ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි

    ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි

    ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයා ලෙසින් හැඳින්වෙන ධම්මික පෙරේරා මහතා රුපියල් මිලියන 160ක වටිනාකමකින් යුත් ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථයක් ආනයනය කර ඇතැයි වාර්තා වේ.
    ආනයන බදු ද ඇතුළත්ව මෙම මෝටර් රථයේ මිල ආසන්න වශයෙන් රුපියල් මිලියන 160ක් වන අතර දකුණු ආසියාවේ පුද්ගලයකු මෙම මෝටර් රථයක් ආනයන කළ පළමු අවස්ථාව මෙය බව ද පැවසේ.
    අග්නිදිග ආසියාවේ හෝ මැද පෙරදිග කලාපයේ පුද්ගලයකු ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථයක් ආනයනය කළ පළමු අවස්ථාව මෙය විය හැකි බව ද පැවසේ.

    ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මෝටර් රථය එච්.ජේ. මුලිනර් සමාගම සහ බෙන්ට්ලි මෝටර් රථ සමාගම නිෂ්පාදනය කෙරූ සීමිත මෝටර් රථ වර්ගයකි. මුලිනර් සමාගම ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථ 50ක් නිෂ්පාදනය කර ඇති අතර එම මෝටර් රථ 50ම එකිනෙකට වෙනස් බව වාර්තා වේ.

    ධම්මික පෙරේරා මහතා මිලදී ගෙන ඇත්තේ එම මෝටර් රථ මාදිලියේ අවසන් මෝටර් රථයයි.
    ලොව මිල අධිකම තනි මෝටර් රථ මාදිලිය වන ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථ 50ම හස්ත නිර්මාණය. මෝටර් රථ සියල්ලම එකිනෙකට ආවේණික ලක්ෂණවලින් සමන්විත වන අතර නිර්මාණය සඳහා ලොව මිල අධිකම ලෝහ වර්ග භාවිත කරමින් නිෂ්පාදනය කර තිබේ.
    එපමණක් නොව ලොව ප්‍රකට ස්වර්ණාභරණ නිර්මාණකරුවන් යොදාගන්නා ලොව මිල අධිකම අමුද්‍රව්‍ය යොදාගෙන ඇති අතර මෝටර් රථවල බාහිර ආලේපන ලෙස රත්තරං සහ රිදී යොදාගෙන තිබේ.
    ධම්මික පෙරේරා මහතා විසින් මිලදී ගනු ලැබ ඇති මෝටර් රථය නිල් සහ ‘පෝසිලේන් සුදු’ පැහැයෙන් යුතු මෝටර් රථය අද (15 වැනිදා) මෙරටට ගෙන්වා තිබේ.

    බටහිර රටවලට අමතරව ආසියාවේ ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථ තුනක් තිබෙන බවත් ඒවා චීනයේ තිබෙන බවත් වාර්තා වේ.
    මෙම මෝටර් රථයේ නාමික අගය ස්ටාර්ලිං පවුම් 390,000ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 84 ක්) බවත් මෙම මෝටර් රථයට පැන වී ඇති ආනයන බද්ද රුපියල් මිලියන 76 ක් බවත් ශ්‍රී ලංකා රේගු ආරංචි මාර්ග කියයි.
    ඩේලි එෆ්.ටී ඇසුරිනි
    055
    image_1fe4449f1e.jpg

    image_bdfc9b6e0b.jpg

    image_2d606f14ec.jpg

    image_b65e95f6ce.jpg
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,597
    6,171
    113
    දැන් මැරෙන දවසට අරගෙන යන්න වෙන්න ඇති
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ඒ සල්ලි වලින් ..ස්කොලේ ළමයි ..අසරණ ලෙඩ්ඩු වෙනුවෙන් මොන තරම් දේවල් කරන්න ..පුලුවන්ද ..පෝරු ෂෝ එක තියෙන්නේ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    LB Finance එකෙන් ලීස් කරලා වහනයක් ගත්තම එක දවසක් ප්‍රමාද උනත් අධික පොලියක් ගහන පොඩ්ඩ එහා මෙහා වෙනකොට වාහන උස්සනය උස්සන මෙතුමා සහ මෙතුමාගේ සමාගම් රටට වාසනාවන්.

    ඉතින් මේවගේ කාර් නොවෙයි තනිකර රත්තරන් වලින් හදපු එකක් උනත් ගන්න ඇහැකිනෙ මෙතුමාට.
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    LB Finance එකෙන් ලීස් කරලා වහනයක් ගත්තම එක දවසක් ප්‍රමාද උනත් අධික පොලියක් ගහන පොඩ්ඩ එහා මෙහා වෙනකොට වාහන උස්සනය උස්සන මෙතුමා සහ මෙතුමාගේ සමාගම් රටට වාසනාවන්.

    ඉතින් මේවගේ කාර් නොවෙයි තනිකර රත්තරන් වලින් හදපු එකක් උනත් ගන්න ඇහැකිනෙ මෙතුමාට.

    ඉතින් උන්ගෙන් නොගෙන හිටපන්කෝ..මොකෝ ඌ උබලගේ පස්සෙන් එනවද ෆිනෑන්ස් දාන්න කියලා උන්ගේ කම්පනි එකත් එක්ක?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉතින් උන්ගෙන් නොගෙන හිටපන්කෝ..මොකෝ ඌ උබලගේ පස්සෙන් එනවද ෆිනෑන්ස් දාන්න කියලා උන්ගේ කම්පනි එකත් එක්ක?
    .

    ඉතින් එක තමයි මම උන්ගෙන් අරගත්තේ නැත්තේ. මම උන්ගෙන් වාහන අරන් දුක් විඳින මිනිස්සුන් ඕන තරම් දැකලා තියනවා.

    මම නම් ඉතින් BOC තමා
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Casino and former arms dealer. MR's corrupt money was (Black Money) was also handled by him. Former BOI chief. Unethical business man . Anyway happy to see such a exclusive vehicle in Sri Lanka.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එක එකාගේ පින පව තමයි. ඊරිසිය නොකර ඉඳපල්ලා. නිකන් කුජීත සිතුවිලි විශ්වයට නිකුත් කරලා ගන්න තියෙන මෝටර් බයික් එකත් ගන්න බැරි වෙයි උඹලට.
     
    • Like
    Reactions: Sara531

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සමහර ලංකාවේ ඉන්දියාවේ වගේ කෝටිපතියෝ සල්ලි වලින් ඩෙගා නටද්දී මෙන්න ලොව ඉහලම පෙලේ බිලියන පතියෝ.

    27867189_10155821504403880_7999083659880389153_n.jpg
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    LB Finance එකෙන් ලීස් කරලා වහනයක් ගත්තම එක දවසක් ප්‍රමාද උනත් අධික පොලියක් ගහන පොඩ්ඩ එහා මෙහා වෙනකොට වාහන උස්සනය උස්සන මෙතුමා සහ මෙතුමාගේ සමාගම් රටට වාසනාවන්.

    ඉතින් මේවගේ කාර් නොවෙයි තනිකර රත්තරන් වලින් හදපු එකක් උනත් ගන්න ඇහැකිනෙ මෙතුමාට.

    වාහනයක් ගන්න අත්පිට මුදල් නැති මිනිහට මුදලක් ණයට දීලා උගේ ආසාව හැබෑ කරලා.ඌටම තව වාරික වෙලාවට නොගෙවා ඉන්න පුතේ කියලා කියන්න තරම් මොලේ අම්මරුවක් තියෙයි කියලා හිතන්න අමාරුයි.

    මචන් හැම දේකම දෙපැත්තක් තියෙනවා. ඔන්න මූ ගෙවන්න තියෙන දවසට කලින් ගෙව්වත් ගිනි පොලී අයකරනවානම් මූ වැරදී.

    මුගේ වියාපාරික මොලේට ඊරිසියා නොකර අපිත් මුගෙන් ගන්න තියෙන හොද විතරක් ගමු.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    වාහනයක් ගන්න අත්පිට මුදල් නැති මිනිහට මුදලක් ණයට දීලා උගේ ආසාව හැබෑ කරලා.ඌටම තව වාරික වෙලාවට නොගෙවා ඉන්න පුතේ කියලා කියන්න තරම් මොලේ අම්මරුවක් තියෙයි කියලා හිතන්න අමාරුයි.

