පොඩි ප්‍රශ්නයක් තියනවා සිංහලු. අපේ නංගි කෙනෙක් ඉන්නවා. නංගි කලින් වැඩ කරන ඔෆිස් එකේ official Facebook page එකේ නංගිගේ ෆොටෝස් තියනවා. ඒ කියන්නේ තනි ෆොටෝස් නොවෙයි එක එක ට්‍රිප් ගිය ඒවා , ඔෆිස් එකේ පාර්ටි වල ෆොටෝස් වල නංගිත් ඉන්නවා.
නංගි ගේ තාත්තට කවුද කියලා නංගි ඉන්නවා කියල ෆොටෝස් වල. තව සමහර office year end tripගිහින් හෝටල්වල පුල් එකේ බැහැල යාලුවෝ එක්ක නාන ඒවා තියනවා. මේ නිසා නංගිගේ තාත්ත බය වෙලා දුවට කසාදයක් වත් හරියන එකක් නැහැ මේ වගේ ඒවා දැක්කොත් කියල. ඉතින් මමත් ගිහින් බැලුව. කිසිම වරදක් නැති ෆොටෝස්. යාලුවෝ එක්ක ඔෆිස් එකේ තියන සාමාන්‍ය ෆොටෝස්. තව ඔෆ්ස් පාර්ටි වල ඩාන්ස් කරන ඒවා.
ඉතින් තාත්ත දිගටම ප්‍රශ්න දාන නිසා නංගි පරණ වැඩ කරපු ඔෆිස් එකෙන් ලිකිතව ඉල්ලීමක් කරලා එයා ඉන්න ෆොටෝස් සියල්ල සෝෂල් මිඩියා වලින් අයින් කරන්න කියල. ගිය සතියේ සිකුරාදා ගෙදරට ලියාපදිංචි තැපෑලෙන් ලියුමක් එවලා ඔෆිස් එකෙන් එහෙම ගෘප් වල ඉන්න ෆොටෝස් අයින් කරන්න බැහැ කියල. තනි ෆොටෝස් තියනවනම් පමණක් ඉවත් කරන්නම් කියලා. තනි ෆොටෝස් නම් තිබිලා නැහැ. ගොඩක් කට්ටිය එක්ක ඉන්න ෆොටෝස් තමයි.
මේකට ලීගල් ඇක්ෂන් ගන්න පුලුවන්ද ෆොටෝස් අයින් කරන්න කියලා. මට දැන් මල වදයක් වෙලා තියෙන්නේ නංගිගේ තාත්තාගෙන්. මට දවසට දෙපාරක් තුන්පාරක් කෝල් කරලා අයින් කරන්න කොහොමද කියලා අහනවා. පස්සේ ෆේස්බුක් එකට රිපෝර්ට් කලාම ෆේස්බුක් එකෙන් අයින් කරන්න බැහැ කියල මැසේජ් කරලා තිබ්බ. ෆේස්බුක් abuse department එකෙන් කියන්නේ page admit ට කියලා අයින් කරන්න කියලා.
තාත්ත ඔෆිස් එකට ගිහින් ප්‍රශ්නයක් දාගෙන තව පොඩ්ඩෙන් පොලිසියට කෝල් කරනවා ඔෆිස් එකෙන්.

Last edited: