නළලිදක් තනියම හාරපු උන් ඉන්නවද? 2 (හාරලා ඉවරයි)

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    නළලිදක් තනියම හාරපු උන් ඉන්නවද කියලා මම දාපු ත්‍රේඩ් එක මතකයි නේ!
    ඔන්න දවස් 2ක මහන්සියකින් මම නළලිඳ හාරලා ඉවර කලා
    ඒකට ගිය වියදම් එහෙම පහල තියෙනවා, නළලින් හාරන්න හිතන් ඉන්න අය බලන්න

    මම ගත්ත තැන
    අවරෙට දවසට 750යි
    බටයක් දවසට 80යි
    බටේ අල්ලලා කරකවන්න ගන්න ලොකු ස්පැනර් දෙකට දවසට 120යි
    අත් පොම්පේ 7500යි
    අඟල් 6 බටයි, භාගෙ බටයි නම් නිකම් ලැබුනේ
    එහෙම නැත්තම් අඟල් 6 බටයක් 5000 පැනලාලු
    යටට දාන වෑල් කර කෑල්ල 490යි
    කුළියට ආපු අයියාගේ පඩිය දවසට 3500යි
    උදේම කිරිබත් කාලා වැඩ පටන් ගත්තා
    පැය භාගෙකින් වගේ කැරකිල්ලටද කොහෙද කාපුවා සේරම රිටන් ආවා
    හිස් බඩ වැඩ කරන්න බැරි නිසා කැඳ එකක් හදලා බීලා එහෙම ආයෙත් වැඩ පටන් ගත්තා
    අඩි 12කට ආසන්න ප්‍රමානයක් හෑරිලා තිබ්බා උදේ 10 විතර වෙද්දි
    උඩ කබොල්ල කබොක් උනාට ඊට පස්සෙ ටික නම් නිකම් බටර් වගේ
    තලේ ඇතුලට බහිනවා පට ගාලා
    දැන් 6 බට කෑලි 3ක් විතර බස්සලා තියෙන්නෙ, ලාවට දිය සීරාවක් තිබ්බට එහෙම ලොකුවට වතුරක් නම් නැහැ
    කැරකැවිලා අමාරු නිසා දිගටම හාරන්න අමාරුයි
    අනික තමා තලේට රැදෙන පස් ටික ගන්න බට 3ම උඩට උස්සන්න එපැයි
    හැබැයි පාරෙ යන කවුරුත් ඇවිත් වට 10ක් 15ක් හරි කරකවලා ගියේ
    යන යන කෙනා මල්ලි, පුතේ, මචන් උඹලා මොකද කරන්නෙ ගාගෙන එනවා
    පොඩ්ඩක් බලන් ඉදලා උඹ හිටපන් මම පොඩ්ඩක් හාරන්නම් කියලා පොඩි හරි සපෝර්ට් එකක් දීලා යන්නෙ

    View attachment 157439
    අඩි 6 බට 7ක් බස්සපු ගමන් තලේ කැරකෙද්දි ගොජ ගොජ සද්දයක් එන්න පටන් ගත්තා
    මෙන්න යකෝ තලේ උඩට ඉස්සුවාම පස් පොදක් නැහැ
    බටේ අඩි 8ක් විතර උඩට තෙමිලා :love:
    එහෙමම අඟල් 6 බටයක් අරන් ඒක ඇතුලට බැස්සුවා. නැත්තම් ඇතුලේ වතුර පිරෙද්දි අපි හාරපු හිලේ පස් ඇතුලට කඩන් වැටෙනවා
    අඟල් 6 බටෙන්ම කෑල්ලක් කපලා අරන් පත්තර කෑල්ලකින් රත් කරලා එන්ඩ් කැප් එකක් හදලා ගැහුවා
    ඒක එහෙම තියෙන්න ඇරලා පාරට ගිහින් බටේ අගට ගහන වෑල් කෑල්ලක් අරන් ආවා
    හාර්ඩ්වෙයා එකේ එකා කිව්වා ස්ප්‍රීන්ග් එක තියෙන එක සවුත්තු වෙනවා, අනික ගන්න කියලා
    පස්සෙ එක සෙට් කරලා මැද බටේ අඟල් 6 බටේට වඩා අඩි 2ක් කොටට හිටින්න සෙට් කරලා බස්සලා හෑන්ඩ් පොම්පේ ගැහුවා

    View attachment 157573

    මඩ වතුර එන්න පටන් ගත්තා
    පැයක් වගේ දෙන්නා මාරුවෙන් මාරුවට ගැහුවා
    දැන් නම් වතුර මේ තරම් මඩ පාට නැහැ
    අද දවස එහෙමම වැඩ නැවත්තුවා
    හාරද්දි ඇවිස්සුන මඩ ආයෙත් පොළවට බැස්සම හොඳ පිරිසිදු වතුර ඒවි​
    View attachment 157723 View attachment 157724 View attachment 157725

    View attachment 157726

    දැන් නම් නොම්මර එකට වතුර ටික එනවා

    සම්පූර්ණ ගැඹුර අඩි 42යි
    මට වියදම් උනේ 17500ක් විතර
    නළලින් ගහන කෙනෙක්ගෙන් නිකමට ගාන ඇහුවා
    අත් පොම්පෙත් එක්ක 52000කට කරලා දෙන්නම් කිව්වා
    එහෙම බැලුවාම සෑහෙන්න ගානක් ඉතුරුයි මට මමම කරපු නිසා

    157724

    ------ Post added on Jan 18, 2022 at 8:50 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,161
    3
    118,929
    113
    Gampaha
    සුපිරි මචෝ... 👍👍👍
    තනියම වැඩක් කරාම තියෙන සතුට සල්ලිවලට ගන්න බෑනෙ...

    වතුර තියන තැනක් කොහොමද අල්ල ගත්තෙ? නිකං කණාවට හෑරුවද??

    අඟල් 6 අඩි 19දිග බටේ මම හයමාසෙකට විතර කලින් ගත්තෙත් 4800ක්.