දෙයියොන්ගෙත් වැඩ්ඩෙක්

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    රත්තරං;21287328 said:

    සුද්දා ආවා...

    දහයේ පාදෙන් ගනින්න ඉගැන්නුවා. මුන් ගැනගෙන ගැනගෙන යනවා:lol:
    කොන්ටම් පිසික් ඉගැනුවා ඒක කරගෙන කරගෙන ගියා..නියුටෝනියන් පිසික්ස් ඉගැන්නුවා ඒක කරගෙන ගියා..ඒකෙන් මේකත් මේකෙන් ඒකත් වැරදී කිව්වා.. සුද්දගේ හේතුපල වාදෙන් ඒකත් හා කියල පිලිගත්තා:lol:
    උන්ග මාන පද්දතිය ඉගැන්නුවා දැන් ඒ මාන පද්දතියේ ඉදන් සූස්තියක් ගහලා ආතල් එක විග්‍රහ කරනවා:lol:

    දැන් රෑටත් බටහිර අව්කන්නාඩි දාගෙන හද එලිය පෙන්නේ නැති උනාම හදත් සාපේක්ශව මුසාවක් වෙලා:dull:


    "පිළිකා රෝගය, වකුගඩු රෝගය, දියවැඩියාව, ඇදුම, පීනස, මොළේ ගෙඩි, හදවතේ නහර හීන් වෙච්ච රෝගීන් නිට්‌ටාවටම හොඳ කරලා තියෙනවා. කතා කරන්න බැරිව හිටිය අයට කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා. මැරෙන්න ආසන්නව හිටපු රෝගීන් මෙතැනට ගෙනත් නිට්‌ටාවටම සුවපත් කරගෙන ගිහිල්ලා තියෙනවා. "

    අපරාදේ බන් ලන්කාවෙ සෞඛ්‍ය ට වියදම් කරන සල්ලි. මේ වගේ තැන් කීපයක්
    Promote කරල ගන්න තියෙන්නෙ.
     

    අපරාදේ බන් ලන්කාවෙ සෞඛ්‍ය ට වියදම් කරන සල්ලි. මේ වගේ තැන් කීපයක්
    Promote කරල ගන්න තියෙන්නෙ.
    සිරාවටම - මේ වගේ තැන් එකක් නෙවෙයි නෙ බන් ලංකාවෙ තියෙන්නේ
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනේ මූවත් quote කරපල්ලකෝ.
    ඔහොම කොන් කරන්න එපා.
    පවු බං.
    :lol::lol:
    කවුරුත් මාව quote කරන්නෙ නැත්තෙ මගෙ තර්ක වලට උත්තර දෙන්න බැරි හින්ද. මිථ්‍යා දෘශ්ටිකයො කරන්නෙ හැමදාම ඕකයි. පොර වගේ ටෝක් දීල අනුන්ගෙ තර්ක බිදින්න බැරි උනාම ශේප් වෙලා යනව.
     

    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    ඉදිරියේ රාළ;21291677 said:
    සිරාවටම - මේ වගේ තැන් එකක් නෙවෙයි නෙ බන් ලංකාවෙ තියෙන්නේ
    machan rala,

    ubata mama pm ekak damma ,wistharak ahala, machan balala msg ekak ewanna

    tk
     

    features2.gif
    දකින, දැනෙන හාස්‌කම්
    ගැන කියන්න මට තේරෙන්නේ නෑ
    නොපෙනෙන බලවේගයකින්
    ලෙඩ සුවපත් කරවනවා...

    මහරගම පිළිකා රෝහලේ හෙදිය කියන කතාව

    තරංග රත්නවීර
    ප්‍රසන්න සිල්වා


    අපේ මිනිස්‌සුත් හුඟ දෙනෙක්‌ ඇවිත්
    මෙතැනින් බෙහෙත් කරගෙන යනවා...

