නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ

kp_man

Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    mage yaluwa giya bambalapitiye pot ekata. porata badina kellage nama hariyatama kiyala thibuna. e wagema pora e kellawa banda. ithin borumai kiyala paththakata karanna baha neda? anika amma thaththage nam gam okkoma kiyanne kohomada oka boruwak nam?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    mage yaluwa giya bambalapitiye pot ekata. porata badina kellage nama hariyatama kiyala thibuna. e wagema pora e kellawa banda. ithin borumai kiyala paththakata karanna baha neda? anika amma thaththage nam gam okkoma kiyanne kohomada oka boruwak nam?
    ඔව් බං.. මාත් ලොකුවට ඕක මුලින් විශ්වාස කලේ නැතත්, මේ ලිපි ටික කියෙව්වට පස්සේ ඒ ඇත්ත කියල හිතුනා... මොකද ආනන්ද මයිත්‍රී හාමුදුරුවෝ මේ දේවල් කියල මොන ලාබ ප්‍රයෝජන ගන්නද?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    චන්ද්‍රිකා රටේ නායකත්වයට පත්වන බව නාඩි වාක්‍යයේ තිබුණා

    බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ මෙතෙක්‌ පළ නොවූ සාකච්ඡා පෙළ 08


    ඒ නම් වලින් හැඳින්වෙන්නේ බුදුන් වහන්සේගේ සිතේ ඇතිවුණ රාග සිතිවිලි කියලා කෙනෙක්‌ කියනවා නම් බුදුන් වහන්සේට, බුද්ධත්වයට කරන ලොකුම අගෞරවය, අපහාසය ඒකයි. බුදුන් වහන්සේගේ අරහං ගුණය නොපිළිගැනීමක්‌. මාරයා කියන්නේ සැබෑ කෙනෙක්‌. ඒ තැනැත්තා දිව්‍ය පුත්‍රයෙක්‌. අපේ බණ පොත්වල දක්‌වන්නේ මාර දිව්‍ය පුත්‍රයා කියලා.

    ප්‍රශ්නය : පිංවත් ස්‌වාමීනි ජ්‍යෙdතිෂ්‍යය පිළිබද මහජනයා තුළ විවිධ මතිමතාන්තර තියෙනවා මේවා බොරු. පිළිගන්න බෑ කියල කියනව. ඒකට හේතුත් තියෙනවා. එක එක ජ්‍යෙdතිෂවේදීන් එකම කරුණ ගැන විවිධ මත ප්‍රකාශ කරනවා. මේ ගැන ඔබ වහන්සේ මොනවද කියන්නේ ස්‌වාමීන් වහන්ස?

    නාහිමි : මහත්තයො, ඔය ප්‍රශ්නය බෝධිසත්වයන් වහන්සේ මෙලොව බිහිවුණු වේලාවෙත් තිබුණා. ඉන්දියාව කියන්නෙ ජ්‍යෙdතිෂ්‍ය ගැන මහා දැනුම් සම්භාරයක්‌ තියෙන රටක්‌. බෝධිසත්වයන් වහන්සේට නම් දෙන දවසේ මහා බලසම්පන්න බ්‍රාහ්මණ පඩිවරුන් හත් දෙනෙක්‌ ආව. ඉන් හය දෙනෙක්‌ම මත දෙකක්‌ ප්‍රකාශ කළා. මේ තැනැත්තා ගිහිගෙයි සිටියොත් අනිවාර්යයෙන්ම සක්‌විති රජ කෙනකු බවට පත්වෙනවා. ගිහිගෙය අතහැරල මහණ වුණොත් බුදු වෙනව කියල. ඒ අතර හිටිය බාලම බ්‍රාහ්මණ පඬිවරයා වූ කොණ්‌ඩඤ්ඤ බ්‍රාහ්මණයා විතරයි කීවෙ මේ තැනැත්තා අනිවාර්යයෙන්ම මහණ වෙලා බුදු වෙනව කියල. ඉතින් වර්තමානයේ විවිධ මතිමතාන්තර ඇතිවෙන එක පුදුමයක්‌ නොවෙයිනේ.

    ප්‍රශ්නය : ඒ කාරණය තවදුරටත් පැහැදිලි කරන ලෙස මම නමස්‌කාර පූර්වකව ඉල්ලා සිටිනව ස්‌වාමිනී.

    නාහිමි : ඒ දේ සිදු වන්නෙ මෙහෙමයි. ජ්‍යෙdaතිෂ්‍ය කියන විෂය මහ ගැඹුරු විෂයයක්‌. හරියට සප්ත මහා සාගරය වගේ ගැඹුරු ආධ්‍යාත්මික විෂයයක්‌. පෙර සිටි මහා බලපම්පන්න ඝෘද්ධිලාභී ඝෘෂිවරුන් තමයි, මේ ශාස්‌ත්‍රය ලෝකෙට බිහි කළේ. එක්‌ එක්‌ ජ්‍යෙdතිෂ්‍යවේදීන් තම තමන් මේ ශාස්‌ත්‍ර ග්‍රහණය කරගත් ප්‍රමාණයට තමයි නිවැරදි පලාපල කියන්න පුළුවන්. හරියට කන් හැන්දක්‌ තියෙන කෙනා මහ සයුරෙන් ඒ හැන්දේ ප්‍රමාණයට ජලය ගන්නවා. තේ හැන්දක්‌ තියෙන කෙනා එම ප්‍රමාණයට මුහුදු වතුර ගන්නවා. පොල් කටු හැන්දක්‌ තියෙන කෙනා ඒ ප්‍රමාණයටයි වතුර ගන්නේ. ඊට වඩා ලොකු භාජන තියෙන ඇත්තො තමන්ගෙ භාජනයේ ප්‍රමාණයට වතුර ගන්නවා. ඒ අනුව තම තමන් ශිල්පය හැදෑරූ ප්‍රමාණයට තමයි අනාගතය පිළිබදව පුරෝකථනය කරන්න පුළුවන් වෙන්නෙ. ඒ ඇත්තො කියන්නෙ බොරු නෙමෙයි. තමන් ශිල්පය ග්‍රහණය කරපු ප්‍රමාණයටයි විස්‌තර කියන්නෙ.

    මුන්නැහේ ජ්‍යෙdතිෂ්‍යය ගැන උනන්දු වෙනව නම් හෙන්දිරික්‌ හෙට්‌ටිගොඩ මහත්තය ලියල තියෙන "ජීවිතය හා ග්‍රහයෝ" කියන පොත කියවන්න. ඒ පොත ආධුනිකයන්ට, වෛද්‍යවරුන්ට, හාමුදුරුවරුන්ට හොද අත්පොතක්‌. සරලව යම් යම් කරුණු තේරුම් බේරුම් කරගන්න පුඵවන්.

    ප්‍රශ්නය : පැහැදිලියි ස්‌වාමීනි නාඩි වාක්‍ය තුළින් ඔබවහන්සේගේ අනාගත සිදුවීම් එහෙමත් කියලා තිබුණ ද ස්‌වාමීනි?

    නාහිමි : කියලා තිබුණා. මං ඒවා එච්චර හිතේ රඳවා ගත්තේ නැහැ. එක සිද්ධියක්‌ විතරක්‌ මතකයි. නාඩි වාක්‍යයේ කියලා තිබුණා හිරු නැඟෙන රටක රජ කෙනෙක්‌ මෙතෙක්‌ කිසිම කෙනකුට නොදුන් ගෞරව නාමයක්‌ මට ප්‍රදානය කරනවා කියලා.

    ප්‍රශ්නය : ඔබ වහන්සේට දැන් කොච්චර විතර ගෞරව නාම ලැබිලා තියනව ද ස්‌වාමීනි.

    නාහිමි : ලංකාවේ හුඟක්‌ විශ්වවිද්‍යාල වලින් මට ගෞරව සම්මාන ලැබිලා තියනවා. මට මතක නැහැ. මං ඒවා එච්චර හිතේ තියාගෙන නැහැ. සම්මාන ලැබෙන්න ලැබෙන්න අපේ මානය වැඩිවෙනවා. ඒවට ඇලිලා හිටියොත් අපේ භව ගමන දීර්ඝ වෙනවා. මේ සම්මාන එකකටවත් මං බැඳිලා නැහැ. මට එක සම්මානයක්‌ විතරක්‌ මතකයි. ඒ බුරුමයෙන් ලැබුණු අග්ගමහා පණ්‌ඩිත කියන සම්මානය. ඒකත් ලැබුණේ බුරුමයේ තිබුණු ධර්ම සංගායනාවෙන් පස්‌සේ. ඒත් මම ඔය එක සම්මානයකටවත් ඇලිලා, ගැලිලා නැහැ.

    (කර්තෘ සටහන - උන්වහන්සේ හැම විටම අත්සන් කරන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රය ස්‌ථවිර යනුවෙන් පමණකි.)

    ප්‍රශ්නය : ඔබවහන්සේට අනාගතයේ ලැබෙන්න යන සම්මාන ඔබවහන්සේ භාර ගන්නව ද ස්‌වාමීනි.

    නාහිමි : ගෞරව, නම්බුනාම, සම්මාන, උපාධි මේ කිසිවක්‌ මං අපේක්‌ෂා කරන දේවල් නෙවෙයි. ඒ ඇත්තන් මට ලබාදුන්න දේවල්. ඒ දේවල් මං පිළිනොගත්තොත් ඒ අයට කනගාටුවක්‌, කලකිරීමක්‌ ඇති වෙනවා. ඒවගේ තත්ත්වයකට ඒ අය පත් වෙනවට මම අකැමැතියි. එම නිසා මම එම සම්මානත් පිළිගන්නවා.

    ප්‍රශ්නය : ඔබවහන්ස්‌ගේ මීළඟ භවය ගැන දැනගැනීමට අපේ බෞද්ධ ජනතාව මහත් කැමැත්තක්‌ දක්‌වනවා ස්‌වාමීනි. ඊට පෙර ස්‌වාමීනි ඔබ වහන්සේ ගෞතම බුදුන් වහන්සේ බුදුවන අවස්‌ථාවේ ඒ සිද්ධි සමූහය දුටු දෙවි කෙනෙක්‌. අද ඔබ වහන්සේ සාමාන්‍ය ලෝකයේ ගෞරව ආදරයට පත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්‌. මගේ ප්‍රශ්නය ඔබ වහන්සේට කරන අගෞරවයක්‌ නොවේවායි ප්‍රාර්ථනා කරනවා. බොහෝ දෙනෙක්‌ හිතන්න පුළුවන් බුදුන් වහන්සේ බුදුවන අවස්‌ථාව දුටු, බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්‌ථා දුටු ඔබවහන්සේ ඇයි නිවන් සුවය අත්පත් කරගත්තේ නැත්තේ කියලා.

    නාහිමි : ඒක සාධාරණ ප්‍රශ්නයක්‌ මහත්තයෝ. මම භව ගමනේ සැරිසරන්නේ එක්‌තරා ප්‍රාර්ථනාවක්‌ ඉටුකර ගන්න. බෞද්ධයන්ට තියෙනවා තමන්ගේ නිවන් මඟ සාක්‌ෂාත් කරගන්නා ක්‍රම තුනක්‌. බුදු, පසේබුදු, මහරහත් කියලා. ඒකට කියන්නේ තුන්තරා බෝධියෙන් එක්‌තරා බෝධියකින් නිවන් සැපයට පත් වෙනවා කියලා. මගේ ප්‍රාර්ථනාව වෙන්නේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා නිවන් අවබෝධ කර ගැනීමයි. එහෙම ප්‍රාර්ථනාවක්‌ තියෙන කෙනකුට ඒ තත්ත්වයට පත්නොවී නිවන් අවබෝධ කරගන්නේ නැහැ. මට මේ වෙලාවේ කාරණයක්‌ මතක්‌ වෙනවා. මේ වගේම ප්‍රශ්නයක්‌ මං වරක්‌ භාවනා පුහුණු වෙන අවස්‌ථාවක මතුවුණා. මං කඳුබොඩ භාවනා මධ්‍යස්‌ථානයේ භාවනා පුහුණුවකට ගියා. ඒ මහාෂි ෂියාඩෝනායක හාමුදුරුවෝ ලංකාවට එවපු සුජාත හාමුදුරුවන් යටතේයි. උන්වහන්සේගෙන් මම බුරුම භාවනා ක්‍රම පිළිබඳ පුහුණුවත් ලබාගත්තා. එක භාවනාවක්‌ අවසානයේදී මට භාවනාව සමෘද්ධි වෙන්නෙම නැහැ. භාවනා කරන අවස්‌ථාවල ඇතිවන වෙනස්‌කම් මම හැම විටම සුජාත හාමුදුරුවන්ට කිව්වා. උන්වහන්සේ අටුවා පෙළපොත් ආදියෙන් ඒ පිළිබඳ විස්‌තර කරලා හේතු පහදලා දෙනවා. අවසන් අවස්‌ථාවේදී මගෙන් ඇහැව්වා ඔබවහන්සේට මේ භාවනා සමෘද්ධි නොවෙන්න හේතුවක්‌ තියෙන්න ඕනෑ.. ඔබවහන්සේට මොකක්‌ හරි ප්‍රාර්ථනාවක්‌ තියෙනව ද කියලා. මම කිව්වා මම බුදු බව ප්‍රාර්ථනා කරනවා කියලා. එවිට උන්වහන්සේ කීවා එහෙම නම් මේ භාවනාව සමෘද්ධි වෙන්නේ නැහැ ඔබවහන්සේ මෙතෙක්‌ වැඩූ භාවනාවම කරගෙන යන්න කියලා. ඒ හේතුව නිසාම වෙන්න ඇති බුදුන් වහන්සේ බුදුවන අවස්‌ථාව දැකලා, බුදු බණ ඇහිලා, මට නිවන් අවබෝධ නොවුණේ කියලයි මම හිතන්නේ.

    ප්‍රශ්නය : ස්‌වාමීනි, මේ භව ගමනින් පසු ඔබ වහන්සේගේ ඉදිරි භව ගමන පිළිබඳවත්, බෞද්ධ ජනතාව දැන ගැනීමට මහත් ආශාවෙන් ඉන්නවා. ඒ පිළිබඳවත් මට පැහැදිලි කරගන්න පුළුවන් ද පින්වත් ස්‌වාමීනි?

    නාහිමි : හොඳයි මම කියන්නම්. පුහුදුන් මිනිස්‌සු තමන්ගේ භව ගමන ගැන හිතන්නේ නැතුව අනිත් අයගේ වතගොත හොය හොයා භව ගමන නිකරුණේ නාස්‌ති කර ගන්නවා. ඒක ඒ ඇත්තන්ට තේරෙන්නේ නැහැ. ඉන් ඒ ඇත්තන්ට ඵලක්‌ නැති බව. මගේ ඉදිරි භව ගමන සිද්ධ වෙන්නේ මෙහෙමයි. මං අපවත් වුණාම කෙටි කාලයකට බ්‍රහ්ම ලෝකයක උප්පත්තිය ලබනවා. ඊට පස්‌සේ මම නැවතත් ශ්‍රී ලංකාවේ උපදිනවා. ඒකට හේතුවක්‌ තියෙනවා. දැනට අපේ රටේ තියෙන අධ්‍යාපනය ක්‍රමය හැඩ ගැහිලා තියෙන්නේ බටහිර සංකල්පවලට අනුව. වස්‌තුව, ධනය එක්‌රැස්‌ කරගන්න මානසික තත්ත්වයක්‌ තමයි ඇති වෙන්නේ. පුරාණයේ මේ රටවල ඉන්දියාවේ පවා බෞද්ධ සංකල්ප පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක්‌ තිබුණා. ඒ අධ්‍යාපන ක්‍රමය තුළින් අපේ රටෙ වෙහෙර විහාර, වැව් අමුණු, කුඹුරු ආදියෙන් සමෘද්ධිමත් වුණු රටක්‌ව පැවතීයා.

    අද තියෙන්නේ බටහිර සංකල්පවලට ගැතිවුණු අධ්‍යාපන ක්‍රමයක්‌ නිසා ආත්මාර්ථකාමී, අනෙක්‌ සමාජය ගැන නොසිතන පිරිසක්‌ බිහිවෙලා තියෙනවා. මේ බටහිර අධ්‍යාපන ක්‍රමය නිසා අපේ දරුවන්ගේ සිත්සතන් වෙනස්‌ වෙලා. ආදරය, කරුණාව, දයාව, මෛත්‍රීය ගිලිහිලා ගිහිල්ලා. මේ තත්ත්වය වෙනස්‌ කරන්න පුළුවන් බෞද්ධ අධ්‍යාපන ක්‍රමයකට පමණයි. ඉන්දියාවේ නාලන්දා මහා විශ්වවිද්‍යාලයේ පැවතියේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමයයි. අපේ ඉතිහාසය බැලුවත් බෞද්ධ අධ්‍යාපන ක්‍රමය තුළින් තමයි මේ රටේ සංස්‌කෘතිය, ආගම, භාෂාව රැකුණේ. එම නිසා මම නැවතත් මේ රටේ උප්පත්තිය ලබලා මේ රටේ අධ්‍යාපන ඇමැති වෙනවා. මගේ කාර්යභාරය නිම කරලා මේ රටේ නැවතත් බෞද්ධ අධ්‍යාපන ක්‍රමය පිහිටුවලා මම මේ භවයෙන් සමුගන්නවා. ඉන්පසු මං දිගටම බ්‍රහ්ම ලෝකේ රැඳී ඉන්නවා මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන කාලය දක්‌වාම.

    සංස්‌කාරගේ සටහන

    අගස්‌තියර් කෞෂික නාඩි වාක්‍ය තුළින් ප්‍රකාශ කළ පරිදිම (හිරු නැගෙන රාජ්‍යයකින්) බුරුම රජතුමා විසින් මෙතෙක්‌ කිසිදු අයකුට ප්‍රදානය නොකළ ගෞරව සම්මාන උපාධියක්‌ උන්වහන්සේට පිරිනැමිනි. එය අභිධජ මහා රට්‌ඨගුරු යන සම්මාන උපාධියයි. මෙම උපාධිය ලබාගැනීම සඳහා බුරුමයට වඩින ලෙසට උන්වහන්සේට තුන්වරක්‌ම මෙරට බුරුම තානාපතිතුමා ආරාධනා කර ඇති අතර, අවසාන අවස්‌ථාවේ උන්වහන්සේ එකී ආරාධනාව පිළිගෙන බුරුමයට වැඩියේ එරට රජුගේ සහ ජනතාවගේ සිත් රිදවීම සුදුසු නොවන නිසා බව නා හිමියෝ පැවසූහ.

    අතිපූජ්‍ය අභිධජ මහා රට්‌ඨගුරු අග්ග මහා පණ්‌ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියනගේ ප්‍රකාශනය ඇතුළත් වීඩියෝ කැසට්‌ පටියක්‌ (අද මෙන් එකල CD හෝ DVD තැටි තිබුණේ නැහැ) මතු පරපුරේ දැනගැනීම සඳහා සහ පර්යේෂණ කරන අයගේ යහපත සලකා ජාතික කෞතුකාගාරයට ද ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුවට ද බාරදීමට ප්‍රභාත් මානවසිංහ මහතා සමඟ කටයුතු කරමින් සිටි අතර මහ නාහිමියන්ගේ අපවත්වීම ද මානවසිංහ මහතා දිවංගතවීම ද සිදුවිය. මහ නාහිමියන් අපවත් වූ අවස්‌ථාවේ කිසියම් රූපවාහිනී නාළිකාවක නිවේදිකාවක විසින් මෙම විස්‌තර ඇතුළත් කැසට්‌ පටි දෙකක්‌ ගෙනගොස්‌ ඇති අතර ඒවා ආපසු ලැබුණේ නැත. තවත් කැසට්‌ පට දහ අටක්‌ම පුස්‌ අල්ලා භාවිතයට ගත නොහැකි තත්ත්වයක පැවැතිණි. මේ කැසට්‌ පට පිරිසිදු කර ගැනීමේ ක්‍රමවේදයක්‌ තිබේ නම් නාහිමියන් පිළිබඳ තවත් වටිනා විස්‌තර ඔබට දැනගැනීමට හැකිවන බව කරුණාවෙන් සටහන් කරමි.

    සප්ත ඝෘෂි නාඩි වාක්‍ය - සී. මහාලිංගම් මහතා

    1940 සිට මෙරට ප්‍රභූ පන්තිය වෙනුවෙන් නාඩි වාක්‍යය ඇසුරෙන් අනාගතය පුරෝකථනය කළ සී. මහාලිංගම් මහතා වෙත මා යොමු කළේ අගස්‌ති කෞෂික නාඩි වාක්‍ය ප්‍රකාශක ආචාර්ය ජයසංඛර් මහතා විසිනි. මහාලිංගම් මහතා සතු වූයේ සප්ත ඝෘෂි නාඩි වාක්‍යයයි. ඒ මහතා 1940 සිටම මෙරට ප්‍රභූ ජනතාවට නාඩි වාක්‍ය ඇසුරෙන් අනාගතය පුරෝකථනය කළ ද නාඩි වාක්‍ය පිළිබදව දීර්ඝ වශයෙන් හා සවිස්‌තරාත්මකව විස්‌තර දැනගැනීමට හැකි වූයේ අභිධජ මහා රට්‌ඨගුරු අග්ගමහා පණ්‌ඩිත අති පූජ්‍ය බලංගොඩ ආනන්දමෛත්‍රය මහ නාහිමියන් විසින් විටින් විට පුවත්පත් හා සගරාවලට ලියන ලද ලිපි ලේඛන ආශ්‍රයෙනි.

    මහාලිංගම් මහතා මට හමු වූයේ ඒ මහතාට වයස අවුරුදු අසූව සපුරන සමයේදීය. එවකට ඒ මහතා පදිංචිව සිටියේ කොළඹ කොටුවේ ගෑස්‌පහ හංදියේ පිහිටි මහල් නිවාසයකය. තම දියණිය හා බෑණනුවන් සමග මහල් නිවාසයක දිවි ගෙවූ මහාලිංගම් මහතා තමන් වෙත එන අයට නාඩි වාක්‍ය කියවා පොතක විස්‌තර ලියාදීම සිදු කරන ලදී.

    (ඒ මහතා විසින් ප්‍රකාශයට පත්කරන ලද්දේ සප්ත ඝෘෂි නාඩි වාක්‍ය ක්‍රමයයි. එනම් ඝෘෂිවරුන් හත් දෙනෙක්‌ විසින් සංගෘහිත කරන ලද නාඩි වාක්‍ය ක්‍රමයකි.)

    ඔහු කිසිත් නොඅසා පැමිණි තැනැත්තාගේ දකුණු අත බලා කරුණු හතරක්‌ කියයි. ඒ සියල්ල සත්‍ය නම් පමණක්‌ නාඩි වාක්‍ය කියවීම ආරම්භ කරයි. අවස්‌ථා ගණනාවකදීම ඒ මහතා නාඩි වාක්‍ය කියවන අවස්‌ථාවට සහභාගි වීමට මට අවස්‌ථාව හිමි විය. ඒ සෑම අවස්‌ථාවකදීම ඔහු අත බලා ප්‍රකාශ කළ විස්‌තර සියයට සියයක්‌ම සත්‍ය විය. (මේ පිළිබද විස්‌තර ඉදිරියේදී වෙනම ග්‍රන්ථයකින් එළිදැක්‌වේ) නිතර නිතර මහාලිංගම් මහතා හමුවීම නිසා අප අතර සුහදතාව වර්ධනය විය. එහෙයින් ඒ මහතාගේ පෞද්ගලික ජීවිතය පිළිබදව විමසීමට මට හැකි විය. දිනක්‌ මම ඒ මහතාගෙන් නාඩි වාක්‍ය කියවීමට ඉගෙන ගත්තේ කෙසේදැයි විමසීමි. ඔහු තමාට නාඩි වාක්‍ය ග්‍රන්ථ ලැබුණු අන්දම හා ඒ පිළිබද විස්‌තර මෙසේ පැවසීය.

    "අපේ අම්ම මැරුණට පස්‌සෙ අපේ තාත්ත තවත් ගැහැණු කෙනෙක්‌ (කුඩම්මා කෙනෙක්‌) කැදවාගෙන ආවා. ඒ වෙනකොට මගේ වයස අවුරුදු එකොළහයි. තාත්ත නැති වෙලාවට කුඩම්ම මට හරියට හිරිහැර කළා. තාත්ත ගෙදර ආවිට නොයෙකුත් බොරු කියල තාත්ත ලවා මට දඩුවම් දුන්න. දවසක්‌ තාත්තගෙනුයි, කුඩම්මගෙනුයි හිරිහැර විදින්න බැරිම තැන මම ගෙදරින් පිට වුණා. ගෙදරින් පැනල ගියා. මං හොයාගෙන කවුරු හරි එයි කියල මං ඉතා වේගයෙන් ගියා. හවස්‌ වෙනකොට මම හැතැක්‌ම දහයක්‌ පහළොවක්‌ විතර ඈතට ගියා. මට හරි මහන්සියි. මං දැක්‌ක ශිව කෝවිලක්‌. මං කෝවිලට ගිහින් පිළිමය පිටුපසට වෙලා හිටිය. මං දන්නෙම නැතුව නින්ද ගිහිල්ල. ඇහැඇරල බලනකොට කෝවිල වහල. මං හොදටම බය වුණා. කරන්න දෙයක්‌ නැතිව බඩගින්නෙම කෝවිලට වෙලා මං ශිව ස්‌තොත්‍ර කියමින් ශිsව දෙවියන්ට කන්නලව් කළා. ඒ ස්‌තොත්‍ර අපි නිතරම ශිව දෙවියන්ට කියන ඒවයි.

    උදෑසන හතරට විතර කෝවිලේ උදෑසන පූජාව කිරීමට පූජකතුමා ඇවිල්ල දොර ඇරියා. එතුමා මා දිහා බලාගෙන ඉදල පූජාව ඉවර වෙනකන් ඉන්න කීව. ඔහු මට බැන්නේවත් සැර පරුෂ කළේවත් නැහැ.

    පූජාවෙන් පසු මා ඔහුගේ කාමරයට කැදවාගෙන ගියා. උදේට කන්න දීල අල්මාරියක්‌ ඇරල රෙද්දක ඔතපු පාර්සලයක්‌ මට දුන්න. මං ඇහුව මේ මොනවද කියල. පූජකතුමා කීවා මීට අවුරුද්දකට දෙකකට ඉස්‌සෙල්ල එක පූජකතුමෙක්‌ ඇවිල්ල කෝවිලට පූජාවක්‌ තියල මට මේ පොදිය දීල කීව කිසියම් දවසක කෝවිල අරිනකොට ළමයෙක්‌ කෝවිල තුළ ඉදල හමුවෙයි. ඒ දරුවට මේ පොදිය දෙන්න කියල. මං පසුගිය අවුරුදු දෙක තුනේම කෝවිල අරින කොට දරුවෙක්‌ හමුවෙයි කියල බලාපොරොත්තුවෙන් තමයි හිටියෙ. අද තමයි මේ ළමයා දැක්‌කෙ. මං දැන් නිදහස්‌. මේ පොදිය ඔය දරුවට අයිති වස්‌තුවක්‌. ඉන්පසු මම පොදිය දිග ඇරල බැලුව. ඒකෙ තිබුණෙ පැරැණි තල්කොළ පොත් ගොඩක්‌. මං පූජකතුමට කීව මට මේව වැඩක්‌ නැහැ, මට මේව එපා, මම මේ තල්පත් කියවන්න දන්නෙ නෑ කියල.

    එතකොට පූජකතුමා කීව මේ දරුව මේ පොත් අරගෙන යන්න. තමන්ට මේ තල්පත් කියවන්න දන්න ගුරුවරයෙක්‌ හමුවෙයි. එහෙම කියල ඒ පූජකතුමා මට පඩුරුත් දුන්න. ඊට පස්‌සෙ මම කෝවිලෙන් පිටවෙලා ගියා. බොහෝ විට මම රාත්‍රිය ගත කළේ අම්බලම්වල.

    දවසක්‌ මං හිටිය අම්බලමට පූජකතුමෙක්‌ ආව. එතුමා මගෙන් ඇහුව පොදියේ තියෙන්නෙ මොනවද කියල. මං පොදිය දිග ඇරල පෙන්නුව. එයා කීව මට මේ තල්පත් කියවන හැටි ඉගෙනගන්න ඕන නම් ඒ පූජකතුමා එක්‌ක එන්න කීව. මං එතුමා එක්‌කල ගියා. පූජකතුමා තල්පත් කියවන හැටි කියල දුන්න. මට සති තුන හතරකින් තල්පත් කියවන හැටි පුරුදු වුණා. මට හරි පුදුමයි එච්චර ඉක්‌මනට තල්පත්වල තිබුණු දේ ඉගෙන ගන්නට පුළුවන් වුණු එක ගැන. මං ඒ ගැන පූජකතුමාගෙන් ඇහුව. මං මෙච්චර ඉක්‌මනට මේ ශාස්‌ත්‍රය ඉගෙන ගත්තෙ කොහොමද කියල. පූජකතුමා කීව ඉතාම ළගම භවයකදී මා ජ්‍යෙdතිර්වේදියෙක්‌ වශයෙන් කටයුතු කළ නිසා එම විස්‌තර තවම මගේ යටිහිතේ තියෙනව කියල. ඒ නිසා එම ශාස්‌ත්‍ර ඉක්‌මනින් ප්‍රගුණ වුණා කියල. සති කීපයකට පසු පූජකතුමා කීවා දැන් මේ ශාස්‌ත්‍රයෙන් ප්‍රයෝජන ගන්න පිටත් වන්න කියල. එතුමා මට පඩුරුත් දුන්න. මං ගුරුතුමාට වැදල ආශිර්වාද ලබාගෙන පිටත් වුණා. එදා ඉදල මං මේ නාඩි වාක්‍ය කියවනව.

    මහාලිංගම් මහතා සතුව තිබුණේ සප්ත ඝෘෂි නම් නාඩි වාක්‍ය ක්‍රමයයි. එනම් ඝෘෂිවරුන් හත් දෙනකු විසින් එකතු වී කියවන ලද නාඩි වාක්‍ය ක්‍රමයයි. කල්ගත වෙනකොට මෙම නාඩි වාක්‍යයේ ඉතිරි කොටස්‌ ද ලබාගෙන මේ දක්‌වා නාඩි වාක්‍ය කියවන බවත් ඒ මහතා කීවා. අගස්‌තික කෞෂික නාඩි වාක්‍ය ක්‍රමය මෙන් මෙම නාඩි වාක්‍ය ක්‍රමය කොටස්‌ වශයෙන් වෙන් කර නැත. උපන් දිනයේ සිට මරණය දක්‌වා ද මරණයෙන් පසු ඊළග උපත ලබන ස්‌ථානය දක්‌වාම අඛණ්‌ඩ විස්‌තරයක්‌ එකී නාඩි වාක්‍යයෙන් කියයි.

    තවත් ඇති විශේෂත්වයක්‌ නම් එක්‌ එක්‌ වයස්‌වලදී ඇතිවන ග්‍රහ අපල රෝග උපද්‍රව ආදිය ප්‍රකාශ කර තිබීමයි. ඒවාට කළ යුතු ප්‍රතිකර්ම ද පූජා කළ යුතු පූජා විධි ද දක්‌වා තිබීම විශේෂයි. නාඩි වාක්‍ය කියවන අවස්‌ථා කීපයකදීම මම ද ඊට සහභාගි වීමි. ඒ සෑම අවස්‌ථාවකදීම ඔහු විසින් කියන ලද ප්‍රකාශන සත්‍ය ලෙසට ප්‍රකාශ වූ බව මට පසක්‌ විය. සමහර විස්‌තර ඇදහිය නොහැකි තරම් පුදුම සහගත වූ අතර පසුව අදාළ අයගෙන් ඒ පිළිබද විමසූ විට අප විශ්මයට පත් කළ ඒ සිද්ධි සමුදාය සත්‍ය බව ඔව්හු ප්‍රකාශ කළහ.

    තමන් ඩී. එස්‌. සේනානායක මහතාට ද නාඩි වාක්‍ය කියෑවූ බව ද එකී නාඩි වාක්‍ය මඟින් සතුන් පිට යැමෙන් වළකින ලෙස උපදෙස්‌ දී තිබූ නමුත් ඒ මහතා උපදෙස්‌ පිළිනොගෙන ක්‍රියා කිරීම නිසා අශ්වයෙක්‌ පිටින් වැටී මරණයට පත් වූ අයුරු සිහිපත් කළේ එය සාමාන්‍ය සිදුවීමක්‌ ලෙසටය. මහාලිංගම් මහතා ප්‍රභූ පන්තියේ අයට නාඩි වාක්‍ය ඇසුරෙන් අනාගතය පිළිඳව විස්‌තර කළ අවස්‌ථාවන් බොහොමයක්‌ ඒ මහතා මා සමග කීය.

    ලබන සතියට

    බදුල්ලේ මෛත්‍රී රත්නායක

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජීවිතය ජයගන්න සරල පහසු භාවනාවක්‌

    බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ මෙතෙක්‌ පළ නොවූ සාකච්ඡා පෙළ 09

    (මහ නා හිමියන් ඉන්දියාවේදී පුරුදු පුහුණු කළ භාවනා ක්‍රමය උන්වහන්සේ විසින්ම කෙටියෙන් පොතක සටහන් කර තිබිණි. සාකච්ඡා විමසීම අතරතුරදී මෙකී පොතේ පිටපතක්‌ මා වෙත බලංගොඩ දී ලබාදුන් අතර වැඩි දෙනෙකුට එය කියවීමට අවස්‌ථාව ලබාදීමට හැකි නම් මැනවයි උන්වහන්සේ පැවසූහ.

    ඒ අනුව උන්වහන්සේගේ ඉල්ලීම ඉටුකරනු වස්‌ මේ සමඟ එකී භාවනා ක්‍රම සහ උන්වහන්සේගේ අත් අකුරින්ම ලියෑවූ සටහන ද පරිවර්ථනය කළ සියලු සටහන් දක්‌වා ඇත.

    සිංහලයට පරිවර්තනය කළේ නන්දා අයිරාංගනී රත්නායක මහත්මිය විසින් බව සිහිපත් කරනු කැමැත්තෙමි.

    නාහිමියන් සමඟ කරන ලද සාකච්ඡාවන්ට අතිරේකව අවශ්‍ය කරුණු උන්වහන්සේ විසින් ප්‍රකාශයට පත්කරන ලද ලිපි ලේඛන ආශ්‍රයට ගන්නා ලෙසට මට දෙන ලද වාචික අවසරය ද ගෞරව නමස්‌කාර පූර්වකව සිහිපත් කරමි.)

    balangoda.jpg


    භාවනා කිරීම

    1. සුඛාසනයෙන් හෝ පද්මාසනයෙන් වාඩි වෙන්න.

    ඔබත් බිත්තියත් අතර අඩියක්‌ පමණ පරතරයක්‌ තිබෙන පරිදි උතුරු දෙසට හැරී වාඩිවෙන්න. රුපියල් කාසියක ප්‍රමාණය ඇති කළු පැහැති තිතක්‌ (ලපයක්‌) සාදා එය ඔබේ ඇසට හරි කෙලින් සිටින ලෙස බිත්තියේ එල්ලන්න.

    හරි කෙලින් වාඩිවී කළු ලපය දෙස වුවමනාවෙන් බලන්න. ඇස වෙහෙසවන පරිදි නොව සාමාන්‍යයෙන් බලන ලෙස ඇස පිය නොහෙළා බලන්න. කඳුළු ගැලුවොත් කඳුළු ඉවත් වන ලෙස ඇසිපිය හෙලා නැවත කළු ලපය දෙස බැලීම අරඹන්න. මේ ලෙස විනාඩි පහළොවක්‌ විස්‌සක්‌ අතර කාලයක්‌ දිනපතාම කරන්න.

    විනාඩි පහළොවක්‌ විස්‌සක්‌ දක්‌වා වේලාවක්‌ කඳුළු නොසලා ඇසිපිය නොහෙලා එක දිගට බලා සිටිය හැකි වුවහොත් හෝ ඔබේ ඇස්‌ දෙක හා කළු ලපය අතර නොකැඩුනු ආලෝක ධාරාවක්‌ ඇති බව ඔබට පැහැදිළි වුවහොත් හෝ

    කළු ලපය මත ඇති ආලෝකය නිසල වුවහොත් හෝ ඔබේ ව්‍යායාමය සම්පූර්ණ වී ඇති බව ඔබට පිළිගත හැකිය.

    මූලික ව්‍යායාමය

    මහපටඟිල්ලෙන් දකුණු නාස්‌පුඩුව වසන්න. වම් නාස්‌පුඩුවෙන් හුස්‌ම ගන්න. වාතය ඇතුළත නොරඳවා ගෙන එක්‌ වරම දකුණු නාස්‌ පුඩුවෙන් පිටකරන්න. නැවත වම් නාස්‌ පුඩුවෙන් හුස්‌ම ගෙන එය දකුණු නාස්‌පුඩුවෙන් පිට කරන්න. මේ ලෙස හත් වරක්‌ වම් නාස්‌ පුඩුවෙන් හුස්‌ම ගෙන ඇතුළත රඳා නොගෙන දකුණු නාස්‌ පුඩුවෙන් හුස්‌ම පිට කරන්න.

    මෙය සෙමින් ක්‍රම ක්‍රමයෙන් කරන්න. ඉක්‌මණින් නොකරන්න. ඔබට හැකි පමණ මේ ව්‍යායාමය කරන්න. එහෙත් අපහසුතාවයෙන් නොකරන්න. ඔබට අපහසුතාවක්‌ නොදැනේනම් මේ ව්‍යායාමය 28 වතාවක්‌ දක්‌වා (ආශ්වාස 14, ප්‍රාශ්වාස 14) දක්‌වා වැඩි කර ගත හැකිය. මේ ව්‍යායාමය කරද්දී හුස්‌ම ඇතුළත රඳවා නොගත යුතුය. මේ ව්‍යායාමය අඩුම වශයෙන් දිනකට 3 හෝ 4 වතාවක්‌ ආහාර ගත් විගස හැර ඕනෑම වේලාවක කළ හැකිය. හත්තයෝග ප්‍රදීපිකාවේ මේ ව්‍යායාමය භාෂ්රික යයි නම් කර ඇත. මේ ව්‍යායාමය සතියක්‌ කරන්න.

    2. දැන් ප්‍රාණයාමය ආරම්භ කරන්න.


    ප්‍රාණයාමය කළ යුත්තේ අලුයම් වේලෙහි හා හිරු බැස යන සවස්‌ භාගයේදීය.

    ව්‍යායාමය

    මෙම ව්‍යායාමය කොටස්‌ තුනකින් සමන්විතය. හුස්‌ම ගැනීම, රඳවා ගැනීම හා හුස්‌ම හෙළීම යනුවෙනි. දකුණු නාස්‌ පුඩුව මහපටඟිල්ලෙන් වසා ගන්න. ඔබේ පෙනහලු වාතයෙන් පිරෙනතුරු වම් නාස්‌ පුඩුවෙන් ඉතා සෙමින් හුස්‌ම ඇතුළට ගන්න. මේ ලෙස තත්පර පහක්‌ හුස්‌ම ඇතුළට ගෙන ඉන්පසුව තත්පර දහයක්‌ හුස්‌ම ඇතුළත රඳවා ගන්න.

    මෙසේ කිරීමෙන් තත්පර පහක්‌ ඇතුළත රඳවා ගැනීමත් තත්පර පහක්‌ පිටත හෙලීමත් සිදුවේ. මෙය ඔබේ ව්‍යායාමයේ පළමු අවධියයි. ඔබ ආශ්වාස කරන විටත් ප්‍රාශ්වාස කරන විටත් "ඕම්" ශබ්දය ඒ තුළින් නිපදවීම ගැන සිතමින් මෙය කරන්න. ඔබ තුළින් "ඕම්" ශබ්දය නිකුත් වේ යෑයි සොයා බැලීමට උත්සාහ කරන්න. ඔබේ සිත හැකිතාක්‌ දුරට එම ශබ්දය කෙරෙහිම රඳවා තබා ගැනීමට උත්සාහ කරන්න. තරමක පුහුණු වීමකින් පසුව ඔබට පළමු අවධිය සම්පූර්ණ කළ හැකිවේ. ඉන් පසුව දෙවැනි අවස්‌ථාවට යැමට උත්සාහ කරන්න.

    3. දෙවන අවධිය

    හුස්‌ම ගැනීම, රඳවා ගැනීම, හුස්‌ම හෙළීම සඳහා ගත කරන කාලය වැඩි කරන්න. හුස්‌ම ගැනීමට තත්පර හතේ සිට දහය දක්‌වා කාලයක්‌ ගත කරන්න. ඇතුළත රඳවා ගැනීමට තත්පර පහළොවක්‌ පමණ ද හුස්‌ම හෙළීමට තත්පර හතේ සිට දහය දක්‌වා කාලයක්‌ ද ගත කරන්න. කිසිම විටෙක ඉක්‌මන් නොවන්න. ක්‍රම ක්‍රමයෙන් කාලය වැඩි කරන්න. සතිs දෙකක පමණ කාලයකදී ඔබට මේ අවස්‌ථාවන් සම්පූර්ණ කර ගත හැකි වනු ඇත. "ඕම්" ශබ්දය කෙරෙහි සිත සමාධිගත කිරීම (රඳවා තබා ගැනීම) ප්‍රාණයාම ව්‍යායාම්වල සෑම අවධියකදීම අවශ්‍යය.

    4. තෙවැනි අවධිය

    ක්‍රමික පුහුණුවීම් මගින් අවශ්‍ය කාලය වැඩිකර ගැනීමේ යෙදෙන්න. ඔබට තත්පර දහයේ සිට තත්පර පහළොවක්‌ අතර කාලයක්‌ තුළ දී හුස්‌ම ගත හැකි නම් තත්පර පහළොවේ සිට විස්‌ස අතර කාලයක්‌ හුස්‌ම රඳවා ගත හැකි නම් ඔබ තෙවැනි අවධිය ද සම්පූර්ණ කළ බව සැලකිය හැකිය. දෙවැනි අවධිය සම්පූර්ණ කර සතියකින් හෝ බොහෝ විට සති දෙකක්‌ තුළදී ඔබට තෙවැනි අවධිය සම්පූර්ණ කළ හැකි වෙයි. මේ අවධියේ ඔබේ නහරවල යම් සෙලවීමක්‌ ඔබට දැනෙනු ඇත. එහෙත් නොනවත්වාම මේ ව්‍යායාමයේ යෙදෙන්න.

    5. සිව්වන අවධිය

    හුස්‌ම ගැනීමට, රඳවා ගැනීමට, හෙළීමට ගත කරන කාලය තවදුරටත් වැඩි කරන්න. හුස්‌ම ගැනීමට තත්පර තිහක කාලයක්‌ ද රඳවා ගැනීමට විනාඩි එකක (තත්පර හැටක) කාලයක්‌ ද හුස්‌ම හෙළීමට තත්පර තිහ දක්‌වා කාලයක්‌ ද ගත කරන්න. මෙවැනි ප්‍රාණයාමයක්‌ කිරීමට විනාඩි දෙකක පමණ කාලයක්‌ ගතවේ. ඔබට හුස්‌ම ගැනීමට තත්පර තිහකුත් රඳවා ගැනීමට විනාඩි එකකුත් හෙළීමට තත්පර තිහකුත් ගත කළ හැකි වූ විට ඔබ මේ අවධියත් සම්පූර්ණ කළ බව සැලකිය හැකිය.

    ඔබ මේ සියලු අවධි ඔබේ ස්‌ථිර හා විධිමත් පුහුණුවීම් මගින් සම්පූර්ණ කළවිට ඔබට ඔබ තුළම පුදුම සහගත වෙනස්‌වීමක්‌ දක්‌නට ලැබෙනු ඇත. ඔබේ මුහුණ පැහැපත් වනු ඇත. ඔබේ චරිත ස්‌වභාවයේ ආකර්ෂණ ශක්‌තියක්‌ ඇතිවනු ඇත. ඔබේ කටහෙඩේ අනුන් වසඟ කර ගැනීමේ ශක්‌තියක්‌ ඇතිවනු ඇත.

    ඔබේ දෙනෙතෙහි ආකර්ෂණ ශක්‌තියක්‌ දිස්‌වනු ඇත. මිනිසුන් ඔබ කෙරෙහි වසඟ වනු ඇත. දැන් ඔබට අන් අය මෝහනය කළ හැකි වනු ඇත. ලෙඩ රෝග සුව කිරීමේ කලාය (Art of healing) ඔබට කළ හැකි වනු ඇත.

    මේ ව්‍යායාම් කරන අතරතුර ඔබේ ආහාර පුරුදු ගැන සැලකිලිමත් විය යුතුය. කිරි මෝරු (Butter - Milk) සහ පලතුරු වැඩි වශයෙන් ගත යුතුය. ගම්මිරිස්‌, තෙල් කෑම, මස්‌, ඇඹුල් වර්ගවලින් වැළකිය යුතුය. හැකිතාක්‌ දුරට බ්‍රහ්මචාරීව විසිය යුතුය.

    උසස්‌ ව්‍යායාම


    පළමු වන ව්‍යායාමය :-

    ඔබේ මේසය ඉදිරිපිට පුටුවක වාඩිවන්න. ඔබ ඉදිරියෙන් කැඩපතක්‌ තබාගෙන ඔබේ ඇහිබැම දෙස බලා සිටින්න. ඇසිපිය නොහෙලා බලා සිටින්න. එහෙත් ඔබේ ඇස්‌ දෙස නොබලන්න. ඇසට කඳුළු එනවිට ඒවා ඉවත් වනසේ ඇසිපිය හෙලා නැවත බලා සිටින්න.

    ඔබට ඇසිපිට නොහෙලා ඇහිබැම දෙස විනාඩි විස්‌සක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ බලා සිටිය හැකි නම් මේ ව්‍යායාමය සම්පූර්ණ කළ ලෙස සලකන්න.

    ඔබ මීට පෙර කළ ව්‍යායාමය සම්පූර්ණ කර තිබේ නම් මේ ව්‍යායාමය සම්පූර්ණ කිරීමට ඔබට ගත වන්නේ ටික දිනකි. සඳ ඇති රැයක සඳ දෙස බලා සිටීමෙන් හෝ ඔබට මේ ව්‍යායාමය සම්පූර්ණ කළ හැකිය. මේ ව්‍යායාමය මගින් ඔබේ ඇස්‌ පෙනීම දියුණු වේ.

    ඔබේ ඇස්‌වල ආකර්ෂණ ශක්‌තියක්‌ (අනුන් තමා වෙත ඇද ගැනීමේ ශක්‌තියක්‌) ඇති වේ.

    දෙවැනි ව්‍යායාමය :-

    ඔබ පුහුණු වන කාමරය තුළ සුපුරුදු ලෙස වාඩිවෙන්න. පපුව, පිට, බෙල්ල හොඳින් කෙලින් තබා ගන්න. දෙඇස්‌ වසා ගන්න. ඔබේ මනසේ ඇති සිතුවිලි සියල්ලම ඉවත් කරන්න.

    ඔබේ මනස ඉදිරිපිට ඔබ වඩාත්ම ආදරය කරන තැනැත්තාගේ රූපය මවා ගන්න. මෙම රුව දෙස ගෞරව සහිතව අවධානය යොමුකර විනාඩි පහේ සිට පහළොව දක්‌වා ඒ දෙස බලා සිටිමින් මේ ව්‍යායාමය අරඹන්න.

    මානසික රූපයක්‌ මවා ගන්න. එය පැහැදිළිව ස්‌ථිරව ඔබ මනස ඉදිරියේ තබා ගැනීමට උත්සාහ කරන්න. ඒ රූපය කෙරෙහි ඔබේ සිත අවධානයෙන් යොමු කරන්න. මුලදී එය පැහැදිළිව ස්‌ථිරව තබා ගැනීමට ඔබ අපොහොසත් වනු ඇත.

    එහෙත් සිත අධෛර්යය කර නොගන්න. යමක්‌ නැවත නැවත කිරීමෙන් විශාල බලයක්‌ ඇති වේ. ඉක්‌මණින් හෝ කල්ගත වීමෙන් හෝ ඔබට මේ රූපය ඔබේ මනස ඉදිරියේ පැහැදිළිව ස්‌ථිරව තබා ගැනීමට ඔබ පොහොසත් වනු ඇත.

    මෙම රූපය ඔබේ මනස ඉදිරියේ ඔබ පැහැදිළිව හා ස්‌ථිරව තබා ගත යුතුමය. මෙය විනාඩි විස්‌සක්‌ තිහක්‌ දක්‌වා අතර කාලයක්‌ ස්‌ථිරව පැහැදිළිව මනසේ රඳවා ගත හැකි නම් මේ ව්‍යායාමය ද සම්පූර්ණ කළ ලෙස සලකන්න.

    තුන්වන ව්‍යායාමය :-

    ඇස්‌ වසා ගන්න. ඔබේ අවධානය නාසයේ පහළ කෙළවරට යොමුකරන්න. මේ ලෙස ටික වේලාවක්‌ ඒ කෙරෙහි සිත එකඟ කර ගෙන සිටින්න. මෙසේ ටික දිනක්‌ ගතවන විට ඔබට නොයෙක්‌ සුවඳ දැනෙන බව හැඟී යනු ඇත. ඔබේ ආඝ්‍රාණ ශක්‌තිය බොහෝ දියුණු වනු ඇත.

    ඒ නිසා අන් අයට නොදැනෙන නොයෙක්‌ සුවඳ ඔබට දැනෙනු ඇත.

    මේ ලෙසම දිවේ මුල කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඔබගේ රස දැනීමේ හැකියාව බොහෝ දියුණුවනු ඇත.

    මේ හැකියාවන් දියුණු වන අතරම ඔබේ සිත ද එකඟව තබා ගැනීමට ඔබට හැකිවනු ඇත.

    හතර වන ව්‍යායාමය :-

    ඔබට පහසු ඉරියව්වකින් සිටින්න. සිතෙහි ඇති සියලුම සිතුවිලි ඉවත් කර ඇස්‌ වසා ගන්න. මනසින් "ඕම්" ශබ්දය අසන්න. එය කටින් නොකියා ඔබට ඒ වචනය ඇසෙන බව මෙනෙහි කරන්න. ඔබ හුස්‌ම ගන්නා විටත්, හුස්‌ම පිටකරන විටත් මේ වචනය ඔබට ඇසෙන බව මෙනෙහි කරන්න. ඔබට මනසින් ඇසෙන ඒ "ඕම්" හඬ කෙරෙහි ඔබේ අවධානය විනාඩි පහළොවක්‌ විස්‌සක්‌ දක්‌වා යොමු කරන්න. ඔබේ හදවතින් මේ "ඕම්" හඬ එන බව මෙනෙහි කරන්න.

    ඔබ හුස්‌ම ගන්නා විටත්, පිට කරන විටත් මේ "ඕම්" හඬ දොaංකාර දෙන බව ඔබට හැඟී යනු ඇත. ඔබේ මුළු අවධානයම ඒ දොaංකාරය ඇසීම සඳහා යොමු කරන්න. ඔබ දැඩි ලෙස උත්සාහ කළොත් ඔබට මේ ව්‍යායාමය කරන අතරතුර "ඕම්" ශබ්දය හැර වෙන කිසිම දෙයක්‌ නොඇසෙන බව හැඟී යනු ඇත.

    මේ ව්‍යායාමයේ ප්‍රතිඵලයක්‌ ලෙස ඔබ තුළ අමුතු සතුටක්‌ ඇති වන බව දැනෙනු ඇත. මේ ව්‍යායාමය නිසා ඔබේ සතුට ඔබ තුළ පැතිරී යනු ඇත. කටහඬ මිහිරිවනු ඇත. මීට පෙර නොතිබූ ලෙස කටහඬ ආකර්ෂණීය වනු ඇත.

    පස්‌වන ව්‍යායාමය :-

    ඔබ පුහුණු වන කාමරය තුළ වාඩි වන්න. ඔබේ සිතට කිසිම සිතිවිල්ලක්‌ පහළ වීමට ඉඩ නොදෙන්න. යම්කිසි සිතිවිල්ලක්‌ පහළ වූ වහාම එය පලවා හැරීමට උත්සාහ කරන්න. ඔබේ සිත හිස්‌ව තබා ගන්න.

    ඔබට විනාඩි පහළොවක්‌ - විස්‌සක්‌ දක්‌වා කාලයක්‌ ඔබේ සිත හිස්‌ව තබා ගැනීමට හැකිවූ විට මේ ව්‍යායාමය සම්පූර්ණ කළා නම් වෙයි.

    සාමය අත්පත් කර ගැනීමට ඉතාම සුදුසු ව්‍යායාමය මෙයයි.

    හයවන ව්‍යායාමය :-

    සුපුරුදු ලෙස වාඩිවන්න.

    ඔබේ හදවත නොපිබිදුණු ඉතාම පැහැදිලි, දීප්තිමත් නීල වර්ණ ආලෝක ධාරා ඉන් පිටවන බව ඔබට දැනෙන්න හරින්න.

    එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඔබ තුළ සතුටක්‌ ඇතිවන බව දැනෙන්න අරින්න.

    ඔබ තුළ ඇතිවන සියලුම සිතුවිලි පලවා හැර ඒ කෙරෙහිම සිත සම්පූර්ණයෙන්ම එකඟ කර ගෙන විනාඩි පහළොවක්‌ - තිහක්‌ අතර කාලයක්‌ සිටිය හැකි නම් මේ ව්‍යායාමය සම්පූර්ණ කළ ලෙස සැලකිය හැකිය. ඔබේ හදවතින් පිටවන මේ දීප්තිමත් ආලෝකය කෙරෙහි ඔබේ මනස සම්පූර්ණයෙන්ම යොමු කළ විට බාහිර වශයෙන් ඔබ සිහි නැති තත්ත්වයකට පත්වනු ඇත.

    ඔබේ ඇතුළත සම්පූර්ණයෙන්ම අවදිවනු ඇත. ඔබේ ශරීර අභ්‍යන්තර ක්‍රියාදාමය ඔබේ කැමැත්ත අනුව සිදුවනු ඇත. මේ ව්‍යායාමය සම්පූර්ණ කළවිට විස්‌තර කළ නොහැකි බලවත් සතුටක්‌ ඔබ තුළ ඇති වන බව ඔබට දැනෙනු ඇත.

    නිරන්තරයෙන් මේ ව්‍යායාමයේ යෙදීමෙන් අතීතය, වර්තමානය, අනාගතය, දැනගත හැකි තත්ත්වයකට ඔබ පත්වනු ඇත.

    උදැසන ඔබේ වැඩකටයුතුවලට නික්‌මීමට පෙර හෝ විවේකී අවස්‌ථාවල හෝ මෙම වාක්‍යයන් තෙවරක්‌ හෝ ඔබට හැකි වැඩි වාර ගණනක්‌ හෝ සිතින් කියවන්න. එසේ කිරීමෙන් ඔබට සතුටක්‌ මෙන්ම පහසුවක්‌ ද දැනෙනු ඇත.

    යෝජනාවන්

    1. මම සෑම විටම ක්‍රමානුකූලව වැඩ කරමි. කිසිම විටෙක කම්මැලිකම මා වෙත ඒමට ඉඩ නොදෙමි. මම සෑම විටම මගේ වැඩවල ස්‌වාමියා වෙමි.

    2. යහපත් මෙන්ම අයහපත් වාතාවරණවලදී මම මා පාලනය කර ගනිමි.

    3. මම කිසිම විටක මට අහිතකර වාතාවරණවලදී බිය නොවෙමි. ධෛර්යයෙන් හා සතුටින් ඒවාට මුහුණ දෙමි.

    4. මම කිසිවිටෙක කලබල නොවෙමි. කෝපයට හෝ නොරිස්‌සීමට මා තුළ කිසිම ඉඩක්‌ නොදෙමි.

    5. මම කිසිම විටෙක නොපැකිලෙමි. අවිනිශ්චිත නොවෙමි, මම කළ යුතු දේ ඉක්‌මණින්ම තීරණය කරමි. ඒ අනුව කටයුතු කරමි.

    6. මම මගේ වැඩසටහන හෝ කිරීමට බලාපොරොත්තු වන දේ ඉතා දැඩි ලෙස (තදින්) ක්‍රියාවට නගමි.

    7. මම මගේ කටයුතුවලදී සෑම විටම අනුන්ට සත්‍යවාදී වෙමි. අවංක වෙමි.

    8. මම කිසිම විටෙක කිසිම කෙනෙකුට අකාරුණික නොවෙමි. මම සියලු දෙනාම නොපැකිලිව මුණ ගැසෙමි. ඔවුන්ට කාරුණික, ප්‍රිය, සුහද වචනයෙන් කතා කරමි.

    9. මම මගේ එදිනෙදා ජීවිතයේදී මේ ප්‍රතිපත්ති පිළිපදිමි, මා මේ ප්‍රතිපත්තිවලින් වෙනස්‌ කිරීමට කිසිම බලවේගයකට නොහැකි වනු ඇත.

    (ඉහත දැක්‌වෙන වාක්‍යයන් මුද්‍රණය කොට බෙදා හැරීමද කාර්යාලවල ප්‍රදර්ශනය කිරීමෙන්ද නිතර ඇස ගැටෙන තැන්වල ප්‍රදර්ශනය කිරීම ද මැනවි.)

    ලබන සතියට

    බදුල්ලේ මෛත්‍රී රත්නායක

    http://divaina.com/sunday/index.php/visheshanga2/1411-2017-12-15-06-26-15
     
    • Like
    Reactions: cbandara47

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යකෝ මේක කියෝලා මටත් දැන් රිටාඩඩ් වගේ :baffled::lol: ඔය බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ සුලගිල්ල පුකේ ගහල පිස්සන් කොටුවට යවන්න ඕනේ, නැත්තම් තවත් මිනිස්සු මන්ද බුද්දික වෙනවා :eek:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජොනී බට්ට;22628489 said:
    යකෝ මේක කියෝලා මටත් දැන් රිටාඩඩ් වගේ :baffled::lol: ඔය බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ සුලගිල්ල පුකේ ගහල පිස්සන් කොටුවට යවන්න ඕනේ, නැත්තම් තවත් මිනිස්සු මන්ද බුද්දික වෙනවා :eek:

    වත්තෙ පහල පොලිමේ ජාතක උනාම ඔහොම වෙනවා..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,917
    1
    58,211
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Rhinophyma නහයට හැදෙන ලෙඩක්. ඕක හැදෙන්නෙ විස්කි වගේ සැර මත්පැන් බොන අයට කියල මතයක් තියෙනව. මේ ත්‍රෙඩ් එකේ බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො කිව්ව කියල දාල තියෙන බහුබූත ගොඩ දැක්කම මට හිතෙන්නෙ හොඳ සිහියෙන් හිටපු කෙනෙක් නෙවෙයි බීල නස්පුක් වෙච්ච කෙනෙක් කියල. කාගෙ හරි සබන්බෝලයක් පුපුරල ගියානම් සොරි
    laser-resurfacing-4.png


    balangoda.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ මෙතෙක්‌ පළ නොවූ සාකච්ඡා පෙළ 10 - ඊළග රාජ්‍ය නායකයා කවුද? අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රය නාහිමියන් එදා කී අනාවැකිය

    රෝග ඉවත් කිරීමේ පුහුණුවීම්

    සුපුරුදු ලෙස වාඩි වෙන්න. "ප්‍රාණ"යට අමතන්න. හුස්‌ම ගන්නා ගමන් මෙසේ සිතන්න. "ඉතාම නිදහස්‌ තත්ත්වයක පිටවී මා වටා ඇති ප්‍රාණය, මා තුළට චුම්භක ශක්‌තිය (magnatic) හෝ රෝග සුවපත් කිරීමේ ශක්‌තිය පිටතින් මා තුළට ගෙන එන්න. එතැන් සිට ඒ ශක්‌තිය මා පිරිසිදු කරයි. සියලුම රෝගාබාධ හා ගිලන් බව මා කෙරෙන් ඉවත් කරයි"

    තත්පර කීපයකට ඔබ තුළ හුස්‌ම රඳවා ගන්න. එසේ නැතිනම් අපහසුවක්‌ නැතිව ඔබට හුස්‌ම ඇතුළත රඳවා ගත හැකි වේලාවක්‌ එසේ කරන්න. එසේ කරන අතර මුලින් කී යෝජනාවන් කෙරෙහි ඔබේ මුළු අවධානයම යොමු කරන්න.

    දැන් හුස්‌ම පිටකරන්න. එසේ කරන ගමන් මෙසේ සිතන්න. "මම මා තුළ ඇති සියලුම අපවිත්‍ර දැ හා සියලුම රෝගාබාධ මගේ සිරුරින් පිට කරමි. ප්‍රාණය ඒවා පළවා හැරීමට පටන් ගෙන ඇත. ඒවාට තවදුරටත් මා තුළ රැඳී සිටිය නොහැකිය."

    දැන් නැවත හුස්‌ම ගෙන ඇතුළත රඳවා ගෙන ඒ සිතුවිලි කෙරෙහි මුලින් යෝජනා කළ පරිදි ඔබේ අවධානය යොමු කරන්න. මේ ලෙස නැවත නැවත හුස්‌ම ඉහළ පහළ හෙලන්න. මේ අතර ඔබට අවශ්‍ය පරිදි ඔබ හැඩ ගැසෙන බව සිතන්න. ඇත්ත වශයෙන්ම ඔබ තුළ ඇති දුර්වලකම්, රෝග ආදී සියල්ලම ඉවතට විසි වී ඇති බව ඔබට හැඟී යනු ඇත.

    මේ ව්‍යායාමය විනාඩි දහයක්‌ විස්‌සක්‌ දක්‌වා වාර ගණනක්‌ කළ පසුව නවත්වන්න. ඉන් පසුව ඔබට කැමැති තත්ත්වයෙන් ඔබේ රූපය මානසිකව මවා ගන්න. මෙය දිනපතා පුහුණු කරන්න.

    පුහුණුව :-

    1. ඔබේ පූජාසනය ඉදිරිපිට උතුරු දිශාව බලා පහසු ඉරියව්වකින් වාඩිවන්න. උසස්‌ ගුප්ත (සැඟවුනු) බලයන් කෙරෙහි ඔබේ ගත හා සිත පත්කර ගැනීම සඳහා පහත සඳහන් ගුප්ත ඇදහීම නැවත නැවත ප්‍රගුණ කරන්න. මෙය ඔබට හඬනඟා හෝ සිතින් හෝ ඔබට කට පාඩම් වනතුරු සාමාන්‍ය ලෙස හෝ කියවිය හැකිය.

    "විශ්වයේ උසස්‌ විෂයයන් වන සත්‍යයේත්, සුන්දරත්වයේත්, යහපතේත්, නැණවත් බවේත් සැඟවුනු (ගුප්ත) මූලධර්ම කෙරෙහි මම දැන් මාව කැප කරමි. විශ්වය පිළිබඳ සැඟවුණු (ගුප්ත) බලයන් මම දැන් මා වෙත ඇද ගනිමි. මම දැන් ඉතා බලවත් වෙමි."

    "මගේ මොළයේ සෛලවලටත්, මගේ ශරීරයටත් දැන් ක්‍රියාශීලී ජීව බලය හා ශක්‌තිය කවන ලෙස විශ්ව ශක්‌තියේ සැඟවුණු බලයෙන් මම දැන් ඉතා ඕනෑකමින් ඉල්ලමි. යාඥ කරමි."

    "මම මගේ මොළයේ හා ශරීරයේ සෑම පිබිදීමකින්ම ජීවය පැහැදිළිව සටහන් කරමි. මම දැන් ඉතාම සජීවී ලෙස ක්‍රියාශීලී වෙමි. නිරෝගී වෙමි. ශක්‌තිමත් වෙමි, ක්‍රියාශීලී බවින් තරුණ වෙමි. බලවත් වෙමි."

    "දැන් විශ්වයේ උසස්‌ බලයයන්ට මම ආයාචනා කරමි. සියලුම සරු බව හා සමෘද්ධිය නිපදවන මැවීමේ මූලධර්මයන් වෙත මම දැන් පැමිණ සිටිමි."

    2. "ඉහත සඳහන් ආයාචනය කියවා ඉවර වූ පසුව නිහඬ භාවනාවේ විනාඩි කිහිපයක්‌ යෙදෙන්න. ඔබේ මනස, ශරීරය හා ආත්මය (ප්‍රාණය) විශ්වය පිළිබඳ බලයෙන් නහවමින් සූර්යයාගේ රන්වන් ආලෝකය පෘථිවිය දෙසට ගලන ආකාරය මනසින් දකින්න. ඔබ රන්වන් ආලෝකයේ වේගවත් සුළියක්‌ මැද සිටගෙන සිටින ආකාරය මනසින් මවාගෙන දහ වතාවක්‌ හුස්‌ම ගන්න. සෙමින් හුස්‌ම හෙලන්න."

    "ඔබේ මොළයේ සියලුම සෛල අතරින් හා ශරීරයෙන් මේ ආලෝකය ගලා යන සැටි දකිමින් පහත සඳහන් ආයාචනය නැවත නැවත කියවන්න."

    "මගේ මොළයේ සෑම සෛලයක්‌ තුළින්ම හා ශරීරයෙන් සැඟවුණු බලයේ රන්වන් ආලෝකය මම දැන් උරා ගනිමි. මම සැඟවුණ බලයේ අති විශාල තාරකා මණ්‌ඩලයේ කේන්ද්‍රයක්‌ වෙමි. මගේ මනසේ උසස්‌ මධ්‍යස්‌ථානවලින් ඒවා පැහැදිළිව සටහන් කරමි. එයින් මට අනන්ත බලයක්‌ ලැබේ. සියලුම රහස්‌ දැනගත හැකිවේ. ඉතාම බලවත් විය හැකිවේ. ප්‍රාතිහාර්ය පෑමට හැකිවේ."

    "දැන් ඉටිපන්දම දල්වා ඒ ඉදිරිපිට වාඩි වී ටික වේලාවක්‌ සම්පූර්ණ නිශ්ශබ්දතාවයෙන් සිටින්න. විශ්වය පිළිබඳ වූ ආකාරයෙන් නිකුත් කරන උසස්‌ මනස පිළිබඳ ගැස්‌ම (නාඩි වැටීම) ඔබේ මනසට ඉක්‌මණින් තේරුම් ගැනීමට ඉඩ හරින්න."

    "ඔබ ඔබේ මනස හිස්‌ කරන විට රූප හා සිතුවිලි ඔබේ මනසේ කේන්ද්‍රවලට ගලාගෙන එනු ඇත. මේවා සොබාදහම අනුව සිදුවන ඒවා විය හැකිය. මේ මගින් ඔබට භාවිත කළ හැකි වැදගත් තොරතුරු දැනගත හැකි වනු ඇත."

    "ඔබ ගැඹුරු භාවනා තත්ත්වයකට පත්වනතුරු වෙනස්‌ මනස්‌වල උසස්‌ සිතුවිලි බලයන් මත ඔබ මෙය නොනවත්වා කරගෙන යන්න. එමගින් ඔබට ඔබේ යහපත සලසන රහස්‌ දැනගත හැකි වනු ඇත."

    "නිශ්ශබ්දව වාඩි වී සිටිමින් නියත උපදෙස්‌ හෝ මඟපෙන්වීම් ඉල්ලන්න.

    ඔබේ භාවනාවේදී ඔබට ලි�ත ආයාචනා මගින් උපදෙස්‌ හෝ මඟපෙන්වීම් ඉල්ලිය හැකිය. ඒවා මෙවැනි ප්‍රශ්න විය හැකිය."

    "මගේ ගැටලුව විසදා ගත හැක්‌කේ කෙසේද?"

    "මීට වඩා හොඳ රැකියාවක්‌ සම්බන්ධව සෙවිය යුත්තේ කොහේද?"

    "මගේ බිල් ගෙවීමට අවශ්‍ය රුපියල් 10,000 ක මුදල් ලබා ගන්නේ කෙසේද?"

    "මේ තැනැත්තා මගේ අනාගත විවාහයට ගැලපේද?"

    "මා ජීවත් විය යුත්තේ නගරයේද? ගමේද?"

    විශ්ව සම්භාවනීය බෝධි සත්වයාණන් වහන්සේ නමක්‌ සමඟ විවිධ අවස්‌ථාවලදී හමුවීමට ලැබීම තරම් භාග්‍යවන්තයකු වීම ගැන මම හැමවිටම සතුටු වෙමි.

    බොහෝ විට මෙම විස්‌තරය කියවන ඔබ මේවා මොන බොරුද? මෙහෙමත් වෙන්න පුළුවන්ද? පොත ප්‍රසිද්ධ කරන්නට ලියා ඇති අභූත කතා? මොන පචද? යනාදී වශයෙන් විවිධ චෝදනා විවේචන එල්ලකරනු ලබනු බව මම දනිමි.

    එම නිසා නැවතත් කාලාම සූත්‍රයේ සඳහන් අවවාදය කියවන ලෙසට ගෞරවණීය පාඨක ඔබට නැවතත් ආරාධනා කරමි.

    කුඩා කල සිටම මම අති පූජ්‍ය බලංගොඩ ආනන්දමෛත්‍රය මහ නාහිමියන්ට මහත් ගෞරවයක්‌ දැක්‌විමි.

    සිළුමිණ පුවත්පත කියෑවීමට මා පෙළඹුණේ උන්වහන්සේ විසින් රචිත විවිධ ලිපි කියෑවීමට මා තුළ තිබූ නොතිත් ආශාව නිසාය.

    රසවාහිණී සඟරාව කියෑවීමට මා යොමුවූයේ මහනාහිමියන්ගේ ලිපි එම සඟරාවේ නිතරම පළවීම හේතුවෙනි. කිසිදා දැසින් නුදුටු මහනාහිමියන් කෙරෙහි මා තුළ පැවතියේ මහත් ගෞරවයකි, භක්‌තියකි.

    නාහිමියන් පළමුවරට මා දුටුවේ උන්වහන්සේට මහනාහිමි පදවිය ලැබිම නිමිත්තෙන් බදුල්ල මුතියංගන රජමහ විහාරයේදී උන්වහන්සේ පිළිගැනීම වෙනුවෙන් පැවති උත්සව අවස්‌ථාවේදීය.

    ඒ ඉතා ඈතක සිටය. මහජන ගංගාවක්‌ එදින බදුල්ල නගරයට එක්‌රොක්‌ වූ අතර මුතියංගන රජමහ විහාරය එකම හිස්‌ ගොඩකින් වැසී තිබූ අයුරු තවමත් මගේ මතකයේ ඇත.

    නාඩි වාක්‍ය පිළිබඳ වීඩියෝ වාර්තා චිත්‍රපටියක්‌ නිපදවීමේ සිතුවිල්ල ඇතිවූ දා පටන්ම මහනාහිමියන් දැකබලා වන්දනාමාන කිරීමේ නොතිත් ආශාව මා තුළ විය. උන්වහන්සේ හමුවීමට දයාරත්න රණසිංහ මහතා සහ ප්‍රභාත් මානවසිංහ මහතා සමඟ බලංගොඩ යැමට ලැබුණු අවස්‌ථාව ද විශේෂිත සිදුවීමක්‌ සේ මට සිතේ.

    මහනාහිමියන් වැඩසිටින්නේ බලංගොඩ ද නැතිනම් බත්තරමුල්ලේ චිත්තවිවේකාරාමයේ ද යන බව දැනගැනීමට අපට අවශ්‍ය වුවත් දුරකළුන අංකය නොදත් නිසා අපි විවිධ ආයතනවලින් විමසීමු. එහෙත් උන්වහන්සේගේ දුරකළුන අංකය සොයාගැනීමට අපට නොහැකි විය.

    සතියකට වරක්‌ දෙවරක්‌ පමණ මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අංශයට පැමිණෙන 'දිවයින' පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ දයාරත්න රණසිංහ මහතාගේ පැමිණීම අපේ භාග්‍යයක්‌ විය. එය සිකුරාදා දිනයකි.

    මානවසිංහ මහතා අපේ අභිප්‍රාය දයාරත්න මහතාට දැන්වූ විට ලැබුණ පිළිතුර අපට අදහාගත නොහැකිවිය.

    රණසිංහ මහතා කීවේ පසුදා එනම් සෙනසුරාදා තමන් මහනාහිමියන් හමුවීමට බලංගොඩට යන බවත් සවස 3.00 ට තමන් හමුවීමට පැමිණෙන ලෙසට නාහිමියන් වේලාව වෙන්කර ඇති බවත්ය. කැමැති නම් තමන් හා සමඟ ගමනට එක්‌වන ලෙස ඒ මහතා පැවසීය.

    ඒ අනුව මානවසිංහ මහතාත් මමත් රණසිංහ මහතාගේ වෑන් රථයෙන්ම බලංගොඩට ගියෙමු. සවස 2.30 ට පමණ අපි බලංගොඩ උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාමයට ළඟාවීමු.

    ලෝක පූජිත ධර්මධර මහා සංඝපීතෲන් වහන්සේ නමක්‌ වැඩසිටින ආරාමය දුටු විට මා තුළ නම් ඇතිවූයේ බලවත් සංවේගයකි.

    සිංහල උළු සෙවිලි කර ලැටිස්‌ ගැසූ කටුමැටියෙන් වරිච්චි බැඳ කපරාරු කළ ආරාමයෙහි නාහිමියෝ වැඩසිටියහ.

    (ඡායාරූපය බලන්න)

    ven1එය මරදානේ පේළි නිවාස සංකීර්ණයක්‌ සේ දිස්‌විය.

    නාහිමියන්ට වැඳ නමස්‌කාර කළ දයාරත්න මහතා "මං අද අලුත් එක්‌කෙනෙක්‌ එක්‌ක ආවා හාමුදුරුවනේ" යි කීය.

    උන්වහන්සේ මා දෙස සුළු වේලාවක්‌ බලා සිට හිස වනා තමන් යම් දෙයක්‌ දන්නා සෙයක්‌ අඟවමින් හිස සෙලවීය.

    කිසියම් දෙයක්‌ වැරදී ඇති බවක්‌ තේරුම් ගත් දයාරත්න මහතා,

    "ඇයි හාමුදුරුවනේ මේ මෛත්‍රී මහත්තයා හොඳ කෙනෙක්‌" යෑයි කීවේය.

    "ඔව් මං දන්නවා මුන්නැහේ මගේ ජීවිතයට ලොකු බලපෑමක්‌ කරනවායි" නාහිමියෝ පැවසූහ.

    "අනේ හාමුදුරුවනේ එහෙමනං ආයිත් මං කවදාවත් නෑවිත් ඉන්නං හාමුදුරුවනේ" මම බැගෑපත්ව කීවෙමි.

    "ඒක එහෙම වෙන්නෙ නෑ. මුන්නැහේට එන්නම වෙනවා අපි පස්‌සෙ කතාකරමු" යෑයි උන්වහන්සේ පැවසූහ.

    ඉන්පසු දයාරත්න මහතා තමන් පැමිණි කාරණය නාහිමියන්ට පැවසීය. ඒ භාවනා ක්‍රමයක්‌ පිළිබඳවය. පැයකට අධික කාලයක්‌ නාහිමියෝ කිසිදු පොතක්‌ පතක්‌ නොබලා අඩුම තරමින් කොළ කෑල්ලක්‌වත් නොමැතිව වක්‌කඩෙන් වතුර ගලන්නාසේ දයාරත්න මහතාට කරුණු පැහැදිලි කර දුන්සේක.

    දයාරත්න මහතා මේ සියල්ල පටිගත කර ගත්තේය. නාහිමියන්ගේ ඒ දේශනාව කිසිවක්‌ අපට අවබෝධ නොවූ අතර ආපසු කොළඹට එමින් සිටියදී අපි ඒ පිළිබඳව දයාරත්න මහතාගෙන් විමසීමු.

    තමන් නාහිමියන්ගෙන් විමසුවේ උන්වහන්සේ ඉන්දියාවේදී ප්‍රගුණ කළ ප්‍රාණයාම භාවනා ක්‍රමය බවත්, තමන් මීට පෙර ද මෙම භාවනා ක්‍රමය පිළිබඳව නාහිමියන්ගෙන් උපදෙස්‌ ලබාගත් බවත් කී දයාරත්න මහතා අද දින පැමිණියේ භාවනාව ප්‍රගුණ කරන අවස්‌ථාවලදී ඇතිවන ගැටලු නිරාකරණය කරගැනීම සඳහා බවත් කීය.

    නාහිමියන් මෙම භාවනා ක්‍රමය ඉන්දියාවේ ඝෘෂිකේශි ආශ්‍රමයේ නැවතී සිටි ඉන්දියානු භාවනා ක්‍රමයක්‌ වන ප්‍රාණයාම ඇතුළු තවත් යෝග භාවනා ක්‍රම ප්‍රගුණ කර ඇති බවත් පැවසීය.

    "නායක හාමුදුරුවෝ එක්‌ක පැයක්‌ කතා කෙරුවොත් අවුරුද්දක්‌ පොතපත කියවලා ලබාගන්න බැරි තරම් දැනුම් සම්භාරයක්‌ ලැබෙනවා" දයාරත්න රණසිංහ මහතා කීය.

    ඊළඟ ප්‍රශ්නය යොමු කළේ ප්‍රභාත් මානවසිංහ මහතාය.

    "හාමුදුරුවනේ අපේ මෛත්‍රී මහත්තයා කියනවා ඔබ වහන්සේ නාඩි වාක්‍ය තුළින් හුඟක්‌ දේවල් දන්නවා කියලා.

    ඔබ වහන්සේ නාඩි වාක්‍ය ක්‍රමයට අනුව අපේ රටේ පහළ වන නායකයන් කවුද කියල බැලුවේ නැද්ද අපේ හාමුදුරුවනේ"?

    මේ ප්‍රශ්නය ඇසූ විට නාහිමියෝ හිස අතගාමින් යමක්‌ කල්පනා කරන සෙයක්‌ ද එම ප්‍රශ්නය නිසා උන්වහන්සේ අසීරු තත්ත්වයකට පත්ව ඇති බව තේරුම්ගත් දයාරත්න මහතා,

    "හාමුදුරුවනේ, ප්‍රභාත්ට පිස්‌සුනේ, ඔබවහන්සේ ඔය ප්‍රශ්නෙ ගැන කරදර වෙන්න එපා හාමුදුරුවනේ" යෑයි කීය.

    "නෑ මානවසිංහ මහත්තයා අහපු කාරණය මනෝමය කාණ්‌ඩයෙන් දවසක්‌ මං ඇහැව්වා. ඒකට පිළිතුරත් ලැබුණා.

    මට එකපාරක්‌ යමක්‌ අහපුවම ඒක හිතේ ධාරණය වෙනවා. දෙපාරක්‌ අහන්ඩ ඕන නෑ. ඒ සිද්ධි ඔක්‌කොම මගේ හිතේ තියෙනවා.

    මං කල්පනා කෙරුවේ මේ ප්‍රශ්නෙට මං උත්තර දුන්නොත් මට මුහුණදෙන්න වෙන ප්‍රශ්න ගැනයි. මෙම ආරංචිය පැතුරුනාම ප්‍රකාශවල ශුභ පැත්ත දකින ඇත්තෝ මට පත්තරේටයි, රේඩියෝ එකටයි, ටී. වී. එකටයි එන්ඩ කියලා ආරාධනා කරයි.

    අශුභ පැත්ත දකින ඇත්තෝ මට මඩගහයි. ඔය කොයිවත් මට එච්චර වැදගත් නෑ. මං කම්පාවෙන්නේ නෑ. එහෙම වුණාම මට බණ භාවනා කරන්ඩ තියෙන කාලය නිකරුණේ අපතේ යනවා".

    "අනෙක මං ළඟට ප්‍රශ්නයක්‌ අහගෙන ආපු කිසිම කෙනකුට පිළිතුරු නොදී මඟ ඇරල නෑ. මුන්නැහේටත් මං උත්තර දෙන්නං. මේ ඇත්තෝ පිට කිසිම කෙනෙකුට මං අපවත්වෙනතුරු, නොකියයි කියන විශ්වාසය උඩයි, මං මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ".

    "මං මේ ප්‍රශ්නය ඇහැව්වේ වෙන ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඉදිරියේදී රට පාලනය කරන්නේ කවුද? ඒ ප්‍රකාශ ඇත්තද? කියල දැනගන්නයි.

    කියාපු විස්‌තර අනුව මේ දක්‌වා ඒ සියල්ල ඇත්තයි, ඩිංගිරි බණ්‌ඩා උන්නැහේ දක්‌වා සියල්ල ඇත්තයි.

    (හිටපු ජනාධිපති ඩී. බී. විජේතුංග මහතා උන්වහන්සේ හැඳින්වූයේ ඩිංගිරි බණ්‌ඩා යන නමිනි)

    කියාපු විදිහට සියල්ල සිදුවෙමින් පවතිනවා. මම නිහඬව බලා ඉන්නවා". ඉන්පසු උන්වහන්සේ අනාගතයේ පහළවන නායකයන් ගැන ද විස්‌තර කීසේක.

    (මෙම ග්‍රන්ථයේ සංස්‌කාරකයා වන මා එකී සාකච්ඡාවට සවන් දුන් ශ්‍රාවකයෙක්‌ පමණි)

    "නායක හාමුදුරුවනේ, විජේතුංග මහත්තයාගෙන් පස්‌සේ කවුද බලයට එනවා කියලා නාඩි වාක්‍යවල කියල තිබුණේ"? ප්‍රභාත් මානවසිංහ මහතා ඇසීය.

    "තරුණ කාන්තාවක්‌ බලයට එනවා කියලයි කියෑවුණේ" නාහිමියෝ පැවසූහ.

    ප්‍රභාත් මානවසිංහ මහතා දයාරත්න මහතාගේ මුහුණ බැලීය.

    "චන්ද්‍රිකාද? වෙන්න බෑ. චන්ද්‍රිකා දැනටමත් මහජන පක්‌ෂයේ නායිකාවනේ. එහෙමනං වෙන කවුද ඉන්නේ? ප්‍රභාත් මානවසිංහ මහතා ඇසීය.

    බදුල්ලේ මෛත්‍රී රත්නායක
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    කව්රු හරි අපතයෙක් බලන්ගොඩ හාමුදුරුවෝ උන් වහන්සේ අපවත් වෙලත් ගොඩක් කල් ගියාම කිව්වා කියල වල් පල් ටිකක් ගොතලා දැම්මම අපේ උන් ඒකෙ ඇත්ත නැත්ත නොදැන උන් වහන්සේට බනිනවා. මේක මට නම් පේන්නේ උන් වහන්සේගේ නම විකුණලා අපේ දේවාල ගානේ කපුවෝ ගානේ යන උන්ව අන්දලා ගාන කඩා ගන්ට ගොතපු කතාවක් වෙන්ටත් පුළුවන්.

    ඇත්ත නැත්ත නොදැන නිකන් පව් පුරවා ගන්නවා .
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කව්රු හරි අපතයෙක් බලන්ගොඩ හාමුදුරුවෝ උන් වහන්සේ අපවත් වෙලත් ගොඩක් කල් ගියාම කිව්වා කියල වල් පල් ටිකක් ගොතලා දැම්මම අපේ උන් ඒකෙ ඇත්ත නැත්ත නොදැන උන් වහන්සේට බනිනවා. මේක මට නම් පේන්නේ උන් වහන්සේගේ නම විකුණලා අපේ දේවාල ගානේ කපුවෝ ගානේ යන උන්ව අන්දලා ගාන කඩා ගන්ට ගොතපු කතාවක් වෙන්ටත් පුළුවන්.

    ඇත්ත නැත්ත නොදැන නිකන් පව් පුරවා ගන්නවා .

    උබ විශ්වාස කරන්නෙ නැත්නම් අපිට අවුලක් නෑ... බලෙන් උබට මේක කියවන්න කියල කවුරුත් කිව්වෙ නෑ නෙ