නන්දා_මාලනී ගේ රසිකයන්ට

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බුක්මාර්ක්ඬ් :D හෙමිට කියවන්නහ් ඔනි
    රෙප් +++ :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    11350499_913545078707720_5267427853242720774_n.jpg



    නන්දා මාලිනී |ස්වර වර්ණය හා ධ්වනි වර්ණය සුසංයෝගිත ගායන විලාසය

    සමන් අතාවුදහෙට්ටි

    (නන්දා මාලිනීගේ ‘ලස්සන මල් පිපිලා’ සංගත තැටිය දොරට වැඞීමේ උළෙලේ දී පැවැත්වූ දේශනය. සේයාරුව, සරත් පෙරේරාගෙනි.)

    චීනයෙත් තියෙනවා දළදා මාලිගාවක්. ඒක තියෙන්නෙ බෙයිජිං නුවරින් කිලෝමීටර් 16ක් විතර ඈතින් තියෙන පාතා චූ උද්‍යානයේ. පාතා චූ උද්‍යානයේ දළදා මාලිගාව ඇතුළු සිද්ධස්ථාන අටක් තියෙන නිසා, එය හඳුන්වන්නේ අටමස්ථානය කියලායි. චීන ව්‍යවහාරය අනුව ලිං ගුවං විහාරය කියන්නේ ඔය දළදා මාලිගාවට. මේ විහාර භූමියේදී චීන බෞද්ධ සංගීතයට සවන් දෙන්න අවස්ථාව ලැබෙනවා. චීනයේ ඉතා දියුණු බෞද්ධ සංගීත සම්ප‍්‍රදායක් තියෙනවා. මේ සම්ප‍්‍රදාය වසර දහස් ගණනක් තිස්සේ වර්ධනය වුණු එකක්. මම ලංකාදීප පත්තරේ සොඳුරු සැරිසර ලිපි මාලාව ලියන අවධියේ, මේ දළදා මාලිගාව ගැනත්, චීන බෞද්ධ සංගීත සම්ප‍්‍රදාය ගැනත් කරුණු හෙළිදරව් කළා.

    මේ ලිපිය කියැවූ අපේ කතා නායිකාව, නන්දා මාලිනී මගෙන් ඉල්ලා හිටියේ ඇයට චීන බෞද්ධ සංගීතය හැදෑරීම සඳහා උපකාර වන ලෙසයි. මම මගේ චීන මිතුරියක වන ෂෙං ලිට ඒ ගැන දැන්වූවාම ඇය චීන බෞද්ධ සංගීතය පිළිබඳ තොරතුරු ගණනාවක් සමග සංගත තැටියක් එව්වා.
    ඒ සංගත තැටියේ ප‍්‍රධාන ගීතයෙන් කියැවෙන අදහසට අනුව තමයි තැටිය නම් කරලත් තිබුණේ. ගීතයේ අදහස මෙහෙමයි.
    ‘බුදු හිමියනි, මම ඔබ ඉදිරියේ මලක් වන්නට මට අවසර! මමයි ඔබට පිදෙන නෙළුම් මල..!’ සංගත තැටියේ නම ‘නෙළුම් මලකි, මම ඔබ පාමුල.’
    මේක අපූරු අහම්බයක්ද? එහෙම නැත්නම් දෛවෝපගත සංසිද්ධියක්ද?

    නන්දා මාලිනී ළමා ගායිකාවක් ලෙස අපේ රට හඳුනාගන්නේ බුදු සාදු ගීතයෙන්. ‘ඔබගේ පාමුල සමන් වැලක් වී සුවඳ මලින් සැරසෙන්නම් – බුදු සාදු, මම සමන් වැලක් වෙන්නම්’ කියා ඇය ගායනා කළේ මීට අවුරුදු 63කට කලින්. අශෝක කොළඹගේ ලියා, ඞීඞී ඩැනී සංගීතවත් කළ මේ ගීතය ගායනා කරද්දී මේ ළමා ගායිකාව ලාංකේය ගායන ක්ෂේත‍්‍රයේ මේසා දුරක් ඉදිරියට පැමිණේවි කියලා කවුරුවත් හිතන්න නැතිව ඇති. ඒ වගේම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ගායිකාව බවට පත්වීමෙන් පසුව, චීන බෞද්ධ සංගීතය හදාරන්න මුලින්ම සංගත තැටියක් ගෙන්වා ගත් අවස්ථාවේ ඒ තැටියේ ප‍්‍රධාන ගීතය, බුදු සාදු ගීතයටම සමාන්තර අදහසක් දනවන ගීයක් වෙතැයි නන්දක්කා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.

    මෙහෙම සිද්ධීන්ට ජීවිත ගමන පුරාවට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහර සිද්ධි මේ වගේ සුන්දරයි. විචිත‍්‍රයි. තවත් සමහර සිද්ධි අසුන්දරයි. කටුකයි. නන්දක්කා සිය ජීවිත ගමනේදී බොහෝ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දුන්නා. කම්කටොලූ හා කටුක අත්දැකීම්වලින් බැට කෑවා. දරිද්‍රතාවෙන් පීඩා වින්දා. ගැහැනියක ලෙස, මවක ලෙස දහසකුත් එකක් දුක් ගින්දරෙන් පිච්චුණා. කුටුම්බයෙන් පමණක් නොව, උපන් රටින් ද එළියට ඇද දැමුණා.

