ධර්ම_ගැටළුවක්

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඉදිරියේ රාළ;19418401 said:

    සංයුත්ත නිකායේ මාරසංයුත්තයට අයත් කස්සක සූත්‍රය . එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සමූහයාට නිවන් පිළිබඳවූ දහම් කථාවෙන් කරුණු දක්වනසේක. කරුණු සිතෙහි ගන්වනසේක. එහි උන්වහන්සේලා උනන්දු කරවනසේක. පී‍්‍රතියට පත් කළ සේක. උන්වහන්සේලාගේ සිත් පී‍්‍රති කළසේක. ඒ භික්ෂු සමූහයා ද එයට කැමැතිව, සිත්හි ලාගෙන, මුළු සිතින්ම එක්කොටගෙන යොමාලු කන් ඇතිව බණ අසත්, එහි නිරතව සිටිත්. එවිට පාපී මාරයාට මේ අදහස විය. “මේ ශ්‍රමණ ගෞතමයා නිවන් පිළිබඳවූ දහම් කථායෙන් භික්ෂු සමූහයාට කරුණු දක්වයි. කරුණූ සිතෙහි ගන්වයි. එහි ඔවුන් උනන්දු කරවයි. ඔවුන් සිත පී‍්‍රතිකරවයි. ඒ භික්ෂූහු ද එයට කැමැතිව, සිත්හි ලා ගෙන, මුළු සිතින්ම එක්කොටගෙන යොමාලු කන් ඇතිව බණ අසත්, ඔවුන් නුවණැස් අවුරනු සඳහා මහණ ගොහුම්හු කරා යන්නෙම් නම් යෙහෙක” යනුවෙනි. පාපී මාරයා ගොවියෙකුගේ වෙස් ගෙන, මහ නගුලක් කරෙහි තබාගෙන, දික් කැවිටි ලීයක් අතින් ගෙන, විසිරගිය කෙස් ඇතිව, හණ රෙද්දක් පොරවාගෙන, මඩ වැකුණු පයින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේ ය. පැමිණ, “මහණ, මා ගොනුන් දුටුයෙහිදැයි” යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය. අථ ඛො මාරො පාපිමා කස්සකවණ්ණං අහිනිම්මිනිත්වා මහන්තං නංගලං බන්ධෙ කරීත්වා දීඝපාවනයට්ඨිං ගහෙත්වා හටහටකෙසො සාණසාටිනිවත්ථො කද්දමමක්ඛිතෙහි පාදයෙහි යෙන භගවා තෙනුපසංකම්, උපසංකමිත්වා භගවන්තං එතදවොච ‘අපි, සමණ, බලීබද්දෙ අද්දසා’ති “පව්කාරය, තට ගොනුන්ගෙන් කවර වැඩෙක්ද?” “කිං පන, පාපිම, තෙ බලීබද්දෙහි”ති “යනුවෙන් ප්‍රශ්න කළහ. එවිට මාරයා බුදුරජාණන් වහන්සේ තමන් හැඳිනගත් බව දැන මෙසේ පැවසීය. මහණ, ඇස මගේමය, රූප මගේමය, ඇස හා රූපයාගේ පහසින් උපදනා විඤ්ඤාණායතනයද මගේමය, එසේ වූ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? මහණ, කනද මගේමය, හඬද මගේමය, කන හි හඬෙහි පහසින් උපදනා විඤ්ඤාණායතනයද මගේමය. එසේ වූ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? නැහැය මගේමය. ගඳද මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤ්ඤාණායතනයද මගේමය. එසේ වූ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? දිව මගේමය, රසද මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤ්ඤාණායතනයද