නාසින්ගේ රහස් ව්‍යාපෘති-Nazi Bell

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    නාසින්ගේ රහස් ව්‍යාපෘති-Nazi Bell

    yNrfkZE.jpg

    දෙවන ලෝක යුද සමයේ නාසි ජර්මනිය විසින් ලොවම විශ්මයට පත් කල අවි සහ වෙනත් නිර්මාණ රැසක් සම්බන්ධව පර්යේෂණ කල අතර ඉන් සමහරක් සාර්ථකව යොදාගන්නටද ඔවුන් සමත්විය.ජර්මන් විද්‍යාඥයින් හිට්ලර් යටතේ ලොව විශාලතම සහ අභිරහස් අවිය නිපදවන්නට සමත්විය.එය අවියකට වඩා වෙනස් අරමුණක්,කාලතරණය උදෙසා නිර්මාණය කරන්නට ඇතැයි සමහරුගේ මතයයි.මෙය Die Glocke හෙවත් ඉංග්‍රීසි බසින් Nazi Bell නමින් හදුන්වයි.




    Nazi Bell - නාසි ඝණ්ඨාව​


    නමුත් මෙම ඝණ්ථාව මෙතරම් පුදුම සහගත නිර්මාණයක් ලෙස හඳුන්වන්නේ ඇයි? ප්‍රති-ගුරුත්වය යනු දෙවන ලෝක යුද සමයේ අතිශය ජනප්‍රිය වූ සිද්ධාන්තයකි.නිකොලා ටෙස්ලා පවා ප්‍රතිගුරුත්ව ප්‍රචාලනයේ සීමාවිරහිත හැකියාවන් සම්බන්ධව කතා කර තිබේ.එසමයේ නාසි විද්‍යාඥයින් V-1 සහ V-2 රොකට් නිර්මාණය කලහ.V-2 යනු පෘථිවි වායුගෝලය ඉක්මවා ගොස් අභ්‍යාවකාශයට පිවිසි මිනිසා නිර්මාණය කල පළමු වස්තුවයි.

    WmBtlgz.jpg



    ඊට සමාන අදහසක් ඇතිව ඔවුන් පළමු පරමාණු බෝම්බය නිර්මාණය කරන්නද සහභාගී වන්නට ඇති.එසේම මෙම අතිවිශාල ඝණ්ථාව නිර්මාණය කිරීම ඔස්සේ දෙවන ලෝක යුද්ධය ජයග්‍රහණය කරන්නටද හැකිවේවි යැයි හිට්ලර් තුල විශ්වාසයක් තිබෙන්නට ඇති.එනම් මෙය සැබවින්ම කාලතරණ යන්ත්‍රයක් වූයේ නම් දෙවන ලෝක යුද්ධයේදී තමන් ගත් වැරදි තීරණ වෙනස් කිරීම වැනි දෙයක් ඔහු බලාපොරොත්තුවන්නට ඇතැයි සිතිය හැක.





    අනාවරණය වූ තොරතුරු

    මෙම නාසි සුපිරි නිර්මාණයේ හැඩහුරුව කෙසේදැයි අවබෝධ කරගන්නට ඒ හා සම්බන්ධ තොරතුරු අඩංගු කාන්දුවූ ලේඛන යොදාගත හැකිය.මෙම රහස් අවිය පලමුවරට අනාවරණය කරන්නේ ඉගෝර් විට්කොව්ස්කි ගේ The Truth About The Wonder Weapon නම් ග්‍රන්ථයෙනි.ඔහු සඳහන් කරන පරිදි පෝලන්ත ඔත්තු සේවා නිලධාරියෙක්(නාසි SS නිලධාරියෙක්) පෝලන්ත රජය සතු රහස් ලියවිලි කිහිපයක් ඔහුට පෙන්වා තිබේ.එම රහස් ලියවිලිවල නාසීන්ගේ වැදගත් පර්යේෂණ රැසක් සම්බන්ධව තොරතුරු ඇතුලත්ව තිබූණු අතර Nazi Bell ගැනද එහි සඳහන්ව තිබිණි.

    92vJN2H.gif

    ඉගෝර් විට්ස්වොස්කිගේ The Truth About The Wonder Weapon ග්‍රන්ථය


    පොදුවේ ලෝකයාගේ විශ්වාසය නම් මෙවැනි අවියක පැවැත්ම විය නොහැකිබවත් සහ එය මිත්‍යා කතාවක් පමණක් බවත්ය.නමුත් එසේ නොසිතන පිරිසක්ද ලෝකයේ සිටියි.ඔවුන්ට අනුව මෙම අවිය දුෂ්ඨ චේතනාවක් පෙරදැරි කරගෙන නිර්මාණය කරන්නට ඇති.නාසි ජර්මනිය දෙවන ලෝක යුද්ධයට පෙර සහ යුද සමයේ විවිධාකාර අභිරහස් පර්යේෂණවල නියැලී තිබෙන බවට ඕනෑ තරම් සාක්ෂි තිබේ.ඔවුන් රසායනික අවියේ සිට අනෙකුත් යන්ත්‍රෝපකරණ දක්වා විවිධ දේ නිර්මාණය කරන ලදි,ඒ අනුව නාසි ජර්මනියේ විද්‍යාඥයින් කාලතරණ යන්ත්‍රයක් සම්බන්ධව පර්යේෂණ කලබව විශ්වාස කල නොහැකි දෙයක් නොවේ.




    අතිශය රහසිගත විද්‍යාගාර පහසුකම්

    චෙක් ජනපදයේ දේශසීමාව ආසන්නයේ ජර්මනියේ Wenceslaus mine ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම පර්යේෂණාගාර සංකිර්ණය නාසි ජර්මනියේ රහස් පර්යේෂණ මෙන්ම Nazi Bell සම්බන්ධ පර්යේෂණ කටයුතු සිදුකල ස්ථානය ලෙස සැලකේ.මෙම උපකරණය සම්බන්ධ මිනුම් සහ හැඩහුරුව රූපවල දැක්වෙන බෙල් හැඩයට සමානය.

    5gHC1M5.png
    Nazi Bell සම්බන්ධ පර්යේෂ සිදුකලා යැ‍යි සැලකෙන ජර්මනියේ Wenceslaus mine හි භූගත විද්‍යාගාර සහ පර්යේෂණාගාර සංකීර්ණ​



    මෙම යන්ත්‍රය සතුව විශාල බලයක් තිබූ බව විශ්වාස කෙරේ.තොරතුරුවලට අනුව එය බැර ලෝහවලින් නිපදවා තිබේ.අඩි 9ක් පළල,අඩි 19ක් උස එය බෙල් හැඩයක් ගනියි.උපකරණය සතුව ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියා කරන සිලින්ඩර දෙකක් තිබී ඇත.ඒවා රසදිය වැනි නිලට හුරු තරලයකින් පුරවා තිබිණි.මෙම දියරය ලෙස සලකනු ලැබේ.ඒවා විශේෂිත ප්ලාස්කුවල ගබඩා කර තිබිණි.එහි අඩංගුවු අනෙකුත් ද්‍රවයන් වූයේ සැහැල්ලු ලෝහ වූ තෝරියම් සහ බෙරිලියම් පෙරොක්සයිඩ්ය.

    NiCrQQP.png
    Nazi Bell​


    මෙම මෙම පරීක්ෂණවලදී යොදාගත් තවත් නිර්මාණයක් වන්නේ flytrap / Henge නමින් හඳුන්වන පොලොව මත ඉදිකල වෘත්තාකාර හැඩයකට බොහෝ සමාන වර්තමානයේදී නාසීන්ගේ සිසිලන කුලුණ ලෙස හඳුන්වන ඉදිකිරීමකි.(මෙය පීරිසි හැඩැති යානයක් නවතා තබන්නට යොදා ගැනීමේ හැකියාවත් තිබෙන බව මගේ අදහසයි.)මෙම ඉදිකිරීම කුමක් සඳහා යොදාගත්තේ දැයි තවමත් ලෝකයට අභිරහසකි.

    eb5NnW2.jpg
    flytrap / Henge​


    bZMfZDi.jpg
    1945 වසරේදී පිරික්සුම් යානයක් මගින් ලබාගත් flytrap / Henge හි ඡායාරූපයක්​


    මෙම යන්ත්‍රය මාරාන්තික විකිරණ මුදා හැරි බවත් ඒ නිසා මෙම ව්‍යාපෘතියට සම්බන්ධ විද්‍යාඥයින්ට විවිධ සෞඛ්‍යය ගැටලු මතුවිය.ඔවුන් නිදාගැනීමේ අපහසුතා සහ හිසේ කැක්කුම් ආදියෙන් පෙළුණු අතර සමහරුන් විකිරණවලට අධික ලෙස නිරාවරණය වී මියගියහ.විට්කොව්ස්කිට අනුව සම්බන්ධ අත්හදා බැලීම් සහ එහි ප්‍රතිගුරුත්ව බලය ගැන පර්යේෂණ ප්‍රදේශය අවට සිදුකර තිබේ.මෙම යන්ත්‍රයේ අභිප්‍රායන් සම්බන්ධව විවිධ අදහස් ඉදිරිපත් කර තිබේ.ඒ සියල්ලම එක් සංසිද්ධියක් සමග බැදේ.එනම් මෙම උපකරණයට wormhole එකක් නිර්මාණය කිරීමේ හැකියාව තිබුණ බවයි.

    bobYvM5.jpg
    නාසීන්ගේ උමං මාර්ගයක්​


    1945 වසරේ නාසීන් යුද්ධය පරාජය වෙද්දී Nazi Bell සම්බන්ධ පර්යේෂණ කල භූගත පර්යේෂණාගාරවල උමං මාර්ග ඔවුන් විසින් මුද්‍රා තබන ලදි.මෙම රහසිගත යන්ත්‍රයද එහි තිබූ නමුත් මුද්‍රා තැබිමට කලියෙන් ඔවුන් එය ඉවත් කරගෙන තිබේ.මෙම ඝණ්ඨා ව්‍යාපෘතිය යුද්ධය ජයග්‍රහණය කරන්නට ඉතා වැදගත් බව හිට්ලර් විශ්වාස කර තිබේ.නමුත් එහි දියුණුවක් නොලද නිසා එම ව්‍යාපෘතියේ සේවය කල විද්‍යාඥයින් 60ක් ඔහුගේ නියමයෙන් ඝාතනය කර තිබේ.

    srQBu0c.jpg
    භූගත හමුදා සංකීර්ණය​


    ජිම් මාර්ස් විසින් රචිත The Rise of the Fourth Reich නම් ග්‍රන්ථයේ නාසි ජර්මනිය විසින් සිදුකල අභිරහස් පර්යේෂණ ගණනාවක් සම්බන්ධ තොරතුරු ඇතුලත් වේ.මාර්ස්ට අනුව නාසීන්ට එකක් නිර්මාණ කිරීමට හැකියාව ලැබුණු මුත් එය ව්‍යාපෘතියට සම්බන්ධ විද්‍යාඥයින් රැසක්ද සමග අතුරුදහන්ව ගොස් තිබේ.1965 දෙසැම්බර් මස 9දා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ කෙක්ස්බර්ග් ප්‍රදේශයට කඩා වැටුණු හඳුනා නොගත් යානය නාසීන්ගේ මෙම Bell බව බොහෝදෙනා විශ්වාස කරයි.

    qpz6ryX.gif

    The Rise of the Fourth Reich





    කාලතරණය කිරීමේ හැකියාව

    නාසීන් මෙම යන්ත්‍රය යොදාගෙන කාලතරණයේ යෙදුනේද?හිට්ලර්ට ඉතිහාසය වෙනස් කරන්නට අවශ්‍ය වූවාද?අතීතය තුල ගමන් කිරීම ඉතා අසීරු දෙයක් බව භෞතික විද්‍යාව පෙන්වා දී තිබේ.කාලතරණය ගැන කතාකරද්දී කියවෙන විශේෂිත වචනයක් තිබේ.ඒ Grandfather Paradox.එහි අරුත නම් අතීතයට ගොස් අපගේ මුත්තාව මරාදැමීමයි.එවිට අපේ පියා උපදින්නේ හෝ අප උපදින්නේ නැත.එසේම ක්වන්ටම් භෞතික විද්‍යාවේ එන සිද්ධාන්තයක් වන්නේ සමාන්තර ලෝකවල පැවැත්මයි.ඒවා අප ජීවත්වන ලෝකයට බොහෝ සමාන බවයි කියවෙන්නේ.

    xUQLLBz.jpg


    අනෙක් අතට Wormholes යනු අභ්‍යාවකාශයේ ඉතා දුරින් පිහිටි ලක්ෂ්‍ය 2ක් අතර ගමන් කරනවා වෙනුවට එම ස්ථාන දෙක අතර කෙටි මාර්ගයක් සාදන උමගකි.කාලතරණය ගැන අදහස ඉදිරිපත් කරන්නේ අයින්ස්ටයින් විසිනි.ඒ 1915දී පමණය.ඒ අනුව ඒ සමය නාසීන් සතුව අභ්‍යාවකාශය සම්බන්ධව හොඳ දැක්මක් තිබෙන්නට බොහෝ ඉඩ තිබිණි.

    c610PWP.jpg
    Wormhole​


    ජෝන් වීලර්ට අනුව එක්වරම ඕනෑම ස්ථානයක Wormhole හටගෙන ක්ෂණිකව අතුරුදහන්ව යා හැකිය.ඔහු ශූන්‍ය අවකාශය හෙවත් කිසිදු පදාර්ථයක්,ශක්තියක් නොමැති අවකාශයක් තිබෙන බවට උපකල්පිතයක් ඉදිරිපත් කර තිබේ.

    jC26DBw.jpg
    1965 දෙසැම්බර් මස 9දා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ කෙක්ස්බර්ග් ප්‍රදේශයට කඩා වැටුණු හඳුනා නොගත් යානයේ හැඩය​


    n9lBeaL.jpg
    Nazi Bell සහ කෙක්ස්බර්ග් ප්‍රදේශයට කඩා වැටුනු යානය(1965) අතර සමානකම්​


    0IEQSkT.jpg
    විද්‍යාඥයින් 60 දෙනෙක් ඝාතනය කලේ යැයි චෝදනා ලැබ 1952 දෙසැම්බර් මස මරණ දඬුවම හිමිවූ ජර්මන් SS නිලධාරියෙක් වූ Jakob Sporrenberg විසින් අදින ලද Nazi Bell හි සටහනක්​



    නාසීන් ඔවුන්ගේ මෙම සුපිරි නාසි ඝණ්ඨාව යොදාගෙන එකක් නිර්මාණය කලේද?එය ජර්මානුවන් විනාශ කලාද? නැත්නම් මිත්‍ර හමුදාවන් අතට පත්වුනාද?මෙම උපකරණය දැන් තිබෙන්නේ කොහේද?මේ ආකාරයේ ප්‍රශ්න රැසක් ඉතිරි කර මෙම චමත්කාරජනක නාසි අත්හදා බැලීම කොතරම් පුදුම එළවන සුලුද?එය තවමත් පවතී නම් ඒ කා සතුවද?




    එළකිරිය කියන්නේ ලෝභකමක් නැතුව තමන් දන්න දේවල් බෙදාගන්න තැනක් නේ.ඒ හින්දම මේ ලිපිය කියවලා නාසීන්ගේ අභිරහස් ව්‍යාපෘති ගැන කුතුහලයක් ඇතිවුන අයට කියවන්නත් එක්ක මෙන්න තියෙනවා ජිම් මාර්ස්ගේ The Rise of the Fourth Reich ග්‍රන්ථයේ ඩිජිටල් සංස්කරණයේ පිටපතක්.කැමති නම් බාගන්න.ඒ වගේම පොඩි මතක් කිරීම කරන්න තියෙනවා.ඇත්තටම කිවොත් පොඩි උදව්වක් ඉල්ලන්න හදන්නේ.ඉගෝර් විට්ස්වොස්කිගේ The Truth About The Wonder Weapon පොතේ ඉංග්‍රීසි සංස්කරණයේ ඩිජිටල් පිටපතක් හොයාගත්තොත් මටත් ලින්ක් එකක් එවන්න අමතක කරන්න එපා.






    Source:Conspiracyclub.co

    -HarshaLulzSec-