මම මාංශමය ශරීරය ගැන නෙමෙයි කියන්නෙ.. අස්ථි වලට කාවැදුන ගුණය ගැන.. අනික ආදාහනයේදි ඉතුරුවුණ කොටස් (දහනයෙන් වෙච්ච පරිවර්තනය).
මේක මම අහපු කතාවක් (සමාවෙන්න පොතක තිබ්බද කියන්න දන්නෙ නැහැ). බුදුපියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා බමුණෙක් හිටියළු ඇට කටුවලට තට්ටු (හිස්කබලට මට මතක හැටියට) කරලා ඒ එන ශබ්දයෙන්න් ඒ ඇටකටු අයිති පුද්ගලයා දැනට ඉපදී ඇති තැන කියන්න පුළුවන් කම තිබ්බ.
ඉතින් බුදුපියාණන්වහන්සේ ඔහොම ඇටකටු වගෙයක් ගෙනෙල්ලා ඒ බමුණා ඉදිරියෙන් තබලා ඇහුවම හරියට කියලා තියෙනවා බුදුපියාණන්වහන්සේත් අනුමත කරලාතියෙනවා. පස්සේ රහතන්වහන්සේ නමකගේ ඇට කැබිලි කීපයක් දුන්නාම කියන්න බැරිවෙලා.. ඊට පස්සේ ඒ රහතන්වහන්සේ ඉන්න තැන බලන ශාස්ත්රය ඉගෙන ගන්න මහණ වෙලා පස්සෙ රහත් වුණබවක් කියවෙනවා.
ඉතින් මේ රාග ද්වේශ මෝහ කියන කෙලෙස් ඇට කටුවලට කාවෑදීම නිසා තමයි එයාට ඒ විදිහට කියන්න පුළුවන් කම තිබිලා තියෙන්නෙ... රහතන්වහන්සේ රාගක්ෂය , මෝහක්ෂය , ද්වේශක්ෂය කරපු නිසා තමයි ගිය තැන කියන්න බැරි වුණේ..
මෙතන ආර්ටිකල් එකේ .. 11 වන ඡේදය බලන්න ආදාහනයෙන් පසු ධාතුන්වහන්සේලා මුං ඇට ප්රමාණයට ඉතුරුවුන විදිහක් ගැන කියවෙනවා
http://www.rivira.lk/2010/05/02/rividahara14.htm
සැ.යු - ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර වලින් බලන්න නැත්නම් ෆොන්ට්ස් ඩවුන්ලෝඩ් වෙන්නෙ නැහැ