මගේමය. එසේ වූ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? කයද මගේමය, එහි හැපෙන දේත් මගේමය. ඒ දෙකෙහි පහසින් උපදනා විඤ්ඤාණයද මගේමය. එසේ වූ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? මනස මගේමය, දහම් අරමුණුත් මගේමය. ඒ දෙකෙහි පහසින් උපදනා විඤ්ඤාණායතනයත් මගේමය. එසේ වූ කල මහණ, කොහි ගොස් මගෙන් ගැළවෙන්නෙහිද? එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “පව්කාරය, ඇස තගේමය, රූප තගේමය. ඇස හා රූපයෙන් හටගන්නා විඤ්ඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි ඇසත් නැත්තම්, රූපයත් නැත්නම්, ඇස් පහසින් උපදනා විඤ්ඤාණයත් නැත්නම්, එහි තාගේ ගමනක් නැත. පව්කාරය, කනද තගේමය, ශබ්දයද තගේමය, කන හා ශබ්දයෙන් උපදනා විඤ්ඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි කනත් නැත්නම්, ශබ්දයත් නැත්නම්, කනෙහි පහසින් උපදනා විඤ්ඤාණයත් නැත්නම්, එහි තාගේ ගමනක් නැත. “පව්කාරය, නැහැය තගේමය, ගඳ තගේමය, නහය හා ගඳෙන් උපදනා විඤ්ඤාණායතනය ද තගේමය, පව්කාරය, යම්තැනෙක වනාහි නහයත් නැත්නම්, ගඳත් නැත්නම්, ගඳෙන් උපදනා විඤ්ඤාණයත් නැත්නම්, එහි තගේ ගමනක් නැත. “පව්කාරය, දිව තගේමය, රසත් තගේමය, දිව හා රසෙන් උපදනා විඤ්ඤාණායතනයද තගේමය. පව්කාරය. යම්තැනෙක වනාහි දිවත් නැත්නම්, රසත් නැත්නම්, දිවේ පහසින් උපදනා විඤ්ඤාණයත් නැත්නම්, එහි තගේ ගමනක් නැත. “පව්කාරය, සිත තගේමය. සිත් අරමුණු තගේමය. සිත හා සිත් අරමුණෙන් උපදනා විඤ්ඤාණායතනයද තගේමය. පව්කාරය, යම් තැනෙක වනාහි සිතත් නැත්නම් සිත් අරමුණත් නැත්නම් සිතේ පහසින් උපදනා විඤ්ඤාණයත් නැත්නම් එහි තාගේ ගමනක් නැත. එවිට මාරයා මෙසේ කීය. “යමෙකුට මෙය මගේය” යි කියත් ද, යම් කෙනෙක්, මෙය මගේය යි කියත් ද, එතන්හි ඉදින් ඔබගේ සිත ඇත්තේ නම්, මහණ, ඔබට මගේ මිදීමෙක් නැත. ‘යං වදන්ති මම යිදන්ති යෙ වදන්ති මමන්තිච ඵත්ථ චෙ තෙ මනො අත්ථි න මෙ සමණ මොක්ඛසී’ ති. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. “යමෙක් මෙය මගේය.” කියත් ද, ඒ කිසිත් මගේ නොවේ. යම් කෙනෙක් හෝ මෙය මගේය යි කියත්ද, මම ඒ කිසිවෙකුත් නොවෙමි. පාපිය, කාරණය මෙසේ දනුව, මා ගිය මාර්ගයවත් තෝ නොදත්තෙහිය. “යං වදන්ති න තං මය්හං යෙ වදන්ති න තෙ අහං එවං පාපිම ජානාහි න මෙ මග්ගම්පි දක්ඛසී” ති. එවිට ඒ පාපී මාරයා පැහැදිලිවම භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන් විය.

