ඔන්න දවසක් නන්දරේ බුවාරාජධානියේ කෘශිකර්මාන්ත වුනාලු. ඉතින් නන්දරේ කල්පනා කලාලු රටට සේවයක් කරන්න ඕනේ කියලා. ඉතින් නන්දරේ ඇමෙරිකාවත් එක්ක ගිවිසුමක් ගැහුවලු ලංකාවෙ ඇමෙරිකන් කාරයට ඉඩම් දීලා ඇමෙරිකාවෙන්ම බීජත් අරගෙන බෝගයක් වවන්න. ඉතින් නන්දරේ කල්පනා කරාලු ලංකාවට වැඩිම වාසියක් ගන්න ඕනේ කියලා. ඉතින් ගිවිසුමේ වගන්තියක් ගැහුවලු වගාවෙන් උඩ කොටස ලංකාවටයි. යට කොටස ඇමරිකාවටයි කියලා. ඉතින් ඇමෙරිකාවත් හාකිව්වලු.අන්තිමට බලද්දි ලංකාවට පාඩුයි ලූ. බැලින්නම් ඇමෙරිකාවෙන් වගාකරන්න දීලා තියෙන්නේ අර්තාපල්.
හැබැයි නන්දරේ ඉක්මනින් සැලෙන පොරක් නෙවෙයි. නන්දරේ ඊලඟ පාර ගිවිසුම ගැහුවලු වගාවෙන් යට කොටස ලංකාවට යට කොටස ඇමෙරිකාවට උඩ කොටස කියලා. ආයේ අස්වැන්න කපලා බලද්දි ලංකාවට පාඩුයි ලු.. බැලින්නම් ඇමෙරිකාවෙන් යවලා තියෙන්නේ ගෝවලු වවන්න. ඒත් නන්දරේ සැලුනේ නෑලු... ආයේ ගිවිසුමක් ගැහුවලු ලංකාවට උඩයි යටයි දෙකම ඕනේ කියලා. අන්න එහෙමයි නන්දරෙගේ ඔරකල් මොලේ වැඩකරන්නේ. ඉතින් ආයේ ත් අවුරුද්දක් විතර ලංකාවෙ මිනිස්සු වගාවට මහන්සි වෙලා වැඩකරාලු. අස්වැන්නත් හරිම සරුසාරයි ලූ. නන්දරේටත් වැඩේ ආරංචි වුනාලු. එයත් හරි සතුටෙන් හිටියේ මෙදාපාර මම තමයි හොඳටම කලේ කියාගෙන... ඒත් අන්තිමට බලද්දි ආයේ ලංකාවට පාඩුයිලූ. බැලින්නම් මේපාර ඇමෙරිකාව යවලා තියෙන්නේ අන්න්නසි ඉතින් ගිවිසුමත් එක්ක බලද්දි ඇමෙරිකාව අන්නාසි ගෙඩිය අරගෙන ගියා උඩයි යටයි අපිට දීලා.
මුල් අදහස අපි නොදන්න ලයිව්