නලීන්ද සිල්ව නවත්තල :(

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නලීන්ද සිල්ව නවත්තල :(

ලිපි ලියන එක නවත්තල දාල :( ආයෙත් ලියන්නෙ නෑලු :( kalaya.org එකේ අන්තිම ලිපිය කියල ලිපියක් දාල අවුරුදු 30ක් තිස්සෙ කරපු වැරැද්ද ආයෙ කරන්නෑ කියල දාල :(

මේ තියෙන්නෙ ඒ ලිපිය.

අන්තිම ලිපිය

මා ලියන්නේ පුරුද්දට වුවත් මා ඒ ලිපි පළ කරන්නේ ඇයි? ඒ මට අනෙක් අයට කීමට යමක් ඇතැයි සිතන නිසයි. එහෙත් ඒ කියන දේ ඒ අනෙක් අය වැරදි කියා නිගමනය කරන්නේ නම් මා ඒ ලිපි පළ කළ යුත්තේ ඇයි? අවුරුදු තිස්පහකට වැඩි කාලයක් මා ලියා පළ කර ඇති නමුත් තුන්හාර සියයක්වත් මා කියන දේ නිවැරදි කියා නොපිළිගන්නා බව පැහැදිලියි. 1994 දී මා කළුතර දිස්ත්‍රික්කයට තරඟ කළ අවස්ථාවේ දී මට මනාප පන්දහසකට වඩා ලැබුණෙ නැහැ. ඒ මුළු දිස්ත්‍රික්කයෙන් ම! මෙරට ජනයා මගේ දේශපාලන අදහස්වලට අකමැති බව, ඒ වැරදි යැයි සලකන බව මා එදා තේරුම් ගත යුතුව තිබුණා.

ඊයේ (නොවැම්බර් 08) මට ඒ අවබෝධය ලැබුණු දවස ලෙස සලකන්න පුළුවන්. ආණ්ඩුව සයිටම් අහෝසි කරන්න තීරණය කරලා. සයිටම් නිසා නිදහස් අධ්‍යාපනය විනාශ වන බව මෙරට ඉතා වැඩි පිරිසක් කියනවා. මගේ අදහස වූයේ නිදහස් අධ්‍යාපනය යනු මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට හැකි අයට ඒ අවස්ථාව නැති කිරීම නොවන බව. මා මේ සම්බන්ධයෙන් ලිපි රාශියක් ලියා ඇති. එහෙත් බොහෝ දෙනා එය අනුමත කරන්නේ නැහැ. ඔවුන් මට විරුද්ධ වනවා පමණක් නොව ඒ ලිපි කියවීම ද ප්‍රතික්‍ෂෙප කළ බව ප්‍රතිචාරවලින් පැහැදිලි වුණා. මා ගෙන ආ තර්ක වැරදි බව කිසිවකු පෙන්වා දී නැති නමුත් අති විශාල බහුතරය මගේ තර්ක වැරදි බව පිළිගෙන තිබෙනවා. සයිටම් අහෝසි කිරීමත් සමග දෙතුන් සියයක් හැර රටේ බහුතරය මා කියන දේ නොපිළිගන්නා බව පැහැදිලියි.

මා පළ කරන ලිපිවලින් පලක් නොවන බව පැහැදිලියි. රටේ බහුතරයට මගෙන් ඉගෙනීමට දෙයක් නැහැ. බුදුදහම ඉතිහාසය බටහිර විද්‍යාව සාහිත්‍යය දර්ශනය යථාර්ථය දැනුම ආදිය ගැන කියන කිසිවක් බහුතරයක් පිළිගන්නේ නැහැ. මා අසාර්ථක බවත් දැනුම් තේරුම් නැත්තකු බවත් පිළිගැනීමට සිදු වී තිබෙනවා. මගෙන් ඉගෙනීමට දෙයක් නොමැති අයට ලිවීමෙන් පලක් නැහැ. හැරත් මට වඩා යමක් කමක් දන්නා අය දසදහස් ගණනින් රටේ සිටින විට, ඔවුන් ඉතා තර්කානුකූල ව ලියන විට, මා කිසි දෙයක් අලුතින් ලියා නැති බව විචක්‍ෂණ ජනමාධ්‍යවේදීන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන විට, ලිපි පළ කිරීම අනවශ්‍ය බව පැහැදිලියි.

