දොස්‌තර මාමා දන්න හැටියට හැම ඉස්‌පිරිතාලෙක ම මාසෙකට දෙතුන් දොහක් "පාටි" තියෙනවා. ඉස්‌පිරිතාලෙ කිව්වට මේ ගොඩක් පාටි තියෙන්නේ ඉස්‌පිරිතාලෙ ම නෙමෙයි. ඉස්‌පිරිතාලේ කිට්‌ටුව තියෙන හෝටලේක, තානායමක වගේ තැනක. මේ පාටිවලට නිමිත්ත ගොඩක් වෙලාවට අලූත් දොස්‌තර මහත්තයෙක් නැතිනම් කිහිප දෙනෙක් රෝහලේ වැඩට එන එක. නැත්නම් දොස්‌තර මහත්තයෙක් මාරුවීමක් අරගෙන යන එක.
දොස්‌තර මාම හොඳට දන්නව ඉතින් මේ පාටිවල හැටි. මේවැයි රසමසවුළු පිරිල. ඒ විතරක් නම් බැරි යෑ. ඉස්‌තරම් ම වර්ගයේ අරක්‌කු, විස්‌කි, බ්‍රැන්ඩි, බීර වර්ගවලින් අඩුවක් නෑ. ගොඩක් වෙලාවට මේ සැර බීමට අනුග්‍රහය දක්‌වන්නේ ඖෂධ වෙළෙඳ සමාගම්. තම තමන් ගේ බෙහෙත් වර්ග දොස්‌තරවරු ලවා ලියවගන්න ඖෂධ සමාගම් නියෝජිතයන් බොහොම ලොකු උත්සාහයක් දරනවා. මේ වගේ පාටි කියන්නේ වෙළෙඳ නියෝජිතයන්ට හොඳ අවස්‌ථාවක්. හොඳ වර්ගයේ සැර බීම බෝතල් හත අටකට අනුග්‍රහය දැක්‌වුවම දොස්‌තර මහත්වරු අත දිග ඇරලා තමන් ගේ බෙහෙත ලියන බව මේ උදවිය දන්නවා.
දොස්‌තර මහත්වරුත් ඉතින් මේ පාටිවලට ඇවිත් නිකන් ඉන්නේ නෑ. ගොඩක් උදවිය "ෆ්ලැට්" වෙන්නම බොනවා. දොස්‌තර මාම මේ ගැන බොහොම කාලෙක ඉඳන් හොඳ අවධානෙන් ඉන්නේ. කාට වත් නො කියා දොස්‌තර මාම දොස්‌තරවරුන් ගේ මධුපානය ගැන පොඩි හෙවිල්ලක් බැලිල්ලක් කළා. අන්තිමට දොස්‌තර මාම හොයා ගත්ත ඉස්‌පිරිතාලවල වැඩ කරන දොස්‌තර මහත්තුරු හැම දහ දෙනෙක් ගෙන් ම හයක් එහෙම නැතිනම් හතක් මාසෙකට දවස් පහකට වඩා සැර බීම පානය කරන වග. මේ හොයාගැනිල්ල ළඟ දි ම ප්‍රසිද්ධියට පත් කරන්න දොස්‌තර මාමා කටයුතු යොදාගෙන යන වගත් ආරංචියි.
ළඟ දි දවසක දොස්‌තර මාම තමන් ගේ හිතමිත්‍ර තවත් දොස්‌තර මහත්තයෙක් එක්‌ක මේ කාරණේ ගැන පොඩි වාදයක්. දොස්‌තරල ගෙ බීම දොස්‌තර මාම බොහොම දැඩි විදිහට විවේචනය කරනවා. අහගෙන හිටපු යාළුවා බොහොම අපූරු කතාවක් කිව්වා.
"මචං ඔය අගුණයි කියන්නේ හෙවි ඩි්‍රන්කින්. ඒ වුණාට අපි එහෙම ගහන්නේ නෑ නෙ. වැඩි ම වුණොත් සතියකට දවසයි, නැත්නම් දෙකයි. ඒක ශරීරෙටත් ගුණයි. මොඩරේට් ඩි්‍රන්කින් ඇඟට හොඳයි කියල රිසර්ච් එකකින් පෙන්නලත් තියෙනව නෙ"
මේ කතාවට දොස්‌තර මාමට අසූ හාර දාහට කේන්ති ගියා. "මගුල තමයි. කෙහෙල්මල් රිසර්ච්. ඔය වගේ රිසර්ච් සුද්දෝ කරලා ඔය ප්‍රතිඵල පෙන්වන්නේ අපේ වගේ රටවල ඉන්න උඹ වගේ මැටි හරක් රවට්‌ටන්න. සුද්දෝ කොහොමත් බීල නහිනව. උන්ට ඕන අනික් එවුන් වත් ඒ ගොඩට දාගන්න. ඉංගිරිසිකාරයො අපේ මිනිස්‌සුන්ට නිකන් බොන්න දීල තමයි මුලින් මුලින් පුරුදු කළේ. දැන් උන් ගේ මුණුපුරාලා රිසර්ච් කරල හොයාගත්ත කියල බීම හොඳයි කියනවා. අපේ දොස්‌තරල මෙච්චර බොන්නේ එහෙනම් ඇඟට ගුණ වෙන්න ඇති. එංගලන්තයේ හරි ඇමෙරිකාවේ සුද්දෙක් කිව්වොත් වතුර වෙනුවට බීර හොඳයි කියලා ඒවත් උඹලට ඇත්ත. උන් මේ වගේ රිසර්ච් කරල බොරු කියන්නේ උන්ට කඩේ යන අපේ රටවල්වල ඉන්න උගතුන්ට පොවන්න. ඒවට උඹල රැවටෙනවා"
දොස්‌තර මාම යාළුවා ගේ කට වැහෙන්න ම කිව්වා.
"මේ, මේ, උඹේ බයිලවලින් වැඩක් නෑ අපේ වීඕජී මාරු වෙලා යනවට අද පොඩි පාටියක් තියෙනවා ගෙස්‌ට් එකේ. උඹ එනව ද? බොන්නේ නැති වුණාට ආවොත් උඹටත් හොඳට කන්න පුළුවන්. යමු, යමු".
දොස්‌තර මාම ගේ යළුව ගේ මේ යෝජනාවෙන් පස්‌සේ දොස්‌තර මාම ගෙ කටින් පිට වුණු වචන ටික විදුසර පත්තරේ දාන්ඩ හොඳ ඒව නෙවෙයි. ඒ කොහොම වෙතත් දොස්‌තර මාම ගෙන් බැණුම් අහගෙන හිතත් නරක් කරගෙන පාටියට පිටත් වෙලා ගිය යාළුවා දිහා බලාගෙන හිටපු දොස්‌තර මාමට මෙහෙම හිතුණා.
අනේ අනිච්චං.... මුං කොහොම ද අනිත් මිනිස්‌සුන්ට කියන්නේ බොන්න එපා කියලා...
උපුටා ගැනීම :- විදුසර විද්‍යා සගරාව
ලැබෙන අදහස් මත ඉතුරු ඒවා පළ කිරීම සලකා බලමි..

wairekata liyapu ekakuth nemei.. saukya gana minissu danuwath karannai oka liyanne..