නාමල්ට_ඇමරිකාව

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
නාමල්ට_ඇමරිකාව

නාමල්ට ඇමරිකාව තහනම් වූයේ ඇයි?

c385299b326275c3da0fe38721fc455f.jpg


තමා රුසියාවේ සිට ඇමරිකාවට යාමට උත්සාහ කළ අවස්ථාවේ ඇමරිකානු බලධාරීන් ඊට ඉඩ නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ ප්‍රකාශකයෙකු ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට පවසා තිබේ. ඔහු ඇමෙරිකාව බලා යෑමට සැරසී ඇත්තේ රුසියාවේ මොස්කව් නුවර සිටය. ඔහු මොස්කව් නුවරට ගොස් සිටියේ ඉකුත් 18 වැනිදා එරට පැවැති ජනාධිපතිවරණයේ ස්වාධීන නිරීක්ෂකයකු ලෙස කටයුතු කිරීමටය.

නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ නාමල්ට ඇමෙරිකාවට පැමිණීමට අවසර නොදෙන බව ඇමෙරිකා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දුන් බවය. ඒ වනවිට නාමල් රාජපක්‍ෂ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්, මොස්කව් සිට ඇමෙරිකාවේ හුස්ටන් බලා පිටත්ව යෑමට සූදානමින් සිට ඇත. තහනම පැනවුයේ ඇයිදැයි යන්න දෙපාර්තමේන්තුව පැහැදිලි කර නොමැති අතරම මොස්කව් නුවර ඇමෙරිකා තානාපති කාර්යාලය හෝ කොළඹ ඇමෙරිකන් තානාපති කාර්යාලය හෝ මේ සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් කර නැත. කෙසේ වෙතත් ඇමෙරිකාවට යෑමට නාමල් රාජපක්ෂට වීසා බලපත්‍ර තිබූ බව ද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් නාමල් රාජපක්‍ෂ සටහනක් යොදා ඇත. එහි මෙසේ දැක්වේ.
‘හුස්ටන් බලා යන එමින් ගුවන් යානයට ගොඩවීමට මට ඉඩ නොදෙන බව ඇමෙරිකාවේ බලධාරින් දැනුම් දී තිබෙනවා ඒ කුමන හේත්තුවක් නිසාදැයි තවම දැනගන්නට නෑ. මගේ නම නිසා හෝ රුසියානු ජනාධිපතිවරණයේ නිරික්ෂකයකු ලෙස මා මෙහි පැමිණීම නිසා හෝ ඔවුන් මට මෙවැනි තහංචියක් දැමුවා වෙන්න බෑ. කොහොම වුණත් තීරණයක් ගැනීමේ පරම අයිතිය ඔවුන්ට තිබෙනවා.‘

නාමල් රාජපක්‍ෂගේ ප්‍රකාශකයා පැවසුවේ ඔහු ආපසු ශ්‍රී ලංනොව බලා පිටත්වන බවත් මේ සම්බන්ධයෙන් ඔහු එහිදී ප්‍රකාශයක් කරනු ඇති බවත්ය.
‘ශ්‍රී ලංකාවේ හිටපු නායකයාගේ පුතාව ඇමරිකාව ප්‍රතික්ෂේප කරයි‘ යනුවෙන් මේ පිළිබද විදෙස් මාධ්‍ය වාර්තාද පළව තිබෙන අතර රොයිටර් පුවත් එය වාර්තා කර තිබූ අයුරු පහතින්


gossiplanka_2018-03-23_09-08-25.jpg

 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රුසියාවෙ ඉලෙක්ෂන් මොනිටර් කිරීමක් නැහැ. ඒවා සිද්ධ වෙන්නේ පක්ෂයට ඕනෑ විදියට. මේ වගේ අයද එහි ඉලෙක්ෂන් මොනිටර් කරන්ට ගෙන්වාගන්නේ?
 

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    4වෙනි පාරට දිනපු විදිය බලාගෙන එන්න කියල අප්පොච්චා කියල යවන්න ඇති..
     
    • Like
    Reactions: 50KG

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    පොන්නයො සෙට් එකක් 1500/= ට කහින අපූරුව. පල අන්න පොන්න class තියෙනවා අගමැති කාර්ය්‍යාලයේ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,800
    8,131
    113
    Kotahena
    මහ බැංකුවේ සල්ලි ටික සුදු කරන්න තාම බැරි උනා මචං :(