    දැන් මගේ කෑම එකට පිළී බෙදන
    හැන්දක්‌වත් මුහු කරන්නේ නෑ

    වෛද්‍යවරු කිව්වේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න කියලා
    ඒත් දැන් මට තව කාලයක්‌ ජීවත් වෙන්න පුළුවන්


    ඉසිවර පින් බිමක අනුහස්‌ පිරි හාස්‌කම් 3

    n1-4.jpg
    හොරව්පොතාන රොව්පොතන වාහල්කඩ මංගලාරාමය රෝගී ජනතාවගේ ලෙඩ සුව කරන ඉසිවර අරණකි. සෑම තරාතිරමකම රෝගී ජනතාව ඒ පුණ්‍ය භූමියේ කූඩාරම්ගතව රැඳී සිටින්නේ ලෙඩ දුක්‌වලට ප්‍රතිකාර ලබාගැනීමටය. පිළිකා, වකගුඩු වැනි මාරාන්තික රෝග ඇතුළුව සෑම රෝගයකටම එම ස්‌ථානයේදී ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. වාහල්කඩ මංගලාරාමාධිපති හිමියන් පවසන පරිදි ප්‍රතිකාර කරනු ලබන්නේ සත්පත්තිනිs මැණියන්ගේ දේව වරමකිනි. ආගම් බේද, ජාති බේද මෙහි නැත. අසරණ වී මංගලාරාමයට පැමිණෙන ඕනෑම රෝගියකුට පත්තිනි මෑණියන්ගේ අභිමතය පරිදි ප්‍රතිකාර කරනු ඇත. සත් පත්තනි මෑණියන්ගේ ප්‍රාතිහාර්ය බලයෙන් හෝ රටේ මිනිසුන්ට සහනයක්‌ ලැබේ නම් එය වාසනාවකි. එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන විහාරාධිපතින් වහන්සේ සමඟ ඒ පින්බිමේ ඇති කූඩාරමක්‌ ගානේ ඇවිද ගොස්‌ රෝගීන් සමඟ අපි කතා බහ කළෙමු. රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම මේ පින්බිමේ හාස්‌කම් ගැන දැන් අපි ඔබට කියන්නෙමු. මේ පෙළගැසෙන්නේ එම කතා මාලාවේ තෙවැනි කොටසය.

    හොරව්පොතාන වාහල්කඩ 1973 වර්ෂයේ ආරම්භ වූ ගොවි ජනපද ව්‍යාපාරයකි. එහි ජනතාව පදිංචි කර ඇත්තේ 1975 වර්ෂයේදීය. ඩී එක සිට ඩී අට දක්‌වා ජනපද බෙදා වෙන් කර මිනිසුන් පදිංචි කර ඇත. එම ජනපදවල බහුතරයගේ ජීවනෝපාය වී ඇත්තේ ගොඩ සහ මඩ ගොවිතැනය. එකල නොදියුණු වාහල්කඩ ජන ශූන්‍ය ව්‍යාපාරයක්‌ ලෙස වල් වැදී තිබුණ ද, අද වන විට රජරට සශ්‍රික වූ යල මහ හොඳින් වගා කරන ව්‍යාපාරයකි. එමෙන්ම වාහල්කඩ ජනපද ව්‍යාපාරයේ වෙසෙන සියලු දෙනා සිංහල බෞද්ධ ජනතාවය. එහෙත් මෙම ජනපදය ආරම්භක අවධියේ මිනිසුන්ට වැදුම් පිඳුම් කිරීමට පූජනීය ස්‌ථානයක්‌ නොතිබිණි. ජනපදවාසීන්ට සංඝයා වහන්සේ නමක්‌ ඇස ගැටී ඇත්තේ කණ කැස්‌බෑවා විය සිදුරෙන් එළිය දකින්නාක්‌ සේය. බණ පදයක්‌ අසා සිත් පහන් කර ගැනීමට ස්‌වාමීන් වහන්සේ නමක්‌ ගමට නැති වුවද ප්‍රදේශවාසීහු එකමුතුවෙන් පුංචි බෝ පැළයක්‌ රෝපණය කර බුදු කුටියක්‌ නිර්මාණය කරගෙන වැදුම් පිඳුම් කරගෙන යැම පුරුද්දක්‌ කර ගත්හ.