    ඒත් ඇය ඒ සියල්ල හමුවේ නොසැලී, ඉන්ද්‍රඛීලයක් සේ නැගී සිටියා. ඒ සියල්ලෙන් ලත් ජීවිතාවබෝධය අනාගතය පෝෂණය කරලීමේ අත්දැකීම් බවට පත්කර ගත්තා. ඒ හයිය, ඒ ශක්තිය ඇයට තිබුණා. මම ඇයට හිස නමා ආචාර කිරීමට එක් හේතුවක් එයයි.

    මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ද දවසක් මේ කතාවම කිව්වා. ඇයට හිස නමා ආචාර කරන බව. ඒ මීට අවුරුදු 35කට පෙරාතුව, කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේ සිංග්ලංකා දශකය සැමරූ දවසේ. ප‍්‍රසංගයෙන් පසුව සිසිර සේනාරත්නයන් ඇල්විටිගල මහල් නිවාස සංකීර්ණයේත්, මාව ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේත් බැස්සවීම බාර ගත්තේ සුනිල්.

    සිසිරව ඇරලවීමෙන් පසු, ඇන්ඩර්සන් මහල් නිවාස අසල තනිවුණු සුනිලූත් මමත් ඔහුගේ වාහනයට වී අලූයම් කාලය එළැඹෙන තුරුම කතාබහ කළා. ඒ අවස්ථාවේ ඔහු මෙහෙම කිව්වා. ‘මම ලියන හැම දෙයක්ම, පැකිළීමකින් තොරව නන්දා ගයනවා. අනතුරුදායක අදහසුත්. ඒ වෙනුවෙන් මම නන්දාට හිස නමා ආචාර කරනවා.’
    නන්දක්කා සිය ගායන ජීවිතය ආරම්භ කළේ ගුවන්විදුලියේ කරු අයියාගේ ළමා පිටියෙන්. ඇය ළමා ගී, සරල ගී, නාට්‍ය ගී, චිත‍්‍රපට ගී, කැසට් පට හා සංගත තැටි සඳහා ගී ගායනා කළා. රූපවාහිනී ගී ගායනා කළා. ප‍්‍රසංග ඉදිරිපත් කළා. සංගීත නිර්මාණ ගණනාවකට සිය දායකත්වය ලබා දුන්නා. ස්ත‍්‍රීන් තිදෙනකුගේ නිර්මාණිත-මා දන්නා තරමට ඒ ආකාරයේ ස්ත‍්‍රී දායකත්වයෙන් නිර්මාණිත එකම ගීතයද මෙයයි. ඒ ගීතයටද නන්දක්කා දායක වුණා. ඊට දායක වූ ස්ත‍්‍රීන් තිදෙනාම අද මේ සභාවේ සිටීමද විශේෂයක්. අනෙක් දෙදෙනා දයා ද අල්විස් සහ නිරංජලා සරෝජනී. ගීතය-අකලට වට මහ වරුසාවක් සේ. නන්දක්කා මේ සියල්ලෙන් ලාංකේය ගීත ශ‍්‍රාවකයන් අතර අතිමහත් ජනප‍්‍රියත්වයක් දිනා ගත්තා. සම්මානයට පාත‍්‍රවුණා.

    අද ඇය ආයෙම ළමා පිටියට ඇවිත්. සිය නිර්මාණ ජීවිතය පටන් ගත් තැනටම ඇවිත්. ළමා ගීයෙන් පිටියට පිවිසි ඇය, බොහෝ කලෙකට පසුව යළිත් ළමා ගී පෙළක් අපට තිළිණ කරනවා. මේ ජීවිතය පටන් ගත්තු තැනට ආයෙම පැමිණීමක්ද?

    නන්දක්කාගේ නිර්මාණ චාරිකාව දෙස බලද්දී ළමයින් වෙනුවෙන් කළ කාර්යයන් සඳහා සුවිශේෂී ඉඩකඩක් වෙන්වී ඇති බව පෙනෙනවා. මොකක්දෝ හේතුවකට මේ ගැන වැඩි අවධානයක් නම් යොමුවෙලා නැති විත්තියත් පෙනෙනවා. ඒ නිසා ළමුන් හා සබැඳෙන ඇගේ නිර්මාණාවලිය පිළිබඳව යම් සඳහනක් කිරීම වැදගත් යැයි මා සිතනවා.

    නන්දා මාලිනිය අප ලාංකේය ජනතාව දැන හඳුනා ගන්නේ ගුවන්විදුලියේ ළමා පිටියෙන්. බුදු සාදු, ලස්සන මල් පිපිලා-මුළු මිදුලම පිරිලා, ගම්මානේ ගං ඉවුරේ කිරල ඉදෙන්නේ, සුරතල් පොඩි හාවා මහ ?ටත් ආදී ගීතත් සමග. මේ අතරින් ගීත කීපයක් අද නිකුත් වන සංගත තැටියට ඇතුළත්.

