දැනට අවුරුදු 15 කට විතර කලින් අපේ ගෙදර අයත් ඕක බලන්න ගියා. ඉහිල්ල රෙකෝඩ් කරගනත් ආව. ඒකෙ කියන ඒව සිරාවටම ඇත්ත. කලින් ආත්මෙ ගන එහෙමත් කියල තිබ්බ. දැන් වෙලා තිඔයෙන දේවල් දිහා බලපුහාම කලින් ආත්මෙත් ඇත්ත කියල හිතන්ඩ පුලුවන්. අපේ දෙමව්පියන්ගෙ අම්මලගෙ තාත්තලගෙ නම් පවා හරියටම කියනව. ඇත්තටම හිතගන්න අමාරුයි කොහොම කියනවද කියල. හැබැයි මේක තමයි මම කියන්ඩ යන වැදගත්ම දේ. ඒකෙ තිබ්බ අපේ තාත්ත නැතිවෙන්නෙ අවුරුදු 85 දි කියල ගහෙදර කට්ටිය එකතුවෙලා ඉන්නවෙලාවක කියල. ඒත් මචං අපේ තාත්ත වයස 62 දි නැතිඋනා. කට්ටියනම් එකතුවෙලා හිටිය ඒත් වයස සම්පූර්නයෙම්ම වැරදී. අතීතය 100%ක් ම හරියට කිව්වත් මචං අනාගතේ ගැන විස්වාස කරන්ඩ යන්ඩ එපා. අනාගතේ හරියටම කියන්ඩ බෑ කොහොමවත්. නමුත් 75%ක් වගේ දුරට අනාගතේ මේකයි ජොතිශ්ය වගේ ශාස්ත්ර වලින් එහෙම කියන්ඩ පුලුවන් කියන කෙනා හරියටම ශාස්ත්රය දන්න කෙනෙක් නම්. අතීතය හරියට කිවුවට අනාගතේ හරියයි කියලනම් කොයිවෙලාවකවත් විස්වාස කරන්න එපා. අපේ හැමෝම වරද්දගන්න තැන ඕක තමා. කොහොමත් ජීවිතේ ගෙවෙන්නෙ කොහොමද කියල හොද දල අදහසක් ගන්නනම් ඇත්තටම මේක හොදයි. පට්ටම ශාස්ත්රයක්.