ඔය විද්‍යාව ගැන තියෙන චිත්‍රෙ එහෙම් පිටිංම වැරදියි. ඒක ගැන තමා kuhn විස්තර කලේ. අපිට ඉස්කෝලෙ එක එක දේවල් ගැන විද්‍යාත්මකව දකින්න ඉගැන්නුවට විද්‍යාව ගැන විද්‍යාත්මකව දකින්න උගන්නල නෑ. ඉතිං හිතං ඉන්නෙ විද්‍යාව කියන්නෙ අලුත් අලුත් දේවල් හොයාගෙන දැනුමට ඒව ගැන එකතු කරගෙන දියුණු වෙන දෙයක් කියල. ඕක ගැන තමා kuhn ලිව්වෙ ඒක තමා හොයල බලන්න කිව්වෙ. විද්‍යාව ගැන අර ඉස්කෝලෙ OL AL වලට විභාගෙ ලියන්න උගන්නපු චිත්‍රය හිතේ තියාගෙන නලීන්ද සිල්ව ලියන ඒව කියෙව්වාම ඉතිං නලීන්ද සිල්ව පිස්සෙක් කියල හිතිල නැවතුන එකම ලොකු දෙයක්.
නලින් සිල්වාට පිස්සු තමා බන්. නිකන් තේරැමක් නැති බර වචන කිය කිය පවතින විද්‍යාව බනිනවා බටහරි විද්‍යාව කිය කිය. විද්‍යාවට නැගෙනහිර බටහිර කියලා එකක් නෑ. දැනුම කියන දෙය තැනින් තැනට යන දෙයක්. අද මෙතන තියෙන එක හෙට අතන. දැනුම හරියට පාවිච්චි කරන එකා තමා දිනන්නේ. විද්‍යාවට බැන්නා කියල නාථ දෙයියො ඇවිත් උඹලට වරම් දෙන්නේ නෑ. පුලුවන් නන් ඔච්චර දක්ශ නන් විද්‍යාවට පැහැදිලි කරගන්න බැරි දෙයක් පැහැදිලි කර දීල වීරයෙක් වෙන්න කියහන්. වල්පල් කිව්වට වීරයෝ වෙන්නේ නෑ
