නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට
'පියාණනි මා ඔබට ද්‍රෝහි වූවා නොවේ. ඔබේ ප්‍රතිපත්තිවලට එරෙහිවූවා පමනි' යන ශීර්ෂ පාඨය ඔස්සේ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වේ.
නීතිඥ නාමල් රාජපක්ෂ මහතා මෙසේ ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා පිවිසෙන්නේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තරඟ කිරීමට නියමිතව සිටි 'අපේ ජාතික පෙරමුණ' යටතේය. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ හා හංසයා ලකුණ යටතේ තරඟ කරන බවට ස්ථිර කිරීමෙන් අනතුරුව නීතිඥ නාමල් රාජපක්ෂ මහතා මෙම තීරණය ගෙන තිබේ. නාමල් රාජපක්ෂ මහතාගේ ඡන්ද ලකුණ වන්නේ මේස ටෙලිෆෝනයයි.
මේ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ අපේ ජාතික පෙරමුණේ සභාපති විශ්‍රාමික කපිතාන් සේනක සිල්වා මහතා සඳහන් කර සිටියේ 'වඩාත් ප්රගතිශීලී නාමල් රාජපක්ෂ' තම පක්ෂය යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවයි. ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා හෙට(08) නාම යෝජනා භාරදීමට නියමිතය.