    චිත‍්‍රපට පසුබිම් ගායනා සඳහා ඇයට මග සලසන්නේ ළමා පිටිය ඔස්සේ ප‍්‍රකට කළ සුවිශේෂී ගායන කුසලතාවන්. හැටේ දශකයේ අග භාගයේදී ඇය ළමා පිටියේ වැඩසටහනක් මෙහෙයවමින්, අපූරු ළමා ගීත ගණනාවක් සඳහා සංගීත නිර්මාණ සපයනවා. ඇය ළමා ගී සංගත තැටි තුනක් නිර්මාණය කරනවා. ඒ හැම තැටියක් සමගම ස්වර ප‍්‍රස්තාර සහිත ගී පොතකුත් නිකුත් කිරීම සුවිශේෂයක්. 1986දී ‘හඳහාමි’ 1990දී ‘සින්දු හෝඩිය’ 2002දී ‘පුංචි සින්දු.’

    අවසානයට සඳහන් කළ නිර්මාණ දෙකේ නම් පිළිබඳව නන්දක්කාත්, මාත් අතර පොඩි කොස්සක් තිබුණා. ඒ, අපේ තාත්තා ලියූ කෘතීන් දෙකක නම් මේ නිර්මාණ සඳහා යොදා තිබුණු නිසයි. තාත්තා නිර්මාණය කළ ‘පුංචි සින්දු’ ගුණසේන ප‍්‍රකාශනයක් ලෙස එළිදැක්වුණේ 1964දී. ඇපොතිකරීස් ප‍්‍රකාශනයක් ලෙස තාත්තා සින්දු හෝඩිය නිර්මාණය කළේ 1967දී. සිංහල හෝඩිය ඉගැන්වීමට සිංදු භාවිත කළ මුල්ම අවස්ථාව එයයි. ඉතින්, මේ පොත් දෙකේම නම් නන්දක්කා යොදා ගත් අවස්ථාවේ මට තරමක දුකක්, කේන්තියක් ඇති වුණත්, අපේ තාත්තා ඒ දෙස බැලූවේ ඉතාමත් උපේක්ෂාවෙන්. මටත් ඒ විදියටම හිතන්න තාත්තා අනුබල දුන්නා.
    හැබැයි, මෙවැනි කෘතීන් දෙකක් තාත්තා නිර්මාණය කර තිබුණු බව නන්දක්කා දැන සිටියේ නෑ. ඒ බව නන්දක්කාට දැනගන්නට ලැබුණේ තාත්තාගේ මරණයෙන් පසුවයි. ඒ බව දැනගත් විගස ඇය මට කතා කර සිදුවූ ප‍්‍රමාද දෝෂය ගැන කනගාටුව සහ සමාව පළ කළා. ඒ විතරක් නෙවෙයි, ඇගේ නිර්මාණයන්ගේ නම් යළි වෙනස් කරන්නට පවා සූදානම් වුණා. හැබැයි, මම එය වැළැක්වූවා.

    නන්දක්කාගේ ජීවිතයේ සුවිශේෂී ගුණාංගයක් එයින් නිරූපිතයි. වරදක් අඩුපාඩුවක් පිළිගැනීමේ ශක්තිය සහ ඒවා නිවැරදි කරගැනීමේ නිරහං කාරත්වය. සත්‍යයේ ගීතය හා ඉන්පසුව එළිදැක්වුණු සමහර කැසට් ගීවල ජාතිවාදී වර්ණයක් තැවරී ඇති බවට චෝදනා එල්ල වූ අවස්ථාවේදී නන්දක්කා ඒ බව පිළිගත්තා. ඒත් ඒ නිර්මාණ කළේ ජාතිවාදී අරමුණකින් නොවන බවත් ඇය පහදා දුන්නා. මේ අයුරින් ඇගේ නිර්මාණ ජීවිතය තුළ යම් යම් වෙනස්වීම්, නිවැරදිවීම්, හැඩ ගැස්වීම් සිදු කෙරුණු අවස්ථා ගණනාවක් අපට හඳුනා ගන්නට පුළුවන්.

    නන්දක්කාගේ මා අගය කරන තවත් ගුණාංගයක් වන්නේ ඕනෑම කාර්යයක් සඳහා ඇය තුළ ඇති කැපවීමයි. වැඩක් බාර ගත්තොත් ඇය එය හරියටම ඉටු කරනවා. හරියටම ඉටුකරන්නට බැරි වැඩක් ඇය බාරගන්නේ නෑ. උත්සවයකට එනවා කිව්වොත් ඇය එනවාමයි. එන්න බෑ කිව්වොත් එන්න බෑමයි. ඇවිත් විනාඩි 10කින් යනවා කිව්වොත්, ඒ වෙලාවට යනවාමයි.

    ඇගේ සංගීත පන්තිය, ‘සංගීත ආශ‍්‍රමය’ පටන් ගත්තේ 1984 අවුරුද්දෙදි. ළමයි 16 දෙනකුගෙන්. දැන් සංගීත ආශ‍්‍රමයට අවුරුදු 30කුත් සම්පූර්ණ වෙලා. ළමයි 200ක් පමණ එහි සංගීතය හදාරනවා. සංගීත පන්තිය පැවැත්වෙන දවස්වල නන්දක්කා දේවකාරියක්වත් භාරගන්නේ නෑ. ඒ සා කැපවීමකින් දරුවන්ට ශිල්ප කියා දෙන ගුරුවර ගුරුවරියන් අද දකින්නට නැති තරම්. ආර්ථික හෝ වේවා සමාජමය හෝ වේවා මොනතරම් වටිනාකමක් ඇති කාරියක් සඳහා ආරාධනා ලැබුණත්, නන්දක්කා සංගීත පන්තිය වෙනුවෙන් ඒ සියල්ල අතහරිනවා.