    n1-1.jpg
    කාලය ගෙවී ගියේය. 1994 අවුරුද්දේ දිනක පුංචි සමණේර හිමි නමක්‌ වාහල්කඩ ජනපදයට වැඩම කරන්නාහ. ගමේ මිනිසුන්ගේ සහභාගිත්වයෙන් වාහල්කඩ ජලාශයට පහළින් පිහිටි රජයේ ඉඩමක පුංචි පොල්අතු පැලක්‌ තනා උන්වහන්සේ එහි වඩා හිඳුවූහ. පුංචි සමණේර හාමුදුරුවන් වාහල්කඩ ප්‍රදේශයට වැඩම කරනු ලැබුවේ වයස අවුරුදු දොළහේදීය. උන්වහන්සේ පැවිදි ජීවිතයට ඇතුළත් වී ඇත්තේ වත්තල හුණුපිටිය විහාරස්‌ථානයේදීය. උන්වහන්සේගේ ගිහි ගම රත්නපුරයයි. වාහල්කඩ දුෂ්කර ගම්මානයට පැමිණි දා සිට උන්වහන්සේ විසින් ප්‍රදේශයේ ආගමික, සමාජීය උන්නතිය වෙනුවෙන් කළ මෙහෙවර අති විශාලය.

    සහජ දක්‍ෂතාවන් ඇති උන්වහන්සේ ආවාස ගෙයි වහළේ වැඩ හැරෙන්නට සියලු ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබුවේ දෑතේ ශක්‌තියෙනි. බුදුන්ගේ ධර්මය හොඳින් අවබෝධ කරගෙන, බුදු මඟෙහි ගමන් කරන වාහල්කඩ වැව ශ්‍රී මංගලාරාම විහාරාධිපති රත්නපුරයේ ශ්‍රී ධම්මකුසල නායක හිමිපාණන් වහන්සේට ශ්‍රී පත්තිනි මෑණියන් බෙහෙත් වරමක්‌ ලබා දී දැනට අවුරුදු හතරකට වැඩි නැත. එදා සිට උන්වහන්සේගෙන් ප්‍රතිකාර ලබාගැනීමට මංගලාරාමයට පැමිණෙන රෝගී ජනතාව අති විශාලය. ඒ අසරණ රෝගී ජනතාව අතරදී මහරගම පිළිකා රෝහලේ හෙදියක්‌ අපට මුණගැසිණි. ඇය මංගලාරාමයෙන් ප්‍රතිකාර ලැබ සුවපත් වී සිටින පිළිකා රෝගියෙකි. මේ ඇය කියන කතාවය.

    ''මගෙ ගම රත්නපුරය. නම මාලනී වනිගසේකර. මහරගම පිළිකා රෝහලේ රසායනාගාරයේ හෙද නිලධාරිණියක්‌ විදිහට වැඩ කරනවා. මට පිළිකාවක්‌ කියලා දැනගෙන අවුරුද්දක්‌ විතර බෙහෙත් ගත්තා. ඒත් දවසින්, දවස රෝගය උත්සන්න වුණා මිසක්‌ අඩු වුණේ නෑ. එහෙම ප්‍රතිකාර කරමින් ඉන්නකොට තමයි, මේ පන්සල ගැන දැනගන්න ලැබුණේ. පන්සල් භූමියක මැරුණත් කමක්‌ නෑ කියලා හිතාගෙන තමයි, මම මෙතැනට ආවේ. මෙහෙට ඇවිත් ස්‌වාමීන් වහන්සේ කියපු විදිහට වත්පිළිවෙත් රකිමින් ප්‍රතිකාර ගත්තා. දවස්‌ විසි එකක්‌ ප්‍රතිකාර අරගෙන කොළඹ ඇවිත් රෝගී තත්ත්වය ගැන පරීක්‍ෂා කරලා බැලුවා. වෛද්‍ය වර්තාවෙන් තහවුරු වුණේ පිළිකා තත්ත්වය 80% ක්‌ විතර යහපත් තත්ත්වයට හැරිලා කියලයි. ඊට පස්‌සේ නැවත මම මේ පන්සලට ඇවිත් ස්‌වාමීන් වහන්සේ බැහැදැකලා දවස්‌ විසි එකක්‌ නතර වෙලා බෙහෙත් ගත්තා. එහෙම ප්‍රතිකාර අරගෙන කොළඹ ගිහින් පරීක්‍ෂා කරලා බැලුවා. ඒ වෙනකොට පිළිකා රෝගය හොඳටම හොඳ වෙලා. ඒ වෙලාවේ මට දැනුණේ මැරිලා ඉපදුණා වගේ හැඟීමක්‌...''

