන කන්න පුළුවන්. එහෙම කරන්න අපහසු අයට පන්සලේ දානය ගන්න පුළුවන්. මෙතැනට දානය වරදින්නෙ නෑ. තුන්වේලටම දානපතියෙක්‌, සමිති සමාගමක්‌ ඉදිරිපත් වෙලා දානය දෙනවා. දෙදාහක්‌, තුන්දාහක්‌ හිටියත් තුන් වේලටම දානය දෙනවා. අර පහළ තියෙන්නේ දානය උයන, පිහින තැන...''

na1-3.jpg
මගේ දෙනෙත් ආවාස ගෙයි ජනෙල් කවුළු තුළින් පහළට දිව ගියේය. තරමක්‌ විශාල ටකරන් මඩුවකි. තැනක ඇවිළෙන ලිප් මත විශාල වෑංජන ඇතිලි රත් වේ. තව තැනක එළවළු, පළා වර්ග සුද්ධ පවිත්‍ර කරන තරුණයන් කිහිප දෙනෙකි. විවිධ වැඩ කොටස්‌හි නිරත දහ පහළොස්‌ දෙනෙක්‌ ලහි, ලහියේ දානය සූදානම් කරමින් සිටිති. මගේ දෙනෙත් මුළුතැන්ගෙයි අහු මුළු නෑර දිව ගියේය.

''මෙතැනට දානය දෙනවා කියන එකත් ලේසී පහසු නෑ. හැමදාම නතර වෙලා ඉන්න රෝගීන් විතරක්‌ හාර පන්සියයකට වැඩියි. ඔවුන් බලා කියාගන්න අයයි, මෙතැන වැඩට ඉන්න අයයි සේරම හත්අටසීයක්‌ විතර ඇති. වෙදකම් ගන්න රෝගීන්ට උවටැන් කරන්න විශ්වවිද්‍යාල දරු, දැරියන් ඇවිත් ඉන්නවා. ඒ සියලු දෙනාටම දානය දෙනවා...'' නැවත මම විහාරාධිපති හිමියන්ගේ කතාවට සවන් යොමු කළෙමි.

''දැන් මම බෙහෙත් කරන්න පටන්ගෙන අවුරුදු හතරක්‌ විතර වෙනවා. පිළිකා රෝගය, වකුගඩු රෝගය, දියවැඩියාව, ඇදුම, පීනස, මොළේ ගෙඩි, හදවතේ නහර හීන් වෙච්ච රෝගීන් නිට්‌ටාවටම හොඳ කරලා තියෙනවා. කතා කරන්න බැරිව හිටිය අයට කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා. මැරෙන්න ආසන්නව හිටපු රෝගීන් මෙතැනට ගෙනත් නිට්‌ටාවටම සුවපත් කරගෙන ගිහිල්ලා තියෙනවා. වෙදකම් කරගෙන ලෙඩ හොඳ වෙලා ගිය කෝටිපති ව්‍යාපාරිකයෝ මට කෝටි ගණන් වටිනා වාහන දෙන්න හැදුවා. තෑගි බෝග දෙන්න හැදුවා. ඒ කිසිම දෙයක්‌ මම ගත්තේ නෑ. මට ඕන නෑ. අඩුම තරමින් මේ පන්සලේ කිසිම තැනක පින් පෙට්‌ටියක්‌වත් තියලා නෑ. වෙදකම් කරන්නේ සල්ලි, තෑගි බෝග බලාපොරොත්තුවෙන් නෙමෙයි. මේක දේව කාර්යයක්‌. මේ රෝගීන්ට ඉන්න ගොඩනැඟිල්ලක්‌ දාන වේලක්‌, පිරිසිදු වතුර ටිකක්‌ දෙන්න කවුරුහරි ඉදිරිපත් වුණොත් ඒකට මගේ විරුද්ධත්වයක්‌ නෑ. ඒ හැරෙන්න මට කිසිම දෙයක්‌ ඕන නෑ. දාන වේල ලැබෙනවා ඒ හොඳටම ප්‍රමාණවත්...''

''අවුරුදු තිස්‌ හයක්‌ වැනි තරුණ භික්‍ෂූන් වහන්සේනමකගේ මුවින් එවැනි වචන ඇසීම ද සතුට දනවන්නකි. රටේ ඇතැම් විහාරස්‌ථානවල විහාරාධිපතිහිමිවරු, සෙසු හිමිවරු මුදල් හම්බ කිරීමට කරන සටකපටකම් දකින විට වාහල්කඩ මංගලාරාම විහාරාධිපති ජාතියේ පිනට පහළ වූ ස්‌වාමීන්වහන්සේ නමකි. එමෙන්ම වාහල්කඩ මංගලාරාම විහාරය ද විසල් මන්දිරවලින් පිරුණු මුදල් ගලන පන්සලක්‌ නොවේ. නොදියුණු වාහල්කඩ ගමේ දුප්පත් පන්සලකි. විහාරාධිපති හිමියන්ට වැඩ වාසය කිරීමට හරි හැටි ආවාස ගෙයක්‌ ද නැත. තියෙන පුංචි ආවාස ගෙය ද දැන් වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ බවට පත් වී ඇත. බෝධිය සමීපයේ ද කූඩාරම්වල රෝගීහු නවාතැන් ගෙන සිටිති. විහාරස්‌ථාන භූමියේ ඉහළ කඳු ගැටයක්‌ මත ඉදිවී තිබෙන චෛත්‍ය රාජයාණන් වහන්සේ වාහල්කඩ ජනපදයට ආශිර්වාදයකි...''

''ඔය චෛත්‍යය හදලා දුන්නේ කොළඹ මහත්මයෙක්‌. සම්පූර්ණ වියදම ඒ මහත්තයාගේ. බොහෝම හාස්‌කම් තියෙන චෛත්‍යයක්‌. කෙම්මුර දවස්‌වලට රතු පාට විශාල එළි චෛත්‍යයට පාත් වෙනවා ගමේ මිනිස්‌සු ඕන තරම් දැකලා මට ඇවිත් කියනවා. මම ඒ දේවල් දන්නවා. දැකලා තියෙනවා. දේව වරම ලැබුණට පස්‌සෙ මගේ ඇඟට මෑණියන් එනකොට මුලින්ම රතු පාට එළිය එන්නේ කන්ද උඩ චෛත්‍යයට. ඊට පස්‌සේ අර පේන පුංචි බෝගහට. එතැනින් තමයි මගේ ඇඟට ඇතුළු වෙන්නෙ...''

විහාරාධිපතින් වහන්සේ පුංචි බෝ පැළයක්‌ දෙසට අත දිගු කළහ. ඒ සමඟ මගේ දෙනෙත් පුංචි බෝ පැළය අසල නතර විය. මහ බෝ රුක්‌ෂයට අමතරව ආවාස ගෙයට සමීප ස්‌ථානයක වැඩෙමින් තිබෙන පුංචි බෝ පැළයකි.

''ඊයේ උදේ චෛත්‍යය ළඟ පුදුම හිතෙන වැඩක්‌ වෙලා තිබුණා. සිල් සමාදන් වෙච්ච උපාසක අම්මලා දෙන්නෙක්‌ උදේ පාන්දර ගිහින් චෛත්‍යයට මල් පූජා කරලා. එක අම්මා කෙනෙක්‌ සුදු මල් වට්‌ටියක්‌ පූජා කරලා. අනිත් අම්මා නිල් මල් වට්‌ටියක්‌ පූජා කරලා. සුදු මල් වට්‌ටිය පූජා කරලා අනිත් පැත්ත බලලා නැවත මල් ආසනය දිහා බලනකොට මල් වට්‌ටිය පේන්න තිබිලා නෑ. නිල් මල් වට්‌ටියේ මල් නිකම්ම උඩ යනවා දැකලා. ඒ අම්මලා දොහොත් මුදුන් තබාගෙන සාදු නාද දෙන හඬ ඇහිලා පහළ හිටිය කිහිපදෙනෙකුත් චෛත්‍යය ළඟට ගිහින් තිබුණා. නිල් මල් වට්‌ටියේ මල් උඩ යනවා, ඒ අයත් දැකලා තිබුණා. තව දවසක්‌ ප්‍රතිකාර ගන්න ඇවිත් මා ළඟ හිටපු කෙනෙක්‌ එක පාරටම බය වෙලා වගේ අන්න... අන්න... කිව්වා. බෝ පැළේට රතු පාට විශාල එළියක්‌ පාත් වෙලා. එදා ඒ එළිය මේ භූමියේ හිටිය කිහිපදෙනෙක්‌ම දැකලා තිබුණා...''

''පත්තිනි මෑණියො බොහෝම බලසම්පන්න දෙවඟනක්‌. දේව මණ්‌ඩලයක්‌ එක්‌ක තමයි මෑණියන් ගමන් කරන්නේ. ඒ වගේම මෑණියන් කියන පිළිවෙත් අකුරටම පිළිපදින්න ඕනා. එහෙම හිටියේ නැති නම් ලෙඩ හොඳ වෙන්නෙ නෑ. මෙතැනට එන්න ඉස්‌සරවෙලා ඉඳලා මස්‌ මාංශවලින් වැළකිලා හිටියා නම් මෙතැනදී බොහෝම ඉක්‌මනට ලෙඩ දුක්‌ හොඳ වෙනවා. ඒ වගේම මෙතැනින් සුවපත් වෙලා යන අයගෙන් ගොඩක්‌ දෙනෙක්‌ නැවත පිලීS ජාති කන්නේ නෑ. ඒක මම අත්දැකීමෙන් කියනවා. දැනටත් මෙතැන පන්සියකට වැඩි පිරිසක්‌ ප්‍රතිකාර ගන්නවා. මහත්තේලා ඒ මිනිස්‌සුත් එක්‌ක කතා කරන්න. මෙතැන මොකක්‌ද වෙන්නෙ කියලා ඒ මිනිස්‌සුන්ගෙන් අහන්න. හැම තරාතිරමකම, විවිධ ජාතීන් මෙතැන ප්‍රතිකාර ගන්නවා. ඒ මිනිස්‌සු එක්‌ක කතා කළාම මේ පූජා භූමියේ ඇති ශක්‌තිය මහත්තේලාට තේරුම් ගන්න පුළුවන් වෙයි...'' විහාරාධිපතින් වහන්සේ කතා කරන වචන දැඩි විශ්වාසයෙන් යුක්‌තය.

තේරෙන වයසේ සිට මස්‌ මාංශ අනුභවයෙන් වැළකී සිටින උන්වහන්සේ පැවිදි භික්‍ෂුවකගේ සීලය අකුරටම පිළිපදින බව කුඩා සාමණේaර වයසේ සිට උන්වහන්සේ දැනහඳුනන ප්‍රදේශවාසීහු අප සමඟ පැවසූහ. මේ ඝෝර කටුක සංසාරේ බිය දැක මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීමේ අදිටනින් සාමණේaර වයසේ සිටම උන්වහන්සේ සීලය උතුම් කොට සැලකූ බව ප්‍රදේශවාසීන්ගේ අදහසය. උන්වහන්සේගේ වචනවලින් ද ඒ ගැන කියෑවේ. මේ සිල්වත් බව නිසාම සත්පත්තිනි මෑණියන් උන්වහන්සේට මිනිසුන්ගේ ලෙඩ සුවපත් කිරීමට දේව වරමක්‌ ලබා දී ඇතැයි ප්‍රදේශවාසීන්ගේ විශ්වාසයයි.

පත්තිනි දෙවියන් හෙවත් පත්තිනි මෑණියන් ඉන්දියානු සම්භවයක්‌ සහිත දේවාත්මයකි. වසංගත රෝග නිමා කිරීමට ද අමනුෂ්‍ය උවදුරු දුරු කිරීමට ද, වැසි ලබාදී රටට සශ්‍රීකත්වය ළඟා කරදීමට ද පත්තිනි මෑණියන් තුළ තිබූ මහානුභාව සම්පන්න ගුණය හේතුවෙන් දෙවඟනක්‌ ලෙස ඇදහීමට පාත්‍රව ඇති බව පැරැණි පුරාවෘතවල කියෑවේ. විශේෂයෙන්ම අම්මාවරුන්ගේ අසනීප හෙවත් සරම්ප, පැපොල, කම්මුල්ගාය, වසූරිය වැනි බෝවන රෝග වැළඳුණු විට පත්තිනි මෑණියන්ට බාර හාර වීම අතීතයේ සිට පැවත එන දේව විශ්වාසයකි. රෝගය සුවපත් වූ පසු පත්තිනි මෑණියන් සංකේතවත් කර කිරිඅම්මාවරු සත්දෙනකු කැඳවා කිරි දානය පූජා කර ඇපයෙන් නිදහස්‌ වී නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම අප සමාජයේ පැවත එන පිළිවෙතකි. රටේ මිනිසුන් මොනයම් හෝ රෝගයකින් පීඩා විඳින මෙවැනි කාලයක සත් පත්තිනි මෑණියන්ගේ ප්‍රාතිහාර්ය බලමහිමයෙන් හෝ මිනිසුන්ට සහනයක්‌ ලැබේ නම් එය රටට ද සුව සහනයකි.

එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන අපි ඒ පින්බිමේ ඇති කූඩාරමක්‌ ගානේ ඇවිද ගොස්‌ රෝගීන් සමඟ කතා බහ කළෙමු. ඒ රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම මේ පින්බිමේ හාස්‌කම් ගැන මෙතැන් සිට ඉදිරි දිනවල ඔබ වෙත ගෙන එන්නෙමු.

මතු සම්බන්ධයි...
විශේෂ ස්‌තූතිය කැබිතිගොල්ලෑව මහිපාල සේනානායක මහතාට.
 
ඉසිවර පින් බිමක අනුහස්‌ පිරි හාස්‌කම් 2
ජාන වකුගඩු රෝගයෙන් පීඩා විඳි නෑයන් හතර දෙනෙක්‌ ඉසිවර අරණ ගැන කියන විස්‌මිත කතාව
තරංග රත්නවීර
ප්‍රසන්න සිල්වා

* නංගිව මෙතැනට ගෙනකොට පපුවෙන් පහළ සීතල වෙලා...
* හාමුදුරුවො ලෙඩ්ඩුන්ගේ කොණ්‌ඩ, රැවුලත් කපලා පිරිසිදු කරනවා...
* පුණ්‍ය භූමිය ගැන අභූත කතා පතුරුවන නින්දිතයන් පිරිසක්‌...

n1-1.jpg
හොරොව්පොතාන වාහල්කඩ මංගලාරාමය සුවසෙත සලසන ඉසිවර අරණකි. සෑම තරාතිරමකම රෝගී ජනතාව ඒ පුණ්‍ය භූමියේ කූඩාරම්ගතව රැඳී සිටින්නේ ලෙඩ දුක්‌වලට ප්‍රතිකාර ලබාගැනීමටය. පිළිකා, වකගුඩු වැනි මාරාන්තික රෝග ඇතුළුව සෑම රෝගයකටම එම ස්‌ථානයේදී ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. වාහල්කඩ මංගලාරාමාධිපති හිමියන් පවසන පරිදි ප්‍රතිකාර කරනු ලබන්නේ සත්පත්තිනිs මෑණියන්ගේ දේව වරමකිනි. ප්‍රථමයෙන් බුලත් කොළ නවයක්‌ තියා ශරීරගත රෝග, ගේ දොර ප්‍රශ්න මෑණියන්ගෙන් විමසා බැලිය යුතුය. අනතුරුව ශරීරගත රෝග සුවපත් කළ හැකිද? නොහැකිද? කියා පත්තිනිs මෑණියන් තීරණය කරනු ඇත. රෝගීන්ට දෙන බෙහෙත් නියම කරනු ලබන්නේ පත්තිනි මැණියන් විසිනි. ආගම් බේද, ජාති බේද නැත. අසරණ වී වාහල්කඩ මංගලාරාමයට පැමිණෙන ඕනෑම රෝගියකුට පත්තිනි මෑණියන්ගේ අභිමතය පරිදි ප්‍රතිකාර කරනු ඇත. සත් පත්තිනි මෑණියන්ගේ ප්‍රාතිහාර්ය බලයෙන් හෝ රටේ මිනිසුන්ට සහනයක්‌ ලැබේ නම් එය වාසනාවකි. එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන විහාරාධිපතින් වහන්සේ සමඟ ඒ පින්බිමේ ඇති කූඩාරමක්‌ ගානේ ඇවිද ගොස්‌ රෝගීන් සමඟ ද අපි කතා බහ කළෙමු. රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම ඒ පින්බිමේ හාස්‌කම් ගැන දැන් අපි ඔබට කියන්නෙමු. මේ පෙළගැසෙන්නේ එම කතා මාලාවේ දෙවැනි කොටසය.
n1-3.jpg
අද අපේ පන්සලට පත්තිනි මෑණියන්ගේ පිළිමයක්‌ වැඩැම්මුවා. එකම පවුලේ වකුගඩු රෝගීන් හතරදෙනෙක්‌ මේ ස්‌ථානයෙන් ප්‍රතිකාර අරගෙන හොඳ වෙලා කෘතගුණ සැලකීමක්‌ විදිහට තමයි පත්තිනි මෑණියන්ගේ පිළිමය වැඩැම්මුවේ. කොළඹ නුගේගොඩ ඉඳලා තමයි, පිළිමය වැඩමවාගෙන ආවේ...'' වාහල්කඩ මංගලාරාමයේ කපු මහත්මයෙක්‌ වන ඩබ්ලිව්. ජයවර්ධන රාජපක්‍ෂ මහතා එසේ කියමින් අප අසලිsන් ඈත් විය. මොහොතකින් නැවත ඔහු අප ඉදිරියේ පෙනී සිටියේ පිළිමය වැඩමවාගෙන පැමිණීමට මුල් වූ පුද්ගලයෙක්‌ව ද කැටුවය. ඔහු ඡේ.පී.කේ.පී. අතුකෝරළය. කොළඹ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. මේ ඔහු වාහල්කඩ ඉසිවර අරණ ගැන අපට කියන කතාවය.

n1-2.jpg
'මගේ ඥාතීන් හතරදෙනෙක්‌ ජාන වකුගඩු රෝගයෙන් පීඩා වින්දා. හැමතැනින්ම බෙහෙත් ගත්තා. ඒත් සනීප වුණේ නෑ. එක දවසක්‌ යාළුවෙක්‌ මේ පන්සල ගැන මට කිව්වා. පස්‌සෙ මම ඥාති හතරදෙනාම එක්‌කරගෙන ඇවිත් හාමුදුරුවන්ට පෙන්නුවා. හතර දෙනාවම හොඳ කරන්න පුළුවන් කියලා දේව ආරූඪයෙන් හාමුදුරුවො කිව්වා. මෙතැන පිළිවෙත්වලට යටත් වෙලා කූඩාරම් අටවගෙන ප්‍රතිකාර ගත්තා. දින විසි එකක්‌ විතර යනකොට හතර දෙනාම 90% ක්‌ විතර හොඳ පැත්තට හැරුණා. දැන් වෛද්‍ය පරීක්‍ෂණවලදී කියනවා වකුගඩුවල කිසිම රෝගයක්‌ නෑ කියලා. මට පුදුම සතුටක්‌ ඇති වුණේ. ඒ වගේම මගේ හිතේ මේ ස්‌ථානය ගැන විශාල භක්‌තියක්‌ ඇති වුණා. ප්‍රතිකාර ගන්න ඉන්න රෝගීන්, ඔවුන්ගේ ඥාතීන් කියන විදිහට දැනට මෙතැනින් බෙහෙත් අරගෙන වකුගඩු, පිළිකා රෝගීන් හාර පන්දාහක්‌ විතර හොඳටම හොඳ වෙලා තියෙනවා. දැන් මම මේ ස්‌ථානයට නිතර යනවා, එනවා. මේ ස්‌ථානයට මොනවහරි පූජා කරන්න ඕන කියලා මට අදහසක්‌ ආවා. ඒත් හාමුදුරුවො කිසිම දෙයක්‌ ගන්නේ නෑ. පස්‌සෙ මම පත්තිනි මෑණියන්ගේ පිළිමයක්‌ පූජා කරන්නද කියලා නායක හාමුදුරුවන්ගෙන් ඇහුවා. උන්වහන්සේ ඒකට ආශිර්වාද කළා. හාමුදුරුවන්ගේ අවසරය ලැබිලා දවස්‌ දෙකකට පස්‌සෙ මම පිත්තලෙන් නිර්මාණය කරපු පත්තිනි මෑණියන්ගේ පිළිමයක්‌ ගෙනත් පූජා කළා. ඒක ආවාස ගෙයි තියෙනවා. ඒ පින්කමත් මගේ හිතට මදි වුණා...''

