සංයුක්ත සංකල්ප බොරු බව අප කියන්නේ සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වෙමිනි. බොරු වූ සංයුක්ත නිරීක්ෂණ තේරුම් කිරීම සඳහා ගොතන වියුක්ත කතන්දර පට්ටපල් බොරු යැයි අපි කියමු.
අප තේරුම් ගත යුතුව ඇත්තේ නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය යොදා ගනිමින් හඳට රොකට්ටු යැවිය හැකි අන්දමින් ඒ සාර්ථක වුවත් ඒ පට්ටපල් බොරුවක්, බොරු කතන්දරයක් පමණක් බව ය.
බටහිර විද්‍යාවෙන් අප වැඩගන්නා බව පැහැදිලි ය. එහෙත් එපමණකින් බටහිර විද්‍යාව සත්‍ය යැයි නිගමනය කිරීමට නො හැකි ය. එසේ නම් බටහිර විද්‍යාවටත් වඩා සාර්ථක වූ මා යන සංකල්පය ද නිවැරදි විය යුතු ය. එහෙත් මා යන්න බොරුවක් බව අපි දනිමු. බටහිර විද්‍යාවෙන් වැඩ ගැනීමට හැකි වුව ද ඒ පට්ටපල් බොරුවකි. මා යන්න අඩුම තරමෙන් අපේ සිත්වලට දැනෙන්නේ යැයි කිවහැකි ය. එහෙත් බටහිර විද්‍යාවේ සංකල්ප දැනෙන්නේ කුමකට ද? බටහිර විද්‍යාවේ ප්‍රවාද වියුූක්ත වන අතර ඒ සංස්කරණය කෙරී ඇත්තේ බොරු වූ සංයුක්ත නිරීක්ෂණ තේරුම් ගැනීම සඳහා ය. බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි මා කියන්නේ එබැවිනි.
මා නැත, එහෙත් මා නම් සංකල්පය නොමැතිව මට කිසි වැඩක් කරගත නො හැකි ය. මා යන්න වැඩගත හැකිය යන තේරුමෙන් ඉතාමත් සාර්ථක ය. එහෙත් මා යන්න බොරුවකි.
මොවුන් පංචෙන්ද්‍රිය ගෝචර වීම ගැන පඬි කතා කියන්නේ බටහිර විද්‍යාව පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් මත පමණක් පදනම් වන්නේ ය යන බොරුව හේතුකොට ගෙන ය. එහෙත් ඔවුහු බොහෝ දේ නෙ දනිති. ඉලෙක්ට්‍රෝන පමණක් නොව ගුරුත්වාකර්ෂණය ද පංචෙන්ද්‍රිය ගෝචර නොවන බව ඔවුහු නො දනිති. බටහිර විද්‍යාවෙි ඉන්ද්රිය ගෝචර නොවන සංකල්ප පිළිගන්නා ඔවුහු සම්‍යක්දෘෂිටික හා වෙනත් දෙවියන් පිළිගැනීම ප්රතික්ෂෙප කරති!
නිවන තැනක් හෝ තත්ත්වයක් හෝ වෙනත් යමක් හෝ නො වේ. සසර සැරිසරණ සත්ත්වයාගේ අරමුණ විය යුත්තේ නිවන් අවබෝධයයි. ඒ අවබෝධය පට්ටපල් බොරුවක් වූ බටහිර විද්‍යාව අවබෝධ කරගැනීම වැන්නක් නො වේ. බටහිර විද්‍යාව අවබෝධ වන්නේ ද නැති මිනිසකුට ය. නැති මිනිසා මිනිසකු ඇතැයි ගැනීම ම බොරුවකි. ඒ බොරුවෙහි සිට, බොරුව මත පදනම් වී පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාව අවබෝධ කරගත හැකි ය. එහෙත් නිවන් අවබෝධය එවැනි පට්ටපල් බොරුවක් හෝ බොරුවක් හෝ අවබෝධ කරගැනීම නොව, බොරුව බොරුවක් බව අවබෝධ කරගැනීම ය.
සාමාන්‍යයෙන් ගත්විට සම්භාව්‍ය භෞතික විද්‍යාවට අදාල වන්නේ ඉන්ද්‍රීය ගෝචර ප්රපංචය. ක්වොන්ටම් භෞතික විද්‍යාවට අදාල වන්නේ ඉන්ද්‍රීය ගෝචර නොවන ප්රපංචය. නමුත් බටහිර සංස්කෘතිය සම්භාව්‍ය භෞතික විද්‍යාව මෙන්ම ක්වොන්ටම් භෞතික විද්‍යාවද යම් වාස්ථවිකවූ යථාර්තයක් විස්තර කරන්නේ යැයි සිතයි. ඊට ප්රතිවිරුද්ධව බුදු දහම වාස්ථවික යථාර්තය බොරුවක් යැයි බැහැර කරයි. වාස්ථවික යථාර්තය බොරුවක් යන පදනම මත ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ඇතැම් නිරීක්ෂණ තේරුම් ගැනීමට අපට උත්සාහ කල හැකිය.
අපට තිබුණු දැනුම අවුරුදු දහස් ගනණක් තිස්සේ ප්රත්යක්ෂයෙන් දැනගෙන අත්දැකපු දේවල්. සංකල්ප ගත්තත් ප්‍රපංච ගත්තත් මොන දැනුම ගත්තත් බොරු, එවා සංකෘතියට, ඉන්ද්‍රීය පද්ධතියට හා මනසට සාපෙක්ෂ මනසේ නිර්මාණ. යම් යම් අය දැනුම නිර්මාණය කරන්නේ යම් අරමුණක් වෙනුවෙන් ඒ අතරින් සිංහල බෞද්ධයෝ දැනුම නිර්මාණය කරන්නේ නිර්වාණය අරමුණු කරගෙනයි. අපේ වෙදකමත් ගොවිකමත් අනෙකුත් දෙවලුත් නිර්වාණය අරමුණු කර ගෙන නිර්මාණය වෙයි. මේ සමහර සංසිද්ධි ප්‍රපංච අධ්‍යාත්මිකව දියුනු අයගේ ප්රත්යක්ෂ එහෙත් බටහිර විද්‍යාවේ තියෙන්නේ මේ එකක්වත් නොවෙයි හුදෙක් ගොතන ලද පට්ටපල් බොරු ටිකක් පමණි. ඉතින් දෙකෙන් කොයි එකද තෝරා ගත යුත්තේ කියන එක අපගේ කාර්යයකි. එහෙත් එය තෝරා ගැනීමට අපට නිදහසක් වෙත් ද?
අපි ඊනියා මහා පිපිරුම, ඩාවින්ගේ පට්ටපල් බොරුව වූ පරිණාමවාදය සෘෂි භාෂිතයක් ලෙස පිළිගනිමු. ඒ අතර සංවට්ටකප්ප විවට්ටකප්ප ඇතුළු අග්ගඤ්ඤ සූත්‍රයෙහි සඳහන් මිනිස් පරිණාමය යන බෞද්ධ කෑල්ල ද ඉඳහිට මතක්කරමු. අපට අවශ්‍ය ඇමරිකාව අනුගමනය කරමින් යුදෙවු ක්‍රිස්තියානි ආකෘතියේ සංවර්ධනයක් ඇතිකර ගැනීමට ය. එහෙත් ඒ අතර කැසිනෝවට ද විරුද්ධ වී අපේ බෞද්ධකම ප්‍රදර්ශනය කරමු. අපට බටහිර යුදෙවු සංස්කෘතිය අවශ්‍ය පරිදි අවශෝෂණය කරගැනීමට නොහැකි වී ඇත. එයට හොඳම උදාහරණය නම් බටහිර ප්රජාතන්ත්රවාදය නමින් හැඳින්වෙන පාලන තන්ත්රය ය. බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය කඩා වැටෙන නමුත් අපට එය නො වැටහෙයි. අපි පල්ලි නොගොස් ම ඉඳහිට පන්සල් ගොස් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය අනුකරණය කරමු. ඒ අතර කඨින පිංකම්, ශීල සමාදාන, ධර්ම දේශනා, දාන මාන පවත්වමු. අනුරාධපුර යුගයේ අවසන් භාගයෙහි යක්ෂ ගෝත්‍රික දේශපාලන නායකත්වය පරාජය වූ දින සිට අපේ උගතුන් දන්නේ අනුකරණය පමණකි. ඔවුන්ට නිර්මාණශීලීත්වයක් හෝ අවශෝෂණ හැකියාවක් හෝ නැත. ඔවුහු තිථියෙහි එල්ලී සිටිතිි.
මේ මහාචාර්යවරුන්ට අනුව (බටහිර රටවල විද්‍යාවේ දර්ශනය ගැන කතාකරන්නන් බොහෝ විට බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාඥයන් වුව ද ලකොවේ ජෛවීය විද්‍යා අංශවල මහාචාර්යවරු බටහිර විද්‍යාවේ දර්ශනය ගැන කතාකිරීමට බොහෝ විට පෙළඹෙති.) නිරීක්ෂකයාට සාපේක්ෂව වස්තුවේ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයෙන් අංශු මාත්‍රයක් වන විට අයින්ස්ටයිනීය ප්‍රතිඵල සන්නිකර්ෂණව නිව්ටෝනීය සංකල්පවලට සමාන වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ අයින්ස්ටයිනීය සංකල්ප නිව්ටෝනීය සංකල්පවල ම වර්ධනයක් බව ය. එය ද පට්ටපල් බොරුවකි.
