



ඇය නැවත අප ඉදිරියට පැමිණියා ය. සැලුනු කඳුළු තවමත් එලෙසම ය. නමුත් දැන් මුවග ඇත්තේ යම් කිසි දෙයක් සපුරාගත් අන්දමේ සිනාවකි. සාමාන්‍යයෙන් ඇය මගෙන් ප්‍රාර්ථනා කරන දේ කුමක්දැයි වටහාගැනීම ඉතා දුෂ්කර ය. එය කිසි විටෙකත් මුවින් නොඉල්ලනී ය. වටහා ගැනීමට ප්‍රමාණවත් ඉඟි ලබා දීම පමණක් ඇය කරයි. පිය සෙනෙහසට සම කළ හැකි කිසිවක් ලොව නැත. නමුත් යුවතියක් පති කුලයට ගිය විට ඇය එතෙක් ලැබූ පිය සෙනෙහස කාගෙන් ලබන්නද? එය යම් තරමින් හෝ ඉටු කිරීමට මා සමත් වූවා සේ හැඟුනි. ඇගේ වචන වලින් එය මට තහවුරු විය.
![]()
