නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    mapkdeuwiqkw.gif

    Rep
     
    • Like
    Reactions: N.H Shadow

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මන් අහපු දේට උත්තරයක් දීල නැනේ. එහෙම නැතුව මන් දෙවියෝ විශ්වාස කරනවද නැද්ද කියලා හොයන එක මේකට අදාල නෑ. මගේ පලවෙනි reply එක බලපු ගමන් ඕන එක්කෙනෙකුට හිතාගන්න පුළුවන් මන් දෙවියෝ විශ්වාස කරන්නේ නෑ කියලා.

    ඔයාම ඔයාගේ post එකේ වැදගත් දෙයක් මතු කරලා තියෙනවා. 17 වන සියවසට කලින් ඉදන්ම පල්ලියේ මතයට හා නොපෙනෙන දෙවියෙක් කියපු දේට විරුද්ද මත ගෙනාපු විද්‍යාඥයන්ව මිත්යාදෘෂ්ටිකයෝ කරලා මරලා දැම්ම. ඒකාලේ හිටපු සමහර විද්‍යාඥයෝ ලෙඩ රෝග හැදෙන්නේ නොපෙනන බලවේග වලින් හෝ දේව ශාප වලින් නෙමෙයි පියවී ඇසට නොපෙනෙන ජීවීන් කොට්ටාශයකින් කියලා කිව්වට ඒකාලේ මිත්‍යාදුෂ්ටික මත වල හිටපු මිනිස්සු සහ පල්ලි මේකට එකග වුනේ නෑ. microscope එක හොයාගත්තට පස්සේ විද්‍යාඥයන් විසින් පියවි ඇසට නොපෙනෙන ජීවින් ඉන්නවා කියලා ඔප්පු කරලා පෙන්නුවට පස්සේ තමයි හැමෝටම පිළිගන්න වුනේ මේ ලෙඩ රෝග හැදෙන්නේ නොපෙනෙන බලවේග වලින් හෝ දේව ශාප වලින් නෙමෙයි ක්ෂුද්‍රජිවින්ගේ බලපෑම නිසා කියලා.

    ඔයා අමතක කරලා තියෙන වැදගත්ම දේ තමයි විද්‍යාඥයන් ඇසට නොපෙනෙන ජීවින් ඉන්නවා කියලා කිව්වේ අවුරුදු 6000 ක් පරණ ඝෘෂිවරු කියපු නිසාවත් පුස්කොල පොතක තිබුනු නිසාවත් නොපෙනෙන දෙවියෙක් රෑට ඇවිත් හීනෙන් කියපු නිසාවත් නෙමෙයි, තමන් පර්යේෂණ කරලා තමන් විසින් ගොඩනගා ගත්ත දැනුමෙන් තමයි එහෙම කිව්වේ.

    මට ඔයාට කියන්න මගේ බුද්ධි මට්ටම මැන මැන ඉන්නවට වඩා ඔයාගේ ඔයාගේ බුද්ධිය පාවිච්චි කරලා ඇයි නාඩි වාක්‍යය බොරුවක් නොවෙන්නේ ඔප්පුකරන එක හෝ අරයා කිව්වා මෙයා කිව්වා, අර පොතේ තිබුනා, අවුරුදු 6000 ක් පරණ දේවල් ඒ නිසා මේක විශ්වාස කරන්න ඕනි වගේ දේවල් කියන්නේ නැතුව පිලිගන්න පුලුවන් තර්කයක් ගෙන්න ඇයි නාඩි වාක්‍යය ඇත්ත වෙන්නේ කියලා. අනික මේකට ආගමක් ගාවගන්න එක අනවශ්‍ය දෙයක්, එකත් ජෝතිෂය කාරයෝ අනිතිමට මොකවත් කියන්න නැතිවුනාම ආගම ඉස්සරහට දාලා හැන්ගෙනවා වගේ වැඩක්.

    ඔයා මගෙන් දෙවියෝ විශ්වාස කරනවද කියලා අහපු නිසා මන් මෙහෙම අහන්නම්.
    ඔයා දෙවියෝ විශ්වාස කරනවද ? ඒ මොන දෙවියවද ? අල්ලා කියලා දෙවියෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවද? ක්‍රිස්තියන් දෙවියවද ? හින්දු දෙවියෙක්වද ? ලංකාවට ආවේනික දෙවියෙක්ද ? එහෙමත් නැතිනම් සියුස්, පොසයිඩන් වගේ ග්‍රීක දෙවියෙක්වද ?
    ඇයි ඒ දෙවියා ඇත්ත වෙලා අනිත් දෙවියෝ බොරු වෙන්නේ ?


    ඔයා කියන දේවල් වලට උත්තර මේ ත්‍රෙඩ් එකෙයි, website එකෙයි තියෙනවා ..
    ඇත්තටම උත්තර ඕනානම් ඒවා කියවල බලයි කියල හිතනවා.. නැත්නම් ආයිත් බොරුවට එකම දේ කියවන්න මන් ආස නෑ

    http://www.elakiri.com/forum/showthread.php?t=1589421
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මන් අහපු දේට උත්තරයක් දීල නැනේ. එහෙම නැතුව මන් දෙවියෝ විශ්වාස කරනවද නැද්ද කියලා හොයන එක මේකට අදාල නෑ. මගේ පලවෙනි reply එක බලපු ගමන් ඕන එක්කෙනෙකුට හිතාගන්න පුළුවන් මන් දෙවියෝ විශ්වාස කරන්නේ නෑ කියලා.

    ඔයාම ඔයාගේ post එකේ වැදගත් දෙයක් මතු කරලා තියෙනවා. 17 වන සියවසට කලින් ඉදන්ම පල්ලියේ මතයට හා නොපෙනෙන දෙවියෙක් කියපු දේට විරුද්ද මත ගෙනාපු විද්‍යාඥයන්ව මිත්යාදෘෂ්ටිකයෝ කරලා මරලා දැම්ම. ඒකාලේ හිටපු සමහර විද්‍යාඥයෝ ලෙඩ රෝග හැදෙන්නේ නොපෙනන බලවේග වලින් හෝ දේව ශාප වලින් නෙමෙයි පියවී ඇසට නොපෙනෙන ජීවීන් කොට්ටාශයකින් කියලා කිව්වට ඒකාලේ මිත්‍යාදුෂ්ටික මත වල හිටපු මිනිස්සු සහ පල්ලි මේකට එකග වුනේ නෑ. microscope එක හොයාගත්තට පස්සේ විද්‍යාඥයන් විසින් පියවි ඇසට නොපෙනෙන ජීවින් ඉන්නවා කියලා ඔප්පු කරලා පෙන්නුවට පස්සේ තමයි හැමෝටම පිළිගන්න වුනේ මේ ලෙඩ රෝග හැදෙන්නේ නොපෙනෙන බලවේග වලින් හෝ දේව ශාප වලින් නෙමෙයි ක්ෂුද්‍රජිවින්ගේ බලපෑම නිසා කියලා.

    ඔයා අමතක කරලා තියෙන වැදගත්ම දේ තමයි විද්‍යාඥයන් ඇසට නොපෙනෙන ජීවින් ඉන්නවා කියලා කිව්වේ අවුරුදු 6000 ක් පරණ ඝෘෂිවරු කියපු නිසාවත් පුස්කොල පොතක තිබුනු නිසාවත් නොපෙනෙන දෙවියෙක් රෑට ඇවිත් හීනෙන් කියපු නිසාවත් නෙමෙයි, තමන් පර්යේෂණ කරලා තමන් විසින් ගොඩනගා ගත්ත දැනුමෙන් තමයි එහෙම කිව්වේ.

    ඔයා මගෙන් දෙවියෝ විශ්වාස කරනවද කියලා අහපු නිසා මන් මෙහෙම අහන්නම්.
    ඔයා දෙවියෝ විශ්වාස කරනවද ? ඒ මොන දෙවියවද ? අල්ලා කියලා දෙවියෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවද? ක්‍රිස්තියන් දෙවියවද ? හින්දු දෙවියෙක්වද ? ලංකාවට ආවේනික දෙවියෙක්ද ? එහෙමත් නැතිනම් සියුස්, පොසයිඩන් වගේ ග්‍රීක දෙවියෙක්වද ?
    ඇයි ඒ දෙවියා ඇත්ත වෙලා අනිත් දෙවියෝ බොරු වෙන්නේ ?


    FYI

    විද්‍යාව කියන්නෙ එකක්. ආගම / සංස්කෘතිය කියන්නෙ තව එකක්. වෙන් කරලා තේරුම් ගන්න මචන්.

    විද්‍යාත්මක ක්‍රමය කියන එකට ජාති බේද නෑ. ආගම බේද නෑ.


    විද්‍යාව කියන්නේ ආගමෙන්, සංස්කෘතියෙන් ස්වායත්ත දෙයක් කියල තමයි බටහිර විද්‍යාවෙන් අපිට උගන්නන්නේ..නමුත් ඒ දේම තමයි සිද්ධ නොවෙන්නෙත්..පොලොව ගෝලාකාරයි, පොලොව සූර්යා වටේ පරිභ්‍රමණය වෙනවා කිව්වම ඒ දවස් වල පල්ලියෙන් කීදෙනෙක්ව එල්ලලා මැරුවද? ඒකට හේතුව උනේ පල්ලියේ ඉගැන්වීමට විරුද්ධ අදහසක් දැරීම විතරමයි..ඉතින් තවදුරටත් කියනවද විද්‍යාව, ආගමෙන් ස්වායත්තයි කියල?
    නලින් ද සිල්වා, ඔහුගේ හැම දේශනයකම වගේ කියන්නෙත් ඔය දේම තමයි..මිනිස්සුන්ගේ ඔලු වලට දාල තියෙනවා, බටහිර විද්‍යාව සර්වසම්පූර්ණ,සර්ව සාධාරණ ස්වායත්ත දෙයක් කියල..ඊට විරුද්ධව හිතන එකා මෝඩයා, මිත්යාදෘෂ්ටිකයා කියලා...
    ඔය දේම තමයි මීට සියවස් ගණනකට කලින් සිද්ධ උනේ..ඒකෙ ප්‍රගමනයක් තමයි දැන් සිද්ධ වෙන්නෙත්..සුද්දට ඕන උනේ පෙරදිග කලාපය තුල උන්ගේ ආගම පතුරුවන්න..ඒ සදහා උන් යුධ බලය පාවිච්චි කළා..දැන් කරන්නෙත් ඒ ටිකමයි..වෙනස තියෙන්නේ, යුධ බලය වෙනුවට උන්ගේ අධ්‍යාපනය යොදා ගන්න එක..
    ඔය ගැලීලියෝ ලා පෘතුවිය කා වටෙද යන්නේ කියල හොයන්නත් කලින්, පෙරදිග හිටපු ඍෂිවරු නැකත් බැලීම පවා කළා..අපි දන්නවා, රාවනා රජු කාලේ අපේ රටේ හිටපු පුලතිසි කියන
    ඍෂිවරයා තමයි මුළු පෙරදිගටම වෙලාව ගණනය කලේ කියල..ඔහුගේ හෝරා යන්ත්‍රය තිබුනේ සීගිරි ගල මුදුනේ...ඒක වෙනම කියන්න ඕන කතාවක්...කොහොම හරි ඒ විද්‍යාත්මක ක්‍රමයක් පාවිච්චි කරලා නෙමෙයි පෙරදිග අය දැනුම ලබා ගත්තේ...අධ්‍යාත්මික බලයෙන්..පසුකාල වල පෙරදිගට ආපු සුද්දෝ මේ දේවල් දැනගත්තා...නමුත් උන්ගේ ආගම තුල,අධ්‍යාත්මික දේවල් වලට තැනක් තිබුනේ නෑ..උන්ට අධ්‍යාත්මික බලයක් තිබුනෙත් නෑ...ඉතින් තමන් පෙරදිගින් දැනගත්ත කරුණු විස්තර කරන්න උන්, උන්ගේම ප්‍රවාද හැදුවා...නිකන් සුරංගනා කතා වගේ..ඒ ක්‍රමය තමයි අද බටහිර විද්‍යාව කියල හදුන්වන්නේ...මොනවා හරි සිදුවීමක් දැක්කම, ඒක විස්තර කරන්න කතාවක් හදනවා..ඉලෙක්ටෝනය ගැන විතරක් මොන තරම් කතා ගොඩක් හදල තියෙනවද? එක කතාවක් බොරු වෙනකොට, ඒකට තව කතාවක් හදනවා..නමුත් කවදාවත් මොවුන් ප්‍රත්‍යක්ෂයෙන් ඒ දේ අවබෝද කරගෙන නෑ...නමුත් තවමත් අපේ වෙද මහත්වරු බෙහෙත් සීට්ටුවක් ලිව්වත්, අන්තිමට ලියන්නේ,'අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි' කියල..ඒ ප්‍රත්‍යක්ෂ දැනුම අපිට ලැබුනේ සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ..ඒක භාවිතා කිරීම නිසා ඇතිවන විශ්වාසය නිසා තමයි 'අත්දුටුවයි' කියල කියන්නේ..
    බටහිර විද්‍යාව කියල තියෙන්නේ අන්තිමට කතා ගොඩක් විතරයි..අපිට ඉස්කෝල වල උගන්නනවා, ඒ සුරංගනා කතා විස්වාස කරපන් කියල..ඊට විරුද්ධව හිතන්න දෙන්නේ නෑ..
    නලින් ද සිල්වා මේකට ගන්න හොදම උදාහරණ දෙක තමයි, ගුරුත්වාකර්ෂණය සහ ඉලෙක්ට්‍රොන..ඔහු අහනවා ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ අපේ මොන ඉන්ද්‍රියටද කියල..:D නමුත් විද්‍යාත්මක ක්‍රමයේම තියෙනවා, ඒ ක්‍රමය තුල හිතළු වලට ඉඩ නෑ, ඕනෑම දෙයක් පන්චේන්ද්රියන්ට දැනෙනව නම් විතරක් පිළිගන්න කියල..(ඒකනේ මෙහෙ ඉන්න ගොඩ සුද්දෝ කෑ ගහන්නේ දෙවියෝ කෝ? පේන්නේ නෑ නේ..එහෙනම් දෙවියෝ කියල දෙයක් නෑ කියල..)
    නමුත් ගුරුත්වාකර්ෂණය කාටවත් දැනෙන අවයවයක් නෑ..ඒ වගේම ඉලෙක්ට්‍රෝනයක් පියවි ඇසින් හෝ අන්වීක්ෂයක් තුලින් දැකපු මිනිහෙක් මේ ලෝකේ නෑ..තියෙන්නේ ගණනය කිරීම් ටිකක් විතරයි...නමුත් අපිට කියනවා එහෙම තියෙනවා කියල විස්වාස කරපන් කියල..ඒ එක්කම අපේ දෙවියන් ගැන අවිස්වාස කරපන් කියල..නමුත් උන්ගේ යෝහොවා දෙවියන්ව විශ්වාස කරපන් කියල..ඉතින් ඔය කියන බටහිර විද්‍යාව, මොන තරම් පැටලුන , සුරංගනා කතාවක්ද කියල තේරෙන්නේ නැද්ද? මොන තරම් බටහිර විද්‍යාව, සර්ව සාධාරණද කියල තේරෙනවද?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙහෙම විද්‍යාඟයෝ කියන්නෙ නෑ මචන් උඹට බොරු කියලා තියෙන්නෙ කියපු කෙනෙක්. බටහිර රටවල සාමාන්‍ය මිනිස්සු දෙවියො විශ්වාස කරාට විද්‍යාඟයෝ ඒක අනුමත කරන්නෙ නෙ.

    අන්න ආයිත් පාරක් විද්‍යාව හා සංස්කෘතිය / ආගම අතර වෙනස

    In god we trust කියලා ගහන එකට මුල අන්ධ භක්තික මිනිස්සු. විද්‍යාඟයෝ නෙමෙයි. බටහිර ආගමෙයි , විද්‍යාව කියන එකෙයි වෙනස තේරුම් ගන්න


    එතකොට මචන්, ඇමරිකාව, එංගලන්තය ඇතුළු බටහිර හැම රටකම ඉන්නේ අන්ධ භාක්තිකයෝද? ඒවා පාලනය කරන්නෙත් එහෙනම් මිත්යාදෘෂ්ටිකයෝ...ඒත් කවුරුත් උන්ට මිත්යාදෘෂ්ටිකයෝ කියන්නේ නැත්තේ ඇයි? විශේෂයෙන් අපේ රටේ ඉන්න ප්‍රබුද්ධ කියල කියා ගන්න අය ඇයි කියන්නේ නැත්තේ බටහිර හැම රටකම ඉන්නේ මිත්යාදෘෂ්ටිකයෝ කියල? උන් අපි දෙවියෝ අදහන එකට විතරක් මිත්යාදෘෂ්ටිකයෝ කියල බනින්නේ ඇයි?
    ඒකට හේතුව තමයි බටහිර දැනුමට තියෙන ගැති කම, බය සහ දීන බව..ඒ දේ එන්නේ විද්‍යාවෙන් නෙමෙයි...විද්‍යාවත් එක්ක එන සංස්කෘතික ආක්‍රමණයෙන්..බටහිර මිනිස්සු කරන සියල්ලම හරි කියල හිතන්න තමයි අපේ මනස හදල තියෙන්නේ..ඉතින් බටහිර විද්‍යාව, ආගමෙන් සංස්කෘතියෙන ස්වායත්ත වෙන්නේ කොහොමද? එහෙම ස්වායත්ත නම් මං කලින් කියපු විදිහට වෙන්නේ නෑ..
    නිකමට හිතපන්, අපි රටේ මුදල් නෝට්ටු වල ගැහුවොත් "බුදු සරණයි..දෙවි පිහිටයි" කියල, මොනවයින් මොනවා වෙයි ද? මුලින්ම සර්වාගමික උණ තියෙන වාසු වගේ උන් කෑ ගහයි, එහෙම ගහනවා නම් "අල්ලා පිහිටයි, ජේසු පිහිටයි" කියලත් ගහන්න ඕන කියල..
    දෙවෙනියට අර ප්‍රබුද්ධයෝ කියයි, මේවා මිත්යාදෘෂ්ටික වැඩ..අපි දෙවියෝ දැකල නෑ..ඒ නිසා එහෙම ගහන්න අයිතියක් නෑ කියල..නමුත් ඔය කවුරුවත් කියනවද ඩොලර් එකේ In God We Trust කියල ගහන එක, ඒ රටවල ඉන්න අනික ආගම් වල මිනිස්සුන්ගේ ආගමික නිදහසට බාධාවක් කියල? එහෙම නැත්නම් දෙවියෝ තවම විද්‍යාවෙන් හොයාගෙන නෑ...එතකන් ගහන්න බෑ කියල? ඔබාමා, කැමරන් කියන්නේ අන්ධ භක්තික මිත්යාදෘෂ්ටිකයෝ කියල?
    උන් කරන දෙය හරි වෙන්නත්, ඒ දේම අපි කලොත් වැරදි වෙන්නත් හේතුව මොකක්ද? ඔය කියන විද්‍යාවට අනුව නම් ලෝකේ කොතැනක, මොන පුද්ගලයෙක් විද්‍යාත්මක පරීක්ෂණයක් කලත් එන ප්‍රතිඵලය සමාන වෙන්න ඕන නේ..ඒ නිසා නේ කියන්නේ විද්‍යාත්මක ක්‍රමය පුද්ගලයාගෙන් ස්වායත්තයි, අරව මේවා බයිලා කියන්නේ..එතකොට ඔය විද්‍යාත්මක ක්‍රමය අනුවම බැලුවොත්, උන් දෙවියෝ අදහනවා නම් අපි අදහන එක වැරදි වෙන්න විදිහක් නෑ නේ? මොකද විද්‍යාවෙන තාම දෙවියෝ දැකල නෑ...හරියට ඉලෙක්ට්‍රෝනය දැකල නෑ වගේ..ඉතින් දැකල නැති දෙයක් විස්වාස කරන්න උන්ට පුළුවන් නම් අපිට බැරි ඇයි?

    FYI
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන්, උබ පටලාගෙන තියෙන්නේ බටහිර විද්‍යාවයි පෙරදිග දැනුමයි..පෙරදිග විද්‍යාව කියල අදහස් කරන්නේ මොකක්ද කියන එක ගැන ඔබට කිසිම අවබෝධයක් නෑ වගේ..ඒ ගැන මට පුදුමයක් නෑ...අපේ රටේ ඉතිහාසය පවා මොන තරම් අමාරුවෙන්ද අච්චු පොත් වලට දාල තියෙන්නේ..ඉතින් තව අපේ මුතුන් මිත්තන්ට මෙහෙම දැනුමක් තිබුනා කියල වත් ඔය පොත් වලට දායි ද?..
    සන්නායකයක් දිගේ විදුලිය ගලන එක පෙරදිග දැනුමක්ද බං? විදුලිය,මෝටරය වගේ කාර්මික විප්ලවය එක්ක ආපු හැම දෙයක්ම බටහිර දැනුමෙන් හදපු දේවල්..කොටින්ම කිව්වොත් අද අපි පාවිච්චි කරන හැම බඩුවක්ම බටහිර විද්‍යාව නිසා ඇති උන දෙයක්...
    නමුත් තේරුම් ගන්න ඕන, මේ දෙක අතර වෙනස..18 වෙනි සියවසෙන් පස්සේ තමයි ඔය බටහිර විද්‍යාව කියන දෙය පෙරදිගට පටවන්නේ බලෙන්..ඒ ක්‍රිස්තියානි-මිෂනාරි අද්‍යාපනය තුලින්..ඒ මේ රට ඒ වෙනකොට සුද්දන්ගේ යටත් විජිතයක් වෙලා තිබුන නිසා..අපි විතරක් නෙමෙයි, ඉන්දියාව ඇතුළු අනිත් පෙරදිග රටවලුත්..උන් ආවට පස්සේ, අපිට තිබුන අපේ දැනුම් පද්ධතිය, සම්පූර්ණයෙන්ම විනාස කළා. අපේ පුස්කොලපොත් ගිනි තිබ්බා..උන්ගේ දැනුම අපිට බලෙන් පැටෙව්වා..
    නමුත්, උන් එන්න කලින් අපේ රටේ හිටියේ නොදියුණු, නූගත් ජාතියක්ද? උන්ගේ දැනුම එන්න කලින් අපි හිටියේ රෙදි අදින්නේ වත් නැතුව, දඩයම් යුගයේද? නෑ..උන් රෙදි නැතුව හිටපු කාලේ, අපි සීගිරිය වගේ මහා විසාල ප්‍රාකාර හැදුවා..පහත තැනක ඉදල උස් තැනකට වතුර ගෙනියන තාක්ෂණයක් තිබුනා..කොටින්ම අහසින් යන්න පුළුවන් රථ හදන තාක්ෂණයක් තිබුනා..ඒ තාක්ෂනය තිබුනේ සුද්දා අපිට බටහිර විද්‍යාව කියල දෙයක් බලෙන් පොවන්න සියවස් ගානකට කලින්..අන්න ඒකයි පෙරදිග දැනුම කියන්නේ..එහෙම නැතුව සන්නායකයක විදුලිය යන එක නෙමෙයි..
    මෙතන කල්පනාකරන්න ඕන දේ තමයි, මීට අවුරුදු 5,000 කට විතර කලින් එහෙම තාක්ෂණයක් අපිට තිබුන නම්, ඒ තාක්ෂනය අපිට රැකගෙන එන්න පුළුවන් උනා නම්, බටහිර උන් ඔය බටහිර විද්‍යාවෙන හදල තියෙන tv, radio, satellite වලට ගවු ගානක් එහා ගිය , දියුණු තාක්ෂණයක් මේ වෙනකොට අපිට තියෙනවා...
    මං දැක්ක ගොඩක් දෙනෙක් අහල තිබුනා, බටහිර විද්‍යාවට බැන බැන, නලින් ද සිල්වා ඒවම පාවිච්චි කරනවා කියලා..ඇත්ත..වර්තමානයේ අපිට අපේ දැනුමක් නැති නිසා එහෙම කරන්න වෙලා තියෙනවා..නමුත් අවුරුදු 5,000 කට කලින් අපේ තිබුන තාක්ෂනය , අද වෙනකන් ප්‍රගමනය උනා නම්, ඔය tv,radio,computer කියන දේවල් කුණු කූඩෙට නොයයි කියල කියන්න පුලුවන්ද? එහෙනම් හරියට අපේ දැනුම් පද්ධතිය, දැනට පිටසක්වල ජීවීන්ගේ දැනුමට සමාන වෙයි කියල උපකල්පනය කරන්න පුළුවන්..මොකද පෘතුවිය ඇතුලත ඕන තැනකට අහසින් යන්න තාක්ෂණයක් , මීට අවුරුදු 5,000 කට කලින් තිබුන නම්, අද ඒක වර්ධනය වෙලා, ග්‍රහලෝක අතර ඉතා කෙටි කාලයකින් ගමන් කිරීමේ තාක්ෂණයක් අපිට තියෙන්න ඉඩ තිබුනා..අනිත් දේ තමයි දැනට විස්වාස කරනවා, පිටසක්වල ජීවීන් තොරතුරු හුවමාරු කරන්නේ ටෙලිපති ක්‍රමයෙන් කියල..ඉතින් එහෙම විද්‍යාවක් එක්ක, tv, radio and satellite කියන්නේ මොන තරම් නොදියුණු දේවල් ද? ඉතින් ඔය tv වලට බනින කතාවට දෙන්න පුළුවන් හොදම උත්තරේ තමයි ඒක...
    නමුත් ඒ දේ අපෙන් උදුරා ගත්තේ බටහිරින් ආපු සුද්දෝ...ඊට අමතරව උබ කියන චෝල ආක්‍රමණ වගේ ඒවා නිසා...
    යෝධ ඇලේ ආනතිය, කිලෝමීටරයට මිලිමීටර් කිහිපයක් වෙන්න හදන විදිහ අපිට කියාදුන්නේ සුද්දෝ නෙමෙයි...අපිට ඒ දැනුම ලැබුනේ සම්‍යක්දෘෂ්ටික දෙවියන් ගෙන්...අන්න ඒ දැනුමට ආපසු යන්න තමයි නලින් ද සිල්වා මහත්තයා උත්සාහ කරන්නේ...ඒ දැනුම කවදාවත් පරිසරයෙන් ස්වායත්ත නෑ...මොකද ඒ දැනුම බැදිලා තියෙන්නේ බුදු දහමත් එක්ක..බුදු දහමේ ඉගැන්වෙන්නේ නෑ පරිසරය මැවී ඇත්තේ මිනිසාගේ පරිභෝජනයට පමණි කියල..ඒ නිසා අපේ පෙරදිග විද්‍යාවෙන් කවදාවත් පරිසරයට හානියක් කරන්නේ නෑ...නමුත් බටහිර චින්තනය තමයි සියලු සතුන්, ගස් වැල් තියෙන්නේ මිනිසාගේ පරිභෝජනයට කියන එක..ඉතින් උන්ගේ විද්‍යාව හැදිලා තියෙන්නෙත් ඊට සරිලන විදිහට..ඉතින් තවදුරටත් කියනවද, විද්‍යාව (පෙරදිග වේවා, බටහිර වේවා), ආගමෙන්, සංස්කෘතියෙන් ස්වායත්තයි කියල?

    උබ කියන දෙවෙනි කරුණ තාර්කික නෑ බං..නිවුටන් ගුරුත්වාකර්ෂණය කියන කතාව ගොතනකන්, උඩ ඉදල පහලට වස්තු වැටුනේ නැද්ද? යෝධ ඇලේ වතුර ගලන්න පටන් ගත්තේ නිවුටන් ගුරුත්වාකර්ෂණය හොයා ගත්තට පස්සෙද? අන්න ඒකට තමයි බටහිර දැනුම කියන්නේ..උන් එක එක කතා ගොතල, නියම ඉදිරිපත් කරන්න අවුරුදු දහස් ගානකට කලින් අපිට ඒ අදාළ දේ සම්බන්ධයෙන් අපේම දැනුමක් තිබුනා..සීගිරියේ පහල තියෙන පොකුණු වලින් ඉහලට වතුර අරන් යන තාක්ෂණයක්, දැනුමක් අපිට තිබුනා...ඒක තමයි මචන් පෙරදිග දැනුම කියල අදහස් කලේ....එහෙම නැතුව සන්නායකයක ගලන විදුලිය නෙමෙයි...උබට මචන් බටහිර දැනුම හා පෙරදිග දැනුම කියල අදහස් කරන්නේ මොකක්ද කියන එක ගැන වැටහීමක් නෑ වගේ..ඒකයි ඉන්දියාවෙන් ආක්‍රමණය කලේ බටහිර දනුමෙන්ද, වෙඩිබෙහෙත්, ශල්‍යකර්ම ගැන අහල තියෙන්නේ..

    FYI
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔව් මචන්...විශ්වයේ පරිණාමය/ විශ්වය ඇති උන විදිහ ගැන තමන්ගේ ආචාර්ය උපාධිය කරපු මනුස්සයා කියනවා නම්, ඒක (විශ්වය ඇතිවීම ගැන දැනට තියෙන සංකල්පය) පට්ටපල් බොරුවක් කියල, ඊට විරුද්ධ වෙන අයට ඊට වඩා දැනුමක් තියෙන්න ඕන..
    අපේ කැම්පස් වලින් ආවට ගියාට ආචාර්ය උපාධි දුන්නත් (එහෙම දෙනවා කියල මං කියන්නේ නෑ), එංගලන්තයේ reputed university එකකින් 1970 වගේ කාලෙක, එහෙම ආවට ගියාට P.hD දෙයි කියල හිතන්න පුළුවන් ද?

    තමන් ඉගෙනගත්ත දේ බොරු කියල කියන්න කීයෙන් කී දෙනාටද කොන්දක් තියෙන්නේ?
    විශ්වයේ ඇතිවීම ගැන තවමත් හරි මතයක් ඉදිරිපත් කරන්න බැරුව, බටහිර විද්‍යාඥයින් දගලද්දී, අපි ඒ ගැන මීට අවුරුදු 2,500 කටත් කලින් දැනගෙන හිටියා..බුදුන් වහන්සේ මේ ලෝකය ඇතිවීම ගැන කියල තියෙන්නේ අංගුත්තර සූත්‍රයේ පෘථිවි වග්ගයේ..ලෝකය විතරක් නෙමෙයි, ආහාස්සර බ්‍රහ්මලෝකයේ සිට ආපු ජීවීන්ගෙන් පෘතුවිය මත ජීවය ඇති උන විදිහ පවා විස්තර කරලා තියෙනවා..කැමති එක්කෙනෙක් ඉන්නවා නම් කියන්න, මං
    සූත්‍රයේ ඊට අදාළ කොටසේ සිංහල පරිවර්තනය වීතරක් දාන්නම්..පිටු 13ක් තියෙනවා..
    බටහිර විද්‍යාව මොන තරම් දියුණු උනත් ඔවුන්ට තාමත්, අපි අවුරුදු 2,500 කට කලින් දැනගත්ත දේ හොයාගන්න බැරි වෙලා තියෙනවා..

    මොකක්ද ඒකට හේතුව????? ඇයි tv, planes, satellite හදපු විද්‍යාවට ඔය කියන විශ්වයේ ඇතිවීම කියන එකට theory එකක් (සුරංගනා කතාවක්) හදා ගන්න බැරි උනේ?

    අන්න ඒකටත් එකම හේතුව තමයි, බටහිර විද්‍යාව, මුළුමනින් ම ඔවුන්ගේ සංස්කෘතිය, ක්‍රිස්තියානි - යුදෙවු චින්තනය මත පදනම් වෙලා තිබීම...(අපේ ප්‍රබුද්ධයෝ නෑ කියන්නෙත් ඒකමනේ)

    මොන සොයාගැනීම්, මොන නව නිපැයුම් කලත්, ඔය බටහිර විද්‍යාව, එක තැනක හිර වෙනවා..එතනින් එහාට යන්න බෑ..ඒ හිර වෙන තැන තමයි, මනුෂ්‍යයන් හැර, වෙනත් ජීවීන්, නොපෙනෙන අවකාශයේ ඉන්නවා කියන දේ පිළිගැනීමට සිදු වීම..විද්‍යාව, ඔවුන්ගේ ක්‍රිස්තියානි ආගමෙන් ස්වායත්ත නම් ඇයි බැරි, ඔය කියන හිඩැස පන්නන්න? නමුත් කවදාවත් ඒ දේ සිද්ධ වෙන්නේ නෑ...මොකද උන් පල්ලියේ ඉගැන්වීමට පිටින් හිතන්නේ නෑ...හිතන්න බයයි...හිතන්න දෙන්නේ නෑ..
    නිකමට හරි ඔය කියන බටහිර විද්‍යාඥයෙක් හරි, අපේ රටේ මිනිහෙක් හරි, උන්ගේ ඔය cosmology ගැන තියෙන අන්තර්ජාතික ආයතනයට මතයක් ඉදිරිපත් කලොත්, මිනිසා පෘතුවියේ ඇති උනේ ආහාස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආපු ජීවීන්ගෙන් කියල......., මොනවා වෙයි ද? අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ ඒ ගැන...නමුත් ඔය ස්වාධීනයි කියන බටහිර විද්‍යාවට බැරි ඇයි එහෙම මතයක් අඩුම තරමේ ඉදිරිපත් කරන්න හරි ඉඩ දෙන්න? තේරෙනවා නේද බටහිර විද්‍යාව මොන තරම් පක්ෂග්‍රාහී, ක්‍රිස්තියානි-යුදෙවු චින්තනය එක්ක බැදිලා ද තියෙන්නේ කියල?
    ඊට සමාන දෙයක් තමයි රජරට වකුගඩු රෝගයේදී උනෙත්..අවුරුදු 20 ක් තිස්සේ විද්‍යාත්මක පරීක්ෂණ කර කර හේතු හෙව්වා...විසදුමක් නෑ...අන්තිමට නාථ දෙවියන්ගේ මාර්ගයෙන් සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගෙන් ලැබුන දැනුමෙන් එකට විසදුම ඉදිරිපත් කලාම, ඒක පිලි ගන්නෙත් නෑ..මොකද බටහිර විද්‍යාවෙන අපේ මනසට කාන්දු කරවන දෙයක් තමයි, ඊට වඩා විද්‍යාවක් ලෝකේ නෑ...බටහිර විද්‍යාවට බැරි නම් කිසිම විද්‍යාවකට බෑ, කියන මතය..
    ඒ නිසාම තමයි, බටහිර විද්‍යාවේ astral body එක ගැන මොන මොන පරීක්ෂණ කලත්, මිනිහෙක් මැරුණට පස්සේ වෙන දේ ගැන හිතන්නවත් බැරි...මොකද අර කියන හිඩසෙදී, බටහිර විද්‍යාව හිර වෙනවා...එතනින් එහාට යන්න බෑ...



    FYI
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කිසිම වෙදකමකින් සනීප කරන්න බැරි ලෙඩවලට බෙහෙත් නාඩිවාක්‍යයේ තියෙනවා...

    බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ මෙතෙක්‌ පළ නොවූ සාකච්ඡා පෙළ 06

    30.jpg



    ප්‍රශ්නය - ඔබවහන්සේගෙන් මං අහන්න බලාපොරොත්තු වුණ ප්‍රශ්නය ළඟට ඔබ වහන්සේ මාව යොමුකළා. නාඩි වාක්‍ය කියවපු බොහොA දෙනා කියනවා තමන්ට මුහුණදීමට සිදුවන අපල උපද්‍රව ආදියට කළ යුතු පිළියම් වශයෙන් විවිධ පුද පූජා පවත්වන්න කියලා තියෙනවා කියලා. ඇතැම් හින්දු දෙවිවරුන්ටයි පුද පූජා පවත්වන්න කියලා තියෙන්නේ. මේ තත්ත්වය පිළිබඳ කිසියම් පැහැදිලි කිරීමක්‌ කළොත් වටිනවා ස්‌වාමීනි.

    නාහිමි ( හොඳයි මේ නාඩි වාක්‍ය ප්‍රකාශ කළ බොහෝ සෘෂිවරු බෞද්ධයෝ නෙවෙයි. බුදුන් වහන්සේ උපත ලබන්නට අවුරුදු 3500 කට විතර ඉස්‌සර ජීවත් වුණු අය. ඔවුන් හින්දු භක්‌තිකයෝ. සෘෂිවරු පිහිට පැතුවේ දෙවිවරුන්ගෙන්. සමහර දෙවිවරු සෘෂිවරුන්ට නාඩි වාක්‍ය ප්‍රකාශ කළා කියලා මීට පෙර මං කීවා. ශිව පාර්වතී, ස්‌කන්ධ ගණදෙවි, සරස්‌වතී, ලක්‌ෂ්මී ආදි දෙවිවරුන්ගේ පිහිට මේ සෘෂිවරුන්ටත් තිබුණා. එම නිසා නාඩි වාක්‍ය කියවන අයට මේ දෙවිවරුන්ට පුද පූජා කරන ලෙසට එම සෘෂිවරු ලෝකවාසීන්ට කියලා තියනවා.

    ප්‍රශ්නය ( ස්‌වාමීනි, ඇතැම් දෙනා මේ නාඩි වාක්‍ය කියලා තියෙන කළ යුතු පුද පූජා විධි අහලා, මේ දේවල් උපහාසයකින් බැහැර කරලා, අමතක කරනවා. ඔබවහන්සේට මෙවැනි අත්දැකීම් තියෙනව ද? ස්‌වාමීනි මෙහෙම පුද පූජා කිරීම පැහැර හැරීම නිසා දුෂ්කරතාවට, අමාරුවට පත්වුණු අවස්‌ථා පිළිබඳව.

    නාහිමි( හොඳයි මං පිට අය ගැන විස්‌තර කියන්නේ නැහැ. මගේ නංගිට සිද්ධ වුණු සිද්ධියක්‌ මං පැහැදිලි කරන්නම්. ඒ පවුලේ ඇත්තෝ දැන් මේ භවයෙන් ඉකුත්වෙලා. එම නිසා ඒ අයට අපහාසයක්‌ සිදුවෙන්නේ නැහැ. මගේ නංගි රංමැණිකේ. මම කුඩා කාලයේ නංගිත් එක්‌කයි කෑවේ බීවේ නිදා ගත්තේ එකටයි. මම මහණ වෙන්න යනකොට නංගි නිදාගෙන හිටියේ. මම යන බව දැනගෙන නංගි අ`ඩයි කියලා හිතලා නංගිට මං කතා කෙරුවේවත් නැහැ. නංගි විවාහ වුණේ රත්නපුර ප්‍රදේශයේ සිටි රටේ මහත්තයෙක්‌ එක්‌ක. ඒ දවස්‌වල මේ රටේ මහත්තයාගේ තනතුර ඉතා ඉහළ තනතුරක්‌. ඒජන්ත ළඟට තියෙන තනතුරක්‌. උන්නැහේ හරි පෝසත්. ඒ කාලේ ඉඩම් වතුපිටි කුඹුරු හරකබාන හිමි මහා ධනපතියෙක්‌. උන්නැහේට තිබුණා කාර් හතරක්‌. ඒ දවස්‌වල ඒජන්ත උන්නාන්සේටත් තිබුණේ කාර් එකයි. එතකොට ඒ පවුලේ අයගේ තත්ත්වය ගැන මුන්නැහේට හිතා ගන්න පුළුවන්. අපේ නංගිට අවුරුදු හතළිස්‌ එකක්‌ වෙනකොට දකුණු කකුල උකුලෙන් පහළ පණ නැතිවෙලා, ඇඳට වැටුණා. රටේ මහත්තයා හුඟාක්‌ වියදම් කරලා එක එක දොස්‌තර මහත්තුරුන්ට, වෙද මහත්තුරුන්ට පෙන්නලා බෙහෙත් කළා. ඒත් හරි ගියේ නැහැ. දවසක්‌ මං හම්බ වෙන්න රටේ මහත්තයා ආවා. ඇවිදින් කීවා ඉන්දියාවේ ගියාම මං සාස්‌තර අහන තැනින් විස්‌තර අහගෙන එන්න කියලා. මං සාමාන්‍යයෙන් ඉන්දියාවට යනකොට ඔහොම අසරණ තත්ත්වයට පත්වුණු අය යම් දෙයක්‌ කීවොත් ඒ දේ රෝගියට කරන ගිලානෝපස්‌ථානයක්‌ වශයෙන් සලකලා කරනවා. බෞද්ධ භික්‌ෂුන්ට, ගිහියන්ගේ පණිවුඩ පායික්‌කුඩම් කිරීම විනය විරෝධීයි. එහෙත් රෝගී සත්කාරයක්‌ වශයෙන් මං ඒ කාර්යය කළා. නංගිගේ නාඩි වාක්‍යයේ කියෑවුණේ පෙර භවයේදී කරන ලද අකුසල කර්මයක්‌ හේතුවෙන් මෙම භවයේ හතළිස්‌ එක්‌ වැනි වියේදී දකුණු කකුල තුනටියෙන් පහළ පණ නැති වෙන බවත්, මෙය කර්මජ රෝගයක්‌ නිසා කිසිදු වෛද්‍ය ප්‍රතිකර්ම වලින් සුව නොවන බවත් කියලා තිබුණා.

    ප්‍රශ්නය ( පෙර භවයේ කළ අකුසල කර්මයක්‌ නිසා වූ කර්මජ රෝගයක්‌ කියලා කීවද ස්‌වාමීනි,

    නාහිමි( ඔව්, නංගි මීට පෙර භව දෙකකට පෙර යාපන ප්‍රදේශයේ මහා කුලවත් පවුලක කාන්තාවක්‌ විදිහටයි ඉපදිලා තියෙන්නේ. පෙර කරන ලද කුසල් හේතුවෙන් භවභෝග සම්පත් ඇතිව ඉඳලා, ඒ භවයේදී මහත් වූ පිංකම්, දානමානාදිය කිරීම නිසා මේ භවයේ භවභෝග සම්පත් සහිත තැනක උපත ලබලා තියෙනවා. ඒත්, ඒ භවයේ කුල මානයෙන් හිස උදුම්මගෙන ඉඳලා තියෙනවා. දවසක්‌ මහා බලසම්පන්න අඩු කුලයක සන්නාසියෙක්‌ ආධාර ඉල්ලගෙන ගෙයි ඉස්‌සර පඩියක වාඩිවෙලා ඉඳලා තියෙනවා. මේ අවස්‌ථාවේ කේන්ති ගත් ඇය අර බලසම්පන්න කුලහීන සන්නාසියාට දකුණු කකුලෙන් පහර දී දානමාන කිසිවක්‌ නොදී එලවල දාල තියෙනවා. එම පාප කර්මය නිසා මෙම භවයේ හතළිස්‌ එක්‌ වැනි වියේදී ඇයගේ තුනටියෙන් පහළ දකුණු කකුල අප්‍රාණික වෙනවා. වෛද්‍ය ක්‍රම කිසිවෙකින්වත් සුව වෙන්නේ නැහැ. මේක කර්මජ රෝගයක්‌ කියලා නාඩි වාක්‍යයේ විස්‌තර කරලා තිබුණා.

    ප්‍රශ්නය ( මේ කර්මජ රෝගයට ප්‍රතිකර්මයක්‌ කියලා තිබුණද ස්‌වාමීනි,?

    නාහිමි(ඔව් මහත්තයා, පැහැදිලිව ප්‍රතිකර්මයක්‌ කියලා තිබුණා.

    ප්‍රශ්නය( අපිත් දැන ගන්න කැමැතියි ස්‌වාමීනි,

    නාහිමි ( හොඳයි, ප්‍රතිකර්මය වශයෙන් කියලා තිබුණේ එදා ඒ සන්නාසියාට කළ පාපකර්මයෙන් මිදෙන්න තමන්ගේ ආගමට අනුව සිල්වත් පිරිස පස්‌ දෙනෙක්‌ නිවසට කැඳවලා, දහවල් දානය පිරිනමලා, ඒ සන්නාසියාට පෙර භවයේදී සිදුවූ වරද ඒ සිල්වත් අයට කියලා ඒ සන්නාසියා වෙනුවෙන් සමාව අයෑද සිටින්න කියලා. මෙම සත්කාරය තුන් මසක්‌ අඛණ්‌ඩව සිදුකරන ලෙසත් කියා තිබුණා. මම මේ ගැන රටේ මහතAතට කීවා. ඒ කටයුතු සූදානම් කිරීමට උදව් කරන්න කියලා රටේ මහත්තයා මගෙන් ඉල්ලා සිටියා. ඒ කාලේ මං බලංගොඩ පිරිවෙනේ හිටියේ. එම නිසා සිල්වත් හාමුදුරුවරු පස්‌ නමක්‌ දිනපතා යෑවීමට කටයුතු කළා. රටේ මහත්තයා දිනපතාම කාර් එකක්‌ පිරිවෙනට එවනවා. මේ කටයුතු සතියක්‌ විතර කෙරුණා.

    ඒ අතර මට බුරුමයේ සංගායනාවට යැමට සිදුවුණා. අවුරුද්දකට වැඩි කාලයක්‌ මම ඒ සංගායනාවේ කටයුතු වලට කැපවෙලා හිටියා. ඒක මහා භාරදූර කාර්යයක්‌. එම නිසා මට අනිත් ප්‍රශ්න ගැන හිත යොමු කරන්න වෙලාවක්‌ තිබුණේ නැහැ. සංගායනාව අවසන් වුණාම මට අග්ගමහා පණ්‌ඩිත යන ගෞරව නාමයක්‌ ලැබුණා. මං නං ඒවා ගැන එච්චර සලකන්නේ නැහැ. මට සන්නස්‌ පත්‍රයක්‌ ලංකාවට එවලා තිබුණා. බලංගොඩ පන්සලට ආවට පස්‌සේ රටේ මහත්තයා මාව හම්බ වෙන්න ආවා. ඇවිල්ලා කීවා නංගිට හොඳටම අමාරුයි කොළඹ ඩර්ඩන්ස්‌ ඉස්‌පිරිතාලේ නවත්තලා ඉන්නේ කියලා. මං ඇහැව්වා අර නාඩි වාක්‍යයේ කියලා තිබුණු පූජාවල් කළා ද කියලා.උන්නැහේ කීවේ සති දෙකක්‌ විතර කෙරුවා වියදම් වැඩි හින්දා නවත්තලා දැම්මා කියලා. මං ඇහැව්වා වස්‌තු සම්පත් දේපළ ද වටින්නේ, නංගිගේ ජීවිතය ද වටින්නේ කියලා.

    ඊට සතියකට දෙකකට විතර පස්‌සේ උන්නැහේ ඇවිල්ලා කීවා නංගි අන්ත්‍රා වුණා නාඩි වාක්‍යයේ කියලා තිබුණු දිනයටම, වේලාවටම සිද්ධ වුණා කියලා. මං කිව්වා දැන් ඕවා ගැන කතා කරලා වැඩක්‌ නැහැ කියලා. නංගිගේ ජීවිතය බේරගන්න තිබුණු ක්‍රමය කියලා දීලා තිබුණත්, වස්‌තු තණ්‌හාවට ඒ දේවල් කෙරුවේ නැහැ. අපරාදේ නංගිගේ ජීවිතය නැති වුණා කියලා මං කිව්වා. ඔය මගේ පවුලේ කෙනකුට වෙච්ච සිද්ධියක්‌.

    ප්‍රශ්නය ( ඒ සිද්ධිය නම් හරිම අනුවේදනීය සිද්ධියක්‌ ස්‌වාමිනි. අහගෙන ඉන්නකොට දුක හිතෙනවා.

    නාහිමි ( ඒ ගැන කම්පා වීම අර්ථ විරහිතයි. බුද්ධ ධර්මයට, බුද්ධ භාෂිතයට පටහැනි බව සිතාගෙන මම සිත සනසාගත්තා.

    ප්‍රශ්නය ( ස්‌වාමීනි, නාඩි වාක්‍යවල මරණය සිදුවන කාලය, දිනය, වේලාවත් සඳහන් කරලා තියෙන බව දැනගන්න ලැබුණා. ඒත් සමහරුන්ගේ ඒ කරුණු මේ අයුරින්ම සිදුවෙන්නේ නෑ. සමහරු කියපු දිනයට කලින් මැරෙනවා. තවත් සමහරුන්ගේ මරණය සිදුවන්නේ දිනයට බොහෝ කලකට පස්‌සේ.

    නාහිමි ( ඒ දේ සිද්ධ වෙන්නේ මෙහෙමයි. මං කලිනුත් කීවා සෑම කෙනෙක්‌ම මෙලොව බිහිවන්නේ පෙර කර්මයක්‌ නිසා කියලා. ඒක උප්පත්ති කර්මයයි. ඒ උප්පත්ති කර්මයේම ඔහුගේ මරණයත් සටහන් වෙලා තිබෙනවා. උත්පත්ති කර්මය අනුව මේ භව ගමන සිදුවෙනවා. හැබැයි නාඩි වාක්‍යයෙන් කියලා දෙනවා උප්පත්ති කර්මය වෙනස්‌ කරගන්න හැටි. ඒ අනුව ඕනෑම කෙනකුට තමන්ගේ උප්පත්ති කර්මය අනුව ලැබිල තියෙන ජීවිතය වෙනස්‌ කරගන්න පුළුවන්. නාඩි වාක්‍ය මාර්ග දෙකක්‌ කියනවා. ඔබ යහපත් විදිහට ජීවිතය ගත කළොත් ඔබට මේ මේ ප්‍රතිඵල ලැබෙනවා. ඔබ ජීවිතය වැරදි අන්දමට ගත කළොත් ඔබට මේ ආත්මේදීම එහි ඵල විපාක භුක්‌ති විඳින්න වෙනවා. තෝරාගැනීම තිබෙන්නේ තමන් අතෙයි කියලා.

