poll eka dala thiyena widiya weradi.oken pennanna hadanne wena deyak.



ගුරුවරුන්ගෙ ළමයින්ට දෙනවනං දොස්තරලාගෙ ළමයින්ට දුන්නම මොකද වෙන්නෙ?
දොස්තරලට විතරක් නෙමෙයි හැම ළමයෙක්ටම එක සමානව පාසල් අද්‍යාපනය ලැබෙන්න ඕනා
SAITAM එක වහලා ඒ මුදලට ඒක නොදී ඉගෙනගන්න දුප්පතාගේ උනත් ළමයට දෙන්න කියන ඒක උබලට හෙන අවුල්
තනිකරම උබලගේ කුහක කම
ඔය saitam එපා කියන දොස්තරලට තමන්ගේ ළමයා saitam දාගන්න නිකන්ම පුළුවන්
එත ඒ මිනිස්සු එකට කෑ ගහද්දි උබලට හරි අවුල
අයි සල්ලිවලට දුන්නම පුකද කියලා
එත මෙතන පොස්ට් දානවා හැම ලමයටම සමාන අද්‍යාපනය දෙන්න ඕන කියල
ආ උඹල strike ත් කලාද
මම දන්නෙ නෑනෙ![]()
![]()
මේ poll එක දාල තියෙන විදිහ සම්පූර්ණයෙන්ම වැරදියි. මමත් මේකෙ දැම්මෙ සෑම ළමයෙක්ටම සමාන අයිතියක් ඕනි කියන එකට.
ඒත් මම දොස්තරලගෙ ඉල්ලීමට එකඟයි
යන්නෙ කොහෙද මල්ලෙ පොල් නැතුව උඹ කියපන්කො මම අහල තියන දේට උත්තරයක්
මමත් වෘත්තිකයෙක් (Professional Manager) තමයි
මම මගේ දරුවව මම ගියපු ලංකාවෙ හොඳම පාසලකට දා ගත්ත Old Boys Basis
මම කාටවත් කඩේ යන්නෙ නෑ
කාලයක් තිස්සෙ උඹලගෙ විගඩම් දිහා බලාගෙන හිටපු මධ්‍යස්ථ මතධාරියෙක්
බලාගෙන ඉඳල බැරිම තැන තමයි ඉවසුව ඇති කියල හිතුවෙ




හොරණ ඉඳන් හෝමාගමට මාරුවක් ලැබුනම හෝමාගම පාසැලක් ලබා ගන්න පුලුවන්, නැතුව කොළඹ රාජකීය නෙවෙයි
මේ poll එක දාල තියෙන විදිහ සම්පූර්ණයෙන්ම වැරදියි. මමත් මේකෙ දැම්මෙ සෑම ළමයෙක්ටම සමාන අයිතියක් ඕනි කියන එකට.
ඒත් මම දොස්තරලගෙ ඉල්ලීමට එකඟයි
කලින් පාර්ලිමේන්තුවෙ සම්මත කරපු පනතක් අනුව පාසල් වලට ඇතුලත් කරගන්න ප්‍රමාණයෙන් කොටසක් වෛද්‍යවරු ඇතුළු වෘත්තිකයින්ට වෙන් කරලා තියෙනවා.
ඒකට අනුව ළමයෙක් පාසලකට දාගන්න ඉන්න ඕනෑම වෛද්‍යවරයෙක්ට තමන් කැමති පාසල් වලට අයදුම් කරන්න පුළුවන්. එත් ඒ ඉල්ලන ඒවගෙන් කාටද දෙන්නේ මොකක්ද දෙන්නේ කියල තීරණය කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙන්.
අනිත් එක, තාත්ත හරි අම්මා හරි ඒ ඒ ඉස්කෝල වල ආදී ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් නම් හොරණ ඉඳන් හෝමාගමටහරි කොහේටහරි මාරුවක් ලැබුනම තමන්ගෙ දරුවට තමන් ගියපු ඉස්කෝලේ ඉල්ලන එකේ මොකක්ද තියෙන වරද? (ලංකාවේ ඉන්න ගොඩක්ම වෛද්‍යවරු බිහිවෙලා තියෙන්නේ ඔය ඉස්කෝල වලින් නිසා වැඩි දෙනෙක් ඒවම ඉල්ලන එකේ පුදුමයක් නැ)
ඒ වගේ ඉල්ලන අයගෙන් සම්මත ක්‍රමවේදයක් අනුව වැඩිම ලකුණු ගන්න අයගෙන් යම් පිරිසකට පමණක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලන පාසල් හම්බ වෙනවා. එතනදී වෛද්‍යවරයෙක් වීමෙන් ස්ථාන මාරුවකට ලක්වීම කියන්නේ ලකුණු දෙන එක පදනමක් විතරයි. අනිත් ඒවා හැමෝටම වගේ තමයි.
එතකොට Royal, ආනන්ද, නාලන්ද, විසාඛා වගේ ජනප්‍රිය පාසල් හම්බුවෙන්න නම් ආදී ශිෂ්‍ය, පාසලට ඇති දුර වගේ අනිත් ඒවගෙනුත් හොදට ලකුණු තියෙන්න ඕන. එහෙම නැතුව වෛද්‍යවරයෙක් උනා කියලවත් ස්ථාන මාරු උනා කියලවත් ඉල්ලපු පලියට ඉල්ලපු එකම හම්බ වෙන්නෙ නැ.
මෙතන වෙලා තියෙන්නේ අධ්‍යාපන ඇමති පනතේ කලින් තිබුන අවුරුදු 4 පදිංචිය 5 කියල සලකල කාටවත් ඉස්කෝල දීල නැති එක.
GMOA එක කියන්නේ වෘත්තීය සමිතියක්. එයාලගේ වගකීම තමයි සාමාජිකයන්ගේ ඉල්ලීම් අධ්‍යාපන අමාත්‍යංශයට යොමුකරන එක සහ එහිදී යම් අසාධාරණයක් වෙලා තියෙනවනම් ඒ වෙනුවෙන් පෙනී සිටින එක. ඒක නිසා මම නම් හිතන්නේ GMOA එක වෘත්තීය සමිතියක වගකීම ඉටු කරනවා.

