දොස්‌තර මාමා....

shenat

Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    දොස්‌තර මාමා දන්න හැටියට හැම ඉස්‌පිරිතාලෙක ම මාසෙකට දෙතුන් දොහක්‌ "පාටි" තියෙනවා. ඉස්‌පිරිතාලෙ කිව්වට මේ ගොඩක්‌ පාටි තියෙන්නේ ඉස්‌පිරිතාලෙ ම නෙමෙයි. ඉස්‌පිරිතාලේ කිට්‌ටුව තියෙන හෝටලේක, තානායමක වගේ තැනක. මේ පාටිවලට නිමිත්ත ගොඩක්‌ වෙලාවට අලූත් දොස්‌තර මහත්තයෙක්‌ නැතිනම් කිහිප දෙනෙක්‌ රෝහලේ වැඩට එන එක. නැත්නම් දොස්‌තර මහත්තයෙක්‌ මාරුවීමක්‌ අරගෙන යන එක.

    දොස්‌තර මාම හොඳට දන්නව ඉතින් මේ පාටිවල හැටි. මේවැයි රසමසවුළු පිරිල. ඒ විතරක්‌ නම් බැරි යෑ. ඉස්‌තරම් ම වර්ගයේ අරක්‌කු, විස්‌කි, බ්‍රැන්ඩි, බීර වර්ගවලින් අඩුවක්‌ නෑ. ගොඩක්‌ වෙලාවට මේ සැර බීමට අනුග්‍රහය දක්‌වන්නේ ඖෂධ වෙළෙඳ සමාගම්. තම තමන් ගේ බෙහෙත් වර්ග දොස්‌තරවරු ලවා ලියවගන්න ඖෂධ සමාගම් නියෝජිතයන් බොහොම ලොකු උත්සාහයක්‌ දරනවා. මේ වගේ පාටි කියන්නේ වෙළෙඳ නියෝජිතයන්ට හොඳ අවස්‌ථාවක්‌. හොඳ වර්ගයේ සැර බීම බෝතල් හත අටකට අනුග්‍රහය දැක්‌වුවම දොස්‌තර මහත්වරු අත දිග ඇරලා තමන් ගේ බෙහෙත ලියන බව මේ උදවිය දන්නවා.

    දොස්‌තර මහත්වරුත් ඉතින් මේ පාටිවලට ඇවිත් නිකන් ඉන්නේ නෑ. ගොඩක්‌ උදවිය "ෆ්ලැට්‌" වෙන්නම බොනවා. දොස්‌තර මාම මේ ගැන බොහොම කාලෙක ඉඳන් හොඳ අවධානෙන් ඉන්නේ. කාට වත් නො කියා දොස්‌තර මාම දොස්‌තරවරුන් ගේ මධුපානය ගැන පොඩි හෙවිල්ලක්‌ බැලිල්ලක්‌ කළා. අන්තිමට දොස්‌තර මාම හොයා ගත්ත ඉස්‌පිරිතාලවල වැඩ කරන දොස්‌තර මහත්තුරු හැම දහ දෙනෙක්‌ ගෙන් ම හයක්‌ එහෙම නැතිනම් හතක්‌ මාසෙකට දවස්‌ පහකට වඩා සැර බීම පානය කරන වග. මේ හොයාගැනිල්ල ළඟ දි ම ප්‍රසිද්ධියට පත් කරන්න දොස්‌තර මාමා කටයුතු යොදාගෙන යන වගත් ආරංචියි.

    ළඟ දි දවසක දොස්‌තර මාම තමන් ගේ හිතමිත්‍ර තවත් දොස්‌තර මහත්තයෙක්‌ එක්‌ක මේ කාරණේ ගැන පොඩි වාදයක්‌. දොස්‌තරල ගෙ බීම දොස්‌තර මාම බොහොම දැඩි විදිහට විවේචනය කරනවා. අහගෙන හිටපු යාළුවා බොහොම අපූරු කතාවක්‌ කිව්වා.

    "මචං ඔය අගුණයි කියන්නේ හෙවි ඩි්‍රන්කින්. ඒ වුණාට අපි එහෙම ගහන්නේ නෑ නෙ. වැඩි ම වුණොත් සතියකට දවසයි, නැත්නම් දෙකයි. ඒක ශරීරෙටත් ගුණයි. මොඩරේට්‌ ඩි්‍රන්කින් ඇඟට හොඳයි කියල රිසර්ච් එකකින් පෙන්නලත් තියෙනව නෙ"

    මේ කතාවට දොස්‌තර මාමට අසූ හාර දාහට කේන්ති ගියා. "මගුල තමයි. කෙහෙල්මල් රිසර්ච්. ඔය වගේ රිසර්ච් සුද්දෝ කරලා ඔය ප්‍රතිඵල පෙන්වන්නේ අපේ වගේ රටවල ඉන්න උඹ වගේ මැටි හරක්‌ රවට්‌ටන්න. සුද්දෝ කොහොමත් බීල නහිනව. උන්ට ඕන අනික්‌ එවුන් වත් ඒ ගොඩට දාගන්න. ඉංගිරිසිකාරයො අපේ මිනිස්‌සුන්ට නිකන් බොන්න දීල තමයි මුලින් මුලින් පුරුදු කළේ. දැන් උන් ගේ මුණුපුරාලා රිසර්ච් කරල හොයාගත්ත කියල බීම හොඳයි කියනවා. අපේ දොස්‌තරල මෙච්චර බොන්නේ එහෙනම් ඇඟට ගුණ වෙන්න ඇති. එංගලන්තයේ හරි ඇමෙරිකාවේ සුද්දෙක්‌ කිව්වොත් වතුර වෙනුවට බීර හොඳයි කියලා ඒවත් උඹලට ඇත්ත. උන් මේ වගේ රිසර්ච් කරල බොරු කියන්නේ උන්ට කඩේ යන අපේ රටවල්වල ඉන්න උගතුන්ට පොවන්න. ඒවට උඹල රැවටෙනවා"

    දොස්‌තර මාම යාළුවා ගේ කට වැහෙන්න ම කිව්වා.

    "මේ, මේ, උඹේ බයිලවලින් වැඩක්‌ නෑ අපේ වීඕජී මාරු වෙලා යනවට අද පොඩි පාටියක්‌ තියෙනවා ගෙස්‌ට්‌ එකේ. උඹ එනව ද? බොන්නේ නැති වුණාට ආවොත් උඹටත් හොඳට කන්න පුළුවන්. යමු, යමු".

    දොස්‌තර මාම ගේ යළුව ගේ මේ යෝජනාවෙන් පස්‌සේ දොස්‌තර මාම ගෙ කටින් පිට වුණු වචන ටික විදුසර පත්තරේ දාන්ඩ හොඳ ඒව නෙවෙයි. ඒ කොහොම වෙතත් දොස්‌තර මාම ගෙන් බැණුම් අහගෙන හිතත් නරක්‌ කරගෙන පාටියට පිටත් වෙලා ගිය යාළුවා දිහා බලාගෙන හිටපු දොස්‌තර මාමට මෙහෙම හිතුණා.

    අනේ අනිච්චං.... මුං කොහොම ද අනිත් මිනිස්‌සුන්ට කියන්නේ බොන්න එපා කියලා...


    උපුටා ගැනීම :- විදුසර විද්‍යා සගරාව


    ලැබෙන අදහස් මත ඉතුරු ඒවා පළ කිරීම සලකා බලමි..:)
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    sirawata
    tamange warada hadaganne natuwa anith unta bonna epa kyanna nam doctorsla mara dakshai
     

    ~stealth~

    Member
    May 23, 2009
    247
    2
    0
    ~invisible~
    දොස්තරලා කියන්නෙත් මෙ ලෝකේ අනෙකුත් මිනිස්සු වගෙම කන බොන ජීවත් වෙන මිනිස්සු කොට්ටාශයක්.....
    උන් කන්නෙ ඉටිපන්දම් හදුන්කූරු නෙමේ..........
    මේ කතාව පැහැදිලිවම ඉරිසියාව පදනම් කරගෙන ලියපු එකක්......
    තමන්ට හිමි නිවාඩුවක් වත් නොගෙන, දවසේ පැය විසිහතරෙම සේවයට කැපවුන වෙනත් එක සේවාවක් හරි තියෙනවද?.....
    දොස්තරලටත් සියලුම අයිතීන් තියෙනවා සමාජයේ අනෙකුත් අයට වගේ තමන් කැමති විදියට ජීවත් වෙන්න....
    ඒකට දොස් කියන්න එපා සහෝදරයා......

     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    :yes::yes::D:D
    thamange kamaththen beela ithin ona deyak karagaththawe...

    eetath wada deyak thiyenawa.. bahujathika samagam wala salli walin beela unge wadi milata thiyena beheth duppath minissunta liyanawa... :angry::angry:
    apo munta kisi manusakamak / lajjawak nathi hati.. :baffled::baffled::dull:

    mun rminissunge badu mudal walin labena salli walin igena gena padiyakut aran private practice walinut tawa ganak hoyagena leddunta wadi milata behethut liyala denawa:angry::angry:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    දොස්තරලා කියන්නෙත් මෙ ලෝකේ අනෙකුත් මිනිස්සු වගෙම කන බොන ජීවත් වෙන මිනිස්සු කොට්ටාශයක්.....
    උන් කන්නෙ ඉටිපන්දම් හදුන්කූරු නෙමේ..........
    මේ කතාව පැහැදිලිවම ඉරිසියාව පදනම් කරගෙන ලියපු එකක්......
    තමන්ට හිමි නිවාඩුවක් වත් නොගෙන, දවසේ පැය විසිහතරෙම සේවයට කැපවුන වෙනත් එක සේවාවක් හරි තියෙනවද?.....
    දොස්තරලටත් සියලුම අයිතීන් තියෙනවා සමාජයේ අනෙකුත් අයට වගේ තමන් කැමති විදියට ජීවත් වෙන්න....
    ඒකට දොස් කියන්න එපා සහෝදරයා......


    mama danna widiyata nam 24 h sewawata kapauna wena ewa thiyenawa.. :rolleyes::rolleyes:
    policiya , thriwida hamudawa oida wada amaruwen inna aya.. :oo:

    meke waradiy kiyala kiyanne ai...
    mokakda waradda.. :nerd::nerd: waradda thiyena thana pennala denna... ethakota mama uththara dennam.. :yes::yes::oo:


    anika meka mama liyapu ekak nemei.. :no: wairekata liyapu ekakuth nemei.. saukya gana minissu danuwath karannai oka liyanne.. :oo:
    meke thiyena kathawa nam kisima waraddak mata penne na..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    mama danna widiyata nam 24 h sewawata kapauna wena ewa thiyenawa.. :rolleyes::rolleyes:
    policiya , thriwida hamudawa oida wada amaruwen inna aya.. :oo:

    meke waradiy kiyala kiyanne ai...
    mokakda waradda.. :nerd::nerd: waradda thiyena thana pennala denna... ethakota mama uththara dennam.. :yes::yes::oo:


    anika meka mama liyapu ekak nemei.. :no: wairekata liyapu ekakuth nemei.. saukya gana minissu danuwath karannai oka liyanne.. :oo:
    meke thiyena kathawa nam kisima waraddak mata penne na..

    :rolleyes::rolleyes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රතිජීවක ඖෂධ

    දොස්‌තර මාම වැඩ කරන ඉස්‌පිරිතාලෙට එන්නෙ බොහොම අහිංසක දුප්පත් මිනිස්‌සු. ඒ වුණාට මොකද ඒ මිනිස්‌සු බොහොම අභිමානවත්. අවුරුදු සිය දහස්‌ ගාණක්‌ තිස්‌සේ අපේ රටට තර්ජන එල්ල වුණු වෙලාවලදි ඒ මිනිස්‌සු තමන් ගේ ජීවිතේ දෙවැනියට තියල රට ජාතිය

    රැකගත්ත ය කියල ඉතිහාසෙ ලියෑවිල තියෙනවා.

    මේ පාර වුණත් එහෙම තමයි. මාවිල්ආරුවෙ ඉඳන් පුදුමාතලන් වෙනකල් යන ගමනෙ දි මේ ගම් පළාත්වල තරුණයන් සෑහෙන පිරිසක්‌ තමන් ගෙ ජීවිත, ඇස්‌, ඉස්‌, මස්‌, ලේ දන් දුන්න. මේ නිසා දොස්‌තර මාම මේ මිනිස්‌සුනට හරි ආදරෙයි, ලෙන්ගතුයි.

    ටික දවසක ඉඳන් දොස්‌තර මාම වැඩ කරන්නේ ශල්‍ය වෛද්‍ය වාට්‌ටුවෙ. කපන කොටන වැඩ කරන්නෙ ඒ වාට්‌ටුවෙ තමා. සමහර දවස්‌වල උදේ ඉඳන් රෑ වෙනකල් දොස්‌තර මාම ඔපරේෂන් කාමරේ.

    සාමාන්‍යයෙන් ඉතින් පොඩි ඔපරේෂන් එකක්‌ කළත් ලෙඩා ගෙදර යන කොට ප්‍රතිජීවක ඖෂධ දවස්‌ 4-5කට දෙන එක දැන් පුරුද්දක්‌ වෙලා. සර්ජන් මහත්තයා එහෙම නැතිනම් ඔපරේෂන් වාට්‌ටුවේ ලොකු දොස්‌තර මහත්තයා අනුව තමයි මේ ප්‍රතිජීවක ඖෂධ වර්ගය තීරණය වෙන්නෙ. ගොඩක්‌ වෙලාවට ඔපරේෂන් එකකින් පස්‌සෙ ප්‍රතිජීවක ඖෂධ දෙන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ තුවාලෙ ආසාදනය වෙන එක නැතිනම් පැහැවන එක වළක්‌වා ගැනීම.

    වෙන විශේෂ හේතුවක්‌ නැතිනම් ඉතින් ඔපරේෂන් එකකින් පස්‌සේ තුවාලයක්‌ පැහැවන්නේ කලාතුරකින්. හැබැයි ඉතින් තුවාලෙ පිරිසිදුව තියාගන්න ඕන. කොහොම නමුත් තුවාලෙ පැහැවන්නෙ කාගෙ ද, නැත්තේ කාගෙ ද කියල දැනගන්න ක්‍රමයක්‌ නැති නිසා හැමෝට ම ප්‍රතිජීවක ඖෂධ දෙනවා. එහෙම නැති තැනුත් ඇති. හැබැයි දොස්‌තර මාම වැඩ කරන වාට්‌ටුවෙ ලොකු මහත්තයා නම් ඔපරේෂන් කරපු හැම ලෙඩෙක්‌ට ම ප්‍රතිජීවක ඖෂධ නැතිනම් ඔය ගොඩක්‌ අය දැන් මෝස්‌තරේට වගේ කියන "ඇන්ටිබයොටික්‌" දීල අරිනවා.

    දොස්‌තර මාම නම් මේකට එච්චර කැමැති නෑ. ඒ වුණාට ඉතින් කරන්න දේකුත් නෑ. මොකද අපේ රටේ ඉස්‌පිරිතාලවල ලොකු දොස්‌තර මහත්වරු වැඩ කරන්නෙ බොහොම බලයක්‌ අතට අරන්. තමන් ගෙ තීරණ වෙන කවුරු හරි ප්‍රශ්න කරනවට, අභියෝග කරනවට මේ අය කැමැති නෑ. සුද්ද ගෙ වෙදකම මෙහෙ ප්‍රැක්‌ටිස්‌ කළාට මොකද සමහර දොස්‌තර මහත්තුරු වැඩ කරන්නෙ වෙදකම තමන් හැදුව එකක්‌ වගේ. කිව්වට මොකද දොස්‌තර මාම ගෙ ලොකු දොස්‌තර මහත්තයත් ටිකක්‌ ඒ වගේ. තමන් කියන කරන කිසි ම දෙයක්‌ වෙන කෙනෙක්‌ නිකන් වත් ප්‍රශ්න කරනවට කැමැත්තක්‌ නෑ. සර්වබලධාරී කියල හිතාගෙන තමයි වැඩ.

    කොහොම වෙතත් දොස්‌තර මාමත් තමන් ගෙ ආපු වැඩේ කරගන්නත් ඕන නිසා අමාරුවෙන් ඉවසාගෙන හිටිය.

    හැබැයි මේ ළඟ දී දොස්‌තර මාම ගෙ ඉවසීමෙ කට්‌ට පැන්නා.

    ඔන්න මේ පාරත් ඈත පිටිසර කඳුකර ගම්මානයක ගොවි මහත්තයෙක්‌ තමන් ගේ පස්‌ස පැත්තෙ ආපු විසර ගෙඩියක්‌ අයින් කරගන්න කියල ඇවිත්. දොස්‌තර මාමත් මේ අහිංසක මනුස්‌සයට බොහොම ඉහළින් ම ගරු සරු ඇතිව සලකල පරක්‌කු නො කර ම වැඩේ කරල දුන්න. දොස්‌තර මාම ඔපරේෂන් කාමරේ දී මේ ගොවි මහත්තයත් එක්‌ක බර කතාව. උන්නැහෙ හෙල්මළු ක්‍රමයට වී ගොවිතැන් කරන කෙනෙක්‌. අන්තිමට කොහොම හරි ගොවි මහත්තය ඔපරේෂන් කාමරෙන් යන කොට දොස්‌තර මාම හෙල්මළු ක්‍රමේ ගැන සෑහෙන දෙයක්‌ දැනගෙන.

    පස්‌සෙන්දා උදේ ලොකු මහත්තයා ලෙඩ්ඩු බලන වෙලාව. අර කියපු ගොවි මහත්තයත් ගෙදර යවන්න තමයි ලෑස්‌තිය. ඊට ඉස්‌සර වෙලා මේ මනුස්‌සයට ලොකු දොස්‌තර මහත්තයා බෙහෙත් නියම කරනවා. කිරි අප්පට බල්ලො පැනපි.....

    ඉස්‌පිරිතාලෙ ඕ.පී.ඩී. එකෙන් බෙහෙත් දෙන්න පුළුවන්කම තියෙද්දි, ඉස්‌පිරිතාලෙ නැති කරලක්‌ රුපියල් සීයක්‌ විතර වෙන ප්‍රතිජීවක ඖෂධයක්‌ දවසකට තුන් පාරක්‌ ගානේ සතියක්‌ ගන්න කියල ලොකු දොස්‌තර මහත්තයා අර අහිංසකයට කියාපි.

    දොස්‌තර මාම ගෙ ඇඟ හිරිවැටිල ගියා. අර දුප්පත් මනුස්‌සයා කොහොම ද ඒව ගන්නේ කියල. ඒක නිසා දොස්‌තර මාම තමන් ගෙ ලොකු මහත්තයට බොහොම ගරු සරු ඇතිව කිව්ව අපි මේ ලෙඩාට ඉස්‌පිරිතාලෙ තියෙන ඒ වර්ගයේ ම ආණ්‌ඩුවෙ බෙහත් ටිකක්‌ දෙමු කියල.

    මොන,... ලොකු දොස්‌තර මහත්තය ඒක ඇහුණ විතරයි පරල වුණා. දොස්‌තර මාමට බැණගෙන බැණගෙන ගියා.

    "මෙතන ක්‍රියාත්මක වෙන්න ඕන තමන්ට ඕන දේවල් බවත් ඒව කරන්න බැරි කෙනෙක්‌ ඉන්නව නම් යන්න පුළුවන් බවත් ලොකු දොස්‌තර මහත්තයා ගෝරනාඩු කළා.

    ඔන්න ඕකට තමයි දොස්‌තර මාම ගෙ ඉවසීමේ කට්‌ට පැන්නෙ. මේ පාර නම් දොස්‌තර මාමත් කට පියාගෙන හිටියෙ නෑ. දුර ඈත ගම්මානෙක ඉඳන් ආපු මේ මනුස්‌සයට ඉස්‌පිරිතාලෙන් බෙහෙත් දෙන්න පුළුවන්කම තියෙද්දිත් ඒ වර්ගයෙ ම වෙන සමාගමකින් නිපදවන මිල වැඩි බෙහෙතක්‌ ගන්න කියන එක කොහෙත් ම සාධාරණ නැති බවත්, මේ ගැන ඉහළ බලධාරීන්ට පැමිණිලි කරන බවත් දොස්‌තර මාම කිව්ව.

    ඒ පාර නම් ලොකු දොස්‌තර මහත්තය ගෙ සැර බැස්‌සා. ලොක්‌ක බය වුණා. අන්තිමට "හ්ම්" ඕන දෙයක්‌ කරගන්න" කියල අනිත් ලෙඩ්ඩු බලන්නෙත් නැතිව සර්ජන් මහත්තයා අතුරුදන් වුණා.

    දොස්‌තර මාම ගෙ දැනීමෙ හැටියට මේ මිල වැඩි බෙහෙත් අලෙවි කළා ම ලැබෙන ලාබයෙන් ලොකු කොටසක්‌ සර්ජන් මහත්තයටත් ලැබෙනවා. ඒකයි මේ බෙහෙත් ලියන්න මෙච්චර උනන්දුව.

    කොහොමටත් මේ සිද්ධියෙන් පස්‌සෙ දොස්‌තර මාමට සර්ජන් මහත්තය ගෙන් කැපිල්ල. කොහෙන් හරි දොස්‌තර මාම ගෙ වැරැද්දක්‌ හොයල හරි, මවල හරි බණින්න, එහෙම බැරිනම්, වචනයකින් හරි කැපිල්ලක්‌ දාන්න ලොකු මහත්තය ලොකු උත්සාහයක්‌ දරනවා.

    "අනේ අනිච්චං" මෙහෙමත් දොස්‌තරල. මේ බොසත් එක්‌ක නම් තවත් වැඩ කරන්න බෑ කියල දොස්‌තර මාම තීරණය කළා.