මින් පසු අවුරුදු තිස්පහකට වැඩි කාලයක් තිස්සේ මා කළ වරද කරන්නේ නැහැ. මේ ලිපිය මා පළ කරන අන්තිම ලිපියයි. මගේ ලිපි අන්තිම බව පාඨකයා තේරුම් ගෙන බොහෝ කල්! මා මින් පසු මෙරට අයට කියවීමට සිංහලෙන්වත් ඉංගිරිසියෙන්වත් ලිපි පළ කරන්නේ නැහැ. ඉංගිරිසියෙන් ලිපි පළ කිරීම නවතා අවුරුදු කිහිපයක් වෙනවා. අවුරුදු තිස්පහක් ඔබේ කාලය නාස්තිකිරීම ගැන කණගාටු වෙනවා.
 
whiteskull

Member
Jul 8, 2016
1,464
110
0
Colombo
සයිටම් නිසා නිදහස් අධ්‍යාපනය විනාශ වන බව මෙරට ඉතා වැඩි පිරිසක් කියනවා. මගේ අදහස වූයේ නිදහස් අධ්‍යාපනය යනු මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට හැකි අයට ඒ අවස්ථාව නැති කිරීම නොවන බව:(:yes:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සයිටම් නිසා නිදහස් අධ්‍යාපනය විනාශ වන බව මෙරට ඉතා වැඩි පිරිසක් කියනවා. මගේ අදහස වූයේ නිදහස් අධ්‍යාපනය යනු මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට හැකි අයට ඒ අවස්ථාව නැති කිරීම නොවන බව:(:yes:
    මේ කතාව නං ඇත්ත :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Adahas ohoma nam tyenne, Malinda Silva aparade kaale kaala.
    Lipi palakala pamanin anith aya piligatayutu neane.
    Ridawa gatte ayi mechchara kalekata passe
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Adahas ohoma nam tyenne, Malinda Silva aparade kaale kaala.
    Lipi palakala pamanin anith aya piligatayutu neane.
    Ridawa gatte ayi mechchara kalekata passe

    නලීන්ද සිල්ව නිර්මාණාත්මක සාපේක්ශතාවාදයේ නිර්මාතෘ ලංකාවෙන් බිහිවුන හරි හමං දැනුමකට තියෙන්නෙ ඒක විතරයි. ලිපි පල කල පමණින් පිලිගත යුතු නෑ ඒ වුනාට ලිපි කියෝල බැලුවොත් තේරෙනව නලීන් ට හොඳ දර්ශනයක් තියෙනව :yes: ලංකාවෙ හරිහමං දාර්ශනික ලිපි පල කල එකම ලේඛකයද කොහෙද :yes: කාලෙකට පස්සෙ තේරෙයි නලීන් ද සිල්වා ලියපුවයෙ වටිනා කම :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සයිටම් නිසා නිදහස් අධ්‍යාපනය විනාශ වන බව මෙරට ඉතා වැඩි පිරිසක් කියනවා. මගේ අදහස වූයේ නිදහස් අධ්‍යාපනය යනු මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට හැකි අයට ඒ අවස්ථාව නැති කිරීම නොවන බව:(:yes:

    මේ කතාව නං ඇත්ත :yes:

    Katawa hari sammatha thathwa yatathe.
    Ona kenek igenagattata passe eewa bawita karala wurtiyaka niyalenawa.
    Ehema wurtiyaka sewaya labaganiddi mahajanatawa widiyata apita check karanna bea labenne harideda waradideda kiyala.
    Physical product wage neweine ledakata betak labena eka.
    Eka nisa SAITM thulin igenaganna ayage salli ho asawata wada leddu widiyata apita labena risk ekatai api akamati.
    SAITM neethiyata pitin atulweema saha amatiyo detun denekge santosam walata yata wela apita risk one nea.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Katawa hari sammatha thathwa yatathe.
    Ona kenek igenagattata passe eewa bawita karala wurtiyaka niyalenawa.
    Ehema wurtiyaka sewaya labaganiddi mahajanatawa widiyata apita check karanna bea labenne harideda waradideda kiyala.
    Physical product wage neweine ledakata betak labena eka.
    Eka nisa SAITM thulin igenaganna ayage salli ho asawata wada leddu widiyata apita labena risk ekatai api akamati.
    SAITM neethiyata pitin atulweema saha amatiyo detun denekge santosam walata yata wela apita risk one nea.
    මොකෙන් ආවත් පරීක්ෂණයක් තියල ලංකාවේ වෛද්‍ය සේවයෙ යෙදෙන්න සුදුසු අයට ඒක දුන්න නං හරි :yes: එක අවුරුද්දක සයිටම් බැච් එකක් පිටින්ම ෆේල් කරලා දැම්ම නං එක්කෝ උන් හැදෙයි නැත්තන් වැහෙයි.

    ලංකාවේ සේවය කරනවද නැද්ද කියන එකට සීමා දැම්මට කමක් නෑ ඉගෙනගන්න එකට සීමා දාන එක හොඳ නෑ.
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    කවුරු හරි ඉන්නවද නලින්ද සිල්වා ගෙ පේපර් එකක් ලියල තියෙන.

    :nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නලීන්ද සිල්ව නිර්මාණාත්මක සාපේක්ශතාවාදයේ නිර්මාතෘ ලංකාවෙන් බිහිවුන හරි හමං දැනුමකට තියෙන්නෙ ඒක විතරයි. ලිපි පල කල පමණින් පිලිගත යුතු නෑ ඒ වුනාට ලිපි කියෝල බැලුවොත් තේරෙනව නලීන් ට හොඳ දර්ශනයක් තියෙනව :yes: ලංකාවෙ හරිහමං දාර්ශනික ලිපි පල කල එකම ලේඛකයද කොහෙද :yes: කාලෙකට පස්සෙ තේරෙයි නලීන් ද සිල්වා ලියපුවයෙ වටිනා කම :yes:

    Ou. Mama wiwechanaya karnne eya time waste kala kiyana katawata.
    Mamath hungak agaya karanawa eyage darshanayata.
    Mataya wiwadathmaka unata eka harima interesting.
    Issara widusarata liwwane.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කවුරු හරි ඉන්නවද නලින්ද සිල්වා ගෙ පේපර් එකක් ලියල තියෙන.

    :nerd::nerd::nerd::nerd::nerd::nerd:
    නලීන්ගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍යයො ඇති :yes: මේකෙ නං හොයන්න වෙන්නෑ :no:

    Ou. Mama wiwechanaya karnne eya time waste kala kiyana katawata.
    Mamath hungak agaya karanawa eyage darshanayata.
    Mataya wiwadathmaka unata eka harima interesting.
    Issara widusarata liwwane.

    time waste එකක් කියන එක මාත් පිලිගන්නෑ එක්කෙනෙක් දෙන්නෙක් හරි කියෝනව :( ලියන එක නැවැත්තුවෙ අපරාදෙ :( විද්‍යාව කියන්නෙ මොකක් කියල තේරුම් ගත්තෙ නලීන් ද සිල්වගෙ ලිපි වලිං :( අනික් විද්‍යාව ගැන ලියපු ඔක්කොම කලේ අහවල් විද්‍යඥය අරහෙම කිව්ව මෙහෙම කිව්ව කියල සුද්දො කියපු සිංහලෙන් පුනරුච්ඡාරණය කල එක. තමන්ගෙ හරිහමං දර්ශනයක් ඉදිරිපත් කලේ නලින් ද සිල්වා විතරයි :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකෙන් ආවත් පරීක්ෂණයක් තියල ලංකාවේ වෛද්‍ය සේවයෙ යෙදෙන්න සුදුසු අයට ඒක දුන්න නං හරි :yes: එක අවුරුද්දක සයිටම් බැච් එකක් පිටින්ම ෆේල් කරලා දැම්ම නං එක්කෝ උන් හැදෙයි නැත්තන් වැහෙයි.

    ලංකාවේ සේවය කරනවද නැද්ද කියන එකට සීමා දැම්මට කමක් නෑ ඉගෙනගන්න එකට සීමා දාන එක හොඳ නෑ.

    Mamath kiyanne ekai. Igenagannawata seema daanna bea. Kohomath SAITM ekata ehema seemawak damme nea.
    Eyalata lankawe doctor job eka karanna Medical council approval ona une. Ehema natuwa uganwanna thahanam kala neweine.

    Asawata salli gewala igenagannawanam watinawane.
    Club wala suudu gahanawata wada.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    නලීන්ගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍යයො ඇති :yes: මේකෙ නං හොයන්න වෙන්නෑ :no:

    time waste එකක් කියන එක මාත් පිලිගන්නෑ එක්කෙනෙක් දෙන්නෙක් හරි කියෝනව :( ලියන එක නැවැත්තුවෙ අපරාදෙ :( විද්‍යාව කියන්නෙ මොකක් කියල තේරුම් ගත්තෙ නලීන් ද සිල්වගෙ ලිපි වලිං :( අනික් විද්‍යාව ගැන ලියපු ඔක්කොම කලේ අහවල් විද්‍යඥය අරහෙම කිව්ව මෙහෙම කිව්ව කියල සුද්දො කියපු සිංහලෙන් පුනරුච්ඡාරණය කල එක. තමන්ගෙ හරිහමං දර්ශනයක් ඉදිරිපත් කලේ නලින් ද සිල්වා විතරයි :yes:
    :yes::yes::yes:
     
    මම ලියල තියෙනව මචන්.

    උත්තරේ කෙසේ වෙතත් ප්‍රශ්නෙ තාම තෙරෙනෙනෙත් නැ. :no::no::no::no::no::no:

    හැබැයි මම කැමති බුවාගෙ මෙතඩ් එකට. හරියට අල්ල ගත්තොත් හිතල බලල වැඩක් කරන්න පුලුවන් එවුන් වෙනව sure එකටම.

    :):):):):):):)