දෙවන ලෝක යුද්ධයේ විශිෂ්ඨ අවි

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දෙවන ලෝක යුද්ධයේ විශිෂ්ඨ අවි

    2YbjLsz.jpg


    දෙවන ලෝක යුද්ධයේ විශිෂ්ඨ අවි - මිනිස් ටෝර්ෆිඩෝව

    ටෝර්ෆිඩෝවක් යනු ජලය යටින් ගමන් කල හැකි මිසයිලයක් වන අතර ඒවා යොදාගෙන නෞකා සහ සබ්මැරීනවලට ප්‍රහාර එල්ල කරයි.නමුත් මිනිස් ටෝර්ෆිඩෝවක් යනු කුමක්ද?ජලය යටින් ගමන් කරන මිසයිලයක මිනිසුන් යවන්නේ කෙසේද?එහි කීර්තිය අත්වන්නේ මිනිසෙක් ටෝර්ෆිඩෝවක නංවා යැවීමේ අදහස පෙන්වා දුන් අයටයි.නමුත් ඔවුන්ගේ අදහස වූයේ ඒ ඔස්සේ දිවිනසා ගැනීමේ යාත්‍රාවක් නිර්මාණය කිරීම නොව තනි මිනිසෙකුට ගමන් කල හැකි යාත්‍රාවක් නිර්මාණය කිරීමයි.මෙම අපූරු උපක්‍රමය ඔස්සේ මිනිසෙක් එසේත් නැත්නම් නියමුවෙක් ලවා සතුරන්ට පහරදීම සිදුවිය.අතීතයේ භාවිතා වූ ටෝර්ෆිඩෝවලට ඔවුන්ගේ නූතන සාමාජිකයන්ට මෙන් සිය ඉලක්කය සොයා යෑමය මාර්ගෝපදේශ පද්ධතියක් නොතිබුණි.ගැටීම සිදුවන අවසන් පියවර තෙක් මිනිස් ටෝර්ෆිඩෝවේ මාර්ගෝපදේශකයා වූයේ එහි නියමුවාය.නියම මිනිස් ටෝර්ෆිඩෝවක ආකෘතියක් නිර්මාණය කල එකම ජාතිය වූයේ ජර්මනියයි.එය නිර්මාණය කලේ රිචඩ් මෝර්ය.නමුත් පළමු මිනිස් මිනිස් ටෝර්ෆිඩෝව වූයේ දෙවන ලෝක යුද්ධ සමයේ භාවිතා කල ඉතාලියානු Maiale නම් ටෝර්ෆිඩෝවයි.බ්‍රිතාන්‍යයන් මෙම සැලැස්ම අනුකරණය කර Chariots නමින් ටෝර්ෆිඩෝවක් නිර්මාණය කලහ.