    n1-3.jpg
    රෝගීන් ලැගුම් ගෙන සිටින කූඩාරම්


    ''මෙතැනදී දකින, දැනෙන හාස්‌කම් ගැන කියන්න මට තේරෙන්නේ නෑ. අපිට නොපෙනෙන බලවේගයකින් අපේ ලෙඩ සුවපත් කරනවා, මට කියන්න තෙරෙන්නේ එච්චරයි. ඒ බලවේගය ශරීරයට ඇතුළු වෙන්න අපි හරියට සිල් රකින්න ඕනා. පස්‌ පවින් වළකින්න පුළුවන් නම් ඉක්‌මනින් හොඳ වෙලා ගෙදර යන්න පුළුවන්. පන්සලේ නතර කරගෙන බෙහෙත් කරන්නෙත් ප්‍රතිකාර ගන්න දවස්‌ විසි එකට හරි මස්‌, මාංශවලින් වැළකී සිටින්න ඕන නිසයි. මම නම් මේ පන්සලට එන්න අවුරුදු එකහමාරකට උඩ ඉඳලා පිළී ජාති කන්නේ නෑ. මම පතන්නේ මතු ආත්මයකදී වුණත් පිළී කෑමෙන් වැළකී සිටීමටයි. මට දැන් තියෙන දුක මේ තැන මුලදි දැනගන්න නොලැබීම ගැනයි. එහෙම දැනගත්තා නම් අපේ අක්‌කා අදත් ජීවතුන් අතර. අක්‌කා නැති වුණේ ගැබ් ගෙල පිළිකාවකින් අවුරුදු ගාණක්‌ දුක්‌විඳලා මහරගම පිළිකා රෝහලේදී මගේ අත් දෙක උඩදි අක්‌කා නැති වුණා. මහරගම ඉස්‌පිරිතාලේ පිළිකා රෝගීන් දුක්‌විඳින හැටි දැකලා මට ජීවිතයම කලකිරිලා තිබුණේ. බටහිර වෛද්‍ය විද්‍යාවේදී පිළිකාව නිට්‌ටාවටම සුවපත් කරන්න බෙහෙත් නැති වුණාට මේ පන්සලට එන පිළිකා රෝගීන් සම්පූර්ණ හොඳ වෙලා යන්නේ. ඒත් පිළිකා එන්නත් දීලා පිළිකාව ඔඩු දුවපු රෝගීන් හොඳ කරන්න ටිකක්‌ කාලයක්‌ යනවා...'' පිළිකාවේ තවත් බිල්ලක්‌ ලෙස ජීවිතය නතර කිරීමට සිටි මාලනීට වාහල්කඩ මංගලාරාමයේදී ජීවිත දානය ලැබිණි. ඇයට නිවාඩුවක්‌ ලැබුණු සැණින් දුර කතර ගෙවා මංගලාරාමයට ගොස්‌ ලැගුම් ගෙන ප්‍රතිකාර ලබන රෝගීන්ට උවටැන් කිරීම පුරුද්දක්‌ කරගෙන සිටින්නීය.

    මාලනී මෙන්ම ප්‍රතිකාර ලබා සුවපත් වී නික්‌ම ගිය බොහෝ දෙනා වාහල්කඩ ඉසිවර අරණට පැමිණ නායක හාමුදුරුවන්ගේ මෙන්ම පන්සල් බිමේ ප්‍රතිකාර ලබන මිනිසුන්ගේ සුවදුක්‌ විමසා බැලීම පුරුද්දක්‌ කරගෙන සිටින්නාහ. එසේ පැමිණ සිටි මුස්‌ලිම් ජාතික කාන්තාවක්‌ ද ඒ පින්බිමේදී අපට මුණගැසිණි. ඇය ජෙන්සියාය. ගම පුල්මුඩේය. කාලයක්‌ ඇය විවිධ රෝගාබාධවලින් පීඩා විඳ ඇත. එහෙත් ඇයට ඇති රෝගය කිසිදු වෛද්‍යවරයකු හඳුනාගෙන නොතිබිණි. පසුව ඇය මේ පින්බිම ගැන දැනගෙන මෙතැනට පැමිණ ප්‍රතිකාර ලබාගෙන දැන් සුවපත් වී සිටින්නීය.

