දේශයට ආදරය කරන සැවොම ලක් මවගේ දරුවෝයි
දේශයට ආදරය කරන සැවොම ලක් මවගේ දරුවෝයි
මේ දේශයට ආදරය කරන සැවොම ශ්‍රී ලංකා මාතාවගේ දරුවන් බවත්, සෑම දෙනාම සම අයිතිවාසිකම් ඇතිව ආත්මගරුත්වයකින් ජීවත්වනු දැකීම තමාගේ අවශ්‍යතාවය බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවර මුස්ලිම් ජනතාව අමතමින් පැවසීය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කෙළේ ඊයේ (2) පරිසර නියෝජ්‍ය ඇමැති අබ්දුල් කාදර් මහතාගේ නිවෙසේ දී හමු වූ මුස්ලිම් ජනතාව දමිළ බසින් ආමන්ත්‍රණය කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා ජාතීන් අතර සමගිය නැති කිරීමට ඇතැමුන් උත්සාහ කළ ද, අපගේ සමඟිය එදා වගේම අදත් එලෙසම පවතින බවත්, මුස්ලිම් ජනතාව අපගේ සහෝදරයන් ලෙස ජීවත් වන බවත් පැවසීය. හැඟීම්වලට වහල් නොවී සැමවිටම බුද්ධියට මුල් තැන දෙමින් කටයුතු කිරීම ද ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා, මේ රට තුළ දැන් ජාති, ආගම් හා කුල භේද නොමැති බවත් පැවසී ය. ප්‍රථමයෙන් මධ්‍යම පළාත තුළ මුස්ලිම් අධ්‍යාපන අංශයක් ද ආරම්භ කළ බව සඳහන් කළ ජනාධිපතිතුමා රජය ගැන විශ්වාසය තබා කටයුතු කරන්න යැයි ද ඒ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
මේ අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ක්‍රියාකාරීහු රැසක් ද එක්ව සිටියහ.