    E9w5f8y.jpg
    ජර්මන් Neger මිනිස් ටෝර්ෆිඩෝව​





    ලෝක යුද සමයේ මිනිස් ටෝර්ෆිඩෝ වර්ග

    ඇත්තමට මෙවැනි ටෝර්ෆිඩෝවක් ක්‍රියා කරන්නේ කෙසේද?ටෝර්ෆිඩෝවේ නාසයේ පුපුරණ ද්‍රව්‍ය අඩංගුවේ.අනෙකුත් කොටස් වන්නේ නියමු අසුන සහ ටෝර්ෆිඩෝව හැසිරවීමට අවශ්‍ය සුක්කානමයි.නියමුවා ගමන් කරන ටෝර්ෆිඩෝවේ පහළින් තවත් ටෝර්ෆිඩෝවක් සම්බන්ධ කර තිබේ.එහි නියමුවාට සාර්ථකව සතුරු නෞකාවක් අසලට ළඟාවිය හැකි වූයේ නම් පහළින් එල්ලාගෙන ගිය ටෝර්ෆිඩෝව මුදා හරියි.ඇත්තෙන්ම එය අතිශය අන්තරායදායී ක්‍රියාවකි.දෙවන ලෝක යුද්ධයේදී ජර්මනියේ මිනිස් ටෝර්ෆිඩෝවලින් 80%කට වඩා අහිමිවූයේ සතුරු ප්‍රහාරවලින් නොව අනතුරුවලිනි.ඒවාහි නිරවද්‍යතාවය සහ විශ්වාසනීයත්වය ඉතා අවම විය.සතුරා අසලටම යන තෙක් සහ සතුරා නිශ්චලව සිටිය හොත් පමණක් නියමුවාට සතුරා ඉලක්ක කිරීමේ හැකියාවක් නොලැබුණි. මෙම මිනිස් ටෝර්ෆිඩෝවට දියේ ගිලී යා නොහැකිය.එහි වේගය නාවුක සැතපුම් 4ක් තරම් අවම වන අතර එය මුහුද මතුපිටින් ගමන් කරයි.ඒ නිසාම සතුරාගේ දර්ශන පථයට හසුවීමේ හැකියාවද වැඩිය.මෙම සියලු අවාසි මධ්‍යයේ වුවද මිනිස් ටෝර්ෆිඩෝව යුද්ධය සඳහා යොදාගත් අතර සතුරු නෞකා කිහිපයකට හානි සිදුකරන්නට සමත්විය.

    JKWHZVQ.jpg
    ජර්මන් Neger මිනිස් ටෝර්ෆිඩෝව​


    වෙනත් රටවල්ද මිනිස් ටෝර්ෆිඩෝ තමන්ටම අනන්‍ය වූ සැලසුම් අනුව නිර්මාණය කලහ.ඉතාලි ටෝර්ෆිඩෝව(Maiale)යොදාගත්තේ වෙන්කල හැකි පුපුරණ ද්‍රව්‍ය ශීර්ෂයක් සහිත limpet mine බෝම්බයකි(මෙය කාන්දම් බෝම්බයක් වන අතර නෞකාවක බඳට ඇලවීමට හැකියාව තිබේ).මෙහි මිනිසුන් දෙදෙනෙක් ගමන් කලහ.අවම වේගයකින් ගමන් කල මෙම ටෝර්ෆිඩෝව සතුරු නෞකාවක් අසලට ලඟා වූ පසු අවි ශීර්ෂය මුදා හරියි.මේවා යුද සමයේදී කිහිපවරක් සාර්ථකව භාවිතා කර තිබේ.බ්‍රිතාන්‍ය මිනිස් ටෝර්ෆිඩෝව(Chariot)යොදාගෙන තිබෙන්නේ වෙනස්ම ආකාරයකටය.කිමිදුම්කරුවන් දෙදෙනෙක් Chariot ටෝර්ෆිඩෝවේ ගමන් කල අතර සතුරු නෞකාව අසලට පැමිණ පුපුරණ ද්‍රව්‍ය එහි රඳවා නිරුපද්‍රිතව එතනින් ඉවත් වෙයි.මෙම ටෝර්ෆිඩෝවේ තිබෙන වාසිය වන්නේ එය දියත් කිරීම සහ යළි පැමිණෙන්නේ සබ්මැරීනය වෙතටයි.එය ආරක්ෂිත ක්‍රමයකි.නමුත් අනෙක් මිනිස් ටෝර්ෆිඩෝ දියත් කලේ නෞකා මගින්ය.

    ඉතාලියේ නිෂ්පාදනය කල මෙම මිනිස් ටෝර්ෆිඩෝව Maiale හෙවත් Pig යන නමින් හඳුන්වන ලදි(ක්‍රි.ව.1939).මෙහි දෙදෙනෙකුට ගමන් කල හැකිය.දිග මීටර් 5කි.බර ටොන් 1කි.ජලය මතුපිට පැයට සැතපුම් 1ක වේගයක් සහ ජලය යටදී පැයට සැතපුම් 5ක වේගයක්ද තිබේ.ගමන් කල හැකි උපරිම දුර කි.මී. 24කි.

    DwbgU0k.jpg

    Maiale (Pig) Manned Torpedo


    Maiale මිනිස් ටෝර්ෆිඩෝව මගින් කි.ග්‍රෑ.300 ක පුපුරණ ද්‍රව්‍ය අඩංගු ශීර්ෂයක් හෝ කි.ග්‍රෑ.250ක පුපුරණ ද්‍රව්‍ය අඩංගු ශිර්ෂ දෙකක් ගෙන යා හැකිය

    drCNh1f.jpg



    ඉතාලි Maiale මිනිස් ටෝර්ෆිඩෝවේ නියමු කුටිය

    iLMeixD.jpg



    ඉතාලියේ මිනිස් ටෝර්ෆිඩෝව(Maiale) අනුකරණය කර බ්‍රිතාන්‍යයන් නිපදවූ මිනිස් ටෝර්ෆිඩෝව Chariot යන නමින් හඳුන්වයි.​

    PnCNWeu.jpg



    මෙහි Chariot Mark 1 සහ Chariot Mark II ලෙස මොඩල දෙකක් නිපදවන ලදි.මෙම මිනිස් ටෝර්ෆිඩෝ දෙකෙහිම වේගය පැයට කි.මී.4.6කි.කිමිදුම්කරුවන් දෙදෙනෙකුට ගමන් කරන්නට හැකියාව තිබිණි.

    C17soYW.jpg



    1944 ඔක්තෝම්බර් මස 28-29 කාලයේ තායිලන්තයේ පුකට් හි වරායේ තිබූ ජපන් නැව් දෙකක් ගිල්වා දැමීම බ්‍රිතාන්‍ය මිනිස් ටෝර්ෆිඩෝ මගින් දියත්කල එකම සාර්ථක මෙහෙයුම ලෙස සැලකේ.මෙහිදී Mk II Chariots මිනිස් ටෝර්ෆිඩෝ දෙකක් HMS Trenchant නම් සබ්මැරීනයෙන් දියත් කර තිබේ.

    nyKHD6U.jpg


    ජර්මන් මිනිස් ටෝර්ෆිඩෝ මරාගෙන මැරෙන අවියක් නොවුවද ජපානය ඒ හා සමාන සංකල්පයක් ඔස්සේ Kaiten නම් ආත්ම ඝාතක මිනිස් ටෝර්ෆිඩෝවක් නිර්මාණය කලේය(ජපනුන් Kamikaze නමින් ජෙට් බලයෙන් ක්‍රියාත්මක මරාගෙන මැරෙන ගුවන් යානයක්/රොකට්ටුවක්ද නිර්මාණය කලේය.දෙවන ලෝක යුද්ධයේ ඇමෙරිකා එක්සත් ජනපදය සමග පැවැති පැසිෆික් සටන් වලදී ඇමෙරිකානු යුද නෞකාවලට පහරදීමට මෙම යානා යොදාගෙන තිබේ).මේවා ජර්මන් ටෝර්ෆිඩෝ මෙන් නොව අධි වේගයෙන් ගමන් කල අතර අවි ශීර්ෂය සහ ටෝර්ෆිඩෝ එන්ජිම අතර නියමුවාට වෙනම කුටියක් නිර්මාණය කර තිබිණි.මෙහි ඉදිරිපස මාර්ගෝපදේශක උපකරණ සහ පුපුරණ ද්‍රව්‍ය අඩංගු කර තිබිණි.මුල් කාලීන ජපන් මිනිස් ටෝර්ෆිඩෝවලින් ඒවායේ නියමුවාට ඝට්ටනයට පෙර ඉවත්වීමට හැකි පරිදි සැලසුම් කර තිබුණද පසුකාලීන මොඩල වලින් එම අංගය ඉවත් කලේ මෙම මරාගෙන මැරෙන ටෝර්ෆිඩෝවලින් දිවි ගලවාගෙන පැමිණි නියමුවන් නොසිටි බවට ඔප්පු වීම නිසාය.මේවාට ස්වයං වැනසුම් මුහුර්තනයක් සවිකර තිබුණේ ගැටීමකින් පසුව ඝට්ටන ෆියුසය ක්‍රියාත්මක වී ටෝර්ෆිඩෝව පිපිරී යෑමක් සිදුනොවන හොත් ක්‍රියාත්මක වීමටය.ජපන් Kaiten මිනිස් ටෝර්ෆිඩෝ සබ්මැරීන,නෞකා හෝ වෙරළේ සිට දියත් කිරීමේ හැකියාව තිබිණි.

    1944 වසරේදී නිෂ්පාදනය කිරීම ආරම්භ කල මෙම ජපාන Kaiten මිනිස් ටෝර්ෆිඩෝවේ එක් අයෙකුට පමණක් ගමන් කල හැකිවිය.Kaiten මිනිස් ටෝර්ෆිඩෝවේ දිග මීටර් 13ක් විය.

    0Zreiy6.png



    මෙය සම්පුර්ණයෙන්ම ජලය යටින් ගමන් කල හැකි අයුරින් නිපදවා තිබූ අතර උපරිම වේගය පැයට සැතපුම් 35ක් බව සඳහන් වේ.මෙම මරාගෙන මැරෙන ටෝර්ෆිඩෝවට උපරිම වශයෙන් කි.මී. 21 දුරක් ගමන් කල හැකිය.

    WHbz8Bh.jpg


    ටොන් 1.36ක් බර පුපුරණ ද්‍රව්‍ය අඩංගු ශීර්ෂයක් මිනිස් ටෝර්ෆිඩෝව රැගෙන ගොස් තිබේ.මෙවැනි ආත්ම ඝාතක මිනිස් ටෝර්ෆිඩෝ 400ක් පමණ ජපානය නිපදවූ බව සඳහන් වේ.ඉන් 100ක් පමණ මරාගෙන මැරෙන මෙහෙයුම් සඳහා පිටත් කර යවා තිබේ.මෙම ප්‍රහාර බොහෝමයක් ඇමෙරිකානු නාවික හමුදාව ඉලක්ක කරගෙන එල්ල කෙරිණි.ඇමෙරිකානු මූලාශ්‍රවලට අනුව ජපන් Kaiten මරාගෙන මැරෙන ටෝර්ෆිඩෝවල ප්‍රහාර නිසා තෙල් ප්‍රවාහන නෞකා වන USS Mississinewa සහ USS Underhill ගිලී ගොස් තිබේ.

    3U4tnFW.jpg




    ඊශ්‍රායල මිනිස් ටෝර්ෆිඩෝවක - ක්‍රි.ව. 1967

    qxQTtUS.jpg



    ජර්මන් මිනිස් ටෝර්ෆිඩෝ




    ඉතාලි මිනිස් ටෝර්ෆිඩෝ




    ජපනුන්ගේ මරාගෙන මැරෙන මිනිස් ටෝර්ෆිඩෝ






    නූතන මිනිස් ටෝර්ෆිඩෝ

    මිනිස් ටෝර්ෆිඩෝ සංකල්පය කාලයත් සමග පරිණාමය වී විශේෂ බලකා විසින් භාවිතා කරන කිමිදුම්කරුවන් ප්‍රවාහනය කරන යාත්‍රාවක් බවට පත්ව තිබේ.මේවා සාම්ප්‍රදායික අධි බරැති ටෝර්ෆිඩෝවලට ප්‍රමාණයෙන් සමාන වේ.නමුත් ඒවාහි කිමිදුම්කරුවන් දෙදෙනෙකුට සිටගෙන යා හැකි ආසන දෙකක් තිබේ.මාලිමාව සහ පරීක්ෂකයෙන් සමන්විත සිය පැරණි මොඩල මෙන් නොව නුතන සංස්කරණ සෝනාර්,ජීපීඑස්,අතිධ්වනි සන්නිවේදන උපකරණයක් සහ ඔක්සිජන් ටැංකියකින් යුක්ත වේ.ඊට අමතරව ජලය යට සිට මතුපිටට මෘදුව ළඟාවීමට අවශ්‍ය ඉපිලුම් ටැංකියක් අඩංගු වේ.මේවාට ජලය යට මෙන්ම මතුපිටද ගමන් කල හැකි මුත් ඒ ඌණ වේගයකිනි.මේවා වර්තමානයේදී භාවිතා කරන්නේ විශේෂ බලකා කණ්ඩායම් විසින්ය. දැඩි ලෙස ආරක්ෂාව තර කල සතුරු ප්‍රදේශවල පහරදීම්.මුදාගැනීම් සහ කඩාකප්පල්කාරී මෙහෙයුම් දියත් කිරීමටය.මෙම යාත්‍රා ප්‍රමාණයෙන් කුඩා නිසා සබ්මැරීනවල රැගෙන යනු ලබයි.සමහර අවස්ථාවල සබ්මැරීන වල ටෝර්ෆිඩෝ ටියුබ ඔස්සේ නිකුත් කරනු ලැබේ.මිනිස් ටෝර්ෆිඩෝවල අද්වීතීය හැකියාව නිසා ඒවා රහසිගත මෙහෙයුම්වලට අත්‍යාවශ්‍ය උපාංගයක්ද වේ.

    මෙය Swimmer Delivery Vehicles/SEAL Delivery Vehicle (SDV)නමින් හඳුන්වන විශේෂ යාත්‍රාවකි.SEAL(SEa,Air,Land)යනු ගොඩබිම්,ජල සහ ගුවන් අති විශේෂ,අතිශය රහසිගත මෙහෙයුම් සඳහා යොදවන ඇමෙරිකානු එක්සත් ජනපදය සතු විශේෂ බලකායකි.මොවුන් විදේශ මෙහෙයුම්වල යෙදවූ විට විශේෂයෙන්ම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පහසුවෙන් ඉලක්කයක් වෙත ලඟාවීමට,මෙන්ම අත්‍යාවශ්‍ය දෑ(උපකරණ) පහසුවෙන් ප්‍රවාහනයට මෙම යාත්‍රා යොදා ගනියි.

    azbtTix.jpg
    SEAL delivery vehicle​


    මේවා ජලය යට නිරීක්ෂණ කටයුතු,ඔත්තු බැලීම්,වෙරළ සහ ජලය මතුපිට නිරීක්ෂණය කිරීම සහ සතුරු කිමිදුම්කරුවන් හා සටන් කිරීම ආදී කටයුතු සඳහා වැදගත් වේ.SDV යාත්‍රා ඇමෙරිකානු සබ්මැරීනවල ඉහළ කොටසට සම්බන්ධ කර ප්‍රවාහනය කෙරේ.

    mJ5W9RM.jpg



    ඇමෙරිකාව SDV - MK VIII යාත්‍රාව නිපදවන්නේ 1975 වසරේදීය.මෙය දිගින් මීටර් 4.5ක් පමණ වේ.ගමන් කල හැකි උපරිම වේගය පැයට සැතපුම් 21කි.

    ksAYFgM.jpg


    WxfF0tj.jpg



    Mk.8 SEAL Delivery Vehicle (SDV)





    මිනිස් ටෝර්ෆිඩෝ සම්බන්ධ වීඩියෝ පට කිහිපයක්







    Source:defencyclopedia.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: sri D and wowdon

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    නියමයි මචෝ.. :D
    Thanks

    Thanks

    good post,,
    Thanks

    Thanks

    parana unath badu supiri
    Thanks

    Thanks

    Thanks

    Thanks

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks