දොස්තර අත්අඩංගුවට
රෝගීන්ගේ පරීක්ෂාවන් සිදුකරන පෞද්ගලික රසායනාගාරවලට රෝගීන් යැවීමට විශාල මුදල් අල්ලස් ලබාගත් බව කියන කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු අද (03) අල්ලස් හා දූෂණ කොමිසමේ නිළධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බැලුම්ගල කණ්ඩායමට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම කළ වැටලීමක දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය මූලික රෝහලට අනුයුක්තව සේවය කරන කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්වයි.
මාසිකව විශාල වශයෙන් රසායනාගාර රැසකින් මුදල් ලබාගෙන ඇති අදාළ වෛද්‍යවරයා යම් හෙයකින් මුදල් ගෙවීමට රසායනාගාර හිමිකරුවන් අපොහොසත් වූ අවස්ථාවන්හිදී එම රසායනාගාරවල වාර්තා සදොස් බව රෝගීන්ට පවසමින් වෙනත් රසායනාගාරයකින් නැවත වාර්තා රැගෙන එන ලෙසට දන්වන බව පැමිණිලි ලැබී තිබුණා.
එවැනි කටයුතු නිසා දෙවරක් මුදල් ගෙවීමට සිදුව ඇතැයි රෝගීහුද චෝදනා කර තිබූණා.
ඒ පිළිබඳව විමසීමේදීද වෛද්‍යවරයාට මුදල් නොගෙවූ රසායනාගාරවල වාර්තා ප්‍රතික්ෂේප කර ඇති බව හෙළිව තිබෙනවා. වෛද්‍යවරයා නාරම්මල පොලිසියට රැගෙනගොස් ප්‍රකාශ සටහන්කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතිබව පොලිස් ආරංචිමාර්ග සඳහන් කළා.
Source :- NethNews
http://nethnews.lk/article/43299