ධර්ම සාකච්චා

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    අපි හැමෝම අපිට හෝ අපේ සමීප කෙනෙකුට ලෙඩක් දුකක් උනාම, ධර්මයේ පිහිට පතන වෙලාවල් තියෙනව නේද ?

    ඒ රෝගය, දුක වේදනාව උත්සන්න උනාම පිරිත් කියනවා, බෝධිපූජා කරනවා වගේ දේ කරල සුවය සැනසුම බලාපොරොත්තු වෙනව නේද ?

    ඔබ පිරිත් කිවු පලියට, බෝධිපූජා කල පලියට, අපේක්ෂිත සෙත ඔබට ඇතැම් විට නොලැබෙන්නේ ඇයි ?
    පොඩ්ඩක් හිතන්න.. තථාගතයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප පෙරුම් පුරා අප කෙරෙහි අනුකම්පාවෙන් දෙසූ ධර්මය, මැජික් මන්තර දර්මයක් නෙවෙයි. ඒ නිසා ඔබ කරන පිළිවෙත්, පිරිත් දෙසුම් වලින් සෙතක් ලබන්න නම් ඔබ සතුව ශීලය සමාධිය ප්‍රඥාව තිබිය යුතුයි.

    ඇතැම් වෙලාවට ඔබේ දෙමාපියන්ට, ඔබ ආදරය කරන අයට, බරපතල ලෙස අසනීප හෝ වෙනත් උවදුරකදී, ඔබ ශීලවන්තයෙක් නම්, පින් වන්තයෙක් නම් ඔබට පුළුවන් ඒ නමින් සත්‍යක්‍රියාවක් පවා කර අනතුරට පත් අයට සෙතක් ලබාදෙන්නට.

    මෙන්න මෙහෙමයි:
    බොදු ගිහියෙකුට වඩන්නට පංචශීලය තථාගතයන් වහන්සේ දේශනා කලා.
    කට්ටිය දන්නවද සිල් පදයක කොටස් දෙකක් කියල ?
    පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනවා..
    "පාණාතිපාතා වේරමණී" කියන්නෙ මම සතුන් නොමරමි.
    "සික්ඛාපදං සමාදියාමි" කියන්නෙ සතුන් නොමැරීමේ සීලය සමාදන් වෙමි කියලයි. සියලු සත්වග කෙරෙහි අනුකම්පාවෙන් කිසිම විටෙක පරපණ නසන්නේ නැත කියන එක අවබෝධයටයි.
    මේ වගේ අනිත් සිල් පදත් විග්‍රහ කර බලන්න.

    අපට හෝ වෙන කෙනෙකුට සෙත සඳහා සත්‍යක්‍රියාවක් කරන්නට නම් අපි ලඟ සීලය තිබිය යුතුයි.
    අපි කී දෙනෙක් සිල් පද පහම දිවි හිමියෙන් රකිනවද ?

    මම ජීවිතයේ කිසිම දිනක :
    • සතුන් මරා නැත්තෙමි
    • අනුන්ගේ දෙය සොරා නොගත්තෙමි
    • කාමයෙහි වරදවා නොහැසිරුනෙමි
    • බොරු වලින් අනෙකුන් මුලා නොකලෙමි
    • සුරාවෙන් මත්ව ප්‍රමාදයේ නොගැලුනෙමි

    මේ බව සත්තයි නම්, මාගේ <මා ආදරය කරන කෙනාගේ / අයගේ > මේ රෝග / දුක් සන්හිඳේවා. සුවපත් වේවා කියල සත්‍යක්‍රියා කරන්නට අපි කී දෙනෙකුට අවංකව පුළුවන්ද ?

    දැන් වත් පරක්කු නෑ.. උත්සාහ කරන්න.. සිල් පද පහම දිවිහිමියෙන් , අවබෝධයෙන් රකින්නට.
    පහක් බැරිනම් සිල්පද හතරක් රකින්න
    හතරක් බැරිනම් සිල්පද තුනක් රකින්න
    තුනක් බැරිනම් සිල්පද දෙකක් රකින්න
    දෙකක් බැරිනම් සිල් පද එකක් වත් රකින්න මගේ යාළුවනේ.. !

    ඔබට කවදාවත් වරදින්නේ නෑ.. ඒ සිල් පදය අවබෝධයෙන් රැකි පිනෙන් ඔබට, ඔබේ ආදරය කරන අයට සෙත සලසන්නට ඔබට හැකි වේවි.

    මා මෙතුවක් කලක් කිසිවිටෙක වුවමනාවෙන්ම අනුන්ගේ ප්‍රාණය නොනැසුවෙමි-ඒ ශීලය රැක්කෙමි,
    මා කිසිදු විටෙක අනුන් සතු දෙයක් සොරා නොගත්තෙමි -ඒ ශීලය රැක්කෙමි,
    මා මෙතුවක් කලක් කාමයෙහි වරදවා නොහැසිරුනෙමි -ඒ ශීලය රැක්කෙමි,
    මා මෙතුවක් කලක් මුසාවාදයෙන් අනුන් මුලා නොකලෙමි -ඒ ශීලය රැක්කෙමි,
    මා මෙතුවක් කලක් කුසලයෙහි ප්‍රමාද කරවන්නවූ අගතිගාමී වූ සුරාවෙන් වෙන් වූයෙමි -ඒ ශීලය රැක්කෙමි.
    ඒ බැව් සත්‍යයි නම් මාගේ / මාගේ <හිතවතාගේ> රෝග සුවවේවා, සෙත සැලසේවා කියා සත්‍යක්‍රියා කරන්න. සෙත සැලසේ.


    මතකයි නෙ.. පිරිත් වනාහි මන්තර නොවේ. බෝධි පූජා වනාහි මන්තර, ගුරුකම් නොවේ, සත්‍යක්‍රියා වනාහි දුසිල්වතුන් ට කල හැකි දෑ නොවේ, දුස්සීලයන් ගේ ආයාචනා දෙවියන් කණ නොවැකේ.

    ඔබ අවබෝධයෙන් පිළිවෙත් පුරන්න.. සීලයෙහි පිහිටන්න, පින් කරන්න, කුසල් වඩන්න.
    ඔබට තෙරුවන් සරණයි
     

    flynnrider

    Member
    Jul 20, 2012
    32
    3
    0
    චගු;12448182 said:
    "පාණො හවෙ පාණසඤ්ඤි - වධක චිත්ත මුපක්කමෝ
    තේන ජීවිතනාසෝ ච - අංගා පඤ්ච වධස්සිමේ"


    ඔබ මේ කියන්නෙ ප්‍රාණඝාත අකුසලය ගැන වෙන්න ඇති කියල හිතනවා. මෙහෙමයි තථාගතයන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ;
    සත්වයෙකුගේ ජීවිතය ස්වභාවිකව පැවතිය යුතු තරම් කල් පවත්නට ඉඩ නොදී, යම් කිසි ක්‍රමයකින් අතරක දී විනාශ කිරීම ප්‍රාණඝාතය වේ. එය ප්‍රාණඝාත අකුසලය බවට පත් වීමට කරුණු පහක් සම්පූර්‍ණ විය යුතුය;


    • පණ ඇති සතෙකු වීමය
    • පණ ඇති සතෙකු බව දැන ගැනීමය
    • මරනු කැමති සිත ය
    • මරන්නට උපක්‍රම කිරීමය
    • ඒ උපක්‍රමය නිසා සත්වයාගේ මරණය සිදු වීමය

    මේ නම් ප්‍රාණඝාත අකුසලයේ මූලික සාධක වේ. මේ පඤ්චාංගය සම්පූර්ණ නොවී, යමෙකු අතින් සතෙකු ගේ මරණය සිදු වුවද ඔහුට ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ.

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    මට හිතෙනව මෙන්න මේ ටිකත් ඔබට කිව යුතුයි කියල:

    ඉහත කී කරුණු වලිනුත්, මුලින් wp19 මිතුරා කී කරුණු වලිනුත් ඔබට පැහැදිලි ඇති ඔබ අතින් නොසිතා මදුරුවෙකු මැරීමේදී අකුසලයක් සිදු වෙන්නෙ නෑ කියල. නමුත් ඔබ මේ ඇසුරෙන් ඔබටම බොහොම භයානක ප්‍රතිඵලයක් උදාකර ගන්නට ඉඩ ඇති කර ගන්නට එපා. එහෙම කිව්වෙ ඇයි කියල පැහැදිලි කරන්නම්.

    මරණය අපිට ජීවිතේ ඕනෑම වෙලාවක උදා වෙන්නට පුළුවන්.. සසර ගමනේ අපි මීලඟට ලබන ආත්ම භාවය තීරණය වෙන්නෙ අපි එකතුකර ගත්තු කුසල්, අකුසල් මතයි. ඒ වගේම මීලඟ ආත්මභාවය මොකක්ද කියන දේට බලපාන දෙයක් තමයි චුති සිත. ඒ කියන්න මැරෙන මොහොතේ හිතට නැගෙන දේ. ඉතින් සහෝ, අපි දැනුවත්ව සිදි වන අකුසල් ක්‍රියා හෝ නොදැනුවත්ව සිදු වන, අපි අකුසල් යයි වරදවා සිතාගන්නා දේ ගැන ඔබට මැරෙන මොහොතේ මතක් උනොත්, ඒ සිතුවිල්ලෙන් ඔබ මිය ගියොත්, මීලඟ ප්‍රතිසන්ධිය එතරම් හොඳ නොවෙන්නට ඉඩ තියෙනවා..
    නොදැන මැරෙන මදුරුවො හිතෙන් අල්ලගෙන ඉන්න එපා.. ඔබ මියයන මොහොතේ මදුරු මරනයක් මතක් උනොත් ...........
    එළඹි සිහියෙන් ඉන්න සහෝ, ඔබ අතින් වෙන්නට පුළුවන් වැරදි මොනවාද කියල දැන ගන්න. ඒ වැරදි වෙන්නට ඉඩ දෙන්න එපා, එළඹි සිහියෙන් ඉන්න.

    හැමෝටම කියන්නෙ.. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාල සම්බුදු දහම ඉතාම සරල බසින් නොගැඹුරුව පහදලා තියෙන පොතක් තමයි රෙරුකානේ චන්දවිමල මහනායක ස්වාමීන්වහන්සේ විසින් රචිත "බෞද්ධයාගේ අත්පොත" ග්‍රන්ථය. මෙතනින් download (http://www.ogatharana.org/) කරන්න පුළුවන්. අරන් කියවන්න.. ඔබට පැහැදිලි වේවි අපි මේ ජීවිතේ ගතකරන්නට ඕනි කෙසේද කියල.
    තෙරුවන් සරණයි


    Can you please talk about meat eating in Buddhism. I remember reading about some conditions (I think 3) that applies to eating meat.

    Thank you
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    Can you please talk about meat eating in Buddhism. I remember reading about some conditions (I think 3) that applies to eating meat.

    Thank you


    ඔබ අහන්නේ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ගැන යයි සිතමි.

    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය හා ත්‍රිකෝටි පාරිශුද්ධ නොවන මාංශය යනුවෙන් මාංශයන් වර්ග කළ හැකිය. මෙහිදී වක්‍රකාරව හෝ ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙන්නේ ත්‍රිකෝටි පාරිශද්ධ නොවන මාංශය අනුභවයෙන් පමණි. ත්‍රිකෝටි පාරිශද්ධ මාංශය ආහාරයට ගැනීමෙන් ප්‍රාණඝාත අකුසලයක් සිදුනොවේ.

    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය යනු
    තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
    තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
    තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං) සත්ත්ව මාංශයයි.

    මෙය දැනට සමාජයේ ගැටළුවකට, විවාදයකට පත්ව ඇති මාතෘකාවක් බව පෙනේ.
    මේ ගැන ම සාකච්ඡා වන වෙනම ත්‍රෙඩ් එකක් ඇත;
    http://www.elakiri.com/forum/showthread.php?t=641127

    මම ඒ නිසා මේ ගැන මගේ මතය පමණක් දක්වන්නම්:
    සම්මා සම්බුදු රජාණන්වහන්සේ දේශනා කලේ පරම අවිහිංසාවාදී ධර්මයකි. තමා මෙන්ම අනුනටද කිසිදු අයුරකින් හිංසාවක්, පීඩාවක් නොකර ශීල, සමාධි, ප්‍රඥා ගුණයෙන්; මෙත්තා, මුදිතා, කරුණා, උපෙක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයෙන් සමාජයට, තමා අවට සතුනට, සියල්ලන්ටම හිතවත්ව වාසය කරන ලෙස උන්වහන්සේ අපට මඟ පෙන්වූවා. ඒ ඇසුරුකරගෙන සසර දුක් නිවා ගන්නා අයුරු දේශනා කලා.

    ඉතින් මම හැකි සැම වෙලාවකම සතෙකුට වත් හිංසාවක් සිදු නොවෙන්න ජීවත් වෙන්න උත්සාහ කරනවා.

    Supermarket එකේ freezers වල ඇති sausages, chicken drumsticks, fish-fillets, meat balls වලින් මට ප්‍රාණඝාත අකුසලයන් සිදු වන්නේ නෑ.
    නමුත් මාංශ කෑවොත් demand- supply chain එකේ සෘජුවම, පැහැදිළිවම මම ඉන්නවා. සතෙකු ඒ demand- supply chain නිසා කොහේ හෝ මස් කඩයක දී දරුණු වධයට භාජනය වී මිය යනවා.
    මට ඒ අහින්සකයෙක් ගෙ ප්‍රාණය අහිමි කරන ක්‍රියාදාමයට සම්බන්ධ වන්නට කිසිම උවමනවක් නෑ.
    ඒ නිසා මම මස්. මාලු, බිත්තර අනුභව කරන්නේ නැත.

    මේ කිව්වෙ මම දකින හැටි.

    ඇතැම් විට යම් කෙනෙක් මෙය නොපිලිගන්නට පුළුවන්.
    එක දෙයයි මට කියන්න තියෙන්නෙ. ඔබ ඔබේ අදහස සම්මා සම්බුදු රජාණන්වහන්සේ ගේ ධර්මය අනුව විමසා බලන්න.
    ඔබට ප්‍රඥාව පහල වේවා
    තෙරුවන් සරණයි


    මෙයත් කියවා බලන්න : http://www.divaina.com/2010/09/13/pansala01.html
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    හැම හොඳ දේකටම බාදා එනව මචන් ඒ මේ ලෝකෙ හැටි ගනන් ගන්න එපා මචො නමුත් කවදක හරි ජයගන්නේ සත‍යය විතරයි :)

    නමුත් කවදක හරි ජයගන්නේ සත‍යය විතරයි
     

    flynnrider

    Member
    Jul 20, 2012
    32
    3
    0
    Thank you chagu

    This is what i was looking for. And thanks for the additional links.

    I wish there was a separate category (a sub-forum) only for Buddhism discussions. There are lot of useful information on Buddhism all over the elekiri forum. All these threads should be moved to one place so people like me can easily find them. I have already made this suggestion to the administrators of this forum. I hope other members will also bring this to their attention.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    Thank you chagu

    This is what i was looking for. And thanks for the additional links.

    I wish there was a separate category (a sub-forum) only for Buddhism discussions. There are lot of useful information on Buddhism all over the elekiri forum. All these threads should be moved to one place so people like me can easily find them. I have already made this suggestion to the administrators of this forum. I hope other members will also bring this to their attention.

    Thanks machan
    good suggestion. I also hope the admins would consider this.
    Anyways, if you have question/points to clarify/ points to share with us on Buddhism, please lets discuss.