    ‘සමන් ඔයාගෙ වැඬේට මට එන්න වෙන්නෙ පරක්කු වෙලා. එදාට මට පන්ති.’ නන්දක්කා කියනවා.
    පහුවෙලා එනකොට නන්දක්කාට ට‍්‍රාන්ස්පෝර්ට් ප‍්‍රශ්නයක් තියෙන බව මම දන්නවා. මොකද නන්දක්කාට ප‍්‍රවාහන පහසුකම් සලසන අපේ මිත‍්‍ර සමාගමේ සාමාජිකයන් සේරම මගේ වැඬේ පටන් ගන්න වෙලාවටම එන නිසා.
    ‘ඉතින් ඒ වෙලාවට එන්නෙ කොහොමද?’ මම අහනවා.

    ‘මං ඔය ත‍්‍රීවිලර් එකක නැගලා එන්නම්. ආපහු යන වෙලාවට කාත් එක්ක හරි ගිහින් ගෙදර බහින්න බැරියෑ.’ නන්දක්කා කියනවා.
    නන්දක්කා සමග සමීපව ඇසුරු කරන බොහෝ දෙනකුට මේ දෙබස් ඛණ්ඩ සමීපයි. පන්ති දවසක අපි වැඩක් යොදා ගත්තොත් දෙබස් ඛණ්ඩ අනිවාර්යයෙන්ම එහාට මෙහාට හුවමාරු වෙනවා. මේ නිසා අපේ වැඩක් යොදා ගනිද්දී නන්දක්කාට පන්ති නැති දවසට දින නියම කරගැනීමට අපි පරෙස්සම් වෙනවා.
    ඇය අල්පේච්ඡු ගති පැවතුම් ඇත්තියක්. ඇඳුම පැළඳුම චාම්. එළිපහළියට යද්දී අඳින්නේම සුදු. ප‍්‍රසංගයකදීත් එහෙමමයි. කෑම බීම සරලයි. කඩල මුලකින් එහෙම නැත්නම් පොඩි කඩචෝරුවකින් සෑහීමකට පත්වෙන්න ඇයට පුළුවන්. අපි එක්ක දුර බැහැර ගමන් බිමන් යද්දී ආප්ප සහ කට්ට සම්බෝලවලින් වේල පිරිමහගත්තු අවස්ථා අනන්තයි. සමහරුන්ට මසක් මාළුවක් නැතුව ආහාර වේල සම්පූර්ණ වෙන්නේ නෑ. නන්දක්කාට එහෙම කරදරයක් නෑ. තියෙන දෙයින් සතුටු වෙන්න ඇයට පුළුවන්.

    නන්දක්කා විවෘතයි. ඇගේ ජීවිතයේ විඳි දුක්ගැහැට ගැන කතා කරන්න ඇය පැකිළෙන්නේ නෑ. කුඩා කාලයේ ගත කළ කටුක ජීවිතය ගැන ප‍්‍රසිද්ධියේ කියන්න ඇය ලැජ්ජා වෙන්නෙත් නෑ. වරක් ඇය ගැන ගාමිණී විජේතුංග මෙහෙම ලිව්වා.

    ‘ගුවන්විදුලි ළමා මණ්ඩපයට නන්දා මාලිනී රැුගෙන ආයේ පිපෙන්නට පෙර තැලී පොඩිවී යමින් තිබුණු සියුමැලි බාල බොළඳ හදවතක විලාපය. එවකට ජනප‍්‍රියව සිටි ගායිකාවන් අනුකරණය කරන්නට මේ දැරියට අවශ්‍ය නොවුණේ තමන්ටම උරුම වූ දුප්පත්කමේ ගීතයත්, එයින් නැගුණු හදවතේ විලාපයත් ඇය සතුව තිබුණු නිසා.’
    තමන්ගේ ළමා කාලය පිළිබඳව ඇය අප මිත‍්‍ර රංජිත් කුමාර හමුවේ මෙන්න මෙහෙම විස්තර කළා.
    ‘දුප්පත්කම හින්දා පුංචි කාලේ දුක් විඳපු හැටි කියන්න මම ලැජ්ජා වෙන්නේ නෑ. ඇත්තම කිව්වොත් අපි වේලක් ඇර වේලක් කෑවේ. උදේට කෑවේ ඉඳිආප්ප දෙකයි. සපත්තු දැම්මෙ නෑ. ලීවලින් හදාපු කට්ට කෑලි දැම්මේ.’

    ඇගේ ළමා අවධිය කටුකයි. විවාහයත් සමග ජීවිතයට සැනසුමක් ඇය අපේක්ෂා කළත්, ඇයට ඉතිරි වූයේ කඳුළක කැළලක්.
    1979 දිනෙක, ගාමිණී විජේතුංගත්, මමත් දෙසතිය පුවත් සඟරාවට සම්මුඛ සාකච්ඡුාවක් ලබාගැනීම සඳහා නන්දක්කා හමුවීමට ගියා. එවක ඇය, පුංචි ඉස්තෝප්පුවක් සහිත පුංචි ගෙදරක තනියෙන් ජීවත් වුණේ. ඇය ලන්ඩනයේ සංගීත ප‍්‍රසංගයක් පවත්වා ලංකාවට පෙරළා පැමිණි විගසයි අපි එහි ගියේ. අපේ අරමුණ වුණේ ලන්ඩන් ප‍්‍රසංගයේ අත්දැකීම් ගැන කතාබහ කිරීමයි. ඒ ප‍්‍රසංගය සංවිධානයට මුල්වූ පේ‍්‍රමක්කා සහ ෆොනි අයියාත් අද මේ සභාවේ දැකීම සතුටට කරුණක්.
    අපි කතාබහ කළේ අර පුංචි ඉස්තෝප්පුවේ. ඒකේ දෙතුන් දෙනෙකුට හැරෙන්නවත් ඉඩ මදි. සම්මුඛ සාකච්ඡාව අවසානයේ ගෙතුළට ගිය නන්දක්කා තරමක මල්ලක් අරන් ආවා.

    ‘එහේ කට්ටිය මට දුන්නු තෑගිබෝග වගයක්.’ කියූ ඇය ගැඹුරු සිතිවිල්ලෙන් යුතුව මල්ලෙ තිබූ දේ එකින් එක ගෙන ඉස්තෝප්පුවේ ටීපෝව මත අතුරන්නට වුණා. ගවුම් පොඩි, මේස්, කුඩා ටී ෂර්ට්, සිඟිති තොප්පි, ටීපෝවේ ගොඩ ගැසුණා. මමත් ගාමිණීත් කතා නැතුව බලා හිටියා.

    ‘දුවලාට දෙන්න කියලා දුන්නුවා.’ නන්දක්කා නිහඬතාව බින්දා.
    වරුණිත්, අමාත් ඒ වෙනකොට හිටියේ නන්දක්කා ළඟ නෙවෙයි. කුටුම්බයට උදාවූ කුණ්ඩාවාඩියේ ප‍්‍රතිඵල ලෙස ඒ කාලයේ වරුණිත්, අමාත් නන්දක්කාට අහිමි වෙලා.
    වරුණි සහ අමා වෙනුවෙන් ලැබුණු ඒ තෑගි ටීපෝව මත අතුරමින් එදා නන්දක්කා අපිට පෙන්වා දුන්නේ සම්මුඛ සාකච්ඡුා සියයකින්වත් කියලා ඉවර කරගන්න බැරි කතාවක්.

    ඒ තෑගි වරුණිටත්, අමාටත් දෙන්න පුළුවන් වුණාද නැද්ද කියලා මම අදත් දන්නේ නෑ. ඒ ගැන මම ඊට පස්සේ නන්දක්කාගෙන් ඇහුවෙත් නෑ. ඒත් ඒ ඇඳුම් කැඩුම් නිසා ඇය වින්ද දුක සහ වේදනාව මට අදත් දැනෙනවා. ඒ වගේ දුක් වේදනාවන් ගණනාවකට ඇය ජීවිතය පුරා මුහුණ දුන්නා.
    ඒවා ඇය වසන් කරන්න ගියේ නෑ. ඒ වගේම ඒවායින් ජීවිතය කඩා වැටෙන්න ඉඩ දුන්නෙත් නෑ. ඇය ඒ සියල්ල මැද නැගී සිටියා. ජීවිතයේ එළැඹුණු සියලූ අභියෝගයන්ට නොසැලී මුහුණ දුන්නා. වර්තමානයේ නන්දක්කා විඳින සැහැල්ලූව හා සතුට අතීතයේ විඳි දුක්ඛ දෝමනස්ස කන්දරාවක පන්නරයයි.
    ඒ නිසා, නිර්මාණ වේදිනියක ලෙස පමණක් නොව ගැහැනියක ලෙසත් නන්දක්කාගේ ජීවිතයෙන් අපට ලබාගත හැකි ආදර්ශ බොහොමයි.
    ඇය හැමදාමත් ඉගෙන ගන්නා ගැහැනියක්. දැනුම ලබාගැනීමේ නොතිත් ආසාවෙන් පෙළෙන්නියක්. ඒ නිසාම නන්දක්කා පතපොත නිතරම ඇසුරු කරනවා. නව සංගීත ප‍්‍රවණතාවන් පිළිබඳව නිරන්තරව සොයා බලනවා. ලෝකයේ ප‍්‍රකට ගායක ගායිකාවන්ගේ සංදර්ශන ඇතුළත් ඞීවීඞී පට නැරඹීමේ මිත‍්‍ර සමාගමක් අප අතර පවතිනවා. සිසිර විජේතුංගගේ නිවසේ ඇති චිත‍්‍රාගාරයට රොද බැඳ සංගීතමය ප‍්‍රාසාංගික ඞීවීඞී නරඹන මේ මිත‍්‍ර සමාගමේ ප‍්‍රමුඛතම සාමාජිකාව නන්දක්කායි. විවිධාකාරයෙන් පෝෂණය කරගන්නා මේ දැනුම නිසා ඇයට හැමවිටම වර්තමානය අබිබවන්නට හැකි පුළුල් දැක්මක් තියෙනවා.

