නව අගවිනිසුරුවරයාගේ මංගල කතාව

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    නව අගවිනිසුරුවරයාගේ මංගල කතාව

    නව අගවිනිසුරුවරයාගේ මංගල කතාව

    Posted by admin on January 15th, 2013






    (ඉංග‍්‍රිසියෙන් කරන ලද කතාවේ සිංහල පරිවර්ථනය බව සළකන්න)


    අතිඋත්තම මහින්ද රාජපක්ෂෝත්ම ජනාධිපතිවරයානන්ගෙන් අවසරයි!

    උතුමානෙනි, වැරදි වචනයක් මේ මුඛයෙන් පිටවුන හොත් මේ ගැත්තාට සමා වුව මැනවි. එවැනි වරදක් වුවහොත් මට ද දෙවියන්වහන්සේගේ පිහිටයි!



    මා හට මෙම පදවිය ජූජාකිරීම සම්බන්ධයෙන් ප‍්‍රථමයෙන් අතිගරු රාජපක්ෂෝත්තමයානන්හටද දෙවනුව දෙවියන් වහන්සේට ද තෙවනුව ගරු අමාත්‍ය පි‍්‍රයදර්ෂනයානන්හටද ස්තූති වේවා!
    පසුගිය දිනයන්හිදී කලූකෝට්කාරයින්ට නියම පාඩම් කියාදුන් මැර මහත්වරුන්ට දිගටම ඒ පරිශ්‍රයේ ගැවසෙන ලෙස බැති සිතින් ආයාචනා කරන්නේ ජාති ආලයේ කාලය එළඹෙන්නේ දැන් නිසා ය.


    ප‍්‍රථමයෙන් ඉතාම වැදගත් පුවතක් මා ඔප හමුවේ තබමි. එය මෙම පදවියේ මාගේ ප‍්‍රථම විනිශ්චය යි. අපෙගේ දේශයේ දියණිය වූ රිසානා නෆීක් මිය ගොස් නැති බවට මම තීන්දු කරමි. ඇයගේ හිස ගසා දමා ඇතැයි යන මුසාව පතුරන්නේ සවුදි රජතුමා සහ අප මහ රජතුමා අතර විරසකයක් ඇති කිරීමේ අධිරාජ්‍යවාදී එන්ජිඕ නඩය විසිනි. රිසානා මට දුර කථනයෙන් කතා කොට සුභ පැතූ බව ද ඔබගේ දැන ගැනීම පිණිස වාර්තා කරමි. (ඇය සුභ පැතූ බව දැන්වූයේ බුද්ධි අංශ සාමාජිකයකු විසින් බැවින් ඒ ගැන වැඩි දුර ප‍්‍රකාශ කළ නොහැකිය.)


    අනෙක් වැදගත් පුවත නම් අතුරුදහන් වූ බව කියන ප‍්‍රගීත් එක්නැළිගොඩ ද මට දුරකථන ඇමැතුමක් දී ඊළග වතාවේ ජිනීවා නුවර දී කෝපි කෝප්පයක් බීමට ආරාධනා කළ බවයි. (එය ද බුද්ධි අංශ වාර්තාවකි) එබැවින් ප‍්‍රගීත් එක්නැළිගොඩ මෙන්ම එළෙස අතුරුදහන් වූ බව කියන අන් සියළු දෙනා ජිනීවා නුවර කෝපි බොමින් සිටින බවට ද මම තීරණය කරමි. ඔවුන් ගැන වැඩිදුර දැන ගැනීමට නම් මා හෝමාගම විනිසුරුවරයාට කියා සිටි පරිදි කරුණාකර දෙවියන් වහන්සේගෙන් විමසන්න.


    වත්මන් ශ‍්‍රී ලංකාවේ මෙම පදවිය දැරීමට මා තරම් අන් සුදුස්සකු නැති බව අද සකළ ලෝකවාසීන්ම පිළිගෙන තිබේ. සිරගතව සිටියදීත් එළෙස සුභ පැතුම් එවූ හුස්නි මුබාරක් හිටපු ජනාධිපතිවරයාගේද සිම්බාබ්වේ නරපති මුගාබේ උතුමානන්ගේද දෙපා නැමැද ආචාර කරමි.
    මහා රාජපක්ෂෝත්තමයානන්ගේ දෙපා නැමැද අප එතුමාගේ දූවිල්ලක් තරම්වත් නොවිටිනා බව ක‍්‍රියාවෙන්ම පෙන්වූ මා අතිජාත මිත‍්‍ර මර්වින් ඇමැතිවරයාන්න් වෙත හෘදයංගම සුබ පැතම් පුද කරමින් මා කියා සිටින්නේ අනාගතය ගැන නොබියව සුපුරුදු ලෙසම ජාතික ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන ලෙසයි. එතුමාගේ දරුවන් වෙනුවෙන් මා කළ සේවය වතුරේ නොයනු පිණිස සිය රට පැමිණ ජය පැන් බොන ලෙස ඒ දරුවාන්ට ආයාචනා කරමි.


    මේ අනගි අවස්ථාවෙහි නිරපරාදයෙහි ලිංගික අපරාධයන් කළැයි චෝදනා ලද මා මිත‍්‍ර දුමින්ද සිල්වාණෝ මසිත කුල්මත් කරයි. ඔහුට එරෙහිව නැගුණු ලිංගික අපචාර, ඖෂධ ජාවරම් යනාදිය සම්බන්ධයෙන් මවිසින් ඉටු කළ යුක්තිය ගෝඨාභය රාජපක්ෂෝතමානන් තරම් දන්නා අයෙක් නැත. ළගදීම මවිබිම කරා පැමිණ රෝගී ශ‍්‍රී ලංකාව සුවපත් කිරීමට බියක් සැකක් නැතිව යළි ඹෟෂධ ව්‍යාපාරය අරඹන ලෙස මම එතුමාන්නට ආරාධනා කරමි.


    ඉතාමත් ආදර්ශවත් ලෙස තමන්ගේම සොහොනේ මල්වඩම් එවමින් මා වෙත ආශිර්වාද එවූ මාගේ නීතිපතිධුරයේ බලයෙන් ආයුධ සෙවීමට යැයි ගෙන ගොස් දෙවියන් වහන්සේ කරා යැවූ සියළු පාතාලයන් වෙත ද දේවාශිර්වාද පුද කරමි.


    බියෙන් ජීවත් වූ කාලය අවසානයි. රාජපක්ෂෝත්තමයානන්ට ආශිර්වාද වේවා. ඔබ මගේය. මා ඔබේ ය.


    අධිකරනණය අපායට යවමු. වාසුදේවයිනි, මහා භාරතයේ කළ සටන් අරඹමු. අලූත්කඩයෙන්ම අරඹමු. ගල් මුල් රැගෙන එන්න. මා ඔබේ ය.


    මා යුක්තිය ඉටු කිරීමට කොතරම් කැප වී සිටියේ ද යත් මාගේ එකම දියණිය මිය යනු බල බලා යෙදී සිටියේ ද එවැනි උතුමාණන්ට සේවය කිරීමට ය. එතැන් පටන් දෙවියන් වහන්සේට පුදකර තිබූ මාගේ ජිවිතය අද පටන් රාජපක්ෂෝත්මයානන්ට පූජාවේවා. උතුමානනි මාගේ ශරීරය ද මාගේ හඬද මාගේ තීරණයද ඔබ වෙනුවෙනි.:D
     
    • Like
    Reactions: wijithapradeep