ඔය වගේ වෛරී චේතනාවෙන් ඉස්පිරිතාලෙක ඉදලා ප්‍රතිපලයක් තියෙයිද? ඔය නර්ස්ලා කියන්නෙ අමුතු ජාතියක් නෙවේ. මේ සමාජයේ ඉන්න අනෙක් ගෑණු වගේම තමා. රාජ්‍ය සේවයේ කොතන ගියත් ඔය වගේ තමා. උඹගෙ අමිමා, අක්කා, නෑදෑයෙක් නර්ස් කෙනෙක් වෙලා හිටියත් ඔය වගේ තමා. හේතුව ඔතෙන්ට එන ලෙඩ්ඩුන්ගෙ විදියට තමා ඔය හැඩ ගැහිලා ඉන්නෙ. වාට්ටු වල ලෙඩ්ඩු හැසිරෙන හැටි කිව්වොත් වෙනම පොතක් ලියන්න වෙයි. කොහොමත් එතන පොර වෙන්න ගියාත් සතේකට ගනන් ගන්නෙ නෑ. තියන කරුණාවත් ලැබෙන්නෑ. නීති රීති වල අඩු පාඩු තියෙන්න පුලුවන් .නමුත් යන එකා නීති හදන්න යන්නෙ නැතිව තමන්ගෙ ලෙඩේ හොදකරගන්න කල්පනා කලොත් වැඩක් වෙයි. නැත්නම් සොරිම තමා. ඉස්පිරිතාලෙ ඇතුලෙ දාන සපත්තු වල සහ හද්දිබ්බාගේ ඇවිදලා බලු බෙටි ගොම බෙටි පාගාගෙන එන සපත්තු අතරෙ වෙනසත් ඇති බව සරළව තේරුම් ගත්තොත් හොදයි.

