ධම්මික ලංකාවට ගෙන්වූ වන්ඩිය - Bentley

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    ධම්මික ලංකාවට ගෙන්වූ වන්ඩිය - Bentley

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන තිබූ Bentley Mulsanne Hallmark මෝටර් රථය මේ වන විට මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ. මෙහි වටිනාකම රුපියල් මිලියන 84 කි. එසේම ශ්‍රී ලංකා රේගුවේ තොරතුරුවලට අනුව මේ සඳහා ගෙවන ලද තීරු බද්ද රුපියල් මිලියන 76 කි.


    මේ බව අනාවරණය කරමින් අද (15) දින Daily FT පුවත් පත කියා සිටින්නේ ධම්මික පෙරේරා විසින් මිල දී ගනු ලැබූ Blue සහ Porcelain White වර්ණයන්ගෙන් යුතු Bentley Mulsanne Hallmark මෝටර් රථය ඊයේ (14) දිනයේ දී ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණි බවයි.


    Bentley Mulsanne Hallmark රථ මුළු ලොවටම නිෂ්පාදනය කර ඇත්තේ ඒකක 50 ක් වන අතර ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන ඇත්තේ එම පෙළේ අවසාන වශයෙන් නිෂ්පාදිත මෝටර් රථයයි.


    මේ අනුව දකුණු ආසියාව, අග්නිදිග ආසියානු කලාපය හා මැදපෙරදිග කලාපයටම Bentley Mulsanne Hallmark මෝටර් රථයක හිමිකාරීත්වය දරනු ලබන එකම පුද්ගලයා බවට ධම්මික පෙරේරා පත් වී තිබේ.


    එංගලන්තයේ H. J. Mulliner & Co සමාගම විසින් Bentley Mulsanne Hallmark නිෂ්පාදනය කරනු ලබයි. එහි නිමාව සම්පූර්ණයෙන්ම මිනිස් අතින් (handcrafted cars) සිදුකරනු ලබන නිෂ්පාදනයක් වේ.


    Mulsanne Hallmark කාණ්ඩය, ඒකක 50 කට පමණක් සිමා කර ඇති අතර එහි අවසාන වශයෙන් නිෂ්පාදනය කරනු ලැබූ මෝටර් රථය මෙලෙස ධම්මිකගේ හිමිකාරීත්වයට පත්වී තිබේ.

    ඔන්න ඔය පල්ලේහා ලින්ක් එකෙ තියනවා පට්ට සුමින් තියන ඉමේජ් එකක්. ඔක දැක්ක ගමන් පෙන්නේ පාලමක්, පස්සේ සුම් කරන කොට තමා හරියටම පෙන්නෙ කාර් එකක් තියනවා කියල. තව සූම් කරනකොට තව දෙයක් පෙනවා ඩි... එක සූම් කරලම බලන්නකො.

    https://www.bentleymotors.com/en/apps/look-closer.html


    Large image

    මාම ගෙනෙල්ල තියෙන්නේ ඔන්න ඔකේ තියන මුල්ම කාර් එක. පොසිලෙන් වයිට් එක.


    Bentley-Mulsanne-95-edition.jpg


    Porcelain%20Metallic-6517-205,206,187-640-en_US.jpg
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK
    හොදයිනේ යකෝ.අපේ රටේ එකෙක්නේ..සතුටු වෙයල්ලා ඉරිසියාව පැත්තකට දාලා..අනුන්ගේ ඇපල් ඩෙස්ක්ටොප් එකක් තමන්ගේ වගේ පෙන්නන ලංකාවේ පුහුමාන්නක්කාරයින්ට මේ වගේ මිනිස්සු ආදර්ශයක් බන්..:yes::cool:

    පුරාජේරු කියන්න නම් නෙවෙයි බන් මම මේකට අවේ. එත් උබලට iPhone X දැකල ලේ රත් වෙලා කෑ ගහන නිසා මේකත් දාන්න හිතුන මෙතනම උබලගෙ අතල් එක තව පොඩ්ඩක් තව up කරන්න.

    මේකෙත් මාර issues තියෙන්නෙ බන්. උබලට තේරෙන්නේ නැහැ අපේ ජිවිත වල තියෙන දුක.
    😔

    H7LU8qx.jpg


    6NjTzSu.jpg


    download (7).jpg

    giphy.gif
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,155
    113
    threewheel මල්ලි කෙනෙක්ගේ පහස ලැබේවා

    ඔහොම ඒවා හිතුනට කියන්ඩවත් එපා බන්... :) තමන්ට වීල් ඒකක්වත් ගන්ඩ බැරි වෙන්ඩ පුලුවන්, එහෙමයි කියලා තියෙන එකාට ඉරිසියකම් කරලා වැඩක් නෑනේ.. තවත් පිරිහෙනවා මිසක් හරියාමක් නෑ... :)
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    හොදයිනේ යකෝ.අපේ රටේ එකෙක්නේ..සතුටු වෙයල්ලා ඉරිසියාව පැත්තකට දාලා..අනුන්ගේ ඇපල් ඩෙස්ක්ටොප් එකක් තමන්ගේ වගේ පෙන්නන ලංකාවේ පුහුමාන්නක්කාරයින්ට මේ වගේ මිනිස්සු ආදර්ශයක් බන්..:yes::cool:





    Hiks.....
    ලැප්ටොප් ඩාන්ස් පාර්ට් 2
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මොකක්ද බන් zoom කරහම පේන්නේ? badge එකේ මහපු threads ටිකත් පේන තරම් zoom වෙනවා. හැබැයි එහාට මෙහාට කරලා බලන්ඩ බෑ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    හොදයිනේ යකෝ.අපේ රටේ එකෙක්නේ..සතුටු වෙයල්ලා ඉරිසියාව පැත්තකට දාලා..අනුන්ගේ ඇපල් ඩෙස්ක්ටොප් එකක් තමන්ගේ වගේ පෙන්නන ලංකාවේ පුහුමාන්නක්කාරයින්ට මේ වගේ මිනිස්සු ආදර්ශයක් බන්..:yes::cool:




    Me thiyenne mage elakiri profile picture ekane? Mokadda oke thiyena aula?
    http://www.elakiri.com/forum/member.php?u=516058 :confused:
     
    Last edited: