තෙරුම තියන විඩියෝ එක පහතින් තියනවා,පුලුවන් නම් එක බලන්නෙ නැතුව තෙරුම දාන්න...
මටත් මේ ගීතය තෙරුම් ගන්න බැරුව හිටියේ...
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - සරත් දසනායක.
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න…
මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න...
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න…
මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න...
interlude
සඳැස් විදා මොණරු නටති මේඝවළා පාවේ…
බලා වැලෙන් ගෙලේ වැටෙයි මලිගිය මල් මාලේ…
සහ ගුම් බිඟු පේළි සැදී නගත මධුර නාදේ…
මල්ගොමු තුල නිල් පළු දළ යහන් නිබද සෑදේ…
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න…
මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න...
interlude
ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ...
සුරත් සහන් එළි දැල්වෙයි
දෙනුවන් මිණිපානේ...
ලඹ දුන් සපු දුනුකේ මැද
පිපුණු එකම යායේ...
ඇවිදිමු මුතු පබළු වැටෙන
සිහිළැල් හඳපානේ...
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න…
මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න...
ලං නොවන්න...
ලං නොවන්න...
ලං නොවන්න...
ලං නොවන්න...
ගීතය තෙරුනේ නැත්තන් මේ විඩියෝ එක බලන්න,හෙන අමාරුවෙන් මේ ගීතයේ තෙරුම හොයාගත්තෙ...
