චගු;12448182 said:"පාණො හවෙ පාණසඤ්ඤි - වධක චිත්ත මුපක්කමෝ
තේන ජීවිතනාසෝ ච - අංගා පඤ්ච වධස්සිමේ"
ඔබ මේ කියන්නෙ ප්රාණඝාත අකුසලය ගැන වෙන්න ඇති කියල හිතනවා. මෙහෙමයි තථාගතයන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ;
සත්වයෙකුගේ ජීවිතය ස්වභාවිකව පැවතිය යුතු තරම් කල් පවත්නට ඉඩ නොදී, යම් කිසි ක්රමයකින් අතරක දී විනාශ කිරීම ප්රාණඝාතය වේ. එය ප්රාණඝාත අකුසලය බවට පත් වීමට කරුණු පහක් සම්පූර්ණ විය යුතුය;
- පණ ඇති සතෙකු වීමය
- පණ ඇති සතෙකු බව දැන ගැනීමය
- මරනු කැමති සිත ය
- මරන්නට උපක්රම කිරීමය
- ඒ උපක්රමය නිසා සත්වයාගේ මරණය සිදු වීමය
මේ නම් ප්රාණඝාත අකුසලයේ මූලික සාධක වේ. මේ පඤ්චාංගය සම්පූර්ණ නොවී, යමෙකු අතින් සතෙකු ගේ මරණය සිදු වුවද ඔහුට ප්රාණඝාත අකුසලය සිදු නොවේ.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මට හිතෙනව මෙන්න මේ ටිකත් ඔබට කිව යුතුයි කියල:
ඉහත කී කරුණු වලිනුත්, මුලින් wp19 මිතුරා කී කරුණු වලිනුත් ඔබට පැහැදිලි ඇති ඔබ අතින් නොසිතා මදුරුවෙකු මැරීමේදී අකුසලයක් සිදු වෙන්නෙ නෑ කියල. නමුත් ඔබ මේ ඇසුරෙන් ඔබටම බොහොම භයානක ප්රතිඵලයක් උදාකර ගන්නට ඉඩ ඇති කර ගන්නට එපා. එහෙම කිව්වෙ ඇයි කියල පැහැදිලි කරන්නම්.
මරණය අපිට ජීවිතේ ඕනෑම වෙලාවක උදා වෙන්නට පුළුවන්.. සසර ගමනේ අපි මීලඟට ලබන ආත්ම භාවය තීරණය වෙන්නෙ අපි එකතුකර ගත්තු කුසල්, අකුසල් මතයි. ඒ වගේම මීලඟ ආත්මභාවය මොකක්ද කියන දේට බලපාන දෙයක් තමයි චුති සිත. ඒ කියන්න මැරෙන මොහොතේ හිතට නැගෙන දේ. ඉතින් සහෝ, අපි දැනුවත්ව සිදි වන අකුසල් ක්රියා හෝ නොදැනුවත්ව සිදු වන, අපි අකුසල් යයි වරදවා සිතාගන්නා දේ ගැන ඔබට මැරෙන මොහොතේ මතක් උනොත්, ඒ සිතුවිල්ලෙන් ඔබ මිය ගියොත්, මීලඟ ප්රතිසන්ධිය එතරම් හොඳ නොවෙන්නට ඉඩ තියෙනවා..
නොදැන මැරෙන මදුරුවො හිතෙන් අල්ලගෙන ඉන්න එපා.. ඔබ මියයන මොහොතේ මදුරු මරනයක් මතක් උනොත් ...........
එළඹි සිහියෙන් ඉන්න සහෝ, ඔබ අතින් වෙන්නට පුළුවන් වැරදි මොනවාද කියල දැන ගන්න. ඒ වැරදි වෙන්නට ඉඩ දෙන්න එපා, එළඹි සිහියෙන් ඉන්න.
හැමෝටම කියන්නෙ.. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාල සම්බුදු දහම ඉතාම සරල බසින් නොගැඹුරුව පහදලා තියෙන පොතක් තමයි රෙරුකානේ චන්දවිමල මහනායක ස්වාමීන්වහන්සේ විසින් රචිත "බෞද්ධයාගේ අත්පොත" ග්රන්ථය. මෙතනින් download (http://www.ogatharana.org/) කරන්න පුළුවන්. අරන් කියවන්න.. ඔබට පැහැදිලි වේවි අපි මේ ජීවිතේ ගතකරන්නට ඕනි කෙසේද කියල.
තෙරුවන් සරණයි
Can you please talk about meat eating in Buddhism. I remember reading about some conditions (I think 3) that applies to eating meat.
Thank you
හැම හොඳ දේකටම බාදා එනව මචන් ඒ මේ ලෝකෙ හැටි ගනන් ගන්න එපා මචො නමුත් කවදක හරි ජයගන්නේ සතයය විතරයි![]()
Thank you chagu
This is what i was looking for. And thanks for the additional links.
I wish there was a separate category (a sub-forum) only for Buddhism discussions. There are lot of useful information on Buddhism all over the elekiri forum. All these threads should be moved to one place so people like me can easily find them. I have already made this suggestion to the administrators of this forum. I hope other members will also bring this to their attention.