ඒවා දන්නේ නැ බන් මන් දන්නා ඩේ අනුව වැරදි දෙයක් තියනවනම් මන් අහනවා ,මේ දෙවිවරු ගැන එහෙම කතා වලට ආසම නැ වැඩක් ඇති දෙයක්ද හිටියා කියලා අපිට මොකටද !!කතා කරපංකෝ බුදු දහමේ හරය .නිවන කියන්නේ මොකක්ද ..නිවන් දකින මාර්ග මොනවද ,ඇයි අපි නිවන් දකින්නේ මේ ලෝකේ සැප නැද්ද ..ඕවා කතා කරපල්ලකෝ ..බුදු දහමේ කිවේ සක්විති රජ උනත් මාර්ග පල නැත්තන් 4 අපායට විවුර්තයි කියලා .ඉතින් මේ එහෙම විවුර්ත පිඋරිසක් ගැන කතා කර කර ඉන්නේ ඇයි![]()
1. නත්ථි දින්නං - දීමෙහි විපාක නැත.
2. නත්ථි යිට්ඨං - මහා දානයෙහි (පූජා කිරීමෙහි විපාක නැත.)
3. නත්ථි හූතං - පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.
4. නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ - හොඳ නරක ක්‍රියාවල විපාක නැත.
5. නත්ථි අයං ලෝකෝ - පරලොව සිට මෙලොව ඉපදීමක් නැත.
6. නත්ථි පරෝ ලෝකෝ - මෙලොව සිට පරලොව ඉපදිමක් නැත.
7. නත්ථි මාතා - මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නැත.
8. නත්ථි පිතා - පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.
9. නත්ථි සත්තා ඕපපාතිකා - ඕපපාතික සත්වයන් නැත (දෙවියන් බ්‍රහ්මයින් ප්‍රේතයින් ආදී).
10. නත්ථි ලෝකේ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමංච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදේති - යහපත් ප්‍රතිපත්ති පිරීමෙන් යහපත් මගට පිවිස තම තමන් ලබාගත් විශිෂ්ට නුවණින් ප්රත්යක්ෂාවබෝධයෙන් මෙලොව පරලොව පෙන්නා දෙන, මිනිසුන් යහපත් මාර්ගයට යොමු කරවන ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත.
ඔය කරුණු ටික බුදු දහමේ කොතන සදහන් වෙනාව්ද දන්නේ නෑ බුදු දහම ආගමක් නෙමේ දර්ශනයක් කියලත් කියනවා මම බුද්ධාගමේ නමුත් මම පුද්ගලිකව නැවත ඉපදීම විස්වාස කරන්නේ නෑ . එතකොට මම බුදු දහමට අනුව මිත්‍යාදෘෂ්ටික යෙක්.
ඔතනින් එකක් හෝ කිහිපයක් ප්‍රතික්ෂේප කරත් ඔහු මිත්‍යාදෘෂ්ටික යෙක් බවට පත්වෙනවා . බුදු දහමට අනුව .
උබ ඒ ගැන දරන පුද්ගලික අදහස මොකක්ද . මෙවැනි සංකල්ප දහමක් තුලට ඇතුල් කරන්නේ ඇයි කියලා උබ මද්යස්ත්ව හිතලා බලපන් එහෙම හිතන්න පුලුවන්නම්

ලේසි හින්දයි ඉන්ග්‍රීසියෙන් කෙටුවෙ. 