    මහණෙනි, ලෝකය නතරවෙන්නෙ මෙහෙමයි.

    (1) ඇස හා රූපය නිසා චක්ඛුවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා ජරා මරණාදිය නැති වෙනවා. මේ විදියට මෙම හුදකලා දුක් සමූහය නැති වෙනවා.

    (2) කණත් ශබ්දයත් නිසා සෝතවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා ජරා මරණාදිය නැති වෙනවා. මේ විදියට මෙම හුදකලා දුක් සමූහය නැති වෙනවා.

    (3) නැහැය හා ගන්ධය නිසා ඝාණවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා ජරා මරණාදිය නැති වෙනවා. මේ විදියට මෙම හුදකලා දුක් සමූහය නැති වෙනවා.

    (4) දිව හා රසය නිසා ජිව්හාවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා ජරා මරණාදිය නැති වෙනවා. මේ විදියට මෙම හුදකලා දුක් සමූහය නැති වෙනවා.

    (5) කය හා ස්පර්ශය නිසා කායවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා ජරා මරණාදිය නැති වෙනවා. මේ විදියට මෙම හුදකලා දුක් සමූහය නැති වෙනවා.

    (6) මනසත් ධර්මයත් නිසා මනොවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා ජරා මරණාදිය නැති වෙනවා. මේ විදියට මෙම හුදකලා දුක් සමූහය නැති වෙනවා.

    මහණෙනි, මේ කිව්වේ ලෝකය නතර වන හැටියි."

    තථාගතයන් වහන්සේ ලෝකය නිර්ම‌‍‌‌‌‍‍‌‌ාණය වන ආකාරය ඉතා හොඳටත් පැහැදිළිවත්, දේශණා කර ඇති බව මෙයින් සිතට ගත හැකිය. මෙම ලෝක නිර්මාණය පැහැදිළි කළ හැකි වෙනත් සමතෙක් දෙවියන් බඹුන් මරුන් මිනිසුන් ඇතුළු කිසිම කෙනෙක් නැත. අන්ධයෝ කුමක් නොකියද්ද ...

    සංයුක්ත නිකාය..

    සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වීමට මෙම පින හේතුවාසනා වේවා
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    hi

    යමෙක් නිවන් මාර්ග සිත ලබපු මොහෙතේ සිට කලින් කරපු පින් පව් අහෝසි වෙනවා . කියන කතාව පිළිගන්න අමාරුයි සහෝ

    වැරදීමක් සිදු වී ඇත .

    මා අදහස් කලේ රහතන් වහන්සේ නිවන් මාර්ග සිත පහල වුනාට පස්සේ ,උන්වහන්සේගේ සිතෙන් පින් පව් කරන්නේ නැ කියන එක.
    ක්‍රියා සිත් පමණයි හටගන්නේ .

    රහතන් වහන්සේටත් කරපු පින් පව් පළදෙනවා . අහෝසි වීමක් සිදු නොවේ .
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    පටිච්ච සමුප්පාදයේ අවිද්‍යාව නැතිකිරීමෙන් ඔක්කොම නැත්වෙනව බුං
     
    dinushamotion

    Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    නිවන් දැකපු හිතක චේතනා,අධිෂ්ඨාන,ප‍්‍රාර්ථනා,අභිනිවේෂ නැහැ.සරලව කිව්වොත් හිත භාහිර ඉන්ඳ්‍රිය ගෙන් අරමුණු ගන්නෙ නැහැ,ඒ වගේ ව‍යංජන අනු ව‍‍්‍යංජන බලන්න යන්නෙත් නැහැ.ඒ හිත ශුන‍්‍යයි.දෙයක් දැක්කොත් දැක්ක විතරයි අැසුනොත් අැසුනා විතරයි..ඒ හිතේ ආතතියක් නෑ මානසික අසහන නෑ.නිවන කියන්නෙ අන්න ඒ වගේ ප‍්‍රනීත තැනක්..හැබැයි ගොඩක් අය කාම ලෝකයේ ලබන සැපය නිවනෙත් අැතියි කියල හිතනවා.ඒක තමයි ගොඩක් අය වරද්ද ගන්න තැන.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිවන කියන එක අපි හිතනවට වඩා බොහොම සරල දෙයක් කියල මට හිතෙන්නෙ. මොකද ඉස්සර කාලේ බුදුහාමුදුරුවන්ගෙන් වචන දෙක තුනක් බන අහපු බොහොම සාමාන්‍ය මිනිස්සු නිවන අවබෝධ කරගෙන තියෙනවා කියල කියනවනෙ. මට හිතෙන්නෙ මේ ලෝකේ තියෙන දේවල්වලට තියෙන ආසාව අතෑරලා හැම දෙකම අනිත්‍ය අවබෝධ වුනාම ඒකම නිවනක් වෙනව කියල.
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    නිවන ගැන විස්තර කරන්නනම් මම ඇත්තටම දන්නෙ නැහැ. මොකද මම නිවන් අහලකටවත් ගිහින් නැහැ තවම :(
    එත් යන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

    මට තේරෙන විදිහට (මම තනියම හොයාගත්ත දෙයක් නෙවේ. බන අහල, බන පොත් කියවල තේරුම් ගත්ත දේ)

    "නිවන" කියන්නේ... නැවත ඉපදීම නැවත්වීම, එහෙම නැතිනම් සතර අපායේ වැටීමට ඇති මාර්ග වැලැක්වීමයි.

    ඉපදීම කියන එක ගත්තොත්, ඉපදුන මොහෙතේ පටන් අපි විඳින්නෙ සැපක්ද දුකක්ද? ඇත්තටම කිව්වොත් අපි විඳින්නේ දුකක්මයි. කැමති දේ නොලැබීම, අකමැති දේ ලැබීම, ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන්වීම, අප්‍රිය පුද්ගලයන් හා එක්වීමට සිදුවීම, ලෙඩ වීම, මහලු වීම, මරණය, එකී මෙකි නොකී සියලු දේ නොහොත් මේ පංච උපදානස්කන්දයම දුකක්. ඉතින් මේ දුක අපිට ලැබෙන්නේ ඇයි. ඒ ඉපදීම නිසා. ඉතින් ඉපදීම නවත්වන නිවන සැපයක්මයි.

    :yes::yes::yes::yes::yes::yes: Simply explained..
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    නිවන කියන එක අපි හිතනවට වඩා බොහොම සරල දෙයක් කියල මට හිතෙන්නෙ. මොකද ඉස්සර කාලේ බුදුහාමුදුරුවන්ගෙන් වචන දෙක තුනක් බන අහපු බොහොම සාමාන්‍ය මිනිස්සු නිවන අවබෝධ කරගෙන තියෙනවා කියල කියනවනෙ. මට හිතෙන්නෙ මේ ලෝකේ තියෙන දේවල්වලට තියෙන ආසාව අතෑරලා හැම දෙකම අනිත්‍ය අවබෝධ වුනාම ඒකම නිවනක් වෙනව කියල.

    නිවන තමයි මේ ලෝකේ දුර්ලභම කෙනෙක්ට සාක්ෂාත් කරන්න අමාරුම දේ
    ඒ කාලේ එහෙම ධර්මය අවබෝධ උනේ ඒ කට්ටිය සංසාරේ නිවනට අවශ්‍ය කාරණා වඩලා
    තිබ්බ නිසා ..! බුදු හාමුදුරුවෝ මේ ලෝකේ නෙලුම් පොකුණකට උපමා කරා කියල අහල ඇති
    ඒ වගේ පිපෙන්න ලග මල් තිබ්බ එඅයට පොඩි කාරනාවක් තුලින් සත්‍ය අවබෝධ කරගැනීමේ හැකියාව තිබ්බ :yes:
    තව දෙයක් තියනවා එක තමයි සාමුක්ඛංසික ධර්ම දේශනාව
    මේ දේශනාව දේශනා කරන්න පුළුවන් බුදුරජන්වහන්සේ කෙනෙක්ට පමණයි
    ධර්මයේ සදහන් වෙන විදිහට මේ දේශනාව දවසක් විතර දේශනා කරනවා
    මේ තුලින් පින තියේනම් කෙනෙක්ට සත්‍ය අවබෝධ කරවන්න හැකියාවක් තිබ්බ
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    වැරදීමක් සිදු වී ඇත .

