ඉදිරියේ රාළ;21023201 said:එතන තමා මටත් තියෙන ප්රශ්නේ, ඇයි ඔච්චර ඔඩු දුවන කල් බලන් හිටියේ කියන එක. සමහර විට අර වෙදාට තේරුම් යන්න ඇති ගොඩ දාන්න බැරි කමට පැතිරිලාය කියල. ඌ ඒක උඹට කියන්නෙ නැතුව උඹට කටු දීපු එක වැරදියි. ඒක වෙදාගෙ අවුලක් මිසක් වෙදකමේ අවුලක් නෙවෙයි.
මයේ තාත්තගේ සිටී රිපොර්ට් එක ඉස්සෙල්ලම කියෙව්වේ දත් කිඹුලා අයියා. එදාම මම දැනගත්තා තාත්තා මාස කීපයක් ඉඳී උපරිම කියලා. අම්මලා අර කැරි මනතුංග වෙදාට අඬ අඬ කිවේ තාත්තව හොද කරලා දෙන්න කියලා. මම කීවේ හොඳකරලා දෙන්න නෙමෙයි තාත්තට බඩට බත් කටක් කන්න පුළුවන් වෙන්න උගුරේ තියෙන ගෙඩිය මොකක් හරි කරලා පුපුරවලා හරි පොඩි කරලා හරි දෙන්නෙයි කියලා. මාව අවුරුදු 27ක් එක වේලක්වත් බඩගින්නේ නොතියපු තාත්තාව බඩගින්නේ තියන්න මට බෑ කියල විතරයි මම අර පකයට කීවේ. ඒක ඌ සතියෙන් කරල දෙන්නම් කීවා. සති දෙකෙන් වෙයි කීවා. සති තුන මාසේ උනා. ගෙඩිය පොඩී කීවා. පුපුරයි කීවා. ඒකෙන් උනේ තාත්තා මාස ගානක් දුක් විඳපු එක විතරයි බඩගින්නේ..
කලුබොවිල උදේ ගෙනිච්චා.. රෑ බත් කෑවා...
තා එනවා ආයුර්වේදේ ගැන කියන්න මට......
අ.නි.වැ.බ.ප.බ.ය.


, සමහර විට වෙදා ප්රවීණයෙක් නෙවෙයි වෙන්න ඇති. මම නම් මනතුංග කියල ගෙඩි වෙදෙක් මතුගම පැත්තෙන් අහලවත් නෑ. 
?