    මරණය පිළිබඳවත් එහෙමයි. දැන් උදාහරණයක්‌ වශයෙන් මා පිළිබඳව හැම නාඩි වාක්‍යයකම කියලා තියෙන්නේ අවුරුදු 80 දක්‌වා විතරයි. ප්‍රශ්න කිරීම් වලින් දැනගන්න ලැබුණා යෝගී භාවනා කිරීමෙන් දීර්ඝායුෂ ලබන්න පුළුවන් කියලා. දැන් මට වයස අවුරුදු 93 යි. අවුරුදු 13 ක්‌ මං වැඩිපුර ජීවත්වෙනවා. තවත් සිද්ධියක්‌ මං කියන්නං.

    මගේ නංගිගේ මරණය සිද්ධ වුණේ නාඩි වාක්‍යවල කියලා තිබුණ දිනේටම, ඒ වෙලාවටම. මේ කරුණ මට කීවේ රටේ මහත්තයා. ඒ කියන්නේ අපේ නංගිගේ ස්‌වාමිපුරුෂයා. නංගි වෙනුවෙන් කළ යුතුව තිබූ පූජා විධි නිසි අයුරින් කෙරුවේ නෑ. ඒ පුද පූජාවන් වත් පිළිවෙත් කළා නං ඇයට දීර්ඝායුෂ විඳින්න තිබුණා කියලා මට අදත් හිතෙනවා.

    තවත් සිද්ධියක්‌ මට සිහිවෙනවා ඉන්දියාවේ මහ කොමසාරිස්‌ වෙලා හිටිය ඩී. බී. ජයතිලක මහත්තයා නාඩි වාක්‍ය ගැන දැඩිව විශ්වාස කළ කෙනෙක්‌. එතුමාගේ නාඩි වාක්‍යවල කියලා තිබිල තියෙනවා කිසියම් කාලයක අසනීප වෙනවා. විදේශගතව සිටියොත් ඒ අසනීපයෙන්ම මිය යනවා. තමන්ගේ මවු රටට ගියොත් මරණයෙන් ගැලවෙන්න පුළුවන් කියලා. ඒ අනුව එතුමා වහාම ගුවන් මඟින් ලංකාවට ඒමට පිටත් වෙලා තියෙනවා. එහෙත් ඒ මහතාට මවුබිමට ඒමට වාසනාව අහිමි වුණා. නාඩි වාක්‍යයේ සඳහන් පරිදිම ගුවන් යානයේදී උන්නැහේ අභාවප්‍රාප්ත වුණා. මුන්නැහේත් මගෙන් ඇහැව්වෙ සමහරුන්ගේ මරණය නාඩි වාක්‍යවල කියූ දිනයට වේලාවටම සිදුවෙනවා. සමහරුන්ගේ එහෙම සිද්ධ වෙන්නේ නෑ කියලා. එහෙම වෙන්නේ කොහොමද කියන එක නේද ප්‍රශ්නය.

    ප්‍රශ්නය ( එහෙමයි ස්‌වාමීනි.

    නාහිමි ( ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. මං මීට කලිනුත් කීවා අපි මේ භවයේ උප්පත්තිය ලබා තියෙන්නේ පෙරභවයක කර්මයක්‌ මුල් කරගෙන කියලා. එහෙම උප්පත්තිය ලබපු කෙනෙක්‌ගේ මරණයත්, ඒ සම`ගම රැගෙන එනවා. එම පුද්ගලයා පවු පිං දෙකෙන්ම වැළකිලා මේ භවයේ ජීවත් වුණොත් ඒ තැනැත්තා ගෙනා ආයුෂ අවසන් කරලා නියම දිනේට දිවංගත වෙනවා. තවත් සමහරු මේ භවයේ උත්පත්තිය ලබල සත්ත්ව ඝාතන කරමින් මසුන්, කුකුළන්, හරකුන් වැනි සතුන් ඝාතනය කරලා ජීවත් වුණොත් ඒ තැනැත්තා තමන්ට කර්ම බලයෙන් ගෙන ආ ආයුෂයට කලින් මියෑදෙනවා. තවත් සමහරු මේ භවයේ දැන හෝ නොදැන පිංකම් කරනවා. සතුන්ට අභයදාන දෙනවා. ඒ පිංකම් වලට දායක වෙනවා. අඩුම තරමින් සතෙක්‌ නිදහස්‌ වෙන තැනක ඉඳලා ඒ පිංකම කරන මොහොතේ සාධුකාර දෙනවා.

    ඒ තැනැත්තාගේ ආයුෂ දීර්ඝ වෙනවා. ලෙඩ දුක්‌ සුව වෙනවා. එම නිසා සතුන්, කුරුල්ලන් වැනි මරණයට කැපවුණු සතුන් නිදහස්‌ කළොත් එය මහත් පිංකමක්‌ වෙනවා. උප්පත්තියේදී ලැබුණු කර්මයන් ප්‍රහීන වෙනවා. එවැනි පිංකමක්‌ තමන්ට තනියම කරන්ඩ බැරි නං මුදලින් පුංචි ආධාරයක්‌ කරලා සිත සනසා ගත්තොත් ඒකත් මේ භව ගමන සැපවත් වීමට හේතු වෙනවා, ඉදිරි භව ගමන යහපත් වෙන්නත් හේතු වෙනවා. බොහෝ දෙනකුට අකල් මරණය සිදු වීමට හේතු වන්නේ පෙර භවයේදී සත්ව ඝාතනය කළ නිසා ඒවායේ ප්‍රතිඵල හේතුවෙන් මේ භවයේ අකාලයේ මිය යනවා.

    එම නිසා දීර්ඝායුෂ ලබන්න කැමැති ඇත්තෝ සත්aත්ව ඝාතනයෙන් මිදී, සත්ත්ව හිංසාවෙන් මිදී මරණයට කැපවෙලා ඉන්න හරක්‌, එළුවන්, කුකුළන් වැනි සත්ත්වයන් ඉන් මුදවා ජීවිත දානය දීම, අභය දානය ලබාදීම මහත්ඵල මහා පිංකමක්‌. ඉන් මේ භවයේදී දීර්ඝායුෂතA, මතු භවයේ දීර්ඝායුෂතA ලැබෙනවා. මරණය නාඩි වාක්‍යයෙන් විතරක්‌ නෙවෙයි, මරණය පිළිබ`දව සෘෂිවරුන්ට විතරක්‌ නෙවෙයි ප්‍රකාශ කිරීමේ ශක්‌තිය තිබුණේ. අපේ ගෞතම බුදුන්වහන්සේත් හුඟක්‌ අවස්‌ථාවල තමන්ගේ විශිෂ්ට ඥානය තුළින් මනුස්‌සයන්ගේ මරණය සිදුවන අවස්‌ථාවන් දුටුවා. මට්‌ටකුණ්‌ඩලී කතාව එක අවස්‌ථාවක්‌. ඒ වගේ අවස්‌ථාවන් රාශියක්‌ම තියෙනවා. තවත් අවස්‌ථාවක බුදුන්වහන්සේ පිඬු සිඟා වඩින කොට එක බමුණෙක්‌ මට ඒ බමුණාගේ නම මේ මොහොතේ කල්පනාවට එන්නේ නෑ. බුදුන් වහන්සේ පසු පසින් ඇවිදින් ධර්මය දේශනා කරන ලෙස බල කරමින් උන්වහන්සේ පසුපසින් ආවා. බුදුන් වහන්සේ දිවැසින් මේ තැනැත්තා දිහා බැලුවා. ඒ තැනැත්තාගේ ජීවිතය තව ස්‌වල්ප වේලාවකින් අහිමි වන බව දුටුව බුදුන් වහන්සේ පිඬු සි`ගන අවස්‌ථාවේම දහම් පදයක්‌ දේශනා කෙරුවා.

    ඒ දහම් පදය අසා ප්‍රීතියෙන් දිව යනකොට පාරේ අයිනේ හිටිය ගොනෙක්‌ මේ බමුණට ඇනලා ඒ තැනැත්තා මරණයට පත්වුණා. ඒ තැනැත්තාට අනිත්‍ය මෙනෙහි වුණා. ඒ මොහොතේම බමුණා රහත් වුණා. මේ වගේ බුදුන් වහන්සේ විතරක්‌ නෙවෙයි, මහ රහතුන් වහන්සේලා පිළිබඳවත් විස්‌තර තියෙනවා. බොහෝ මහ රහතන් වහන්සේලා පිරිනිවන් පෑමට පළමු බුදුන් වහන්සේ දැක වැඳ පුදාගෙන පිරිනිවන් පෑමට තම ගම් පළාත්වලට වැඩියා. සැරියුත් හාමුදුරුවොත් මේ විදිහට පිරිනිවන් පෑමට කලින් තමන්ගේ මව වන සාරි බැමිණිය අවිද්‍යාවෙන් මුදවාගෙන පිරිනිවන් පෑමට ගමට වැඩියා. ඊට පස්‌සේ තමයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ.

    ප්‍රශ්නය ( එහෙමයි ස්‌වාමීනි, සමාවෙන්න මේ අවස්‌ථාවේම මේ ප්‍රශ්නය අහන එක ගැන. පුද පූජා පැවැත්වීමෙන්, සුව වුණ අවස්‌ථා එහෙම තියනවද?

    නාහිමි ( මේ සිද්ධියත් වුණේ මගේ ඥාතියකුට. ඒ තැනැත්තා බොහොම දුප්පත් කෙනෙක්‌. රස්‌සාවට කෙරුවේ ඇඳුම් මැසීම, ටේලර් කෙනෙක්‌. මේ තැනැත්තාගේ වයස අමතකයි. හිටිහැටියේම තුනටියෙන් පහළ අප්‍රාණික වුණා. දන්න කියන සිංහල, ඉංග්‍රීසි බෙහෙත් හේත් කළා. කිසිම සුවයක්‌ ලැබුණේ නැහැ. දවසක්‌ මම ඉන්දියාවේ යන්න සූදානම් වෙලා ඉන්නකොට, පවුලේ කෙනෙක්‌ මගෙන් ඉල්ලීමක්‌ කළා, ඉන්දියාවේ මං දන්න සාස්‌තර කියන්නන්ගෙන් අහලා, කළ යුතු දෑ පිළිබඳ අහගෙන එන්න කියලා. ඒ අය මේ නාඩි වාක්‍ය ක්‍රමය ගැන දන්නේ නැහැ. ඒ මනුස්‌සයා ගැන අනුකම්පාවෙන් නාඩි වාක්‍යවල ප්‍රශ්න කාණ්‌ඩයෙන්, මම විමසීමක්‌ කළා. පිළිතුරට ආවේ මෙහෙමයි. දැනට මේ පුද්ගලයා කර්මජ රෝගයකින් ඔත්පල වෙලා යහන්ගත වෙලා ඉන්නවා. කිසිම වෛද්‍ය ප්‍රතිකර්මයක්‌ කරලා ඵලක්‌ නැහැ. කර්මජ රෝගයට අදාළ පුද පූජා කිරීමෙන් සුව වෙනවා කියලා.

    ප්‍රශ්නය ( ස්‌වාමීනි, කර්මජ රෝගයට හේතුවත් නාඩි වාක්‍යයේ කියලා තිබුණද ස්‌වාමීනි.?

    නාහිමි ( හැම කෙනෙකුගේම නාඩි වාක්‍ය කියවන කොට ඔහුට හෝ ඇයට බලපෑ පෙර භවයේ කර්මය පැහැදිලි කරලා දෙනවා. මේ තැනැත්තා ගැන විස්‌තර කළේ මෙහෙමයි. දැනට යහන් ගතව සිටින රෝගියා මීට පෙර භවයකදී අශ්ව වෙළෙන්දෙක්‌ වශයෙන් මහා ධනයක්‌ උපයාගෙන තිබෙනවා. ධන ලෝභයෙන් මේ තැනැත්තා අශ්වයන්ට හරි හැටි කෑම බීම දුන්නේ නැහැ. ඒ හේතුවෙන් බොහෝ අශ්වයින් කෘශ වුණා. ඇතැම් අශ්වයන් ඒ හේතුවෙන් මැරිලා තියෙනවා. අශ්වයන් බලා ගන්න සේවකයන්ට නිසි පඩි නඩි නොදී ඔවුන් මහත් දුකින් ජීවිත ගෙව්වා. ඔවුන්ට ආහාර හිඟ නිසා කෘශ වුණා. ඒ හේතුව නිසා ඔහු මේ භවයේදී ඔහුගේ කොන්දෙන් පහළ පණ නැති වෙනවා. දුප්පත් වෙලා ඉපදිලා, අන් අයගේ වස්‌ත්‍ර අතපත ගෑමට සිද්ධ වෙනවා.

    ප්‍රශ්නය( ස්‌වාමීනි, ප්‍රතිකර්මයක්‌ කීවද ස්‌වාමීනි?

    නාහිමි ( හැම නාඩි වාක්‍යයේදීම පෙර කර්මය පැහැදිලි කරලා, මේ භවයේදී අනුගමනය කළ යුතු පූජා විධි කියලා තියෙනවා. පූජා විධි වශයෙන් කියලා තිබුණේ ඉතා සුළු ප්‍රතිකර්මයක්‌. දින හතක්‌ සෙසු අයගේ ආධාරය, උපකාරය ඇතිව, තමුන්ගේ ආගමට අනුව පුද සත්කාර කරන තැනකට ගොස්‌ හත්වරක්‌ එම පූජනීය වස්‌තුව පැදකුණු කරලා, අවසාන පූජාව කරන සත්වැනි දිනයෙAදී සුවපත් වෙනවා කියලා. ඒ පවුලේ අය මගෙන් ඇහැව්වා, ඒ පූජාව කරන විදිහ කොහොමද කියලා. ඒ අනුව මං උපදෙස්‌ දුන්නා උදේ හවස පන්සලේ බෝධීන් වහන්සේට පුද පූජා කරලා, සත් වටක්‌ දකුණු අත බෝධීන් වහන්සේ පැත්තට වෙන විදිහට පැදකුණු කරල බෝධි පූජාවක්‌ කරන්න කියලා. ඒ ඇත්තෝ ඒ විදිහට මහත් ගෞරවයෙන්, ශ්‍රාද්ධාවෙන් මේ බෝධි පූජාව කළා. ගමේ තරුණ පිරිසත් මේ රෝගීයාව බෝධි පූජාවට උස්‌සගෙන ගියා. මහත්තයා පිළිගන්න එකක්‌ නැහැ හත්වැනි දවසේ අන්තිම බෝධි පූජාව කරලා, මේ රෝගියා දෙපයින් පන්සලට ආවා. මට වැඳවැටුණා. මං සෙත්පිරිත් ටිකක්‌ කියලා, පිරිත් පැන් ටිකක්‌ දුන්නා. පිරිත් නූලකුත් බැන්දා. මේ මට ලැබුණු සැබෑ අත්දැකීමක්‌. ඕනෑම කෙනෙක්‌ ඉමහත් ශ්‍රාද්ධාවෙන් බුදු පිළිමවලට ගරු සත්කාර කරනවා නම්, බෝධි පූජා කරනවා නම්, තමන්ට නොපෙනෙන අන්දමින් බලපාන අපල ග්‍රහ උපද්‍රව ආදිය අහෝසි වෙනවා.

    ප්‍රශ්නය ( හරි පුදුමයි ස්‌වාමීනි, විශ්වාස කරන්නත් අමාරුයි.

    නාහිමි ( විශ්වාස කළත්, නොකළත් ඒක තමයි ඇත්ත. මේ වගේ සිද්ධි බුදුන් වහන්සේගේ කාලයෙත් තිබුණා. මුන්නැහේ බුදුන් වහන්සේගේ, මහරහතන් වහන්සේලාගේ දේශනා විශ්වාස කරනවාද?

    ප්‍රශ්නය ( එහෙමයි ස්‌වාමීනි.

    නාහිමි ( මේ සිද්ධියත් ඒ වගේ අවස්‌ථාවක්‌. බුදුන්වහන්සේගේ කාලයේ මහ රහතන් වහන්සේලා, දහම් දෙසමින් ගම් දනව් සිසාර වඩිනවා. අනුරුද්ධ මහ රහතන් වහන්සේ, පන්සීය නමක්‌ මහරහතන් වහන්සේලා සමඟ ගම්දනව් සිසාරා තමන්ගේ උපන් ගමට, නැදෑයන් වසන ගමට වැඩියා. නැදෑයන් සියලුම දෙනා උන්වහන්සේ හමුවීමට පැමිණ වැඳ නමස්‌කාර කළා.

    ඒත් උන්වහන්සේගේ එකම නැඟණිය රෝහිණි කුමරිය පැමිණියේ නැහැ. උන්වහන්සේ ඇහුවා කෝ නංගි කියලා. ඇයගේ මුළු ඇඟ පුරාම කුෂ්ට රෝගයක්‌ වැළඳිලා, සැරව බේරෙනවා. ඇඳුම් අඳින්නත් බැහැ. දුහුල් ඇඳුම් විතරයි අඳින්නේ. ඒ ඇඳුම පිටින් තම සහෝදරියට මහරහතන් වහන්සේ ඉදිරියට පැමිණිය නොහැකි බව ඔවුන් කීවා. මහ රහතන් වහන්සේ පැහැදිලි කළා, වැඩමවා සිටින සියලුම භික්‌ෂුන් වහන්සේලා මහරහතන් වහන්සේලා නිසා දුහුල් ඇඳුමකින් සැරසිලා වුණත් පැමිණ වන්දනා කොට පිං ලබාගන්නා ලෙසට.

    ඒ අනුව රෝහිණි කුමරිය දුහුල් ඇඳුමින් සැරසිලා, මහරහතුන්ට වන්දනා මාන කෙරුවා. මහ රහතන් වහන්සේ රෝහිsණිගෙන් ඇසුවා මේ කර්මජ රෝගයෙන් සුවපත් වෙන්න කැමැතිද කියලා. ඇය බොහෝ ආශාවෙන් කැමැත්ත පළ කළා.

    එසේ නම් මහා සංඝයා වෙනුවෙන් දාන ශාලාවක්‌ ඉදිකරලා, මහා සංඝයාට දානයක්‌ පිරිනමන ලෙසට උපදෙස්‌ දුන්නා. ඇය ඇසුවා, සැබවින්ම මට මුදල් නැහැ, මට මේ දේ තනියෙන් කරන්න බැහැ කියලා. මහරහතන්වහන්සේ කීවා, ඔබේ රන් ආභරණ විකුණලා, මුදල් සොයා ගන්න, නැදෑයන් ගොඩනැඟිල්ල හැදීමට උදව් කරයි කියලා. ඒ අන්දමට රෝහිණි කුමරිය කටයුතු කළා. ශාලාව සාදා ඉවර වෙනකොට ඇගේ කුෂ්ට රෝගය මුළුමණින්ම සුවපත් වුණා. ඊට පසු මහරහතන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට දානයක්‌ සූදානම් කළා. මේ දානයට බුදුන් වහන්සේට ද ආරාධනා කෙරුවා. බුදුන් වහන්සේ දානයට වැඩම කර, දානය දීමේ හේතුව විමසුවා. අනුරුද්ධ හිමියන් විසින් සියලුම විස්‌තර පැහැදිලි කරනු ලැබුවා. බුදුන් වහන්සේ මේ කුෂ්ට රෝගයට හේතුව කුමක්‌දැයි කියා දැනගන්න කැමති දැයි පිරිසගෙන් ඇහුවා. පිරිස පූර්ව කර්මය දැන ගන්න කැමැත්ත ප්‍රකාශ කළා. බුදුන් වහන්සේ දේශනා කළා මීට පෙර භවයකදී රෝහණී කුමරිය රජ කෙනකුගේ අග බිසව හැටියටයි ජීවත් වුණේ. රජතුමා තවත් හැඩරුව ඇති කාන්තාවක්‌ අන්තඃපුරයට ගෙන ආවා. රජතුමාගේ ඇල්ම බැල්ම වැඩිපුරම අලුත ගෙනා රජ කුමරියට යොමු වුණා. අග මෙහෙසිය මේ පිළිබඳ දැඩි නොසතුටින් සිටියේ. දවසක්‌ අග මෙහෙසිය කහඹිලියා යෙදූ වතුර ඇයට නෑමට ඉතා සුදුසු ඖෂධ ජලයක්‌ ලෙස හඟවලා කහඹිලියා යෙදු ජලය නෑමට සැලැස්‌සුවා. කහඹිලියා ජලය නිසා ඇගේ ඇඟ වණ වුණා. තවත් දවසක කහඹිලියා යෙදූ යහනක ඇයට සැතපෙන්නට සැලැස්‌සුවා. ඒ නිසා ඇය අපමණ දුක්‌ වින්දා.

    මේ පාප කර්මය නිසා ඇය මේ භවයේදී මේ අයුරින් කුෂ්ට රෝගයකට භාජන වුණා කියල. මේ දේශනාව කළේ බුදුන්වහන්සේ විසින්. පැමිණි සිටි මහරහතන් වහන්සේලාත්, ජනතාවත්, මේ දේශනාව ඉතා ගෞරව සම්ප්‍රයුක්‌තව ශ්‍රවණය කළා.

    ලබන සතියට

    බදුල්ලේ මෛත්‍රී රත්නායක

    http://divaina.com/sunday/index.php/visheshanga2/1082-2017-11-23-07-18-40
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    there is air in space, but you cant see it. it does not mean there is no air in space.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ මෙතෙක්‌ පළ නොවූ සාකච්ඡා පෙළ 07

    මුලදී මාත් නාඩි වාක්‍යය ගැන සැක කළා

    නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ.සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්‌වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස්‌ වශයෙන් පළවන බව සලකන්න.


    %E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-117.png

    නාහිමි : තවත් සිද්ධියක්‌ මට මේ මොහොතේ මතක්‌ වුණා. මම දවසක්‌ කෞමාර නාඩියෙන් විස්‌තර විමසුවා. එක තැනක කියලා තිබුණා මම එක්‌තරා වයසක දී, මට වයස අමතකයි, මහසභාවෙත්, මහ සභාවේ නායකකම අරගෙන කටයුතු කරනවා කියලා. 1955 බුරුම සංගායනා සභාවේ මමත් සාමාජිකයකු ලෙස කටයුතු කළා. ලංකාවට ආපසු එන්න සූදානම් වෙනකොට සංඝායනා සභාවේ සභාපති ධුරය දැරූ මහා නාහිමියෝ අපවත් වුණා. ඊට පස්‌සේ බුරුම රජය මට සංගායනා මණ්‌ඩලයේ සභාපති ලෙස කටයුතු කරන්න කියල ආරාධනා කළා. ඒ අනුව මම එම ධර්ම සංගායනා සභාවේ සභාපති ලෙස කටයුතු කළා. ඒ ආසනයේ වාඩිවුණ හැටියේම මට මතක්‌ වුණේ අවුරුදු පහකට විතර කලින් නාඩි වාක්‍යයේ කියලා තිබූ දේ සිද්ධ වුණා නේද කියලා. අවුරුදු ගාණකට කලින් මදුරාසියේ කෞමාර නාඩි වාක්‍ය ක්‍රමයෙන් විස්‌තර කියපු පණ්‌ඩිත තංගවේලු මහත්මයා කීවේ මේ සභාව ගැන නේද කියලා. එහි කියා තිබුණේ සංඝයා වහන්සේගේ සභාවේ නායකයා හැටියට කටයුතු කරනවා කියලයි. මේ සිද්ධිය නිසා නාඩි වාක්‍ය පිළිබඳව මගේ විශ්වාසය තවත් වැඩි වුණා.

    මේ ගැන හිතන කොට මට හිතුණා මීට අවුරුදු පන්දාහකට හයදාහකට පෙර සිටි තුන් කල් දක්‌නා බල සම්පන්න ඝෘෂිවරුන් වහන්සේලා තමයි නාඩි වාක්‍ය ප්‍රකාශ කරලා තියෙන්නේ කියලා. තවත් කාරණයක්‌ මට කල්පනාවට එනවා. කෙනකුගේ උප්පත්ති කර්මය බලවත් නම් ඒ තැනැත්තාට දීර්ඝායුෂ ලැබෙනවා. මේ අන්දමට උප්පත්ති කර්ම බලවත් අය උපත ලැබුවට පස්‌සේ භාවනා යෝගී ක්‍රම මාර්ගයෙන් දීර්ඝායුෂ භුක්‌ති විඳිනවා. අර ඇමෙරිකන් තරුණයා සඳහන් කළ බද්රිනාත් ප්‍රදේශයේ තමන්ට භාවනා උපදෙස්‌ දෙන පව්හරිබාබාත් එවැනි කෙනෙක්‌ විය යුතුයි කියල පොතේ සඳහන් තායිලන්තයේ සිටින අවුරුදු හාරදාහක්‌ වයසැති ඝෘෂිවරයාගේ කතාවත් ඇත්තක්‌ විය යුතුයි. බුදුන් වහන්සේ පවා උන්වහන්සේගේ දේශනාවලදී දීර්ඝායුෂ විඳීම ගැන සඳහන් කරලා තියෙනවා. උප්පත්ති කර්මය බලවත් නම් ඒ ඇත්තං ඝෘධි බල වැඩිමෙන් අවුරුදු කල්පයක්‌ වුණත් ජීවත් වෙන්න පුළුවන් කියලා බුද්ධ දේශනාවල සඳහන් වෙනවා.

    සංස්‌කාරක සටහන

    මරණය පිළිබඳ මා ලද පෞද්ගලික විස්‌තරයක්‌ මේ අවස්‌ථාවේ සටහන් කිරීම මැනවැයි හැඟේ. ලංකාවේ පළමු වරට නාඩි වාක්‍ය ප්‍රකාශ කරන ලද්දේ මහාලිංගම් නමැත්තායි. මේ තැනැත්තා ප්‍රකාශ කළ පරිදි තමා ඩී. ඇස්‌. සේනානායක, ඩඩ්ලි සේනානායක, ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක, සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ආදී ප්‍රභූන් රැසකගේම නාඩි වාක්‍ය කියවා ඇත. ඩී. එස්‌. සේනානායක මහතා සතුන් පිට යැමෙන් අනතුරු සිදුවිය හැකි බව ද ඉන් වැළකෙන ලෙසට අවවාද කළ බව ද ඔහු පැවසීය. නිතරම රොස්‌මිඩ් පෙදෙසට ගිය මහාලිංගම් තමා බණ්‌ඩාරනායක පවුලේ කේන්ද්‍ර බැලූ අතර ඉන් ප්‍රබල කේන්ද්‍රය හිමිව තිබුණේ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මැතිනියට බව ද තමා ඒ අවස්‌ථාවේ මේ බව බණ්‌ඩාරනායක මැතිනියට ද පැවසූ බව ද එකී කේන්ද්‍රය අනුව චන්ද්‍රිකා දැරිය කවදා හෝ ලංකාවේ රජවන බව තමා බණ්‌ඩාරනායක මැතිනියට පැවසූ බව ද ඔහු කීය. මේ ප්‍රකාශය කරන විට බණ්‌ඩාරනායක මහත්මිය වයස අවුරුදු දොළහක්‌ වූ දැරියක්‌ව සිටි බව ද ඔහු පැවසීය. මෙකී සිදුවීම මා හා පවසන විට චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය මහජන පක්‌ෂයේ නායිකාවක්‌ වශයෙන් කටයුතු කරමින් සිටියාය. මේ සියල්ල දත් ඔබ, ඔබගේ මරණය සිදුවන දිනය ගැන දන්නවා දැයි ඔහුගෙන් ඇසීමි. ඔහු පිළිතුරු දෙමින් කීවේ නාඩි වාක්‍යයට අනුව තමා අවුරුදු අසූහතරක්‌ ආයුෂ භුක්‌ති විඳින බවත්, නියමිත දිනයේදී මියයන බවත්ය. එහෙත් ඊට පෙර ඉන්දියාවේ එක්‌තරා ගංගාවකින් ස්‌නානය කොට ඒ ආසන්නයේ ඇති කෝවිලට ගොස්‌ "ආයුර්හෝමම්" පූජාව කළහොත් තවත් අවුරුදු ගණනාවක්‌ දීර්ඝායුෂ ලබන බවයි.

    තමා එම පූජාව කිරීමට තම ගමට යැමට අපේක්‌ෂා කරන බවත්, එහෙත් එසේ යැමට අවස්‌ථාව අහිමිව මෙරටදීම තමා මියයන බවත් ඔහු කීය. ඊට වසර කීපයකට පසුව මට මහාලිංගම් මහතාගේ අභාවය පිළිබඳ ආරංචිය ලැබිණි. දේහය රේමන්ඩ් ආයතනයේ තැන්පත් කර තිබිණි. එහිදී ඒ මහතාගේ දුවගෙන් සහ බෑණාගෙන් මරණය පිළිබඳව විමසීමි. ඔවුන් කියා සිටියේ මරණය සිදුවීමට සතියකට පෙර පූජා වත්පිළිවෙත් කිරීමට ඉන්දියාවට යැම සඳහා ගුවන් බලපත්‍ර සහ වීසා සූදානම් කර සිටිමුත් ඊට පෙර මරණය සිදුවූ බවයි. මහාලිංගම් මහතාගේ දේහය ඉන්දියාවේ ඒ මහතාගේ ගමට ගෙන යැම සඳහා මෙරට ඔහුගෙන් සේවය ලබාගත් දේශපාලනඥයන් පමණක්‌ නොව ධනවතුන් ද පෙරමුණ ගෙන කටයුතු කළ අතර ඉන් අනතුරුව ඒ මහතාගේ නාඩි වාක්‍ය අසා පුද පූජා කිරීම නොසලකා සිටි අය කඩිමුඩියේ තම පුද පූජා වත් පිළිවෙත් කළ බවට ආරංචි ද මා වෙත ලැබිණි.

    (මහාලිංගම් මහතා ඇතැම් දෙනා සම්බන්ධයෙන් කළ විශ්මිත ප්‍රකාශන ඉසිවරුන් දුටු භව ගමන නම් වූ දෙවැනි ග්‍රන්ථයෙන් ඔබට කියවිය හැකිය.)

    ප්‍රශ්නය : ස්‌වාමීනි, ඔබ වහන්සේ නිතරම ප්‍රකාශ කරනවා දීර්ඝ ආයුෂ විඳිමින් එනම් අවුරුදු දෙදාහක්‌වත් තුන්දාහක්‌වත් ආයුෂ විඳිමින් ඝෘෂිවරුන් නාඩි වාක්‍ය ප්‍රකාශ කළා කියලා. ඒ මීට අවුරුදු පන්දාහකට හයදාහකට ඉස්‌සර. ස්‌වාමීනි වර්තමානයේදීත් මේ විදිහට දීර්ඝායුෂ විඳින අය මේ ලෝකේ ඉන්නවාද? මේ පිළිබඳ ඔබ වහන්සේට පෞද්ගලික අත්දැකීම් තියනවාද ස්‌වාමිනී?

    නාහිමි : හොඳයි, මම ඉන්දියාවට ගියේ ඉන්දියානු භාවනා ක්‍රම ඉගෙනගන්න. ඝෘෂිකේෂී ආශ්‍රමයට. ආශ්‍රමයට වෙලා ඉන්නකොට විවිධ වයස්‌වල යෝගීන් මම දුටුවා. ඒ අයගේ වතගොත, වයස මම හෙව්වේ නැහැ. මම තිරුවනමලේ අසපුවක භාවනා යෝගීව සිටින රමණි මහා ඝෘෂිතුමා හමුවුණා. ඊට පස්‌සේ කංකල් ගමේ සිටිය ස්‌වාමි නාරායනන්ද යෝගියා යටතේ රාජයෝග භාවනා ක්‍රම ඇතුළු විවිධ ඉන්දියානු භාවනා ක්‍රම ඉගෙන ගත්තා. රමණි මහා ඝෘෂි හැර අනෙක්‌ අය වයස්‌ගත අය නෙවෙයි. මට මේ වෙලාවේ තවත් සිද්ධියක්‌ මතක්‌ වුණා. බරණැස්‌ නුවර ඉසිපතනේ පිහිටි මහබෝධි සමාගමේ මම නතර වෙලා ඉන්නකොට වෙච්ච සිද්ධියක්‌. දවසක්‌ සුදු තරුණ මහත්මයෙක්‌ නවාතැන් බලාපොරොත්තුවෙන් මහාබෝධි සමාගමට ආවා. මං ඒ ඇත්තන්ගෙන් ඇහුවා කොහේ ඉඳල ද එන්නේ කියලා. උන්නැහේ කීවා හිමාලයේ ගල් ගුහාවක ඉඳගෙන භාවනා ක්‍රම ඉගෙන ගන්නවා කියලා. කා යටතේ ද පුහුණුව ලබන්නේ කියලා මං ඇහැව්වා. එතුමා මට ෆොටෝ එකක්‌ පෙන්නුවා. ඒ ෆොටෝ එක තරුණ පෙනුමක්‌ තියෙන අයෙක්‌ගේ. මං කීවා හරි තරුණ ළාබාල කෙනෙක්‌ නේද කියලා. එතකොට උන්නැහේ දුන්න උත්තරේ තමයි මෙයා අවුරුදු දෙදාහක්‌ වයසයි කියලා.

    තුන්කල් දක්‌නා මහා බල සම්පන්න යෝගියෙක්‌. මම ඇහැව්වා මෙතරම් වයස්‌ගත අය තවත් මේ පළාතේ ඉන්නවද කියලා. ඒ මහත්තයා කීවා හිමාලයේ ගල් ගුහාවල අවුරුදු දෙසීය, තුන්සීය, හාරසීය, පන්සීය තරම් වයස අය භාවනානු යෝගීව ඉන්නවා කියලා. මට තවත් කාරණයක්‌ මතක්‌ වුණා. ඇමෙරිකාවේ ඉන්න මහත්තයෙක්‌ ෆොටෝකොපි ගහපු පොතක්‌ මට එව්වා. ඒ පොත ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ ඇමෙරිකාවේ. ප්‍රකාශයට පත් කරලා ඉතා කෙටි කාලයකින් පොත විකිණී අවසන් නිසා මෙසේ ෆොටෝකොපි ගහලා එව්වා කියලා ඒ මහත්තයා ලියලා තිබුණා. මේ පොතේ එක තැනක තිබුණා තායිලන්තයේ කඳුකර වන ප්‍රදේශයක අවුරුදු හාරදාහක්‌ වයස්‌ගත ඝෘද්ධි සම්පන්න යෝගියෙක්‌ ඉන්නවා. අවුරුද්දකට දිනයක්‌ දෙකක්‌ නගරය ආසන්න වනයට එනවා. එතකොට භාවනානු යෝගීන් ගිහින් හමුවෙලා අවවාද උපදෙස්‌ ලබාගන්නවා කියලා. මේ අනුව අප්‍රකටව, අප්‍රසිද්ධියේ අවුරුදු දහස්‌ ගණන් වයසැති අය ඉන්නවා කියන කතාව මං පිළිගන්නවා.

    (මේ පොත මහානායක හිමියන් කියවමින් සිටියේ බලංගොඩ පිහිටි උන්වහන්සේගේ ආවාසයේදී ය.එම අවස්‌ථාවේ මෙම පොතේ සංස්‌කාරකවරයා වන මම ද රාජගිරිය, මාදින්නාගොඩ මා මිත්‍ර ආරිය බණ්‌ඩාර සමරකෝන් මහතා ද සිටි බව මතකයට නැඟේ).

    ප්‍රශ්නය : ස්‌වාමීන් වහන්ස මීට කලින් ඔබ වහන්සේ ප්‍රකාශ කර සිටියා විවිධ නාඩි ක්‍රම මඟින් ඔබ වහන්සේ විස්‌තර සොයා බැලුවා කියලා. ස්‌වාමීනි කොහොමද මේවා ගොනු කරලා තියෙන්නේ.

    නාහිමි : මෙහෙමයි, මං අගස්‌ති කෞෂික, කමලමුණි, කාකබුජන්දර ආදී නාඩි වාක්‍ය කියවාගත්තා. මේ එක්‌ එක්‌ නාඩි වාක්‍ය ගොනු කරලා තියෙන්නේ එකම ක්‍රමයකට නෙවෙයි. සමහර නාඩි වාක්‍ය එක ගොනුවක්‌ විදිහට දිගට ලියෑවිලා තියෙනවා. ප්‍රකාශ වෙනවා. සමහර නාඩි වාක්‍ය කොටස්‌ දොළහක්‌, දාසයක්‌ ආදී වශයෙන් ගොණු වෙලා තියෙනවා. මේ අන්දමට ගොණු වෙලා තියෙන්නේ අපේ කේන්ද්‍රයේ තියෙන රාශි චක්‍රය මුල්කර ගෙන. අපේ කේන්ද්‍ර කොපිවල රාශි චක්‍ර දොළහක්‌ තියනවා. නාඩි වාක්‍යවල ගොනුව නැත්නම් කාරණාව වෙන් වෙන්නේ ඒ රාශි අනුවයි. උදාහරණයක්‌ විදිහට අගස්‌ති කෞෂික නාඩි ක්‍රමය අනුව කොටස්‌ දොළහක්‌ මූලික වශයෙනුත්, තවත් හතරක්‌ අතිරේකවත් දැක්‌වෙනවා. ඒ අනුව පළමු කාණ්‌ඩයේ සටහන් වෙන්නේ තමන්ගේ උත්පත්ති වේලාවේ පිහිටි ග්‍රහචාරය පිළිබඳව. එහි තමන්ගේ නම, බිරිඳගේ නම, දෙමවුපියන්ගේ නම්, භික්‌ෂුවක්‌ නම් උපාධ්‍යායන් වහන්සේගේ නම, ගෝලයන්ගේ නම්, තමන්ගේ කේන්ද්‍ර සටහන සහ විස්‌තර දැක්‌වෙනවා. මේ ආදී වශයෙන් දෙවැනි කොටසින් ධනය පිළිබඳ, තුන්වැනි කොටසින් සහෝදර සහෝදරියන් පිළිබඳවත්, හතරවැනි කොටසින් ඉඩම්, වාහන, නිවාස ආදිය පිළිබඳව යනාදී වශයෙන් විස්‌තර දැක්‌වෙනවා.

    ප්‍රශ්නය : එහෙමයි ස්‌වාමිනී. සෙසු කොටුවල මොනවද සඳහන් වෙන්නෙ.

    නාහිමි : හත්වැනි ඡේදයෙන් විවාහය, අටවැනි ඡේදයෙන් මරණය සිදුවන කාලය, වේලාව, ආයුෂ ආදිය පිළිබඳවත්, දොළොස්‌වැනි පරිච්ඡේදයෙන් පුනර්භවය සහ විදේශ ගමන් පිළිබඳවත් කියෑවෙනවා. අතිරේක ඡේද තුනක්‌ හෝ හතරක්‌ තියනවා. මීට ඉහත උපන් භවයත්, ලෙඩ රෝගත්, ඊට ප්‍රතිකර්ම කළයුතු ක්‍රමය, පාරම්පරික රෝග හා ඊට පිළියම් ද ග්‍රහයන්ගේ වෙනස්‌වීම අනුව ඔබට මේ භවයේ ලැබෙන බලපෑම් ද සඳහන් වනවා. එකී නාඩි වාක්‍ය ක්‍රමය අනුව නාඩි කියෑවීමට යන තැනැත්තා අනිවාර්යයෙන්ම පළමු කාණ්‌ඩය ගත යුතු වෙනවා. ඉන් පසුවයි ඔබට අවශ්‍ය සෙසු කාණ්‌ඩ කියවා ගත හැකි වෙන්නේ.

    ප්‍රශ්නය : ස්‌වාමීනි, ඔබ වහන්සේ ඉන්දියාවේදී ලබාගත් නාඩි කියෑවීම් හැරුණු විට ලංකාවේ ඉන්න නාඩි වාක්‍ය කියවන්නන් හමුවුණාද?

    නාහිමි : ලංකාවේ ඉන්න නාඩි වාක්‍ය ගැන මට ප්‍රභාත් මහත්තයාගෙනුත්, දයාරත්න මහත්තයාගෙනුත් දැනගන්න ලැබුණා. ලංකාවේ හෝටලයක නැවතිලා මේ ඇත්තෝ නාඩි වාක්‍ය ප්‍රකාශ කරන බව ද කිව්වා.

    ඒ වාක්‍ය ක්‍රමය අගස්‌තියර් කෞෂික නාඩි ක්‍රමය බව ඔවුන් පළ කොට තිබූ දැන්වීමෙන් මා දැනගත්තා. ඔවුන් හමුවීමට මට සිතක්‌ පහළ වුණා. ඒ අනුව මා හිතවත් නාඩි වාක්‍ය පිළිබඳ මගෙන් විටින් විට කරුණු විමසූ මෛත්‍රී මහත්මයාට දැන්වූවා. ඒ මහත්මයා ඊට අවශ්‍ය දින, වේලාවල් වෙන් කරලා මට දැන්නුවා. ඒත් ඒ දිනවල මට තද සෙම් අමාරුවක්‌ තිබුණා. මේ හේතුවෙන් මට පැමිණිය නොහැකි බව ඒ මහත්මයාට මම දන්වලා යෑව්වා. වෙනත් දිනයක්‌ පසුවට පිළියෙළ කර ගැනීමට මම හිතාගෙන හිටියා. ඊට පසුව කොළඹ වෙළෙඳ ව්‍යාපාරික මහත්මයෙක්‌ වන සෙනෙවිරත්න මහතා මේ අවස්‌ථාව මට සලසලා දුන්නා. ඒ අනුව නාඩි කියවන්නා බත්තරමුල්ල, චිත්ත විවේකාශ්‍රමයට ආවා. එහි ප්‍රධානී ජයශංකර් මහත්මයාත් පැමිණියා. මේ ආරංචිය දැනගත් සියයකට අධික පිරිසක්‌ චිත්ත විවේකාශ්‍රමයට පැමිණියා. ප්‍රභාත් මානවසිංහ මහත්මයාටත් නාඩි වාක්‍ය ගැන නිතර නිතර විස්‌තර විමසන මෛත්‍රී මහත්මයාටත් මම කලින් දැන්නුවා. පළමු කාණ්‌ඩය පමණක්‌ එදා මා කියවා ගත්තා. එහි නම් සහ සියලු විස්‌තර ද කේන්ද්‍ර පිටපත ද සටහන් වෙලා තිබුණා. එය කැසට්‌ පටයකට පටිගත කොට මට දුන්නා. නාඩි වාක්‍ය තුළින් මගේ විස්‌තර සොයා ගැනීමට විනාඩි 10 ක පමණ කාලයක්‌ ගත වුණේ.

    balangoda1ප්‍රශ්නය : ස්‌වාමීනි, පෙර දී මා ඔබවහන්සේගෙන් විමසා සිටියා ඇතැම් අය කියනවා මෙසේ ප්‍රශ්න කිරීමෙන් ඔවුන් අපගේ විස්‌තර ලබාගන්නවා කියලා කියනවා කියලා. ඔබ වහන්සේට එහෙම සැකයක්‌ ඇතිවුණේ නැද්ද ස්‌වාමීනි?

    නාහිමි : නාඩි වාක්‍ය ක්‍රමය පිළිබඳව පැහැදිලි අවබෝධයක්‌ නැති අය එහෙම සැකයක්‌ ඇති කර ගන්නවා. මමත් මුලදී එනම් පළමු නාඩි වාක්‍ය ඉන්දියාවේදී කියවාගන්න කොට සැකයෙන් තමයි හිටියේ. ඒ විෂය ගැන දීර්ඝව කරුණු සොයා බලන කොට නාඩි වාක්‍යයේ ඇති ගැඹුරු බව මට අවබෝධ වුණා. ලෝකයේ තියෙන අරුම පුදුම විශ්මිත තොරතුරු තියෙන පොත් සමූහයක්‌ තමයි නාඩි වාක්‍ය කියන්නෙ කියල මට අවබෝධ වුණා. ඒක විශ්මිතයි. මිනිස්‌ සිත දියුණු කිරීමෙන් ලබාගත හැකි ශක්‌තිය නාඩි වාක්‍ය තුළින් මට පැහැදිලි වුණා.

    ප්‍රශ්නය : ස්‌වාමීනි අවසරයි මේ ප්‍රශ්නය අහලා ඔබවහන්සේ අසීරුතාවට පත්වෙනවා නම් පිළිතුරු නොදීම ගැන මම අහිතක්‌ හිතන්නේ නැහැ. ඔබවහන්සේ කැමැති නම් පමණක්‌, ඔබ වහන්සේ දෙවැනි වරට ලංකාවේදී ලබාගත් අගස්‌ති කෞෂික නාඩි වාක්‍ය තුළින් ඔබවහන්සේට කියලා තිබුණ දේවල් ශ්‍රී ලංකාවේ පමණක්‌ නෙවෙයි, ලෝකය පුරා සිටින බෞද්ධ අබෞද්ධ අය දැන ගන්න කැමතියි ස්‌වාමීනි.

    නාහිමි : මම මීට පෙරත් මුන්නැහේට කියලා ඇති මගෙන් ප්‍රශ්නයක්‌ අහපු කෙනකුට පිළිතුරු නොදී මම කිසිම දිනෙක මඟ ඇරලා ගියේ නැහැ කියලා. මම කියන්නම්. අගස්‌තිය කෞෂික නාඩි වාක්‍යයේ පළමු කොටස මට කියවන්න ලැබුණේ බත්තරමුල්ල, චිත්ත විවේකාශ්‍රමයේදී. ඉතිරි කොටස කියෑවීම සඳහා මම ඉල්ලලා තිබුණු කාණ්‌ඩ ඇතුළත් තල්පත් මිටි අරගෙන ජයශංකර් මහත්මයාත්, මානවසිංහ මහත්තයාත් බලංගොඩ පන්සලට ආවා

    ප්‍රශ්නය : මොනවද නායක හාමුදුරුවනේ කියලා තිබුණේ?

    නාහිමි : ඒ නාඩි වාක්‍යයේ දීර්ඝ විස්‌තර කියෑවුණා. මං හිතන්නේ පැය තුන හතරක්‌ විස්‌තර කියෙව්වා. ඒ නාඩි වාක්‍යයේ තිබුණු හැටියට අපේ ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වන වෙලාවේ ඒ බෝධියට අධිගෘහිත දෙවියන් විදිහට ඉඳලා තියෙන්නේ මමයි. ඒ අනුව මම මාර පරාජය තණ්‌හා, රතී, රඟා යන අයගේ ක්‍රියා කලාප දැකපු කෙනෙක්‌. ඒ වගේම ඒ කාලයේ සිදුවූ හැම දෙයක්‌ම මම දැකලා තියනවා.

    ප්‍රශ්නය : පුහුදුන් අප තුළ නොයෙකුත් ප්‍රශ්න ඇතිවෙනව ස්‌වාමීනි. බුදුන් වහන්සේ, උන් වහන්සේ පරාජය කරන්න මාරයා කියලා කෙනෙක්‌ ආව සිද්ධිය බුදුන් වහන්සේගේ සිතේ උපන් අදහසක්‌. තණ්‌හා, රතී, රගා යනු බුදුන් වහන්සේගේ සිතේ ඇතිවුණු ක්‌ලේශ සමූහයක්‌ කියලා සමහරු කියනවා. සමාවෙලා මේ කරුණු පැහැදිලි කරනවද ස්‌වාමීනි.

    නාහිමි : මේක ඉතාම සරල ප්‍රශ්නයක්‌නේ මහත්තයෝ. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වුණා කියලා කියන්නේ සියලු කෙලෙස්‌ ප්‍රහීන කරලා ලබපු උත්තරීතර තත්ත්වයට. එහෙම තත්ත්වයකට පත්වුණු අයෙක්‌ගේ සිතේ කෙළෙස්‌ කවදාවත් පහළ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ උදාන වාක්‍යයකින්ම ඒ ප්‍රීතිය ප්‍රකාශ කරලා තියනවා. මාරයා කියන්නේ සැබෑම කෙනෙක්‌. තණ්‌හා, රතී, රගා කියන්නේ මාරයාගේ දූතිකාවන්.

    ලබන සතියට

    බදුල්ලේ මෛත්‍රී රත්නායක
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ප්‍රශ්නය : මොනවද නායක හාමුදුරුවනේ කියලා තිබුණේ?
    නාහිමි : ඒ නාඩි වාක්‍යයේ දීර්ඝ විස්‌තර කියෑවුණා. මං හිතන්නේ පැය තුන හතරක්‌ විස්‌තර කියෙව්වා. ඒ නාඩි වාක්‍යයේ තිබුණු හැටියට අපේ ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වන වෙලාවේ ඒ බෝධියට අධිගෘහිත දෙවියන් විදිහට ඉඳලා තියෙන්නේ මමයි. ඒ අනුව මම මාර පරාජය තණ්‌හා, රතී, රඟා යන අයගේ ක්‍රියා කලාප දැකපු කෙනෙක්‌. ඒ වගේම ඒ කාලයේ සිදුවූ හැම දෙයක්‌ම මම දැකලා තියනවා.


    ප්‍රශ්නය : පුහුදුන් අප තුළ නොයෙකුත් ප්‍රශ්න ඇතිවෙනව ස්‌වාමීනි. බුදුන් වහන්සේ, උන් වහන්සේ පරාජය කරන්න මාරයා කියලා කෙනෙක්‌ ආව සිද්ධිය බුදුන් වහන්සේගේ සිතේ උපන් අදහසක්‌. තණ්‌හා, රතී, රගා යනු බුදුන් වහන්සේගේ සිතේ ඇතිවුණු ක්‌ලේශ සමූහයක්‌ කියලා සමහරු කියනවා. සමාවෙලා මේ කරුණු පැහැදිලි කරනවද ස්‌වාමීනි.


    නාහිමි : මේක ඉතාම සරල ප්‍රශ්නයක්‌නේ මහත්තයෝ. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වුණා කියලා කියන්නේ සියලු කෙලෙස්‌ ප්‍රහීන කරලා ලබපු උත්තරීතර තත්ත්වයට. එහෙම තත්ත්වයකට පත්වුණු අයෙක්‌ගේ සිතේ කෙළෙස්‌ කවදාවත් පහළ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ උදාන වාක්‍යයකින්ම ඒ ප්‍රීතිය ප්‍රකාශ කරලා තියනවා. මාරයා කියන්නේ සැබෑම කෙනෙක්‌. තණ්‌හා, රතී, රගා කියන්නේ මාරයාගේ දූතිකාවන්.