    කුඩා අවධියේ ඇයගේ කුසලතා දැක ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් කියූ දෙයක් මා ඔබ හමුවේ අවධාරණය කරන්නට කැමතියි.
    ‘කෙල්ලේ… උඹ කවදාහරි මේ රටේ ඉන්න දක්ෂම ගායිකාව වෙනවා විතරක් නෙවෙයි, ගායනය කියන කලාවට අලූත් අර්ථයකුත් දෙනවා.’
    මානවසිංහයන්ගේ ඒ අනාවැකිය හරියටම හරි. ඒ වුණත් නන්දා මාලිනියගේ මේ ප‍්‍රතිභාව ගැන අපේ සමාජ කතිකාවත ප‍්‍රමාණවත් නැතැයි මට සිතෙනවා. ඇයගේ සංගීත නිර්මාණ ගැන, ඇයගේ ගායනය ගැන, ඇයගේ ජීවිතය ගැන බොහෝ කරුණු සාකච්ඡුා වී තිබුණද, ගායන කලාවට ඇය ලබා දුන් නව අර්ථය පිළිබඳව සාකච්ඡුා කෙරුණා මදි.

    1987 මාර්තු මාසයේ 30 වැනිදා දෙසතිය පුවත් සඟරාවට, ‘නන්දා මාලිනී-යුගයේ කැටපත් පවුර’ මැයෙන් කවරයේ කතාවක් ලියන ගාමිණී විජේතුංග මේ කාරණාව අවධාරණය කර තිබුණත්, ඉන්පසු සහ පෙර යම් යම් විචාරකයන් හා රසිකයන් තැන තැන මේ කාරණාව ගැන අදහස් පළකර තිබුණත්, විධිමත් සංවාදයක් ඇති නොවීම අඩුපාඩුවක්.

    ගාමිණී මෙන්න මෙහෙම සඳහන් කරනවා.
    ‘බොහෝ සංගීතඥයන් ඉතා ඉහළින් අගය කළේ වචනයක ගැබ් වී ඇති අරුත වඩාත් තීව‍්‍ර වන ලෙස භාවමය හැඟීම් කුළුගන්වමින් ගීයක් ගායනා කරන්නට උපතින්ම ඇය ලබා තිබූ හැකියාව නිසා. ආදරය යන පදය බොහෝ ගායිකාවන්ගේ හඬින් නිරූපණය වුණේ කිසිදු හැඟීමක් නැති ළතෙත් බවකින් තොර සංකල්පයක් හැටියට. රන්මුතුදූව චිත‍්‍රපටයේ නන්දා මාලිනී එම පදය උච්චාරණය කළ ආකාරය බොහෝ ගායිකාවන්ට අභියෝගයක් වුණා. මෙහිදී ඇය දැනුවත්ව හෝ නොදැනුවත්වම ඉතා වැදගත් කරුණක් වූයේ ගායනයේදී ගායන ශිල්පියා හුදෙක් මෛක‍්‍රෆෝනයක් බවට පත් නොවිය යුතු බවත්, ඔහුගේ හෝ ඇගේ හෝ ආත්මයෙන්ද යමක් ගීතයට එකතු විය යුතු බවත්.’

    ගාමිණී සඳහන් කළාක් මෙන්, නන්දක්කා සිය ගායනයට එක් කළේ සප්තස්වර පමණක් නොවෙයි. ඇය සිය ආත්මයම ගායනයට එක් කළා. මේ නිසා ගීතයේ ආත්මීය හැඟීම රසික රසිකාවන්ගේ හදවතට කාන්දු කරන්නට ඇයට පුළුවන් වුණා. ගේය කාව්‍ය නිර්මාණයේ ඇති වචන නිසි ස්වරයට ගැයීම පමණක් නොව, වචනාර්ථය ඉස්මතුවන අයුරින් ගැයීමද ඇගේ සුවිශේෂත්වය වුණා. ආදරය යන වචනයට ගායනයේදී ආදරය එක් කරන්නට ඇයට පුළුවන් වුණා. ලස්සන යන වචනය ඇගේ ගායන ලීලාවෙන් ලස්සන වුණා. කඳුළ යන වචනය ඇය උච්චාරණය කරද්දී ඒ වචනය පුරා කඳුළු තැවරුණා.

    රන්කෙන්දෙන් බැඳ අතැඟිලි එක් කළ ආදරයයි. පෙම් රැුහැනින් බැඳ සිතුම් වසඟ කළ ආදරයයි ගීතයේ ආදරයයි යන වචනය අවස්ථා දෙකකදී ඇය ගයන්නේ ඒ ඒ ආදරයන්හි ස්වභාවය සැබෑ ලෙසම මතු කරමින්. ඒ ගීයේ සංගීත අධ්‍යක්ෂ සරත් දසනායක වරෙක මට කීවේ, ඒ ඒ ආදරය සඳහා ඔහු එක් කළ ස්වර වර්ණය නිසි ලෙස රකිමින්, ඊට සැබෑ ධ්වනි වර්ණය එක් කරන්නට නන්දා සමත් වූ බවයි. මේ හපන්කම කළ හැකි ලාංකේය ගායක ගායිකාවන් ඉන්නේ අතළොස්සයි. ඒ අතර පුරෝගාමී ගායිකාව නන්දක්කායි.