    මචන් හැම දේකම දෙපැත්තක් තියෙනවා. ඔන්න මූ ගෙවන්න තියෙන දවසට කලින් ගෙව්වත් ගිනි පොලී අයකරනවානම් මූ වැරදී.

    මුගේ වියාපාරික මොලේට ඊරිසියා නොකර අපිත් මුගෙන් ගන්න තියෙන හොද විතරක් ගමු.
    :yes::yes::yes::yes:
    Godak un ohoma hithanne naa bn.
    Ganna bari nisa irisiya karanawa, ekai aththa kathawa.

    Pora mahansiyen uge dakshakamen hoyapu salli walin gaththa eka, nathuwa banku kadala kotipathiyek una ekek nemeine ara samaharu wage. :lol::lol:

    Ganda bari unath apita dawasaka paredi hari okak dakinna puluwan wenne owage kenek import kaloth thama, ekath loku deyak ne :rofl::P

    ඒ සල්ලි වලින් ..ස්කොලේ ළමයි ..අසරණ ලෙඩ්ඩු වෙනුවෙන් මොන තරම් දේවල් කරන්න ..පුලුවන්ද ..පෝරු ෂෝ එක තියෙන්නේ

    Show ekata hari pora gaththe pora mahansiyen hoyapu salli walinne, eka car gannawada, badu gahanawada kiyana eka uge aithiyane bn. U loketa penna dewal nokalata minissunta udaw karanawa, dawasak tv eke kiwwa manz millions ganak wiyadam karala government hospital ekakata heart or brain surgery karapu ayata special ward ekak hadala dunna kiyala.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    අනාත සින්ග්හල කුකුල්ලු හැමදාම අනාත වෙන්නේ මෙන්න මේ හේතුව එකක් ..සල්ලි තියන මිනිහෙක් මොනවා හරි උගේ ආතල් එකට ගත්තෝත් එක එක දාර්ශනික ටෝක් දෙනවා ..ඒ කුහක කම ...අද මු මේ වාහන ගෙනාවට මු ඒවා උපතින් ම ගෙනාපු දේවල් නෙමේ නේ උත්සාහයෙන් ගොඩනගපු දේවල් නේ හ‍රි හෝ වැරදි මොකෝ මෙයාගේ සල්ලි එන හැටි දන්නෝ දනිති නමුත් එකත් උත්සාහයක ප්‍රතිපලයක් ...දුපත් වී ඉපදීම ඔබගේ අවසානව නොවේ නමුත් ඔබ දුපත් ලෙස මැරෙනවනම් ඒ ඔබගේ අවාසනාව සහ නොහැකියාව සහ පොන්න කම ...කියල මොකෙක් හරි පොරක් කියලත් තියනවා
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඇයි බං hand made වාහන හෙන ගණන් වෙන්නෙ,,මොකක්ද ඒකෙ විශේෂත්වය??
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සමහර ලංකාවේ ඉන්දියාවේ වගේ කෝටිපතියෝ සල්ලි වලින් ඩෙගා නටද්දී මෙන්න ලොව ඉහලම පෙලේ බිලියන පතියෝ.

    27867189_10155821504403880_7999083659880389153_n.jpg

    ඇයි මූ කරත්තෙන්ද යන්නෙ . මූ තරම් රට ඇම්ඩෙක් තවත් නෑ . එකම වර්ගයේ ටී ශර්ට් අදිනව කිසි හයි ක්ලාස් බ්‍රෑන්ඩ් එකක් නෑලු :D:D:D අච්චිගෙ රෙද්ද තමා ඌ කිසිම බ්‍රෑන්ඩ් එකකට නොමිලේ ප්‍රචාරණයක් දෙන්නෙ නෑ එහෙම උනොත් ඌට ඇඩ් දෙන අනිත් සමාගම් වලින් ඇඩ් අඩුවෙන්න පුලුවන් නිසා .නැතුව රෙද්දෙ සරලකමක් නෙමෙයි