නන්දා මාලනියගේ මේ ගීතයේ තෙරුම කියන්න

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara



    තෙරුම තියන විඩියෝ එක පහතින් තියනවා,පුලුවන් නම් එක බලන්නෙ නැතුව තෙරුම දාන්න...
    මටත් මේ ගීතය තෙරුම් ගන්න බැරුව හිටියේ...

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - සරත් දසනායක.

    මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න…

    මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න...
    මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න…
    මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න...

    interlude

    සඳැස් විදා මොණරු නටති මේඝවළා පාවේ…

    බලා වැලෙන් ගෙලේ වැටෙයි මලිගිය මල් මාලේ…
    සහ ගුම් බිඟු පේළි සැදී නගත මධුර නාදේ…
    මල්ගොමු තුල නිල් පළු දළ යහන් නිබද සෑදේ…
    මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න…
    මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න...

    interlude

    ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ...

    සුරත් සහන් එළි දැල්වෙයි
    දෙනුවන් මිණිපානේ...
    ලඹ දුන් සපු දුනුකේ මැද
    පිපුණු එකම යායේ...
    ඇවිදිමු මුතු පබළු වැටෙන
    සිහිළැල් හඳපානේ...
    මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න…
    මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න...
    ලං නොවන්න...
    ලං නොවන්න...
    ලං නොවන්න...
    ලං නොවන්න...


    ගීතය තෙරුනේ නැත්තන් මේ විඩියෝ එක බලන්න,හෙන අමාරුවෙන් මේ ගීතයේ තෙරුම හොයාගත්තෙ...

     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හරි සරලයි.ඕක හැම උදේම මටත් වෙනවා....
    උදේ නැගිටින්න ඔන්න මෙන්න තියෙද්දි හීනේ බලල ඉවර කරන්න බැරි උනාම ආයේ නිදාගෙන බලන්න හිතෙනවා.
    නැත්තම් කවුරු හරි ඇවිත් නැගිට්ටවනවා...
    එහෙම එපා කියල කියන්නෙ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    Therenne ne BUMP
    Baby Licking GIF by America's Funniest Home Videos
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    since it is a work or art you can give your own interpretation irrespective of what Dr. Ariyaratna thought. I never thought this beyond its literal meaning as that was what I could understand when this came in Cassette which got sold very quickly. This became very popular with private channels playing this in their hit lists very much later. But no one questioned the meaning and I now understand that it had hidden meaning ... Good post