    ඉතින් අද නන්දා මාලිනිය සිය නිර්මාණ චාරිකාවේ 35 වන ගීත සමුච්චය ‘ලස්සන මල් පිපිලා’ සංගත තැටිය එළිදක්වන මේ අවස්ථාවේ, ඇගේ මේ ආත්මීය ගායන ප‍්‍රතිභාව පිළිබඳ, ස්වර වර්ණය හා ධ්වනි වර්ණය සුසංයෝගිත ගායන විලාසය පිළිබඳ පුළුල් සමාජ කතිකාවක් අරඹන්නැයි මම ඔබ සැමට යෝජනා කරනවා. එය නන්දක්කාට පමණක් නොව, ලාංකේය ගායන ක්ෂේත‍්‍රයටම සිදු කෙරෙන යහපතක් සේ මම දකිනවා.

    අද මම නන්දක්කාව අනුගමනය කරන දවසක්. අපේ වැඩකට එනකොට, පිටවෙලා යන වෙලාව වැඬේට එන්න කලින්ම නන්දක්කා දන්වනවා. ජපානයේ පැවැත්වෙන සම්මන්ත‍්‍රණයක දේශන පැවැත්වීම සඳහා මහාචාර්ය සරත් විජේසූරිය සමග මම ද රාත‍්‍රියේ පිටත්වෙනවා.

    හැබැයි, මේ වගේ වැඩක් අවසන් වුණාම ඉක්මනින් පිටත් වී යාම අපේ පුරුද්දක් නෙවෙයි. අඩු තරමින් වාහනයක ඩිකියක් අසලදීවත්, අපි සල්ලාපයකට සෙට් වෙනවා. බොහෝ එවන් අවස්ථාවල ඉක්මනින් පිටත් නොවන අප අතර නන්දක්කාත් ඉන්නවා අපේ කතාබහට එක්වෙමින්, අප අතර ඇති මොකක් හෝ කඩචෝරුවක් හපමින්. හැබැයි යනවා කියූ හරි වෙලාවට ඇය පිටවී යනවා. එහෙම පිටවෙන කොට අපේ මිත‍්‍ර සමාගමයෙන් කෙනෙකුත් අපට අහිමි වෙනවා. සමහර අවස්ථාවල කුලේ- කුලරත්න ආරියවංශ, සමහර අවස්ථාවල සිසිර- සිසිර විජේතුංග. නැත්නම් රෝහණ- රෝහණ වීරසිංහ. බොහෝ අවස්ථාවල සුනිල්- සුනිල් ආරියරත්න. මොකද අවස්ථාව පරිදි ඒ කාට හරි නන්දක්කාව නිවසට ඇරලවීමේ කොන්ත‍්‍රාත්තුව බාරවෙන නිසායි. එවිට පිටත්ව යන මිත‍්‍රයාගේ පානීය කොටසටත් වගකියන්නට සිද්ධ වෙන්නේ ඉතුරු වෙන අපිටයි.

    අද මම කලින්ම යනවා. සුනිල්ට හරි කුලේට හරි නන්දක්කා ඇරලවන්න යන්න සිද්ධ වේවි. ඒ නිසා අද රාත‍්‍රියේ අපේ කොටස්වල වගකීම භාරගන්නේ කවුරුන්ද කියා හෙට උදෑසනින්ම ජපානයට වාර්තා කරන ලෙස මම අපේ මිත‍්‍ර සමාගමෙන් ඉල්ලා සිටිනවා.

    ඒ ඉල්ලීමත් සමග, මගේ අදහස් දැක්වීම අවසන් කිරීම සුදුසු යැයි මට හැෙඟනවා. මම මගේ අදහස් දැක්වීම අවසන් කරන්නේ මිරිහාන ආරච්චිගේ නන්දා මාලිනී පෙරේරාගේ වත්කම් බැරකම් ඔබ ඉදිරියේ ගෙනහැර දක්වමින්.
    ඇය පොහොසත්. දැනුමෙන්, පෙනුමෙන්, ගුණයෙන් පොහොසත්.
    ඇය යහපත්. කිසිවකුට කරදරයක් නොවී ජීවත්වීම ඇගේ අපේක්ෂාවයි.
    ඇය දැනුවත්. හැම විටෙකම යමක් අලූතෙන් ඉගෙන ගැනීමට සූදානම්. පතපොත තදින් ඇසුරු කරනවා. නව සිතිවිල්ලෙන් පෝෂණය වනවා.
    ඇය නැණවත්. උසස් ගේය කාව්‍ය නිර්මාණයක් තෝරා ගන්නට, ඒ සඳහා සුදුසුම සංගීතඥයා හඳුනා ගන්නට ඇය සමත්. ඇයට මිනිසුන් කියවන්න පුළුවන්. සැබෑ මිතුරන් හරියටම හඳුනා ගන්නවා.

