Hayles එකට වඩා හොද shares නම් තව ඔනි තරම් තියනව බන්.. වෙන එකක් ගනින් බන්..
na bn ganne neve ahuwe, munge horakama eli vunoth share eka vateida kiyala ahuwe...
DP mehema chora ekek kiyala nam hituwe na...



Hayles එකට වඩා හොද shares නම් තව ඔනි තරම් තියනව බන්.. වෙන එකක් ගනින් බන්..



Hayles එකට වඩා හොද shares නම් තව ඔනි තරම් තියනව බන්.. වෙන එකක් ගනින් බන්..
mchn ube oya danna news eka media valata release vena ekak nemeda ? ado ohoma baluwoth DP public companies valin kochchara horakam karala attda,,
lolc chairmantath naduwak tiyenawa ne....
vena rataka nam SEC eken munva me veddith hire dala, lankawe nisa DP ta mukut vena ekak na.... .![]()
ube market eke invest karanawada ? ape rate naya prashne nisa CSE eka thawa kadan vatei neda bn ?
ස්ටොක් මාකට් එකට හිකුවා මේ ආන්ඩුව. ගිය මාසේ CSE එකේ උන්ට පඩි ගෙව්වෙත් අමාරුවෙන්. කොලබින් පිට තියෙන බ්‍රාන්චස් වල මාකටින් බජට් එක අවුරුද්දටම ලක්ශ 2.5 ඒ කාලේ මිලියන 2 තිබ්බ ඒවා. මහින්දගේ කාලෙ සහ මේ කාලේ මාකට් ටර්නෝව එක පොඩ්ඩක් චෙක් කරලා බලපන්. යහපාලනේ ඔක්කොම බිස්නස් කාරායන්ට ඈරලා රවියාගෙයි රනිලාගෙයි යාලුවන්ට විතරක් බිස්නස් කරන්න දීලා තීන්නේ.
මමනම් කියන්නේ ස්ටොක් ට්‍රේඩින් කරන එක දෑනට නවත්තපන්. කවදාහරි හොද IPO එකක් ආවොත් ඔලුව පාවිච්චි කරලා ඉන්වෙස්ට් කරපන්. මේ ආන්ඩුව ඉන්නකන් හයි රිස්ක් හයි රිටර්න් වලට යන්න එපා.
රනිලය market එකටනම් ලස්සනට කෙලෙඋව මචන්.. හැබැයි ටික ටික shares collect කරනවනම් දැන් තමයි හොදම කාලෙ මචන්..
ඔව් බන් මම invest කරනව. Market එක දිහා බලන්න එපා බන්.. කcompany වල performance දිහා බලල shares ගන්න.. cse එක දැන් වැටෙන්නෙ නය ප්‍රශ්නෙ නිසා නෙවෙයි බන්.. t bill rates වැඩි කරන නිසා දැන් market එක වැටෙන්නේ බන්..
ස්ටොක් මාකට් එකට හිකුවා මේ ආන්ඩුව. ගිය මාසේ CSE එකේ උන්ට පඩි ගෙව්වෙත් අමාරුවෙන්. කොලබින් පිට තියෙන බ්‍රාන්චස් වල මාකටින් බජට් එක අවුරුද්දටම ලක්ශ 2.5 ඒ කාලේ මිලියන 2 තිබ්බ ඒවා. මහින්දගේ කාලෙ සහ මේ කාලේ මාකට් ටර්නෝව එක පොඩ්ඩක් චෙක් කරලා බලපන්. යහපාලනේ ඔක්කොම බිස්නස් කාරායන්ට ඈරලා රවියාගෙයි රනිලාගෙයි යාලුවන්ට විතරක් බිස්නස් කරන්න දීලා තීන්නේ.
මමනම් කියන්නේ ස්ටොක් ට්‍රේඩින් කරන එක දෑනට නවත්තපන්. කවදාහරි හොද IPO එකක් ආවොත් ඔලුව පාවිච්චි කරලා ඉන්වෙස්ට් කරපන්. මේ ආන්ඩුව ඉන්නකන් හයි රිස්ක් හයි රිටර්න් වලට යන්න එපා.
ow. public company ekakin horakam karala ahu unoth ona shareholder kenekuta puluwan gihin naduwak daanna. umbata unath puluwan.
hayleys equilibrium point ekakta ei. kohomath unge thibbe overrated stock ekak.



mchn hotel sector eka gana mokada hitanne ?
Tea industry eka nam kela vela tiyenne,godak estates padu pita duvanne nattam unge revenues adu vela....podi estates vikunanawa sahenna...
ube gava Rs . 1 billion tiyenawanam me velave mokada karanne kiyala vistara karala dapanko..

mchn real estate bubble ekak tiyenawa ne,therenne nadda eka? US vala vage bubble eka burst vunoth CSE eka vatenawa...etekota hoda eva patta aduvata ganna puluwan...
mokada hitanne ?
අපිත් එක්ක තරග කරන්න ආපු සමාගම් ඔක්කොම අපි මිලට ගත්තා
නිමල් පෙරේරා MD – Rocell/ Chairman - Pan Asia
Rocell – MD, Pan Asia – Chairman… මීට අමතරව ඔබව හැඳින්විය හැකි තවත් විධි තිබෙනවාද...
තනතුරු තානාන්තර පැත්තකට දාලා හිතුවොත් මං තවම ගමේකම හිතින් විඳින බොහොම සරල මනුස්සයෙක්. වාසනාව සහ කැපවීම නිසා උපයාගත් ධනය සහ වත්කම් තිබුණට, යම් සමාජ තලයක ජීවත් වුණාට මුල අමතක නැති මනුස්සයෙක්.
ඔබ ව්‍යාපාර, ජීවිතයම කරගත් කෙනෙක් ද...
පැය විසි හතරෙන් දහ අටක් ම මං බිස්නස් වැඩ කරනවා තමයි. නමුත් මට හොඳ පවුල් ජීවිතයක් තිබෙනවා. සතුටු වෙන්න වෙලාවත් තිබෙනවා.
ඔබට මේ සමාගමත් එක්ක තිබෙන්නෙ බැඳීමක් ද.... ගනුදෙනුවක් ද...
මම වැලිබල් සමාගම් සමූහයටම අයිති කෙනෙක්. මේ සමාගම් සියල්ල එක්ක මට තිබෙන්නෙ බැඳීමක්.. මොකද මේ සියලු සමාගම් අද මේ තිබෙන තැනට ගේන්න මමත් වැඩ කළා. කැප කිරීම් කළා. මේ සියලු සමාගම්වල හිමිකරු ධම්මික පෙරේරා මහත්මයා මා කෙරෙහි දැක්වූ විශ්වාසය සහ මට දුන් නිදහස නිසයි මට එහෙම කරන්න පුළුවන් වුණේ.
සමාගම් කීයක ඔබ සභාපති ධූර දරනවාද...
පෑන් ඒෂියා සහ රෝයල් සෙරමික්ස් හැරුණාම ලංකා ටයිල්, ලංකා වෝල්ටයිල්, ලංකා සෙරමික් සහ හොරණ ප්ලාන්ටේෂන් සමාගමේ සභාපතිවරයා. ඊට අමතරව නිල ලැයිස්තුගත සමාගම් පහළොවක අධ්යක්ෂවරයෙක්.
මේ සියලු සමාගම්වලට එක වගේ වැඩ කරන්න තනි කෙනෙකුට පුළුවන් ද...
මගේ මූලික අවධානය තිබෙන්නෙ බැංකුවට සහ ෙරාසෙල් සමාගමට. එයිනුත් ෙරාසෙල් සමාගම මං බාර ගන්නකොට මිලියන දෙතුන් සියයක් විතරයි ලාබ ලැබුවේ. අද වෙනකොට බිලියන හතරක පමණ ශුද්ධ ආදායමක් ලබනවා. මේ ප්රගතියෙන් ම, ඒ පුළුවන්කම පේනවනේ.
රස්සාව නිසා දිනා ගත්තු දේද වැඩි... නැති කරගත්තු දේද වැඩි...
දිනාගත් දේ අසීමිතයි. නැති කරගත්තෙ මගේ විවේකය සහ නිරෝගීකම විතරයි. ඒත් ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. මානසික ආතතියත් එක්ක එන ප්‍රෙෂර්, ඩයබිටීස් අද නැත්තෙ කාටද... මොන දේ මැද්දෙ වුණත් සතුටින් වැඩ කිරීමයි මගේ ක්‍රමය.
ඔබේ සාර්ථකත්වයට ගුරුහරුකම් දුන් ව්‍යාපාරික නායකයන් කවුද...
එහෙම Boss ලා මට ඉඳලා නැහැ. මම, මා විසින් ම ගොඩනැඟුණු චරිතයක්. නමුත් මේ තත්ත්වෙට එන්න උදව් කළ කෙනෙක් ඉන්නවා. ඒ මා මිත්‍ර ධම්මික පෙරේරා. මම නිසා ධම්මික හැදුණා. ධම්මික නිසා මමත් හැදුණා. ජීවිතයේ හරිම වෙලාවට මුණ ගැහුණු හරිම කෙනා තමයි ඔහු.
කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා, ඔෙබ් සහෝදරයෙක්ද...
කිසිම ඥාතිත්වයක් නැහැ. මං රඹුක්කන. ධම්මික පයාගල. මං එයාට වඩා අවුරුදු අටක් වැඩිමල්. එයා හොරණ තක්ෂිලාවේ. මං පින්නවල මහා විද්‍යාලයේ. හොඳින් පෑහෙන ව්‍යාපාරික සබඳතාවක් මිත්‍රත්වයක් සහ බැඳීමක් පමණයි අප අතරේ තිබෙන්නේ.
මොකක්ද ඔබේ Management style එක...
සත පණහක ප්‍රශ්නයක් වැඩ වර්ජනයක් දක්වා යන්න දෙන කෙනෙක් නෙවෙයි මම. මම හොරකම් කළොත් මට පහළ අයත් හොරකම් කරනවා. අවංකකම මට අංක එක. ඒ නිසා මං ළඟ තියෙන්නෙ සම්ප්‍රදායෙන් පිට ගිය බොහොම විවෘත ක්‍රමවේදයක්. අපේ කිසිදු සේවකයකුට මට ඍජුව කතා කරන්න බාධාවක් නැහැ. එක එක්කෙනා හරහා ආ යුතුත් නැහැ. හැම කෙනා ම ළඟ මගේ මොබයිල් අංකය තිබෙනවා. ඔවුන්ට පුළුවන් මට SMS කරන්න. සිංහලෙන් එවන SMS වලට මම උත්තර යවන්නෙත් සිංහලෙන්මයි.
මේ සාර්ථක සේවක කළමනාකරණ ක්‍රමවේදයක් කියලා ඔබ හිතනවාද?
Management කියන්නෙ චෙක් අත්සන් කරන එක... ශේෂ පත්‍රයක් බලන එක හෝ ගෙවීම් වවුචරයක් අනුමත කරන එක විතරක් නෙවෙයි. සේවක, කළමනාකරණයත් ඊට අයත්. මාත් එක්ක වැඩ කරන දහ දාහකට වැඩි සේවකයන් අතරේ වෘත්තීය සමිති ගැටලු පැන නැඟී නැහැ. හේතුව තමයි මම හැම විටම ඔවුන් සමඟ සිටින නායකයෙක් වීම. මේ ක්‍රමය මට සාර්ථකයි.
මේ ක්ෂේත්රයේ තරගකාරිත්වය ගැන ඔබ නිතර හිතනවාද...
ඔව්. හිතලා ඒ තරගකාරයාවත් අත්පත් කරගන්නවා. ලංකා ටයිල් සහ ලංකා වෝල්ටයිල් සමූහය තමයි අපේ ප්‍රධාන තරගකරුවන් වුණේ. අද ඒ සමාගම් සමූහයේත් සභාපති මම. දැන් ඉතින් තරගකරුවෙක් නැහැ.
ඔබ Business Field එකේ වැඩ කරුවෙක් කියලා හිතනවද...
සමාගම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් මං තබපු වාර්තාව අද වෙනකල් කවුරුවත් කඩලා නැහැ. මං තමයි ලංකාවේ, කොටස් වෙළෙඳපොළේ වැඩිම සමාගම් සමූහයක් අත්පත් කරගත් පුද්ගලයා. හේලිස් සමාගම අත්පත් කරගැනීම තමයි, ඒ අතරින් විශාලම ජයග්‍රහණය. ලංකාවේ නෙවෙයි ජාත්යන්තරයේවත් කිසි කෙනෙක් හිතුවෙ නැහැ හේලිස් සමාගම එහෙම අත්පත් කරගනියි කියලා. ඒ තරමට ඒ අධ්යක්ෂවරු බාධා පමුණුවලා තිබුණා. නමුත් මං මගේ සූර බුද්ධියෙන් ධම්මික පෙරේරා මහත්තයාට හේලීස් සමූහය අත්පත් කර දුන්නා.
ඔබ කොටස් වෙළෙඳපොළේ මාෆියාවක් හදලා... කවුරු හරි මෙහෙම කිවුවොත්...
කොටස් වෙළෙඳපොළේ මං අතිශය ජනප්‍රිය චරිතයක් වූ යුගයක් තිබුණා. හොඳ හැටි ආදායම් ඉපැයුවා. මේවා බලා ඉන්න බැරි අය මට ඔහොම කියලා තියෙනවා. ඕන දක්ෂයකුට මේ ක්ෂේත්රයේ ඉහළට යන්න පුළුවන්. අවශ්‍ය වෙන්නෙ සූර බුද්ධිය විතරයි. නමුත් මං දැන් කොටස් වෙළෙඳපොළෙන් සම්පූර්ණයෙන් ඈත් වෙලා.
සල්ලි ඇතියි කියලා හිතුණා ද...
එහෙම හිතන්න මං රහත් වෙලා නැහැ. සල්ලි වලට වඩා මං දැන්, හදාගත්තු නම ගැන හිතනවා. එක එක පරීක්ෂණවලට උත්තරදීලා මට දැන් ඇතිවෙලා.
කොළඹ හතේ සුපිරි ජීවිතයක් ගෙවන ඔබ, ගමක කෙනෙක් කියලා කවුරුවත් හිතන එකක් නැහැ...
මං කොළඹ හතේ ඉපදිලා කොළඹ හතේ ජීවත්වනවා නොවෙයි. පින්නවල - මට්ටප්පුලිය කියන ගමෙන් කොළඹට ආ කෙනෙක්. කොළඹට ආවෙත් ගමේ යාළුවෙකුගෙන් කලිසමයි ෂර්ට් එකයි ණයට ඉල්ලාගෙන. මං බඩගින්න හඳුනනවා. ජීවිතයේ විඩාව තෙහෙට්ටුව හඳුනනවා. මේවා මම ඕනෑ තරම් අත්විඳපු දේ.
අභියෝග එන තරමට ජීවිතේ පන්නරය ලබනවා. මේ කතාව ඔබේ ජීවිතය ඇසුරින් පහදන්න...
මං පෑන් ඒෂියා බැංකුවේ කළමනාකරුවෙක් විදියට වැඩ කරපු කාලෙ මාව රස්සාවට ගත්තු දයා මුතුකුමාරණ මහත්මයාම මාව රස්සාවෙන් අස්කළා. ඒ, කටකතාවක් විශ්වාස කරලා. මගේ දරුවො පුංචියි. හිටියෙ කුලී ගේක. රස්සාව විතරයි ආදායමකට තිබුණෙ. හැබැයි මං එළියට බැස්සෙ ආපහු එනවාමයි කියලා හිතාගෙන. මං ආපහු ආවා විතරක් නෙවෙයි දවසක ඒ බැංකුවෙම සභාපති වුණා. එහෙම වුණේ නිකම්ම නෙවෙයි, ඒ වෙලාවේ හිත රිදුණට මං ඒ රිදීමම අභියෝගයක් විදියට බාර ගත්තා. ඒ වෙනුවෙන් වැඩ කළා.
මොකක්ද ඔබේ පළමු රස්සාව...
ටියුඩර් වී. පෙරේරා වරලත් ගණකාධිකාරි ආයතනයේ, පුහුණුවන ගණකාධිකාරිවරයෙක්. අවුරුදු හතරක් මං වැඩ කරමින් වරලත් ගණකාධිකාරිකරණය ඉගෙන ගත්තා. මං ඒක ඉවර කළේ නැහැ. මොකද ඒ කාලෙම මං මොරටුව - පාණදුර - කළුතර ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙක්. ඉගැන්නුවේ ආර්ථික විද්‍යාව සහ ගණකාධිකරණය. මට හොඳට සල්ලි ආවා. ඇක්සිඩන්ට් එකක් වෙලා ඇඳට වැටුණම ටියුෂන් නැති වුණා.
එතකොට ජීවිතේ ආපහු පටන් ගත්තෙ...
බාටලීට් සමාගමේ Accounts Assistant කෙනෙක් හැටියට. ඊළඟට මහරාජා ඉන්වෙස්ට්මන්ට් සමාගමේ. ඊටත් පස්සෙ ෂර්මන්ස් පුත්‍ර සමාගමේ. මං කොටස් වෙළෙඳපොළ ගැන ඉගෙන ගත්තෙ ෂර්මන්ස් එකේදී. ඒකෙ අධ්යක්ෂවරු දෙන්නෙක් නිතර කොටස් වෙළෙඳ පොළ ගැන බ්රෝකර්ස්ලා එක්ක කතා කළා. මං ඒවා අහගෙන හිටියා. ඒ අහගෙන ඉඳීමෙන් ම තමයි ටිකෙන් ටික ඉගෙන ගත්තෙ.
හිතන විදිය ටිකක් වෙනස් නිසා ඔබට ව්‍යාපාරික මිත්‍රයො ඉන්නවද කියලත් හිතෙනවා...
ධම්මික පෙරේරා හැරුණු කොට මං වඩාත් ප්‍රිය කරන ව්‍යාපාරිකයා තමයි Access ගොඩනැඟූ සුමල් පෙරේරා මහත්මයා. ඔහු සල්ලි හම්බ කළා වගේ ම සේවකයන්ටත් බෙදලා දුන්නා. පහළ මට්ටමේ පටන් හැම සේවකයකුටම මිලියනයේ සිට බිලියනය දක්වා හම්බ කරගන්න ඔහු කොටස් දුන්නා. ඒ ගුණය නිසා, මිත්රත්වයටත් එහා ගිය පහන් හැඟීමත් මට ඔහු ගැන තිබෙනවා.
හුඟක් සභාපතිවරු සේවකයකුගෙ මරණයකට - මඟුලකටවත් යන්නෙ නැහැ.... මේ කතාව ඔබටත් අදාළ ද...
නැහැ. පුළුවන් උපරිම ලෙස මං සේවකයන්ගෙ දුකයි සතුටයි ළඟ ඉන්නවා. ඔවුන් මාව බලාපොරොත්තු වෙනවා. ලංකාවෙ හිටියොත් මං ඒ දේ මඟ හරින්නෙ නැහැ.
මේ තැනට ඔබව ඔසවා තැබුවෙ කැපවීමද... වාසනාව ද...
වාසනාව තමයි ප්‍රධානම දේ. මං වෙලේ චක්ගුඩු ගහපු කොල්ලෙක්. මං වගේ ළමයි අපේ ගමේ කොයිතරම් හිටියද... ඒ හැමෝටම පුදුමයි මං මේ තැනට ආ එක ගැන. කැපවීම මහන්සිය මොනතරම් තිබුණත් ඒවා පල දෙන්නෙ වාසනාව නිසා. වැඩ නොකර ලකුණු දාගන්න අය අතරේ අවංකව මහන්සියෙන් වැඩ කළත් හැමදාම එක තැන ඉන්න මිනිස්සු මොනතරම් ඉන්නවද...
හොඳ නායකයෝ සේවකයන්ගෙ Performance අනුව ඔවුන් ඔසවා තබනවා... සේවකයකුගේ වාසනාව උදාවෙන්නත් එය ප්‍රබල හේතුවක්... ඔබට එහෙම හිතිලා නැද්ද...
අපි උපයන ධනයෙන් කොටසක් සේවකයන්ටත් ලැබිය යුතුයි. හැදෙන්න ඕනෙ අපි විතරක් නෙවෙයි. සමාගමට හොඳින් වැඩ කරන පහළම මට්ටමේ සේවකයන්ටත් අපේ ලාභයෙන් සියයට 7.4 ක් ලැබෙනවා. එය මුදල් වශයෙන් ගත්තොත් වසරකට රුපියල් එක්ලක්ෂ පනස් දාහකට වැඩි බෝනස් එකක්. එයින් ඔවුන්ගේ ජීවිත ඔසවා තැබූ සතුට මට දැනෙනවා.
ජීවිතේ දුක් අමාරුකම් කවදක හෝ ඔබට දැනිලා තියෙනවද...
තාත්තා වැඩ කළේ කම්කරු දෙපාර්තමේන්තුවේ. වෘත්තීය පුහුණු උපදේශකයෙක්. අම්මා ගෘහණියක්. ළමයි පස් දෙනෙක්. ඇත්තටම ජීවත්වීම සටනක් වුණා. සමහරදාක එදා වේල පිරිමහ ගත්තෙත් බොහොම අමාරුවෙන්. ඒත් ලැබෙන්නෙ සම්බෝලයි බතුයි ද, ඒ තමයි ඉස්තරම්ම දේ කියලා අපි හිතුවේ. ඊට එහා රසවත් ලෝකයක් අපි දැකලා තිබුණෙ නැහැ.
ඔබ පවුලෙ වැඩිමලා නිසා හැම වෙලාවෙම ඇඳුම් වුණත් පිරිමහලා මල්ලිලාට දෙන්න පුරුදු වෙන්න ඇති...
අපිට තිබුණෙ ගංවල ළමයි අඳින චීත්ත ජංගි කලිසම්, කොළ පතේ වාඩිවෙලා පස්ස හම යන කල් ඇදගෙන යන සෙල්ලම කළාම ඒ කලිසම ඉවරයි. ඊට පස්සෙ අම්මා අණ්ඩයක් දාලා දෙනවා. ඒකත් ඉරෙන කල් අඳිනවා. ආයෙ මල්ලිලාට දෙන්න දෙයක් ඉතුරු වෙන්නෙ නැහැ. හැම ළමයටම තිබුණෙ කලිසම් දෙකයි. වැඩිම වුණොත් තුනයි.
ඔබ ඉගෙන ගන්න දක්ෂයෙක්ද...
විභාගෙ ළංවෙද්දී අම්මගෙ වදේට කුප්පි ලාම්පුවෙ එළිය තියෙනකල් පාඩම් කළා. තෙල් ඉවර වේගෙන එනකොට එන බූමිතෙල් ගඳට ඔළුවෙ කැක්කුමයි. උදේට පොත් මිටියට ටයර් ටියුබ් එකෙන් කපා ගත්තු කළු රබර් පටියක් දාගන්නවා. පොත් ටික කිහිල්ලෙ ගහගෙන රබර් සෙරෙප්පු දෙකක් දාෙගන කිලෝමීටරයක් විතර ඉස්කෝලෙට පයින් යනවා. පයින් එනවා. පාඩම් වැඩවලට හුඟක් දැඟලුවෙ නැති වුණාට ගුරුවරු අතරේ මං ජනප්‍රිය ළමයෙක්.
ඔබ විභාගෙ හොඳින් සමත් වුණා ද...
1977 මං උසස් පෙළ සමත් වුණේ හතරයි දෙකක් එක්ක. ඊට පස්සෙ මම මරදානෙ ටෙක්නිකල් කොලේජ් එක හොයාගෙන තනියම කොළඹ ආවා. මට ඕනෙ වුණා කොහොම හරි උසස් අධ්‍යාපනයක් ලබාගන්න.
මේ දුක් ජීවිතයෙන් ගොඩ එන්න ළමා කාලයේ ඔබට අධිෂ්ඨානයක් තිබුණා ද...
හුඟක් ලොකු වෙනකල්, අපි මේ ගත කරන්නෙ දුප්පත් ජීවිතයක් කියන හැඟීමවත් අපිට දැනුණෙ නැහැ. තේරෙන කොට මට තිබුණෙ ආමි එකට හරි පොලිසියට හරි යන්න ඕනෙ සිතිවිල්ල විතරයි. ඒ තමයි එදා මම දැකපු ලොකුම රස්සාව.
පවුලෙ ලොකු පුතා නිසා අම්මගෙ ආදරේ වැඩියෙන් ලැබුණද...
අපේ අම්මලා ආදරේ, තුරුලු කරගෙන පෙන්නුවෙ නැහැ. ඉස්කෝලෙ ඇරිලා යනකොට බත් පිඟන් පහ මැටි කෝප්ප පහකින් වහලා පෙළට තියෙනවා. ඉස්සරවෙලා ගිය කෙනා තමන්ගෙ එක කාලා අනෙක් පිඟානෙනුත් චුට්ටක් කාලා නොදන්නවා වගේ ඉන්නවා. හැබැයි අම්මා ආදරේ පෙන්නුවෙ පස්දෙනාටම සමානව.
අයියා සමාගම් සමූහයක සභාපති. නංගිත් මල්ලිලා තුන් දෙනාත් මේ සමාගම්වල ඉහළ තනතුරුවල ද...
මං ඥාති සංග්‍රහවලට සමාගම් යොදාගන්නෙ නැහැ. ඒවා කරන්නෙ පෞද්ගලිකව. මගේ නංගි ජ’පුර සරසවියෙ අනධ්‍යයන කාර්ය මණ්ඩලයෙ රස්සාවක් කරනවා. එක මල්ලියෙක් නේෂන් පත්තරේ තාක්ෂණික අංශයේ. අනෙක් මල්ලි කරන්නෙ බිල්ඩින් කොන්ත්‍රාත්. අනෙක් මල්ලි ගමේ ව්‍යාපාරයක් කරනවා.
ඔබ පවුලට උදව් කරන්නෙ නැති කෙනෙක්ද...
කාටවත් බැහැ එහෙම කියන්න. තම තමන්ගෙ අය සමාගම්වලට නොදැම්මට මං මගේ පවුලට ඥාතීන්ට ඉතා හොඳින් සලකනවා. ප්‍රතිපත්තියක් විදියට මං දන්න කෙනෙක්වත් මේ කිසිම ආයතනයක නැහැ.
ඔබට තිබෙන්නෙ සීරියස් පෙනුමක්. ඒත් හිනාවෙද්දි ප්‍රසන්න මනුෂ්‍යයෙක් මතුවෙනවා. කවුද ඔබ තුළ ඉන්න ඇත්ත කෙනා...
හුඟක් අය හිතනවා මං තද හිතක් ඇති දරුණු කෙනෙක් කියලා. නමුත් මං කඳුළු දකින්න බැරි සංවේදී මනුෂ්‍යයෙක්. ජීවිතය විඳින්න කැමැති සොඳුරු මිනිහෙක්.
එහෙනම් Boss කෙනෙක් වුණත් ඔබට තද තීන්දු තීරණ ගන්න අපහසු ඇති...
කිසිසේත් නැහැ. අවස්ථාවක් දීලත් හැදෙන්න බැරි කෙනෙක් අස්කළ යුතු තැන මං දෙපාරක් හිතන් නෑ. අත්වැරැද්දට මම සමාව දෙනවා. ඒත් හොරකමට වංචාවට මගෙන් අවස්ථාවක් නැහැ. මම Soft වගේම Tough.
ජීවිතයේ පහුකළ දුෂ්කරම කාල පරිච්ඡේදය මතකද...
ව්‍යාපාර ගොඩනඟපු කාලවලට වඩා මට දුෂ්කර වුණේ පසුගිය කාලෙ පරීක්ෂණවලට මුහුණ දෙමින් ගත කළ කාලය.
ඒත් එහෙම වෙන්න සාධාරණ හේතු තිබුණා...
ඒකට හේතුව තමයි, හිතවත්කමට මං මගේ නම දාන්න ඉඩදීපු එක. නම හැරෙන්න ඔය කිසි කෙනෙක් වෙනුවෙන් මං මගේ මුදල් යොදවලා නැහැ.
එහෙම කිව්වට ඔබට ප්‍රබල දේශපාලන හිතවත්කම් තිබුණා...
දේශපාලකයො ඇසුරු කිරීමෙන් මං හම්බ කරලා නැහැ. මං මගේ දේවල් නැති කරගත්තා විතරයි. මේ සියලු මානසික වියවුල් උදාවුණේ ඔය දේශපාලන ඇසුර නිසා.
මොකක්ද ඔබේ ජීවිතයේ Turning point එක...
ෂර්මන් පුත්‍ර සමාගමේ ගණකාධිකාරිවරයෙක් හැටියට හිටපු මං බැංකු රස්සාවට ආපු එක. දයා මුතුකුමාරණ මහත්මා මට බැංකුවට ආරාධනා කළා. ඒ, ඒ කාලෙ මගේ තිබූ ජනප්රියභාවය, දක්ෂතාව සහ මගේ PR එක නිසා. එතැනදි තමයි මං මගේ මාකටින් සුදුසුකම් හදාගත්තෙ. ජීවිතය වෙනස් මඟකට පිවිසුණේ. SB ඇමැතිතුමත් ඒ ජීවිතයේ එක තැනෙක මට පහන් කණුවක්.
ඔබේ සාර්ථකත්වයට බලපෑ ප්‍රබල හේතුවක් තිබෙනවද...
ඔව්. අවදානම් ගැනීම සහ උපක්‍රමශීලී වීම. මං මගේ ජීවිතය පුරාම අවදානම් ගත් කෙනෙක්. ව්‍යාපාර අත්පත් කරගැනීම, කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කිරීම ආදී සියල්ල Risk. සමහර වෙලාවට මිලියන සියයේ පාඩුවට මං කොටස් විකුණනවා. පාඩු වෙන හැටි බලා ඉන්න කෙනෙකුත් නෙවෙයි මම. සමස්ත ලාභයයි මට වැදගත්.
තාත්තෙක් හැටියට සාර්ථකයි කියල හිතනවද...
මගේ ලොකු පුතාට වයස විසිපහයි. පොඩි පුතාට විසි දෙකයි. දෙන්නම ඇමෙරිකානු විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය නිම කරමින් ඉන්නවා. අපි යාළුවො වගේ. සතුටුම දේ ඒ දෙන්නම මේ මහ පොළොවෙ පය ගහලා ජීවත්වන දරුවෝ. මං ඒ දෙන්නව නිව්යෝර්ක් එයාර් පෝට් එකෙන් බස්සවලා ආවත් එයාර්පෝට් එක මැද්දෙ මට දණ ගහලා වඳිනවා. දරුවො දෙන්නෙක් හොඳින් හදපු එක තරම් සාර්ථකත්වයක් තාත්තෙකුට තවත් තියෙනවාද?
ඔබේ දියුණුව පුද්ගලික අංශයට සහ ඔබට පමණයි. ඔය සූර බුද්ධියෙන් රටේ යහපතට යමක් කරන්න ආරාධනා ලැබිලා නැද්ද...
ඒවට ඉතින් ආර්ථික විශේෂඥයො ඉන්නවනේ. අපිව ආශ්‍රය කරන්න හුඟක් අය ආසයි. ඒ හැරෙන්න රටේ තීන්දු තීරණ ගන්නා තැන්වල අපි නැහැ. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. මගේ අවුරුදු පණස් හතට මං කරලා තිබෙන දේ ගැන ඉහටත් උඩින් සතුටුවෙන්න මට පුළුවන්.
ජීවිතය විඳින්න පුරුදු වෙලා තියෙන්නෙ කොහොමද...
හොඳට ඇඳලා පැලඳලා. ෆැෂන්, ෆැෂන් විදියටම කරන කෙනෙක් මම.
කෙළින් කතා කරන ඔබ, කියන්න කැමැතිද මේ වෙලාවෙ ඇඳ පැලඳ ඉන්න ඇඳුම් ආයිත්තම්වල වටිනාකම...
ප්‍රශ්නයක් නැහැ. කියන්නම්. මේක Patek Philippe ඔරලෝසුවක්. ලක්ෂ එකසිය දහයයි. කලිසම Armani. වටිනාකම හතළිස් දාහයි. ෂර්ට් එක Burberry. ඒකත් හතළිස් දාහයි. සපත්තු දෙක ක්‍රොකඩයිල් හමින් කළ එකක්. වටිනාකම ලක්ෂ එකහමාරක් විතර. මේ සුදු මුද්ද මිලියන තුනයි.
මේ ඔබේ විනෝදාංශයද...
ඔව්. මට තියෙනවා ලෝකෙ වටිනාම ‘Montblanc පෑන් එකතුවක්. ෆතේ පිලිප්ස් ඔර්ලෝසු එකතුවක්. ඒ වගේ ම කෆ්ලින්ක්ස් එකතුවක්. ලෝකෙ හොඳම ෂර්ට්ස් එකතුවක්.
හිතෙන්නෙ නැද්ද මේ කරන්නෙ නාස්තියක් කියලා...
යනකොට ගෙනියන්නෙත් නැහැනේ. ඒ නිසා ඉන්න කල් ජීවිතේ විඳින්න ඕනේ. නැතිනම් ඉතින් හම්බකරලා මැරිලා යනවා. විඳින්නෙ වෙන අය. ආස දේවල් කන්නත් බැරි එකේ මං සතුටු වෙන්නෙ ඇඳලා පැලඳලා.
කෙනෙකුට ඔබේ ජීවිතයෙන් ගන්න තියෙන හොඳම දේ කුමක්ද...
මගේ ගමන විශ්ලේෂණය කරන්න. ඒ ජීවිතය තුළ බොහෝ දේ ඔබට පෙනේවි. උත්සාහයෙන් ගොඩනැඟුණු මිනිසෙක් පෙනේවි. රබර් සෙරෙප්පු දාගෙන ඉස්කෝලෙ ගිය පුංචි කොල්ලෙක්, කුප්පි ලාම්පුවෙ බූමිතෙල් ගඳ උහුල උහුලා පාඩම් කරපු පුංචි කොල්ලෙක් ගිය දුර ගැනයි ඔබ හිතන්න ඕනේ. ඔබේ දරුවෙකුට වුණත් කියලා දෙන්න ඕනේ. එච්චරයි.

muge companies vatunoth adu ganakata ganna puluwan, mu sampath ekatat kela karalada danne na![]()
Ow ekane laksha 12 car hoyanne
http://www.elakiri.com/forum/showthread.php?t=1697965
2005-2005 civic hoyapu thread ekakuth thiyenawa
ඕකට උත්තර දීලා ඈති.Lida da? Ehama kiyanna epa eya consulting karanawa as a tea maker to DP

ඕකට උත්තර දීලා ඈති.
උබ නම් ඒ දවස්වල කිබුලා විසින් ලින් අඩියටම දාලා අනාත වෙලා ගූ කාපු හෑටි අපිට මතකයි ලෝයර් ටෝක්ස් දාන්න ඈවිත්.![]()
1 b තිබුනනම්
1 financial sector එක ගන්නේ මචන්.. එකේත් bank වලින් නම් commercial , hnb sampath හොදයි මචන්.. හැබැයි මමනම් ගන්නේ sampath එක මචන්.. 300 million විතර sampath එකෙන්... උන්ගෙ profitability එක හොදයි, ඒ වගේම bank එකේ loan balance එකත් හොදයි මචන්.. තව මොකක් හරි finance company එකකත් peoples leasing, lb finance , vallible finance හොදයි.. 100 million වගේ.. ඒවගෙන් මමනම් ගන්නෙ peoples leasing එක මචන්, උන් සාමාන්යෙන් හොද dividend එකක් pay කරනව..
2 export industry එකේ company ගන්නව.. brandix, richerd piris export.. මේවගෙන් richerd piris export එක මමනම් ගන්නේ බන්.. උන් සාමාන්යෙන් ලොකු dividend එකක් ගෙවනව, company එකේ කිසිම loan එකක් නෑ, ඩොලර් එක දවස ගානෙ වැඩි වෙනව, gsp+ හම්බෙන්ව ඉස්සරහට, world market එකේ බොර තෙල් price එක අඩු වෙනව.. ගත්තොත් 300 million වගේ ගන්නව බන්,
2 poultry industry එක.. three ecres farm, ceylon grain elevators, bairaha farm.. මේ තුනම එක වගේ හොදයි මචන්.. මේ companies වල loan එකෙක්වත් නැ මචන්, තව world market එකේ corn price එකත් දැන් අවුරුදු පහකට පස්සේ අඩුම price එකේ තියෙන්නේ මචන්.. ඉතුරු සම්පූර්න ගානම මේ industry එකට දානව බන්..
මම long term investors කෙනෙක් බන් ඉතින් මේ shares තමයි තෝරන්නේ. 1B දැම්මොත් දැන්.. තව අවුරුදු හතරකින් 2 b වගේ target කරනව මචන්..
Real state bubble එකක් හැදීගෙන ආව මචන්.. ඒත් දැන්නම් ඒක ටිකක් අඩු වේගන යනව වගේ.. cse එක තව වැටෙන්නේ නැ බන්.. උපරිම 5800 වගේ තමයි.. දැනටමත් උපරීමේට වැටිල තියෙන්නේ බන්



sampath ekat hodai, habai bn expand venawa adui neda ? commericial hoda nadda okata vada ? peoples leasing eke mchn debt = 62 B , assests = 132 B;
aulak nadda bn ?
brandix private ne mchn, eke ganna puluwanda ? richar pieris export eka ganne natuwa richard pieris company eken ganna eka hoda nadda ?
poultry industry ekat hodai ne.
"තව world market එකේ corn price එකත් දැන් අවුරුදු පහකට පස්සේ අඩුම price එකේ තියෙන්නේ මචන්.. ඉතුරු සම්පූර්න ගානම මේ industry එකට දානව බන්"
me mokakda bn ?
hotel industry eka mokada ? touristla sahenna enawa ne dan..
hmmm....mchn john keells mokada ? unge company eka grow venne hena hemin ne bn, ara cinnamon life project eka 2020 kal giya ne,,anika mun tiyena business ekama ohe tiyan yanawa..risk ekak gannema na vage..balapn 1870 hadapu company ekak thama USD 1 billion vath revenue na ne bn...indiawe companies 100 billion hitan gahala...ape rate un risk eka ganne nati nisa venna ati ape companies mechchara podi....upali vitarai mata hitena vidiyata pata risk ekak aragena sahenna loku company ekak haduwe....susantha ratnayaka john keells eka diunu karaida bn/.