ඔය ප්‍රශ්ණෙ මාරුවීම් ලබන සියළුම රාජ්‍ය සේවකයන්ට පොදුයි.
නමුත් GMOA කියන්නෙ වෘත්තීය සමිතියක්. ඒගොල්ලො පෙනී සිටින්නෙ තමන්ගෙ සාමාජිකයන් ගැන විතරයි.
රජයේ අවශ්‍යතාවට අනුව මාරුවීම් ලබන අනිත් වෘත්තිකයිනුත් මීට සමාන ඉල්ලීමක් ඉදිරිපත් කරොත් වැරැද්දක් නෑ



poll eka enna one hari widiya kiyanna
I will edit
මේකෙ කියන්නෙ අවුරුදු 5 තියෙන්න ඕන කියල නේද?ඉතින් සහෝ ඔය වගන්තිය දැනට තියන චක්‍රලෙඛයේ තියනවනෙ
මාරුවීමක් ලැබුනොත් මාරුවීම ලැබුන පලාතෙ තියන පාසලට ඉල්ලීමක් කරන්න පුලුවන්
අර කිව්ව වගේ හොරණ ඉඳන් හෝමාගමට මාරුවක් ලැබුනම හෝමාගම පාසැලක් ලබා ගන්න පුලුවන්, නැතුව කොළඹ රාජකීය නෙවෙයි
ස්ථාන මාරුවීම් ලබන රජයේ නිල්ධාරීන්ගේ දරුවන්ට පාසල් ලබාදීම සඳහා මෙවර චක්‍රලේඛයේ ඇති වගන්ති
![]()
මේකෙ කියන්නෙ අවුරුදු 5 තියෙන්න ඕන කියල නේද?
මේ වෙනකන් විනිසුරු වරුන්ට, විශ්වවිද්‍යාල ආචාර්‍ය වරුන්ට සහ දොස්තරලට "ජනප්‍රිය" පාසල් ලබාදීමේදී ස්ථාන මාරුව සලකා විශේෂ සැලකිල්ලක් දීල තියෙනව. ඒත් මේ අවුරුද්දේ එක පාරට දොස්තරලට විතරක් ඒක නවත්තපු එක තමයි මේ ප්‍රශ්ණෙට මුල.
මුන් මේ අළුතෙන් මොකුත් ඉල්ලනව නෙමෙයි තිබ්බ එකක් නවත්තපු එකට විරුද්ධවයි කෑ ගහන්නෙ.
මේ ගැටළුව වඩාත්ම බලපාන්නෙ ප්‍රධාන නගර වලින් පිටට ට්‍රාස්ෆර් වෙන අයට.



යන්නෙ කොහෙද මල්ලෙ පොල් නැතුව උඹ කියපන්කො මම අහල තියන දේට උත්තරයක්
මමත් වෘත්තිකයෙක් (Professional Manager) තමයි
මම මගේ දරුවව මම ගියපු ලංකාවෙ හොඳම පාසලකට දා ගත්ත Old Boys Basis
මම කාටවත් කඩේ යන්නෙ නෑ
කාලයක් තිස්සෙ උඹලගෙ විගඩම් දිහා බලාගෙන හිටපු මධ්‍යස්ථ මතධාරියෙක්
බලාගෙන ඉඳල බැරිම තැන තමයි ඉවසුව ඇති කියල හිතුවෙ