''නිතරම රෝගීන්ගේ ඇහැ ගැටෙන පරිදි එළිමහනේ පත්තිනි මෑණියන්ගේ දේව පිළිමයක්‌ හදන්න ඕනා කියලා මට හිතුණා. නායක හාමුදුරුවොත් මට ඒකට ආශිර්වාද කළා. පස්‌සෙ මම කොන්ක්‍රීට්‌වලින් පත්තිනි දේව මෑණියන්ගේ පිළිමයක්‌ හැදෙව්වා. ඒක තමයි අද මේ පන්සලට පූජා කළේ. ඒ විතරක්‌ නෙමෙයි අපේ පවුලේ උදවියගේ අතින්ම පිළිමේ තැන්පත් කිරීමේ වැඩ කටයුතුත් කරනවා. දැනටත් බෝ ගහ ළඟ ඒ කටයුත්ත කෙරෙනවා. මෙතැන ඉන්න රෝගීන්ට අද දවසේ තුන්වේලටම දානය දෙනවා. අපිට කරන්න පුළුවන් එච්චරයි. මෙතැන මහ පුදුම තැනක්‌. මෙතැනට නිතර එන යන මට ඒක හොඳට දැනෙනවා. මේ නායක හාමුදුරුවන්ගේ පිනට පත්තිනි මෑණියන් ලබා දීපු බෙහෙත් වරමක්‌. දුටුගැමුණු රජතුමාගේ කාලයෙත් දේව වරමකින් ලෙඩ සුවපත් කළා කියලා පැරැණි පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. මේ හාමුදුරුවන්ට ලැබිලා තියෙන්නෙත් ඒ වගේ වරමක්‌ තමයි. පුදුම හාස්‌කමක්‌. මරණාසන්නව රෝහලේ සිටින වකුගඩු රෝගියාට මේ ස්‌ථානයෙන් පිරිත් පැන් ටික ගිහින් බොන්න දුන්නම නැවත පණ ගහලා එනවා. මේ තැන ගැන රටේ ප්‍රසිද්ධ කරලා පුළුවන් තරම් රෝගීන්ට සෙත සලසන්න ඕනා. ඒ විතරක්‌ නෙමෙයි මුළු ලෝකවාසීන්ටම සහනයක්‌ ලබාදෙන්න පුළුවන්...''

අතුකෝරළ මහතාගේ ෙච්තනාව යහපත්ය. එහෙත් මේ ඉසිවර පුණ්‍ය භූමිය මෙන්ම විශ්ම කර්ම ස්‌වාමීන් වහන්සේ ගැන ද අභූත චෝදනා පතුරුවාහරින්න ප්‍රදේශයේම කාලකණ්‌ණි කිහිපදෙනෙක්‌ කල්ලි ගැසී සිටින බව ප්‍රදේශවාසීහූ අපට කීහ. ගමේ සෑම පොදු කටයුත්තකදීම අකුල්හෙළන මේ අලුගුත්තේරුවන් කිහිපදෙනා විහාරස්‌ථානයේ නතර වී සිටින රෝගීන් මෙන්ම ඔවුන් ඇළේ දිය නෑම, රෙදි සේදීම නිසා ප්‍රදේශය පුරා ලෙඩ දුක්‌ පැතිරී යන බවට කටකතා පතුරුවන්නාහ. බුදුන්ටත් ගල් පෙරළු දේවදත්තලා සිටි ලෝකයක වාහල්කඩ වෙද හාමුදුරුවන්ගේ උතුම් සද්කාර්යට ගල් නොගැහුවොත් පුදුමයකි. ඒ මෙකල දේවදත්තලාගේ අවකල් ගති ස්‌වභාය. ඒ ජන්ම ගති අපට නතර කළ නොහැකිය. අසරණ රෝගීන් සුවපත් කරන මේ පින්බිම විවේචනය කර රැස්‌කර ගන්නා පාපකර්ම ඒ අය රැගෙන යයි. ඒ ගැන මීට වඩා කතා කිරීම ද ඵලක්‌ නැත. මගේ මනසේ එවැනි සිතුවිලි හොල්මන් කරන අතරේ පත්තිනි මෑණියන්ගේ ප්‍රතිමාව තැන්පත් කිරීමට සූදානම් වන බෝධිය අසලට අපි පියවර මැන්නෙමු. බෝ පත්වල සිලිසිලිsය සිතට මෙන්ම ගතට ද අමුතු සිසිලකි. පත්තිනි මෑණියන්ගේ ප්‍රතිමාව වැඩමවාගෙන පෙරහැරේ පැමිණි සැදැහැවතුන්ගෙන් පන්සල් භූමිය පිරී ගොස්‌ය. ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටින රෝගීන් සහ ප්‍රදේශවාසීන් එකිනෙකාගෙන් වෙන් කර හඳුනාගැනීමට නොහැකි ලෙසට සියලු දෙනා සුදුවතින් සැරසී සිටින්නාහ. රෝගීන් හඳුනාගැනීමට නොහැකිව අපහසුතාවට පත්ව සිටින විට නිමල් ප්‍රේමරත්න කපු මහතා අපට උදව්වට ආවේය. ඔහු බෝධිය අසලම කූඩාරමකට හිස ඔබා කතා කළේය. ඔහුගේ කටහඬත් සමඟ කාන්තාවන් තිදෙනෙක්‌ එළියට ආහ. මැදිවිය ඉක්‌ම ගිය කාන්තාවන් තිදෙනෙකි. එක්‌ කාන්තාවක්‌ අප දෙසට පියවරක්‌ ඉදිරියට තැබුවාය.