    මා අදහස් කලේ රහතන් වහන්සේ නිවන් මාර්ග සිත පහල වුනාට පස්සේ ,උන්වහන්සේගේ සිතෙන් පින් පව් කරන්නේ නැ කියන එක.
    ක්‍රියා සිත් පමණයි හටගන්නේ .

    රහතන් වහන්සේටත් කරපු පින් පව් පළදෙනවා . අහෝසි වීමක් සිදු නොවේ .

    :yes::yes:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    නිවන් දැකපු හිතක චේතනා,අධිෂ්ඨාන,ප‍්‍රාර්ථනා,අභිනිවේෂ නැහැ.සරලව කිව්වොත් හිත භාහිර ඉන්ඳ්‍රිය ගෙන් අරමුණු ගන්නෙ නැහැ,ඒ වගේ ව‍යංජන අනු ව‍‍්‍යංජන බලන්න යන්නෙත් නැහැ.ඒ හිත ශුන‍්‍යයි.දෙයක් දැක්කොත් දැක්ක විතරයි අැසුනොත් අැසුනා විතරයි..ඒ හිතේ ආතතියක් නෑ මානසික අසහන නෑ.නිවන කියන්නෙ අන්න ඒ වගේ ප‍්‍රනීත තැනක්..හැබැයි ගොඩක් අය කාම ලෝකයේ ලබන සැපය නිවනෙත් අැතියි කියල හිතනවා.ඒක තමයි ගොඩක් අය වරද්ද ගන්න තැන.

    :yes::yes::yes:
     
    නිවන කියන එක අපි හිතනවට වඩා බොහොම සරල දෙයක් කියල මට හිතෙන්නෙ. මොකද ඉස්සර කාලේ බුදුහාමුදුරුවන්ගෙන් වචන දෙක තුනක් බන අහපු බොහොම සාමාන්‍ය මිනිස්සු නිවන අවබෝධ කරගෙන තියෙනවා කියල කියනවනෙ. මට හිතෙන්නෙ මේ ලෝකේ තියෙන දේවල්වලට තියෙන ආසාව අතෑරලා හැම දෙකම අනිත්‍ය අවබෝධ වුනාම ඒකම නිවනක් වෙනව කියල.

    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිවන තමයි මේ ලෝකේ දුර්ලභම කෙනෙක්ට සාක්ෂාත් කරන්න අමාරුම දේ
    ඒ කාලේ එහෙම ධර්මය අවබෝධ උනේ ඒ කට්ටිය සංසාරේ නිවනට අවශ්‍ය කාරණා වඩලා
    තිබ්බ නිසා ..! බුදු හාමුදුරුවෝ මේ ලෝකේ නෙලුම් පොකුණකට උපමා කරා කියල අහල ඇති
    ඒ වගේ පිපෙන්න ලග මල් තිබ්බ එඅයට පොඩි කාරනාවක් තුලින් සත්‍ය අවබෝධ කරගැනීමේ හැකියාව තිබ්බ :yes:
    තව දෙයක් තියනවා එක තමයි සාමුක්ඛංසික ධර්ම දේශනාව
    මේ දේශනාව දේශනා කරන්න පුළුවන් බුදුරජන්වහන්සේ කෙනෙක්ට පමණයි
    ධර්මයේ සදහන් වෙන විදිහට මේ දේශනාව දවසක් විතර දේශනා කරනවා
    මේ තුලින් පින තියේනම් කෙනෙක්ට සත්‍ය අවබෝධ කරවන්න හැකියාවක් තිබ්බ

    ඔව් මම නිවන ගැන අඩු තක්සේරුවකින් කතා කළා නෙවේ. මම කිවේ අපි සහ අද ඉන්න හාමුදුරුවරු ධර්මය තේරුම් ගන්න සහ එක කියල දෙන එකේ මොකක් හරි වැරද්දක් ඇති කියල. නැත්තන් බුදුහාමුදුරුවෝ සහ රහතන් වහන්සේලා ඉන්න කාල වල උන්වහන්සේලාගෙන් බන අහපු අයට ඉක්මනින් ධර්මය අවබෝධ වෙන්නයි අද කාලේ මෙහෙම වෙන්නයි හේතුවක් නෑනෙ. නිවන කියන්නෙ සංසාර ගානක් පෙරුම් පුරලා ගන්න ඕන දෙයක් කියල මම හිතන්නේ නෑ. ඕනෑම කෙකෙක්ට නිවැරදි අවබෝධය තියෙනවනං, නිවැරදි මග පෙන්වීම තියෙනවනන් නිවන අවබෝධ කරගන්න පුළුවන් කියලයි මට හිතෙන්නෙ. අපිට අද නැත්තෙත් ඔය නිවැරදි මග පෙන්වීම කියලයි මට හිතෙන්නෙ.
     
    නිවැරදි මගපෙන්වීම අදටත් අඩුවෙලා නෑ මචන් ..අතරින් පතරඇති ධර්මය වෙනස් කරන අය
    නමුත් සමස්ථය අද චතුරාර්ය සත්‍ය දේශනා කරනවා ,ඒවගේම අධිගම ලාබී ස්වාමීන්වහන්සේලා/ගිහි පින්වතුන් නැතැයි කියන්න බෑ
    නිවැරදි මග පෙන්වීම තිබ්බට ඒක අපිට අවභොඩ කිරීමට තරම් ප්‍රඥාව දියුණු නැති එකයි ගැටලුව
    උදාහරණයක් විදිහට මොන්ඩිසුරි ළමයෙක්ට අවකලනය ගැන පාඩමක් කියල දුන්නට තේරෙන්නේ නෑ නේ ..අන්න ඒ වගේ

    ප්‍රඥාව දියුණු කරන්න සංසාර ගානක් පෙරුම් පුරන්න ඕනේ ..! නෙක්ඛම්මය කියන දේ භාවනාම මගින් සංසාරේ පුරුදු කරපු කෙනක් වෙන්න ඕනේ රහත් වෙන්න හෝ මාර්ගඵල අවභොඩ කරන්න

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මචන් මගේ ප්‍රශනෙ තමයි. නිවන් දැක්කම අපි සංස්කාර හදන එක නවත්තනවද. නවත්තනවා නම් අපිට පුටුවක් මොන විදියට ද පේන්නේ. අපි ඒකට පුටුවම කියනවද නැත්නම් මොකක්ද වෙන්නේ. මට මේක තේරෙන්නෙ නෑ.
     
    මචන් මගේ ප්‍රශනෙ තමයි. නිවන් දැක්කම අපි සංස්කාර හදන එක නවත්තනවද. නවත්තනවා නම් අපිට පුටුවක් මොන විදියට ද පේන්නේ. අපි ඒකට පුටුවම කියනවද නැත්නම් මොකක්ද වෙන්නේ. මට මේක තේරෙන්නෙ නෑ.

    නිවන් දැක්කම , රූප වලින් වේදනා හටගෙන ඊට අනුරූපව මනසින් සංඥා මතුවෙන එක නතර වෙනව ලු.
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මචන් මගේ ප්‍රශනෙ තමයි. නිවන් දැක්කම අපි සංස්කාර හදන එක නවත්තනවද. නවත්තනවා නම් අපිට පුටුවක් මොන විදියට ද පේන්නේ. අපි ඒකට පුටුවම කියනවද නැත්නම් මොකක්ද වෙන්නේ. මට මේක තේරෙන්නෙ නෑ.

    අපි බාහිර ලෝකේ දකින කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ මචං
    වෙනස් වෙන්නේ ඒවාට ඇලීමක් වට ගැටීමක් වත් ඇති නොවෙන එක කෙටියෙන්ම කිව්වොත් සංස්කාර සකස් වෙන්නේ නෑ
    එක හරියට උදාහරණයක් විදිහිට කිව්වොත් නෙලුම් කොලේට වතුර වැටුනට එක කොලේට උරා ගන්නේ නැතුව ලෙස්සල යනවා වගේ

    අපැහැදියි නම් තව පැහැදලි කරලා දෙන්නම් මචන් :yes::yes:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    නිවැරදි මගපෙන්වීම අදටත් අඩුවෙලා නෑ මචන් ..අතරින් පතරඇති ධර්මය වෙනස් කරන අය
    නමුත් සමස්ථය අද චතුරාර්ය සත්‍ය දේශනා කරනවා ,ඒවගේම අධිගම ලාබී ස්වාමීන්වහන්සේලා/ගිහි පින්වතුන් නැතැයි කියන්න බෑ
    නිවැරදි මග පෙන්වීම තිබ්බට ඒක අපිට අවභොඩ කිරීමට තරම් ප්‍රඥාව දියුණු නැති එකයි ගැටලුව
    උදාහරණයක් විදිහට මොන්ඩිසුරි ළමයෙක්ට අවකලනය ගැන පාඩමක් කියල දුන්නට තේරෙන්නේ නෑ නේ ..අන්න ඒ වගේ

    ප්‍රඥාව දියුණු කරන්න සංසාර ගානක් පෙරුම් පුරන්න ඕනේ ..! නෙක්ඛම්මය කියන දේ භාවනාම මගින් සංසාරේ පුරුදු කරපු කෙනක් වෙන්න ඕනේ රහත් වෙන්න හෝ මාර්ගඵල අවභොඩ කරන්න

    උඹ මේ කියන එක ඇත්ත නම් නිවන කියන්නේ අමූලික බොරුවක්. අපිට බුදු හාමුදුරුවෝ දේශනා කරන්නෙම සංසාරයට තියෙන ඇල්ම නැති කර ගෙන පුලුවන් තරම් ඉක්මනින් නිවන් දකින්න කියන එක. නිවන් දකින්න පෙරුම් පුරා ගෙන සංසාරේ යනවා කියනනේ නිවනට තණහාව ඇති කර ගන්න එක. ඒක කොහොමටත් වෙන්න බෑ. අතාරිනවා කියන්නේ ඔක්කොම අත අරින එක. නිවන කියන එක අල්ල ගත්තොත් ආයේ නිවනට බැඳීමක් ඇති වෙනවා.
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    උඹ මේ කියන එක ඇත්ත නම් නිවන කියන්නේ අමූලික බොරුවක්. අපිට බුදු හාමුදුරුවෝ දේශනා කරන්නෙම සංසාරයට තියෙන ඇල්ම නැති කර ගෙන පුලුවන් තරම් ඉක්මනින් නිවන් දකින්න කියන එක. නිවන් දකින්න පෙරුම් පුරා ගෙන සංසාරේ යනවා කියනනේ නිවනට තණහාව ඇති කර ගන්න එක. ඒක කොහොමටත් වෙන්න බෑ. අතාරිනවා කියන්නේ ඔක්කොම අත අරින එක. නිවන කියන එක අල්ල ගත්තොත් ආයේ නිවනට බැඳීමක් ඇති වෙනවා.

    උබට පුලුවන්ද දැන් මේ ඔක්කොම අතාරින්න කිව්වොත් අතරලා දාන්න ??
    බෑ නේ ..එකට පුහුණු කරපු සිතක් තියෙන්න ඕනේ ..! එකයි කිව්වේ සංසාරේ ඒවා පුහුණු කරලා තනන ඕනේ කියල එහෙම නැතුව එකපාරටම ගහෙන් ගෙඩි එන්නා වගේ නිවන් දකින්න පුලුවන්නම් උබයි මමයි දෙන්නම අද නිවන් දැකල