මා බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් යෑයි කියන්නේ හුදු බාල හෝ ලාබ හෝ ප්‍රසිද්ධියක් සඳහා බව ය. මා මේ සියල්ල පවසන්නේ කිසිදු ආකාරයකට ප්‍රසිද්ධියක් හෝ ලාබයක් අපේක්ෂාවෙන් නො ව බටහිර දැනුම් ආධිපත්‍යයෙන් මෙරට වැසියන් නිදහස් කර ගැනීමට ය. එහෙත් එය එක් රැයකින් කළ හැකි දෙයක් නො වන බවත් මම දනිමි. මා කොළඹ විශ්වවිද්‍යාලයෙහි සේවය කරද්දී එකල ලේක්හවුස් පුවත්පත් (ඉංගී්රසි හා සිංහල) ඊනියා ජාතික චින්තනයට එරෙහි ව දැඩි ප්‍රහාරයක් එල්ල කළේ ය. එහි දී ගුණදාස අමරසේකර මහතා කෙතරම් බියට පත් වී ද යත හොත් ඔහු මට කියා සිටියේ දැන් ජාතික චින්තන කතාව අතහැරිය යුතු බව ය. එහෙත් මම එය අත් නො හැරියෙමි. අවසානයේ දී මට රැකියාව ද අහිමි වී දස වසරක් ගෙදර සිටීමට සිදු විය. දේශීයත්වයක් දේශීය දැනුමක් ගැන කතා කිරීමෙන් මට වූ පෞද්ගලික ලාබයක් නැත.
අපි ඉතා සැකෙවින් වෛද්‍ය ක්‍රම හා රෝග ගැන සඳහන් කරමු. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව අධික රුධිර පීඩනය රෝගයකි. එහෙත් සිංහල පාරම්පරික වෛද්‍ය විද්‍යාවට අනුව එය රෝග ලක්ෂණයක් පමණකි. එහෙත් එයින් කියෑවෙන්නේ සිංහල වෙදකම දන්නේ රෝග ලක්ෂණ ගැන පමණක් බව නො වේ. මධුමේහය හා දියවැඩියාව (diabetes) යනු එකක් නො වේ. මධුමේහයෙන් කියෑවෙන්නේ ශරීරයට අවශ්‍ය ම ගුණයක් පිට වී යැම ය. දියවැඩියාව මධුමේහයේ අවසාන අවස්ථාව පමණකි. රෝග, රෝග ලෙස හඳුනාගැනෙන්නේ ඒ ඒ සංස්කෘතියෙහි ය.
ව්‍යාජ ජාතිකවාදීන් මොන තරම් බොරුවට කෑ ගැසුවත් ඊනියා ප්‍රාඥයන් බොරු පුරසාරම් දෙඩුවත් අපට ජාතික ආර්ථික ප්‍රතිපත්තයක් හෝ ජාතික දේශපාලන ව්යqහ හෝ නැත. ලංකාවේ මෙන් ම ඉන්දියාවේ ද බටහිර අධ්‍යාපනයෙන් මොළ දූෂණය කරනු ලැබූ මධ්‍යම පාංතික පිරිසක් වෙයි. මේ කොළඹ පුත්‍රයන් අනුකරණය කරන්නෝ ගම්වල ද වෙති. ආසියාවට නැවතත් ලෝකයට නායකත්වය දිය හැකි ය. ඒ හුදෙක් නායකත්වය දීමට නොව ලෝකය පතිරූප දේශයක් බවට පත්කිරීමට ය. එහෙත් අපට බටහිර ආර්ථික අපේක්ෂා ඇතිතාක් එය කළ නො හැකි ය. අපේ සංවර්ධනය බටහිර ආකෘතියේ සංවර්ධනයක් වීම ගැන දේශපාලනඥයන්ට දොස් කීමෙන් වැඩක් නැත. ඊනියා ප්‍රාඥයන් ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කුමක් ද? ඔවුන්ට අඩුම තරමෙන් සිංහල බෞද්ධ චින්තනයෙහි මූලික අංග ගැනවත් අවබෝධයක් නැත. ආසියාවට ඇත්තේ එක් මගක් පමණකි. ඒ හින්දු බෞද්ධ තාඕ මග වෙයි. ඉන්දියාවට ලංකාවට හා චීනයට මෙහි දී මූලිකත්වය ගත හැකි ය.
මා කියන්නේ ඉන්ද්රිය ගෝචර සංකල්ප බොරු බවත් ඉන්ද්රිය ගෝචර නොවන බටහිර විද්‍යා සංකල්ප හා ප්‍රවාද පට්ටපල් බොරු බවත් ය.
ලංකාවේ එකදු බටහිර විද්‍යාඥයකු වත් නැත. මෙහි ජීවත් වන හා පිටරට ජීවත් වන සියලු ලාංකික විද්‍යාඥයන් යෑයි කියාගන්නා අය පී. එච්. ඩී, ඩී. එස්. සී උපාධිධාරීන්, මහාචාර්යවරුන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, සේවාර්ජිත මහාචාර්යවරුන් විය හැකි ය. එහෙත් ඒ එක් අයකු වත් බටහිර විද්‍යාවට නව සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ එකතු කර නැත. වැඩි ම වුව හොත් ඔවුන් කර ඇත්තේ බටහිර විද්‍යාවේ ඇති ප්‍රවාදයක් සංශෝධනය කිරීම ය. එහෙත් එසේ කර ඇති අය අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ය. අති මහත් පිරිස කරන්නේ බටහිර විද්‍යාවේ ඇති දැනුම (ප්‍රවාද සංකල්ප ආදිය) යොදාගෙන පරිධියේ ඇති ඉතා ම සුළු ප්‍රශ්නයක් විසඳීම ය.