'මේ මගේ නංගි... ඉස්‌පිරිතාලෙන් ගෙනාවේ මැරිලා වගෙයි...' ඇය එසේ කියමින් ඔහු අසළ සිටි කාන්තාවගේ උරහිසට තට්‌ටුවක්‌ දැමුවාය.

'ඇයි මොකද වෙලා තිබුණේ...'

''නංගිගේ බඩේ පිළිකාවක්‌. අවුරුදු එකොළහක්‌ වෙනවා. තුන් පාරක්‌ ඔපරේෂන් කළා. විශේෂඥ වෛද්‍යවරු කිහිපදෙනෙකුගෙන්ම බෙහෙත් ගත්තා. ඒත් වැඩක්‌ වුණේ නෑ. පහුගිය ජනවාරි මාසේ අමාරු වෙලා දඹුල්ලේ ඉස්‌පිරිතාලේට ගෙනිච්චම දොස්‌තරවරු පරීක්‍ෂා කරලා බලලා පිළිකාව ගොඩක්‌ පැතිරිලා ජීවිතය ලොකු අවදානමක තියෙන්නෙ කියලා අපිට කිව්වා. ඊට පස්‌සෙ නංගිට නැඟිට ගන්නවත්, කෑමක්‌ කන්නවත් බැරිව ගියා. දෙලුම් යුෂ ටික කටට දැම්මම කට දෙපැත්තෙන් බේරුණා. එහෙම දවසක්‌ දෙකක්‌ යනකොට පපුවෙන් පහළ සීතල වුණා. දොස්‌තරවරු බලලා නංගිව ගෙදර ගෙනිහින් හොඳට බලා ගන්න කියලා ටිකට්‌ කැපුවා. කිසිම හැල හොල්මනක්‌ නෑ. උඩ බලාගෙන හිටියා. නැති වෙලාම තමයි. ඒත් අපි ගෙදර එක්‌කං ගියේ නෑ. හාමුදුරුවො ළඟට එක්‌කගෙන ආවා. හාමුදුරුවො බුලත් අරගෙන ලෙඩ දුක්‌, ගේ දොර ප්‍රශ්න ගැන කියලා ලෙඩාව සුව කරන්න පුළුවන් පන්සලේ නතර කරන්න කියලා කිව්වා. එදාම අපි කූඩාරමක්‌ අටවගෙන නංගිවත් තියාගෙන හිටියා. ඊට පහුවැනිදාම වෙදකම් පටන් ගත්තා. බෙහෙත් ඇඟට වැටෙනකොට දවසින්, දවස නංගි හොඳ පැත්තට හැරුණා. සතියක්‌ විතර යනකොට වතුර උගුරක්‌, පළතුරු යුෂ ටිකක්‌ තොල ගෑවා. ඊට පස්‌සෙ සතිය වෙනකොට කෑම ටිකක්‌ කෑවා. නැඟිටලා පියවර දෙක, තුනක්‌ ඇවිදගෙන ගියා. දැන් ඉස්‌සර වගේම හොඳට කනවා බොනවා... ඇවිදිනවා... අනේ අපේ හාමුදුරුවන්ට බුදු බව අත්වෙන්න ඕනා. හාමුදුරුවො වෙදකම් නොකරන්න අපේ නංගි මෙලහකට නෑ...'' බෝධින් වහන්සේ දෙසට හැරී දොහොත් මුදුන් තබාගෙන ඇය හාමුදුරුවන්ට පින් දුන්නාය.

මැරී ඉපදුණාය කියන ඇයගේ නැඟණිය අප දෙසට මඳහසක්‌ පෑවාය.

අම්මගේ නම...?

'ඇසිලින්නෝනා' අසනීපවලින් මිරිකෙමින් දුක සේ ජීවත් වූ බව කියන ලකුණු ඇගේ කයෙහි වීය. ලෙඩ ගතිය පහව නොගිය දෙඇස්‌ තවමත් බොර පාටය. එහෙත් අප අහන සෑම ප්‍රශ්නයකටම ඇය සිනා මුවින් පිළිතුරු දුන්නාය.

ගම් පළාත කොහේද...?

'මාතලේ යටවත්ත...'

වයස...?

''අවුරුදු 60 යි...''

දැන් හොඳයි ද අම්මේ...?

'ඔව් පුතේ... දැන් මට හොඳටම හොඳයි... මම ජීවත් වෙයි කියලා කවුරුවත් හිතුවේ නෑ. මෙතැනට ඇවිත් දවස්‌ තුන යනකොට මට කතා කරන්න පුළුවන් වුණා. දැන් මෙතැනට ඇවිත් දවස්‌ විසි එක ඉවරයි. පිළිකාව හොඳටම හොඳයි. ලේ, මුත්‍රා ගෙනිහින් ඉස්‌පිරිතාලෙන් පරීක්‍ෂා කළා. දැන් වෛද්‍යවරු කියන්නේ මගේ ඇඟේ පිළිකාවක්‌ නෑ කියලයි. දැන් මට ගෙදර යන්න පුළුවන්. ඒත් වෛද්‍යවරුන්ට අහුනොවුණු ලෙඩත් මෙතැනදි පත්තිනි මැණියෝ කිව්වා. පිළිකාවට අමතරව මගේ අක්‌මාවේ ගෙඩි තිබිලා තියෙනවා. දැන් බෙහෙත් කරන්නේ ඒ ගෙඩිවලට. ඒ ගෙඩිත් දැන් ගොඩක්‌ම වේළිලා ගිහිල්ලා තව චූටි ගෙඩියක්‌ තියෙනවා. ඒක වේළිලා ගියාට පස්‌සෙ මට ගෙදර යන්න පුළුවන්...'' රැලි වැටුණු දෙකොපුල් පුරා රූටන කඳුළු බිඳු පිස දමන ඇයගේ තුරුලට පුංචි දියණියක්‌ දුව ආවාය.

'ආච්චි අම්මට දැන් හොඳයිද...' සාය පටේ එල්ලුණු දියණිය හීනියට කෙඳිරුවාය.

'ඔව් පුතේ... හෙට අනිද්දාට ගෙදර යන්න පුළුවන්...' ඇස්‌ලින්නෝනා චූටි කෙළි සිඟිත්තිය තදින් වැළඳ ගත්තාය.

'මේ මගේ පුතාගේ දුව. මට දරුවො දෙන්නයි. අන්තිම වතාවට ඉස්‌පිරිතාලේ යනකොට ආයෙත් ගෙදර යන්න පුළුවන් වෙන එකක්‌ නෑ කියලා මට හිතුණා. දරුවො දෙන්නව බදාගෙන ඇඬුවා. පුතාලත් මගේ ජීවිතය බේරගන්න කරන්න පුළුවන් හැම දේම කළා. ඒත් මම නිතරම කිව්වේ සල්ලි නාස්‌ති කරන්න එපා කියලයි. ඒත් ඇහුවේ නෑ මගේ දරුවො දෙන්නා, සහෝදරයො මාව බේරගත්තා. තව කාලයක්‌ ජීවත් වෙන්න ලෙඩ හොඳ කරපු පත්තිනි මෑණියන්ට බුදු බව අත් වෙන්න ඕනා. මේ හාමුදුරුවො නිවන් දකින්න ඕනා. හාමුදුරුවන් මෙලොවට බිහි කරපු දෙමවුපියොත් නිවන් දකින්න ඕනා...''

''මේ පන්සල් වත්තේ තියෙන හැම කුටියක්‌ ගානෙම හාමුදුරුවො ගිහින් ලෙඩ්ඩුන්ගේ සුව දුක්‌ බලනවා. අමාරු ලෙඩ්ඩුන්ගේ කොණ්‌ඩ, රැවුල කපනවා මම ඇස්‌ දෙකෙන් දැකලා තියෙනවා. සමහර වෙලාවට හාමුදුරුවෝ රෝගීන්ගේ ළඟට වතුර ටික ගිහින් දෙනවා. හාමුදුරුවෝ මේ රැස්‌ කර ගන්න පිනෙන් නිවන් දකින්න පින් දෙනවා ඇරෙන්න වෙන කිසිම දෙයක්‌ කරන්න නෑ. අඩුම තරමින් පඬුරක්‌ දාන්න පින් පෙට්‌ටියක්‌වත් නෑ...''

ඔවුන් අසලින් ඈත් වූ අපි නතර වූයේ ප්‍රසිද්ධ දේශපාලනඥයෙක්‌ අසලය. ඔහු ද වාහල්කඩ පන්සලේ කූඩාරමක ලැගුම් ගෙන සිටින්නේ පිළිකා රෝගයට ප්‍රතිකාර ගැනීමටය. දැන ගැනීමට ඇති තොරතුරු මත ඔහු ප්‍රතිකාරවලට පැමිණ සති තුනකට වැඩිය. දැන් සෑහෙන දුරකට රෝගී තත්ත්ව සුව අතට හැරී ඇත. එහෙත් ඔහු අප සමඟ කතාබහ කිරීමට මැලිකමක්‌ දැක්‌වුවේය. අහන දේට පිළිතුරු දී බොහෝම යාප්පුවෙන් අපව මඟහැර කූඩාරම තුළට ගියේය.

මහරගම පිළිකා රෝහලේ හෙදියක්‌ ලෙස රාජකාරි කර පිළිකා රෝගයෙන් පීඩා විඳින කාන්තාවක්‌ ප්‍රතිකාර ලබාගැනීමට මේ ස්‌ථානයට පැමිණ සිටිති. අපි ඇය අසල නතර වීමු....

මතු සම්බන්ධයි.

විශේෂ ස්‌තූතිය කැබිතිගොල්ලෑව මහිපාල සේනානායක මහතාට.

මෙන්න මෙවට තමා දේව වරම් කියන්නෙ :yes:
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඉදිරියේ රාළ;21285595 said:
    දැන් ඉතිං ඔය සර්වබලධාරී කියාගන්න උදවියත් මේ වගේ වැඩ කිඩ ටිකක් පෙන්නලා හිටිය නම් හොඳයි :yes:

    පට්ටිනි සර්වබලදාරී නෙවිද මචං ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,756
    1
    57,990
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙන්න මට තියෙන ප්‍රශ්න

    පත්තිනි ජංගි අඳිනවද ජංගි නැතුවද ඉන්නෙ? එයාට මාසෙ මාරුවෙනවද? මයිල් වැවිලද බූගාලද?:confused:
     
    මෙන්න මට තියෙන ප්‍රශ්න
    පත්තිනි ජංගි අඳිනවද ජංගි නැතුවද ඉන්නෙ?
    රතු පාට සාරියකින් වහගෙන ඉන්න හන්දා එව්වා පේන්නෙ නෑ, ඒ නිසා හරියට කියන්න බෑ -
    එයාට මාසෙ මාරුවෙනවද?
    වෙන්නෙ නෑ - මොකද ඒක තමා එයාලට අප්පිරියම ජාති වලින් එකක් - ඒ නිසා ඒ ලෝකෙ එහෙම මෙහෙ වගේ මාරු වීම් නෑ
    මයිල් වැවිලද බූගාලද?:confused:
    ඒක ඉතිං එයාගෙන් තමා අහන්න ඔනෑ - හොරොව්පතානට එනවලු නේ , මේ ලිපියෙ කියන හැටියට - ගිහින් ඇහුවා නම් තමා හොඳ :yes::D
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙන්න මේ වගේ බොරු කාරයින්ගෙ හෙළුව ජනක ජයසූරිය පෙන්නපු තැනක්. උඹල තවත් මිථ්‍යාවල් පස්සෙ යනව.
    https://youtu.be/hv9vvgCra58?t=4523
     
    කෝ ගෝත්‍රිකයො ටික මේවට උත්තර දෙන්නෙ නැත්තෙ ඇයි.
    https://youtu.be/hv9vvgCra58?t=4523
    පොඩ්ඩක් හිටපියකො ඕක බලලා ඉවර වෙන කල් :rolleyes: - ඉරිදත් නෙට් එකේ පැල් බැඳගෙන ඉන්න කියල උඹ කියන්නේ ? :angry:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉදිරියේ රාළ;21286728 said:
    පොඩ්ඩක් හිටපියකො ඕක බලලා ඉවර වෙන කල් :rolleyes: - ඉරිදත් නෙට් එකේ පැල් බැඳගෙන ඉන්න කියල උඹ කියන්නේ ? :angry:
    ඔක්කොම බලන්න ඕනෙ නෑ. ලින්ක් එක දාල තියෙන්නෙ අදාල ටයිම් එකට. එතන ජනක ජයසූරිය පොඩි කතාවක් කියනව. ඒ කතාව ඇහුවම ඇති.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,756
    1
    57,990
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉදිරියේ රාළ;21286564 said:
    රතු පාට සාරියකින් වහගෙන ඉන්න හන්දා එව්වා පේන්නෙ නෑ, ඒ නිසා හරියට කියන්න බෑ - [/SIZE] වෙන්නෙ නෑ - මොකද ඒක තමා එයාලට අප්පිරියම ජාති වලින් එකක් - ඒ නිසා ඒ ලෝකෙ එහෙම මෙහෙ වගේ මාරු වීම් නෑ ඒක ඉතිං එයාගෙන් තමා අහන්න ඔනෑ - හොරොව්පතානට එනවලු නේ , මේ ලිපියෙ කියන හැටියට - ගිහින් ඇහුවා නම් තමා හොඳ :yes::D


    thanks for replying :love:

    මේකත් සිරාවටම අහන්නෙ: මාරුවෙන ඒව වෙන්නෙ නැත්නම් එයාට කක්කි චිච්චි එහෙම දාන්න ඕනෙ වෙන්නෙත් නැද්ද? :confused: