දේශපාලනඥයන් ලංකාවේ ක්‍රිකට් විනාශ කරනවා

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    දේශපාලනඥයන් ලංකාවේ ක්‍රිකට් විනාශ කරනවා

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දිනෙන් දින විනාශය කරා ගෙනයනු ලබන්නේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ අල්ප හෝ දැනුමක් නොමැති දේශපාලනඥයන් යටතට ක්‍රීඩාව පත්ව ඇති නිසා බව ලෝක පූජිත පිට දඟ පන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන් පවසා ඇත.
    ඉන්දියාවේ "ඉකොනොමික් ටයිම්ස්" සඟරාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර වැඩිදුරටත් අදහස් දැක්වූ මුරලි පවසා ඇත්තේ මෙවැන්නකි. "සනත් ජයසූරිය, කලුවිතාරණ, අරවින්ද ද සිල්වා සහ අර්ජුන රණතුංගලා ක්‍රීඩා කරපු කාලේ ඉඳලා අද වනවිට ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකු ඇදවැටීමක් සිදුවෙලා තියෙනවා. වැඩි අෑතකට යන්න ඕන නෑ. 2014 වසරේ අපි ඩකාවලදී විස්සයි-20 ලෝක කුසලානය දිනුවා. 2011 පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියේදි අපි අනුශූරයන් බවට පත්වුණා. නමුත් අද ශ්‍රී ලංකා ක්‍රිකට්වල අපි දකින්නෙ ඉතා මෑතකාලීන ලබපු වර්ධනයක් පමණයි. ඇත්තම කිව්වොත් වර්තමානය වෙද්දි ශ්‍රී ලංකා ක්‍රිකට් කඩා වැටීමක් තියෙන්නෙ. ක්‍රීඩාවට දේශපාලනඥයන් මැදිහත් වෙලා, කිසිම දැනුමක් නැති මේ දේශපාලනඥයන් දවසින් දවස ක්‍රිකට් අභාවයට ගෙනියනවා" යැයිද පැවැසීය.
    වැඩිදුරටත් අදහස් දැක්වූ මුරලි "ක්‍රිකට් ර¼දා පවතින්නෙ විශ්වාසය මත. ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්න විශ්වාසය ලබා දෙන්න ඕනා. මම සුපිරි පන්දු යවන්නෙක් බවට පත්වුණේ එක දවසකින් නෙවෙයි. අවුරුදු 4-5ක් තිස්සෙ අර්ජුන මට මම කෙරෙහි විශ්වාසයක් ඇතිකළා. අන්න එහෙමයි මම මේ තැනට ආවේ. නමුත් අද වන විට පන්දුවට පහර දෙන්න පිටියට යන ක්‍රීඩකයට කියන්නෙ අනිවාර්යයෙන් ලකුණු රැස් කරන්න, නැත්නම් ඊළඟ තරගෙදි කණ්ඩායමෙන් ඉවත් කරනවා කියලා. පන්දු යවන්නන්ටත් එලෙසමයි. පසුගිය වසරක කාලයක් ඇතුළත සියලු තරග ආකෘතිවලදි ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 60 දෙනෙකු ක්‍රීඩා කරල තියෙනවා. වසරකදි ක්‍රීඩකයන් 60ක් අත්හදා බලල තියෙනවා කියන එකෙන් පෙන්නුම් කරනවා රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ පැවැත්ම ගැන දැක්මක් නැති බව. මේ වගේ ක්‍රීඩකයන් නිරන්තරයෙන් එහාට මෙහාට ඇදීමෙන් වෙනස් කිරීමට ලක්කිරීමෙන් වෙන්නෙ ක්‍රීඩාව තවදුරටත් විනාශ වෙන එකයි" යනුවෙන් පවසා ඇත.
    කෙසේ වෙතත් ක්‍රීඩකයන්ට ලබාදුන් අවස්ථාවලදී ඔවුන් ඒ වෙනුවෙන් සාධාරණයක් ඉටු කළාද යන ප්‍රශ්නයට මුරලි පිළිතුරු සැපැයුවේ මෙලෙසිනි. "කුසල් මෙන්ඩිස් ගැන බලන්න. අපි ඔක්කොම හිතුවේ ඔහු ඉතා හොඳින් ක්‍රීඩා කරමින් කණ්ඩායමේ දිගටම රැඳී සිටිමින් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සේවයක් කරාවි කියලයි. නමුත් දක්ෂතා අතරට එන්න බැරි වෙච්ච එක තරග සංචාරයක් නිසා මාස කිහිපයක් ඇතුළත ඔහුව කණ්ඩායමෙන් ඉවත් කළා. ඒ වගේ දේවල්වලින් ක්‍රීඩකයන් තුළ විශ්වාසය ගොඩනඟාගන්න බැරි වෙනවා" යැයිද සඳහන් කර ඇත. mawbima
     
    • Like
    Reactions: shiwankaswe

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,442
    113
    bump

    You must spread some Reputation around before giving it to Iron Monger again.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඕකුන් ගන්නම් කතා කරලා වැඩක් නෑ.
    ඒත් දැන් හරි පාරට වැටෙයි කියලා පොඩි විශ්වාසයක් තියෙනවා.