    ඇය ගුණවත්. අනුන් ගැන සිතන හැමටම උදව් උපකාර කිරීමට වෙහෙසෙන ස්ත‍්‍රියක්. තමන්ගේ නිර්මාණ සඳහා දායක වන ගේය පද රචකයන්, සංගීතඥයන් ගැන සොයා බලන, ඔවුන්ට නිසි ගෞරවය පමණක් නොව, මූල්‍යමය හිමිකම් ද ලබාදෙන්නට නිබඳ වෙහෙසෙන කලා කාරිනියක්.
    ඇය බලවත්. සත්‍යය වෙනුවෙන් පෙනී සිටින, අසත්‍යය හමුවේ දණ නොනමන, සියලූ අභියෝග හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නැගී සිටින අභීත ගැහැනියක්.
    ඇය සිරිමත්. ඇගේ ගැයුම පමණක් නොව පෙනුමද සිරිමත්. ඇවතුම් පැවතුම් සිරිමත්. ඒ කියන්නේ ඇය සිරිමත් සිරිත් ඇත්තියක්.
    හැබැයි, ඇය දුප්පත්. යාන වාහන, කසී සළු, රන් අභරණ තබා මොබයිල් ෆෝන් එකක්වත් ඇයට නැහැ.
    මෙන්න මේ වත්කම් බැරකම් නිසා මම නන්දක්කාට හැමදා හිස නමා ආචාර කරනවා.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    වැදගත් ත්‍රේඩ් එකක් සහෝ, නන්දා මාලනි සිංහල ගීතයට කල සේවය වචනයෙන් විස්තර කරන්න බැහැ. අද සුභාවිත ගීතය යම් තැනක තියෙනවද එහි ගෞරවයෙන් සැලකිය යුතු කොටසක් මෙතුමියට අයිති බව මගේ විශ්වාසයයි

    You must spread some Reputation around before giving it to maxboysl again. :(:(:(:(
     
    Last edited:

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    me wage amaruwen goda apu,minissunge hitwala hemdama tiyena sindu tikakak tamai ara ALLRIGHT kiyana ponna band karyo vinasa karanne.oya sindu vinasa karana ALLTIGHT pakayati,uge pawle ununtai,oya wage ponnayeka hadapu uge ammatai henama gahanna ona.
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    පට්ටම දුකක් දැනුන බන් කියවද්දි. කන ගමන් බලන්න හිතා ගෙන හිටියෙ අන්තිමට කෑම පැත්තක තියල මෙක බැලුව.හරිම ශ්‍රෙශ්ඨ චරිත්යක් ,
    respect !
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පසු කාලයක ඇය මේ ගීය ගායනා කිරීම ප්‍රතික්ෂේප කලාය...
    හේතුව - මේ සිංහල අප ගෙ රටයි.....:dull::dull:

    ඕකෙත් අර අන්තිම කෑල්ල, “උපන් රටට පිටුපානා හෙළයන් හෙළ බිමට එපා“
    ඒක නෑ නැවත පටිගත කිරීමේ......

    ඒවට නම් කළකිරෙනවා.....:dull::dull::dull:

    ඔවුන් ගේ මතවාදය- හෙල බිමේ ඉන්නේ ශ්‍රීලාංකිකයන්ය. එය හෙළයන් ගේ යයි කීම අනෙකුත් ශ්‍රී ලංකිකයන් ගේ හිතට වේදනාවකි.......

    අනේ මංද බං මේවට මොනව කියන්නද කියලා...
    මේ කිරියෙම පේන්නෙ නැද්ද සිංහල ජාතියට/සිංහල කමට ගරහන ත්‍රෙඩ් කොච්චර යනව ද කියලා. අපේ උන්ම උන් ඊනියා බුද්ධිමතුන්/මධ්‍යස්ථමතාධාරීන් කියල පෙන්නන්න තමන් ගේ ම වල තමන් ම කපා ගන්නවා

    වැඩේ කියන්නේ සිංහල ජාතිය ගැන කතා කරන හැමදෙනාම එක එවර කරන්නේ මහින්ද ආයිත් ගේමු කියන ඉගියක් දීලා නේ.

    මහින්ද සහා සිංහල ජාතිය ගහට පොත්ත්තසේ බදලානේ උන් :P:angry::angry:

    වැදගත් ත්‍රේඩ් එකක් සහෝ, නන්දා මාලනි සිංහල ගීතයට කල සේවය වචනයෙන් විස්තර කරන්න බැහැ. අද සුභාවිත ගීතය යම් තැනක තියෙනවද එහි ගෞරවයෙන් සැලකිය යුතු කොටසක් මෙතුමියට අයිති බව මගේ විශ්වාසයයි

    You must spread some Reputation around before giving it to maxboysl again. :(:(:(:(

    පට්ටම දුකක් දැනුන බන් කියවද්දි. කන ගමන් බලන්න හිතා ගෙන හිටියෙ අන්තිමට කෑම පැත්තක තියල මෙක බැලුව.හරිම ශ්‍රෙශ්ඨ චරිත්යක් ,
    respect !

    දන්නා තරමින් තාමත් නන්ද මාලනිය සිංහල කම ගැන කතා කරනවා 1වෙනි video එක බලන්න එකේ සම්පුර්ණ සින්දුව අහන්න කැමති අය 2නි video එක බලන්න කවුරු හරි ලග මේ සින්දුව හොද qulity එකක් තියේ නම් මට දෙන්න