    'මම දවස්‌ විසි එකක්‌ මේ පන්සලේ නතර වෙලා බෙහෙත් ගත්තා. බෝධි පූජාවලට සම්බන්ධ වුණා. සිතට පුදුම සැහැල්ලුවක්‌ දැනුණා. මගේ ඇඟේ තිබුණු සියලු රෝග නැති වෙලා ගියා. දැන් මට කිසිම අමාරුවක්‌ නෑ. දරුවොත් එක්‌ක බොහෝම සතුටින් ජීවත් වෙනවා. දරුවො පස්‌ දෙනෙක්‌ ඉන්නවා. මට නිවාඩුවක්‌ ලැබෙන හැම වෙලාවකම මේ පන්සලට ඇවිල්ලා ලෙඩ්ඩුන්ට උපස්‌ථාන කරනවා. මේ බෝධිය ළඟට වෙලා පැය ගණන් වාඩි වෙලා ඉන්නවා. දැන් මම කිසිම පිළී ජාතියක්‌ කන්නේ නෑ. එළවළුයි, බතුයි විතරයි කෑමට ගන්නේ. පිළී හැන්දක්‌වත් මගේ කෑම එකට මුහු කරන්නේ නෑ. ඒක මම හිතාගත්තේ මේ පන්සලේ ප්‍රතිකාර ගන්නකොට. සතියක්‌ දෙකක්‌ මෙතැන එළවළුයි බතුයි කාලා ඉන්නකොට පිළී කෑම නිකම්ම එපා වෙනවා. ඒකත් මෙතැන හාස්‌කමක්‌. පණ අදින, දරහැවේ ගේන ලෙඩ්ඩුන්වත් මෙතැන හොඳ කරනවා. අන්තිමට හොඳට කතා බහ කරලා ඇවිදගෙන යනවා. ඒක කොහොම වෙනවාද කියලා මට නම් හිතා ගන්නවත් බෑ. අපේ මිනිස්‌සුත් ගොඩක්‌ අය මෙතැන නතර වෙලා බෙහෙත් කරගෙන හොඳ වෙලා ඉන්නවා. ඒ අයත් මෙතැනට ඇවිල්ලා දාන දීලා යනවා. මෙතැන ඉන්න හැමෝම හරිම හොඳයි. ආගම්, ජාති බේද නෑ. පුංචි බිස්‌කට්‌ එක වුණත් බෙදා හදාගෙන කනවා. හාමුදුරුවොත් හැම කෙනාටම එකම විදිහට සලකනවා. මම ඒකට ගොඩක්‌ ගරු කරනවා. හැම ආගමකටම ගරු කරනවා...'' මුස්‌ලිම් ජාතික කාන්තාවකගෙන් පන්සලක්‌ ගැන එවැනි කතාවක්‌ ඇසීම ද සිතට සතුටකි. එහෙත් වාහල්කඩ මංගලාරාම පින්බිමේදී එවැනි කතා සාමාන්‍යයි. එයද මේ පින්බිමේ ආශ්චර්යයක්‌මය.

    ජෙන්සියාගේ සමුගැනීමෙන් පසු අප සමඟ කතාවට සම්බන්ධ වූයේ ගම්පහ දිවුලපිටිය කුඩගම පදිංචි කාලිංග කුමාර. ඔහු වසරකට වැඩි කාලයක සිට සිරෝසිස්‌ රෝගයෙන් පීඩා වින්දේය. විශේෂඥ වෛද්‍යවරු යටතේ ප්‍රතිකාර ලබාගත්ත ද ඔහුගේ රෝගයට හරිහැටි බෙහෙතක්‌ නොවැටිණි. දිනෙන් දින රෝගය උත්සන්න විය. අවසානයේ පූරුවේ පිනකට ඔහුට වාහල්කඩ පන්සල ගැන ආරංචිය ලැබිණි.

