නායයෑමෙන් මියගිය අයට ආන්ඩුවෙන් රු1500ක් පමණ&#3

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,255
    12,288
    113
    Ohio, USA
    නායයෑමෙන් මියගිය අයට ආන්ඩුවෙන් රු1500ක් පමණ&#3

    කොස්ලන්ද මිරියබැද්ද කන්දේ නාය යාමෙන් සිය ගණනක් පණ පිටින් පස් වලට යට වී මිය ගිය අතර යුද හමුදාව විසින් සොයා ගත් මළ සිරුරු වලින් 5 කට යළි පණ ඇවිත් තිබීමේ අපූරු පුවතක් වාර්තා වේ. මෙම වාර්තාව ගෙන එන්නේ යුද හමුදාව විසින්ම ය. අනතුරින් පසු යුද හමුදා මාධ්‍ය අංශය විසින් සවස 3.40 ට ඉංගිරිසියෙන් නිකුත් කළ නිල නිවේදනයේ සඳහන් වන්නේ සවස 3 වන විට මළ සිරුරු 9 ක් සොයා ගත් බවයි. ඉන්පසුව රාත්‍රී 12 .50 ට එම නිවේදනයම ඉංග්‍රීසි සහ සිංහල බසින් දෙකෙන්ම නිකුත් කර ඇති අතර එහි භාෂා දෙකින්ම සඳහන් වන්නේ සවස 3 වන විට මළ සිරුරු 4 ක් සොයා ගත් බවයි. එනම් සවස 3.40 සිට රාත්‍රී 12.50 අතර කාලයේදී මළ සිරුරු ලෙස සොයා ගත් 5 දෙනෙකුට යලි පණ ඇවිත් ඇති බව විය යුතුය. මන්ද යත් පසු නිවේදනය මගින් පෙර නිවේදනය නිවැරදි කර නැති නිසාය.

    මෙම ස්ථානයේ කී දෙනෙක් පදිංචිව සිටියාද යන්න ගැන අද රාත්‍රී දක්වා ආපදා කළමනාකාර මධ්‍යස්ථානයට කිසිදු නිශ්චිත අදහසක් නැත
    ආපදා කළමණාකරණ ඇමැතිවරයා එක් රූපවාහිනී නාලිකාවකට පදිංචිකරුවන් නිශ්චිතව කිව නොහැකි යයි සජීවීව කියන අතර අතුරුදහන් වූ පිරිස ගැන 100 ක් යැයි කියයි. ඒ සමගම සජිවී ව තවත් රූපවාහිනී නාලිකාවකට අතුරුදහන් පිරිස 150 ක් යැයි කියයි. 330 ක් වත්තේ සිටි බව ද කියයි. සත්‍ය වශයෙන්ම එය ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයක්ද ආපදා අච්චාරු දමන මධ්‍යස්ථානයක්ද යන්න ගැටළුවකි. ආපදා අච්චාරු දමන ඇමැති එසේ කියද්දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක වන්දි භට්ටයා කියන්නේ අතුරුදහන් සංඛ්‍යාව 19 ක් තරමේ සුළු සංඛ්‍යාවකි.

    මෙහි ඇති ලැජ්ජා සහගත ක්‍රියාව නම් ආපදාව වෙනුවෙන් ආණ්ඩුව ලබා දුන් මුදල රුපියල් ලක්ෂ 5 ක් තරම් සොච්චමක් බව ඇමැතිවරයාම පැවසීමයි. ඇමැතිගේ ගණන් අනුවම 330 ක් ආපදාවට ලක්වූයේ නම් එක් අයෙක් වෙනුවෙන් වෙන්කර ඇත්තේ රුපියල් 1500 කි. මොවුන් මේ පළාතේම පසුගියදා ඡන්ද හිඟා කෑමට නම් මුදලින් රුපියල් 2500 ක් අතටම දුන්නේය.

    kandy+Night+races.jpg


    28fa5f4c158aa2b4dc3d17578f88-grande.jpg


    ආපදාවකදී ආණ්ඩුව කිසිදු වගකීමකින් නොහැසිරෙන බවට ඇති අනෙක් උදාහරණය නම් බේරා ගැනීමේ ක්‍රියාන්විතය අද සවස නතර කර දමා යළි හෙට උදයේ ආරම්භ කිරීමයි. පස්වලට යට වූ මිනිසුන් දින 5-6 ජීවත් වී හමුවී ඇති බවට ලෝකයේ ඕනෑ තරම් සිද්ධි වාර්තා වී තිබියදී රැයක් එලිවන තුරු සෙවීම් අත්හිටුවීම කෙතරම් දුෂ්ඨ ක්‍රියාවක්ද? ඊට හේතුවක් ලෙස ඇමැතිවරයා කියන්නේ තවත් නාය යාමක් ඇති වී බේරා ගැනීමේ සිටින අයද අනතුරට පත් විය හැකි බවයි. බේරා ගැනීමේ මෙහෙයුම් වල යෙදෙන්නෝ එසේ යෙදිය යුත්තේම නිසැකවම අනතුර ගැන අවබෝධයකින් යුතුව බව නූගත් ඇමැතිවරයා නොදන්නවා විය යුතුය. මෙවැනි අච්චාරුකාරයෙකුට ආපදා කළමණාකරන ඇමැතිකම දුන් හාදයා ඊට අන්ත තකතීරුවෙකි.



    මෙතරම් ව්‍යයසනයක් වාර්තා කිරීමේදී ලංකාවේ ජඩමාධ්‍ය හැසිරීමද නින්දිත ය. සිරස නාලිකාව ව්‍යයසනය වාර්තා කිරීමේදී පළමු තැන දී තිබුනේ ඔවුන් හෙළිකොප්ටරයකින් ගොස් පහළ රූප රාමු ටිකක් පටිගත කිරීමට ය. තමන් අඩි 8000 ක් උඩ සිටින බව උජාරුවෙන් කියන වාර්තා කරුවා ඉන්පසුව මැදිරියට විත් තමන්ගේ ගුවන් ගමන ගැන ඒ හා සමාන තවත් කාලයක් කා දමයි. මෝඩ චූන් වාර්තාකරන වලට හොඳම උදාහරණය ගොං සිරසය. කිිසිදු ජඩමාධ්‍යයක් සිද්ධියට අදාල විශේෂඥ අදහස් ලබාගෙන නොතිබීමෙන් පෙන්වූයේ තමන් සට්ටැඹි කමට එහා දෙයක් නොදන්නා බවයි.


    කෙසේ වෙතත් මෙම ස්ථානය 2005 දී සහ 2011 දී අනතුරුදායක ස්ථානයක් බව දැන දැනත් අසරණ ජනතාව එහි සිටීමට සලස්වා මිය යෑමට ඉඩදීමෙන් ආණ්ඩුවට ඇති වගකීමෙන් ගැලවී යා නොහැක.


     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    manda mama hitana widiha harida nadda kiyala

    search and rescue karane one rataka anatura sidda wela iwara unata passei

    naaya yanna tawa duratat puluwan nam army eke ewunwat naaya yamata ahu wela yata unot tawat aparadayak

    awadanam welawaka eka nawatala aye patan ganna eka gana waradk mata nam penne na

    eth asarana minisu gana balanakota paya 24 search karana one kiyalat hitenawa
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    NEW KIYANA EKA EKA NEWS WALADI KIYALA Apahu live call ekedi kiyana eka news wala kiyapu tikama repeat karanawa..iye new balala epa una..... sirasa wade nam cha thamai..math baluwa eka..u 1st time plane eke gihin tiyenne.

    u heli ekakin nemei giye...ubath boru danawa methana
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙහි ඇති ලැජ්ජා සහගත ක්‍රියාව නම් ආපදාව වෙනුවෙන් ආණ්ඩුව ලබා දුන් මුදල රුපියල් ලක්ෂ 5 ක් තරම් සොච්චමක් බව ඇමැතිවරයාම පැවසීමයි. ඇමැතිගේ ගණන් අනුවම 330 ක් ආපදාවට ලක්වූයේ නම් එක් අයෙක් වෙනුවෙන් වෙන්කර ඇත්තේ රුපියල් 1500 කි. මොවුන් මේ පළාතේම පසුගියදා ඡන්ද හිඟා කෑමට නම් මුදලින් රුපියල් 2500 ක් අතටම දුන්නේය.
    රනිල් ලොල්ලගෙ පොන්න පැටව් ආපදා තත්වෙදිත් බලන්නේ ආන්ඩුවට මඩ ගහලා චන්ද මල්ල වැඩි කරගන්න