දෙවන ලෝක යුද්ධය ගුවනින් - එදා සහ අද

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දෙවන ලෝක යුද්ධය ගුවනින් - එදා සහ අද

    4wCwBu0.jpg

    දෙවන ලෝක යුද සමයේදී බහුලව ගුවන් යානා භාවිතා කල අතර ඒවාහි නියමුවන් ලබාගත් ඡායාරූප ඒ බිහිසුණු අතීතය සිහිපත් කරයි.එලෙස ලබාගත් ඡායාරූපවල සටහන් වූ භූමි ප්‍රදේශ වර්තාමනය වන විට කොතරම් වෙනස්ව තිබේදැයි පහත දැක්වෙන ඡායාරූප පෙළ ඔස්සේ ඔබට දැක ගත හැකිය.මෙහි නූතන ඡායාරූප පෙළ ලබාගෙන තිබෙන්නේ ගූගල් අර්ත් වැඩසටහන ඔස්සේය.



    කොලොග්න් දෙව්මැදුර 1944/2016

    දෙවන ලෝක යුද්ධයේදී මිත්‍ර පාර්ශ්වික හමුදාවන් ජර්මන් නගරයක් වූ කොලොග්න් වෙත ගුවන් වාර 262ක් යොදවා බෝම්බ හෙළන ලදි.සියලු ප්‍රහාර එල්ල කලේ බ්‍රිතාන්‍යයේ රාජකීය ගුවන් හමුදාවයි.නගරයට හෙලූ බෝම්බ වල බර දළ වශයෙන් ටොන් 34,711ක් පමණ වූ බවයි සඳහන් වන්නේ.පළමු ප්‍රහාරය එල්ල වන්නේ 1940 මැයි 12දාය.1942 මැයි 30-31 දිනවල බෝම්බ හෙළන යානා 1000කින් ප්‍රහාර එල්ල කර තිබේ.ඡායාරූපයේ පැහැදිලිවම දිස්වන ගොඩනැගිල්ල වන්නේ දේවස්ථානයයි.එය විනාශ නොවී ඉතිරි වූයේ මිත්‍ර පාර්ශ්විකයන් සිතා මතාම එය ඉලක්ක කිරීමෙන් වැළකී තිබූ නිසාවෙනි.

    2k0RAFL.jpg





    පර්ල් වරාය 1941/2015

    මෙහි පළමු ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ පර්ල් වරායට පහරදීමට පැමිණි ජපන් ගුවන් යානයක සිටය.ජපනුන් පර්ල් වරායේ නවතා තිබූ ඇමෙරිකානු නෞකාවලට ටෝර්පිඩෝ ප්‍රහාරය දියත් කරන ආරම්භක අවස්ථාවේදී ෆෝර්ඩ් දූපත ගුවනට දිස්වූ අයුරු ඡායාරූපයෙන් පෙනේ.

    hGvFs14.jpg





    ඉවෝ ජිමා 1945/2005

    මෙහි පළමු ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඉවෝ ජිමා හි වෙරළට ලඟාවන එක්සත් ජනපද මැරීන් හමුදාවේ පළමු සේනාංකයයි.දිනය 1945 පෙබරවාරි මස 19දාය.

    vObJo93.jpg





    රේමගෙන් පාලම 1945/2015

    රේමගෙන් පාලම 1945 මාර්තු 15 දා ගුවනින් දිස්වූ අයුරු.මිත්‍ර පාර්ශ්විකයන් අල්ලාගත් ප්‍රදේශවලට යාමට රයින් ගංගාව හරහා වැටී තිබූ එකම පාලම වූයේ මෙය බවයි සඳහන් වන්නේ.​

    lh2Muhs.jpg





    බර්ලින් නගරය 1945/2015

    බ්‍රැන්ඩන්බර්ගර් පිවිසුම දෙවන ලෝක යුද සමයේ දිස්වූ අයුරු.මෙය පසුකාලීනව සෝවියට් දේශයේ පාලනයට යටත් වූ නැගෙනහිර බර්ලිනයට අයත් විය.


    ne8tfxp.jpg





    ලන්ඩන් නගරය 1945/2016

    ලන්ඩන් නගරය ගුවනින් දිස්වූ අයුරු.මධ්‍යයේ පෙනෙන පැරණි ගොඩනැගිල්ල ශාන්ත පෝල් දේවස්ථානයයි.

    MqT6K8K.jpg





    පෙගසස් පාලම 1944/2016

    පෙගසස් පාලමේ නැගෙනහිර කෙළවරට ඉහළින් ලබාගත් දර්ශනයක්.ගුවන් යානා 3ක්ද ගමන් කරන අයුරු පෙනෙන්නට තිබේ.

    n4ooDKb.jpg





    පොයින්ට් ඩියු හොක් 1944/2015

    පළමු ඡායාරූපයේ දැක්වෙන්නේ පොයින්ට් ඩියු හොක් ප්‍රදේශයේ ස්ථානගත කර තිබූ ජර්මන් අවිවලට බෝම්බ හෙළන ඇමෙරිකානු 9වන ගුවන් හමුදා සේනාංකයේ Douglas A-20 Havoc ගුවන් යානා.​

    kCi8A4x.jpg





    අර්නම් 1944/2016

    1944 සැප්තැම්බර් මස 19දා බ්‍රිතාන්‍යයන් විසින් අල්ලාගත් අර්නම් පාලමේ ගුවන් ඡායාරූපයක්.විනාශවී ගිය ජර්මන් වාහන ඡායාරූපයේ උතුරු දෙසින් දිස්වේ.


    PvGcL8L.jpg





    අවුස්විට්ස් 1944/2012

    මෙම ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ බෝම්බ හෙළීමට බුද්ධි තොරතුරු රැස් කිරීමේ අවශ්‍යතාවය මත දකුණු ඉතාලියේ සිට ක්‍රියාත්මක වූ දකුණු අප්‍රිකානු ගුවන් හමුදාවේ ඡායාරූප පිරික්සුම් ගුවන්භට කණ්ඩායම විසිනි.ඒ 1944 මැයි 31දාය.

    d9N2LKe.jpg




    Source:warhistoryonline.com

    -HarshaLulzSec-
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Thanks

    Elazzzzzzzzzzzzzzz
    Thanks

    Thanks

    සුපිරියි සහෝ.
    සලකන්න නම් බෑලු..
    Thanks

    Thanks

    Thanks

    Nice! TFS! +rep
    Thanks

    Thanks

    Thanks