    ''2010 අවුරුද්දේ මට බයි ෆාස්‌ එකක්‌ කළා. ඒකෙන් පස්‌සෙ මගේ ලේවල ඝණත්වය වැඩි වෙලා කියලා වෛද්‍යවරු කියනවා. කාලයක්‌ ලේ එක තැන තැන්පත් වෙලා වතුර බවට පත් වෙනවා කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. මාසෙකට වතාවක්‌ ගම්පහ ඉස්‌පිරිතාලේ වෛද්‍ය සායනයට ගිහින් බෙහෙත් ගත්තා. ඒත් බඩ ඉදිමුම අඩු වුණේ නෑ. ඊට පස්‌සෙ මාස අටක්‌ විතර වෙදමහත්තයකුගෙන් සිංහල බෙහෙත් කළා. ඒ බෙහෙත් කරනකොට කිල්ලට අහුවෙන්න බෑ. ඉස්‌පිරිතාලෙකටවත් යන්න බෑ. තාත්තට හාට්‌ ඇටෑක්‌ එකක්‌ ඇවිත් තාත්තව බලාගෙන ඉස්‌පිරිතාලේ ඉන්න වුණා. එයින් පස්‌සෙ ඒ සිංහල බෙහෙත් කිරිල්ල නතර වුණා. මාස දෙකක්‌ විතර කිසිම බෙහෙතක්‌ කරන්නේ නැතිව හිටියා. මට හොඳටම අමාරු වුණා. ඊට පස්‌සේ මම විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්නුවා. ඒ වෛද්‍යවරයා පරීක්‍ෂණ කරලා බලලා 'ඔයාගේ අක්‌මාවේ බාගයක්‌ විතර නරක්‌ වෙලා. ඉක්‌මණින් අක්‌මා බද්ධයකට යන්න වෙනවා. ඒත් ඔයාට බයි ෆාස්‌ එකක්‌ කරලා තියෙන නිසා අක්‌මා බද්ධයකට යන්න බෑ. ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න. පුළුවන් තරම් කාලයක්‌ බෙහෙත්වලින් රෝගය පාලනය කරගෙන යමු' කියලා කිව්වා. මරණයට හිත හදාගෙන මම ජීවත් වුණා. බඩ ඉදිමිලා කලිසමක්‌වත් අඳින්න බැරි තත්ත්වයට පත් වුණා. අත් දෙක හීන් වෙලා කකුල් ඉදිමුණා. කන්න බැරි වුණා. බෙහෙත් බිව්වා ඒත් වැඩක්‌ වුණේ නෑ. එහෙම ඉන්නකොට තමයි මේ පන්සල ගැන දැනගන්න ලැබුණේ. මේ පන්සලේ නතර වෙලා බෙහෙත් කරන්න පටන් අරගෙන සතියක්‌ විතර යනකොට ඇඟට දැනුණුq සියලු අපහසුතා නැති වෙලා ගියා. බඩේ ඉදිමුම බැහැලා කන්නත් පුළුවන් වුණා. දවස්‌ විසි එකක්‌ ගිහිල්ලා වෛද්‍යවරයකුට පෙන්නලා ලේ, මුත්‍රා පරීක්‍ෂණයක්‌ කළා. දෙයියනේ... සියලු රිපෝට්‌ පොසිටිව්. කෙළින්ම මම රිපෝට්‌ ටික අරගෙන පන්සලට ඇවිත් හාමුදුරුවන්ට දීලා වැන්දා. ඊයේ ගිහින් අක්‌මාවේ ස්‌කෑන් රිපෝට්‌ එකක්‌ ගත්තා. ස්‌කෑන් එක කරපු වෛද්‍යවරයා 'ඔයාගේ අක්‌මාව ඩැමේඡ් වෙලා කියලා කවුද කිව්වේ' කියලා මගෙන් ඇහුවා. ඊට පස්‌සේ මම ඒ වෛද්‍යවරයාට තත්ත්වය පැහැදිළි කළා. ඒ මහත්තයත් පුදුමයට පත් වුණා. මගේ ජීවිතය බේරා දුන්න පත්තිනි මෑණියන්ට බුදු බව අත් වෙන්න ඕනා...'' ඔහු ඉහළ අහස දෙස බලාගෙන දොහොත් මුදුන් තබා පින් දුන්නේය. අප හා කතා කරන කාලිංගගේ ගතේ කිසිදු ලෙඩ පෙනුමක්‌ නැත. ඔහුගේ සිනා පිරුණු මුහුණ ඒ බව අපට සනාථ කළේය.

    කාලිංගගේ සතුටු කතාව අවසානයේ අපි තවත් කූඩාරමක්‌ අසල නතර වීමු. එම කූඩාරම තුළ සිටින්නේ පඬුවස්‌නුවර ප්‍රාදේශීය ලේකම්තුමියයි....

    මතු සම්බන්ධයි...

    විශේෂ ස්‌තූතිය කැබිතිගොල්ලෑව මහිපාල සේනානායක මහතාට.
    :nerd::nerd::nerd::nerd: