නළලිදක් තනියම හාරපු උන් ඉන්නවද කියලා මම දාපු ත්රේඩ් එක මතකයි නේ!
ඔන්න දවස් 2ක මහන්සියකින් මම නළලිඳ හාරලා ඉවර කලා
ඒකට ගිය වියදම් එහෙම පහල තියෙනවා, නළලින් හාරන්න හිතන් ඉන්න අය බලන්න
මම ගත්ත තැන
අවරෙට දවසට 750යි
බටයක් දවසට 80යි
බටේ අල්ලලා කරකවන්න ගන්න ලොකු ස්පැනර් දෙකට දවසට 120යි
අත් පොම්පේ 7500යි
අඟල් 6 බටයි, භාගෙ බටයි නම් නිකම් ලැබුනේ
එහෙම නැත්තම් අඟල් 6 බටයක් 5000 පැනලාලු
යටට දාන වෑල් කර කෑල්ල 490යි
කුළියට ආපු අයියාගේ පඩිය දවසට 3500යි
ඔන්න දවස් 2ක මහන්සියකින් මම නළලිඳ හාරලා ඉවර කලා
ඒකට ගිය වියදම් එහෙම පහල තියෙනවා, නළලින් හාරන්න හිතන් ඉන්න අය බලන්න
මම ගත්ත තැන
අවරෙට දවසට 750යි
බටයක් දවසට 80යි
බටේ අල්ලලා කරකවන්න ගන්න ලොකු ස්පැනර් දෙකට දවසට 120යි
අත් පොම්පේ 7500යි
අඟල් 6 බටයි, භාගෙ බටයි නම් නිකම් ලැබුනේ
එහෙම නැත්තම් අඟල් 6 බටයක් 5000 පැනලාලු
යටට දාන වෑල් කර කෑල්ල 490යි
කුළියට ආපු අයියාගේ පඩිය දවසට 3500යි
උදේම කිරිබත් කාලා වැඩ පටන් ගත්තා
පැය භාගෙකින් වගේ කැරකිල්ලටද කොහෙද කාපුවා සේරම රිටන් ආවා
හිස් බඩ වැඩ කරන්න බැරි නිසා කැඳ එකක් හදලා බීලා එහෙම ආයෙත් වැඩ පටන් ගත්තා
අඩි 12කට ආසන්න ප්රමානයක් හෑරිලා තිබ්බා උදේ 10 විතර වෙද්දි
උඩ කබොල්ල කබොක් උනාට ඊට පස්සෙ ටික නම් නිකම් බටර් වගේ
තලේ ඇතුලට බහිනවා පට ගාලා
දැන් 6 බට කෑලි 3ක් විතර බස්සලා තියෙන්නෙ, ලාවට දිය සීරාවක් තිබ්බට එහෙම ලොකුවට වතුරක් නම් නැහැ
කැරකැවිලා අමාරු නිසා දිගටම හාරන්න අමාරුයි
අනික තමා තලේට රැදෙන පස් ටික ගන්න බට 3ම උඩට උස්සන්න එපැයි
හැබැයි පාරෙ යන කවුරුත් ඇවිත් වට 10ක් 15ක් හරි කරකවලා ගියේ
යන යන කෙනා මල්ලි, පුතේ, මචන් උඹලා මොකද කරන්නෙ ගාගෙන එනවා
පොඩ්ඩක් බලන් ඉදලා උඹ හිටපන් මම පොඩ්ඩක් හාරන්නම් කියලා පොඩි හරි සපෝර්ට් එකක් දීලා යන්නෙ
View attachment 157439
අඩි 6 බට 7ක් බස්සපු ගමන් තලේ කැරකෙද්දි ගොජ ගොජ සද්දයක් එන්න පටන් ගත්තා
මෙන්න යකෝ තලේ උඩට ඉස්සුවාම පස් පොදක් නැහැ
බටේ අඩි 8ක් විතර උඩට තෙමිලා
එහෙමම අඟල් 6 බටයක් අරන් ඒක ඇතුලට බැස්සුවා. නැත්තම් ඇතුලේ වතුර පිරෙද්දි අපි හාරපු හිලේ පස් ඇතුලට කඩන් වැටෙනවා
අඟල් 6 බටෙන්ම කෑල්ලක් කපලා අරන් පත්තර කෑල්ලකින් රත් කරලා එන්ඩ් කැප් එකක් හදලා ගැහුවා
ඒක එහෙම තියෙන්න ඇරලා පාරට ගිහින් බටේ අගට ගහන වෑල් කෑල්ලක් අරන් ආවා
හාර්ඩ්වෙයා එකේ එකා කිව්වා ස්ප්රීන්ග් එක තියෙන එක සවුත්තු වෙනවා, අනික ගන්න කියලා
පස්සෙ එක සෙට් කරලා මැද බටේ අඟල් 6 බටේට වඩා අඩි 2ක් කොටට හිටින්න සෙට් කරලා බස්සලා හෑන්ඩ් පොම්පේ ගැහුවා
View attachment 157573
මඩ වතුර එන්න පටන් ගත්තා
පැයක් වගේ දෙන්නා මාරුවෙන් මාරුවට ගැහුවා
දැන් නම් වතුර මේ තරම් මඩ පාට නැහැ
අද දවස එහෙමම වැඩ නැවත්තුවා
හාරද්දි ඇවිස්සුන මඩ ආයෙත් පොළවට බැස්සම හොඳ පිරිසිදු වතුර ඒවි
View attachment 157723 View attachment 157724 View attachment 157725
View attachment 157726
දැන් නම් නොම්මර එකට වතුර ටික එනවා
සම්පූර්ණ ගැඹුර අඩි 42යි
මට වියදම් උනේ 17500ක් විතර
නළලින් ගහන කෙනෙක්ගෙන් නිකමට ගාන ඇහුවා
අත් පොම්පෙත් එක්ක 52000කට කරලා දෙන්නම් කිව්වා
එහෙම බැලුවාම සෑහෙන්න ගානක් ඉතුරුයි මට මමම කරපු නිසා
------ Post added on Jan 18, 2022 at 8:50 PM
